Home » කළා පුවත්

කළා පුවත්

by mavan
February 12, 2026 9:01 am 0 comment

සිනමා සෞන්දර්යයේ දේශපාලනය එක්දින වැඩමුළුව 17 වැනිදා

සිනමා සෞන්දර්යයේ දේශපාලනය එක්දින වැඩමුළුවක් එළැඹෙන 17 වැනිදා පෙ.ව.09.00 සිට පව.05.00 දක්වා පේරාදෙණිය රෙස්ට් හවුස් හිදි පැවැත්වේ. සිනමාවේ සෞන්දර්ය විකාශනය, සිනමාව හා දෘෂ්ටිවාදය අන්තර්ගත කරගනිමින් සිනමා විචාරක තිර රචක භූපති නලින් වික්‍රමගේ එදින වැඩ මුළුව මෙහෙයවයි. සිනමාවට ලැදි සියලු දෙනාටම සහභාගී විය හැකි අතර ඇතුළුවීම නොමිලයේ්.

**************************************************************************
Liebe Love ආදරය සිතුවම් දැක්ම හෙට

වර්ණ හා හැඩතල ඔස්සේ දිගහැරෙන ‘ආදරය’ එනම් ගාමිණි දන්වත්ත ලියනගේ මංගල චිත්‍ර ප්‍රදර්ශනය හෙට 13 සහ 14 දෙදින තුළ කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදි (Lionel Wendt Art Centre) පෙ.ව. 8:00 සිට ප.ව. 7:30 දක්වා පැවැත්වේ.

සාම්ප්‍රදායික චිත්‍ර කලාවෙන් ඔබ්බට යමින් තමාටම ආවේණික වූ සුවිශේෂී ශෛලියකින් නිර්මාණකරණයේ යෙදෙන ඔහු ජර්මනියේදී ලද කලාත්මක ශික්ෂණය සහ අත්දැකීම් මංගල චිත්‍ර ප්‍රදර්ශනය ශශ්‍රී ලංකාවේදී පවත්වනු ලබයි.

​‘Liebe Love ආදරය’ තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය වර්ණ, හැඩතල සහ මානව හැඟීම් අතර දිවෙන අපූරු සංචාරයක් වනු ඇත. මෙහි සමාරම්භක උත්සවය පෙබරවාරි 12 වන දින පස්වරු 4:30 ට පැවැත්වීමට නියමිතය.

**************************************************************************

‘නිර්වාණ’ 14 වැනි දා

චිත්‍රපට නිෂ්පාදකයකු මෙන්ම ජනපි‍්‍රය උපකාරක පන්ති ගුරුවරයකු රධභබභඡඥ නාලිකා ක්‍රියාකාරිකයකු වන උපුල් ශාන්ත සන්නස්ගල එළැඹෙන 14 වැනි දා ‘නිර්වාණ’ ආදරය අනුමෝදන් කරන්නන් නමින් ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මරියසෙල් ගුණතිලක, සංඛ දිනෙත්, උපේඛා නිර්මාණි, සජිත අනුත්තර ඇතුළු ගායක ගායිකාවෝ රැසක් එදින ප්‍රසංගය ගීතවත් කරති.

**************************************************************************
තරු දරුවන්ගේ පැදුරු සාජ්ජ‍ය

‘තරු දරුවෝ’ පදනමෙහි වාර්ෂික පැදුරු සාජ්ජය පසුගිය දා රාජගිරිය සිංහ සමාජ උත්සව ශාලාවේදි පවත්වන ලදි. මෙහිදී ලංකා රාජිනී ගුණසේකර, සමීර සේනාරත්න, ප්‍රියංකර පෙරේරා, චිත්‍රාල් සෝමපාල, මංජුලා රත්නායක, අනුරාධා නන්දසිරි, සංජිව දහනායක, හේලි අත්තනායක, ගයාත්‍රි එදිරිමාන්න, බිම්බා එදිරිමාන්න, ශම්මි ජයතුංග, චන්දිමා බමුණුආරච්චි, හිරණ්‍යා වර්ණකුලසූරිය, සධානා රණතුංග, සුප්‍රියා අබේසේකර, නන්දිත රණතුංග, සිසිර මාකලන්ද, ප්‍රියංකර පෙරේරා, රංග බණ්ඩාරනායක, ඉන්දික ලියනහේවගේ, ඉන්දුල ඩයස්, ශර්මිලා පෝල් ගීත ගැයූහ.

‘තරු දරුවෝ’ ශශ්‍රී ලාංකික සිනමා සහ සංගීත ක්ෂේත්‍රයේ ජීවත්ව සිටින සහ ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ කලාකරුවන්ගේ දූ දරුවන් විසින් පිහිටුවා ගත් පදනමකි.

**************************************************************************
ආවර්ජනා ඔබ ආයෙමත් ඇවිදින් 19 වැනිදා

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද චරිතා ප්‍රියදර්ශනි පීරිස්ගේ ගී ආවර්ජනා ඔබ ආයෙමත් ඇවිදින් ප්‍රසංගය 19 වැනිදා පස්වරු 02.00කට ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT