ඔබ මගේමයි ග්‍රන්ථය එළිදැක්වීම සහ ප්‍රසංගය
ගීත ශ්‍රාවකයන්ගේ ප්‍රසාදය දිනූ ගීත රැසක සංකල්පනා හිමිකරුවකු වන ගී පද රචක චානක ජයසේකර, සිය ගීත ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙනුවෙන් මුද්‍රණයෙන් එළිදක්වන ‘ඔබ මගේමයි’ ග්‍රන්ථය හා සමගාමීව පැවැත්වෙන ගීත ප්‍රසංගය පෙබරවාරි මස 6 වැනි ප.ව 6.30 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ලෝටස් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. එහි මුඛ්‍ය දේශනය ආචාර්ය ධම්ම දිසානායක සහ ප්‍රවීණ ගී පද රචක බන්දුල නානායක්කාරවසම් විසින් පවත්වනු ලබයි.
විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, සුනේත්‍රා ද සිල්වා, උරේෂා රවිහාරි, රාධිකා රෙශ්‍යන්ගි කරුණානන්දන්, නිපුණි නයනතාරා තෙන්නකෝන්, නිරංජනී ෂන්මුගරාජා, උදාරි ප්‍රදීපිකා, Memory, නූෂාන් ප්‍රනාන්දු, වරුණ මදුසංක, ක්ෂාන් ගමගේ, ශශ්‍රීනි ගමගේ, ජනක හේමන්ත හෙට්ටිආරච්චි, දමිත අයෝධ්‍ය මුතුකුඩආරච්චි, ගෙයිලි ෆොන්සේකා, රංගන ජයසංඛ එදින ප්‍රසංගය ගීතවත් කරති. සංගීතය සෙන්ටිග්‍රේඩ්, Memory, සහ දමිත අයෝධ්‍ය ප්‍රඩක්ෂන් සමග නර්තනයෙන් මිහිරි ශාන්‍යා කුරුකුලසූරිය, බිහංසා මෙත්පානි ඉලේපෙරුම, තිළිණ මල්ශාන් පෙරේරා ගෙනි. ප්‍රසංග කථනය කැලුම් ශශ්‍රීමාල්, චලනි සිරිවර්ධන සමගින් ෆාතිමා නිම්නාස් විසින් සිදු කරනු ලබයි.
*******************************************************************************************
සේන දිවි සැරියට සමුදෙයි
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහයන් පසුගියදා අභාවප්‍රාප්ත විය.
කස්තුරි සුවඳ, නිල්ල සොයා, චංචල රේඛා, සඳහටම ඔබ මගේ, ඈතින් ඈතට සේන සමරසිංහයන් නිර්මාණය කළ චිත්‍රපට කිහිපයකි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය ජනවාරි 31 කුරුණෑගල මල්කඩුවාව ආදාහනාගාරයේදී සිදු කෙරිණි. මියයන විට සේන සමරසිංහයන් අසූ නව වැනි වියේ පසුවිය.
*******************************************************************************************
යමුනාගෙන් කාව්‍ය සංග්‍රහයක්
ප්‍රවීණ ලේඛිකා ගී පද රචිකා යමුනා මාලිනී පෙරේරා විසින් රචිත නවතම දුන්න දුක හොඳටම ඇති කාව්‍ය සංග්‍රහය පසුගියදා එළිදැක්විණි. මෙය සරසවි ප්‍රකාශනයකි.
අධිෂ්ඨාන, ශිල්ප සත්වැනි දවස දක්වමු, ණයට ගත් සාජ්ජය, කුලී මාළිගා ඇය විසින් රචිත කාව්‍ය ග්‍රන්ථ කිහිපයකි.
*******************************************************************************************
හොඳම අංගරචනා ශිල්පියාට හිමි සම්මානය ශ්‍රී ලංකාවට
වසරකට වරක් පවත්වනු ලබන Brandman India සම්මාන උලෙළ පසුගිය දින ඉන්දියාවේ නව දිද්ලියේ Holiday InnMayur Vihar හෝටලයේදි පැවැත්විණි. මෙවර සම්මාන උලෙළ සඳහා රටවල් 10ක් පමණ සහභාගි විය. ශ්‍රීී ලංකාව නියෝජනය කරමින් මල්කි පෙරේරාට මෙවර සහභාගී වීමට අවස්ථාව හිමි විය. එහිදි පිරිනැමු සම්මාන 50 අතරින් හොඳම අංග රචනා ශිල්පියාට හිමි සම්මානය හිමි කර ගනු ලැබුවේ k 106, SALON & BRIDAL STUDIO හී මල්කි පෙරේරාටය..
*******************************************************************************************
එමා ෂනායාගේ සැනසුම් මවනා ජනගත කෙරේ
එමා ෂනායාගේ කුලුඳුල් සිංහල ගීතය ‘සැනසුම් මවනා’ ඉකුත් පසුගියදා රාජගිරිය ඩොන් ශර්මන් හෙටෙල් ඉන්ස්ටිටියුට් හිඳී උත්කර්ෂවත් අන්දමින් කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන එළිදැක්විණි.
විසි හතර හැවිරිදි එමා ෂනායා මේ වන විටත් යුටියුබ් ඔස්සේ ඉංග්‍රීසි ගීත ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනූ යොවුන් ගායිකාවකි. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් ව්‍යාපාරික කළමනාකරණය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන කටයුතු අවසන් කර සිටින එමා ප්‍රවීණ සූපවේදී, ගායන ශිල්පී ඩොන් ශර්මන්ගේ දියණියයි. එහි පද රචනය තිළිණ බොරලැස්ස සහ චතුරි හෙට්ටිආරච්චි, සංගීත අධ්‍යක්ෂණය තිළිණ බොරැලැස්සගෙනි. මේවන විට යූටියුබ් ඔස්සෙ ඔබටත් මෙම ගීතය රසවිඳීය හැක.
*******************************************************************************************
පුංචි තිරයට රෝස වෙඩිල්ලක්
ශශ්‍රී ලාංකීය කාන්තාවනට මුහුණ දීමට සිදුවන විවිධ ගැටලු සහ සමාජයට විවර නොවන ඔවුන්ගේ අඳුරු පැතිකඩයන් පිළිබඳව දිගහැරෙන ‘රෝස වෙඩිල්ල’ ටෙලි නිර්මාණ යේ කටයුතු පසුගියදා ආරම්භ විය . ප්‍රවීණ නිර්මාණවේදී සුනෙත් මාලිංග ලොකුහේවා
අධ්‍යක්ෂණය කරන මෙහි, තිර රචනය අරුණ ජයවර්ධන සමඟින් ප්‍රමෝද්‍යා වන්‍නිආරිච්චි විසින් නිම කර ඇත. කලකට පසුව යසෝධා විමලධර්ම පුංචි තිරයට යළි පිවිසෙන මෙහි මිචෙල් දිල්හාරා, සචින්තනී කෞශල්‍යා, සප්නා පාදුක්ක, මනිෂා චංචලා,
දුෂ්‍යාන්ති සේවික්‍රම, හේෂාරාවී වරංගනා, නඳුනි වනිගසේකර, චින්තක කුලතුංග, හේෂාන් මල්ලව, සංජය මුරමුදලි, හිරුෂාන් හෙට්ටිආරච්චි, කුමාර වඳුරැස්ස, මිලින්ද මඩුගල්ල, චමෝත් ඩියෝන්, නිමල් ජයසිංහ, ටිෆනි ලියනගේ (ළමා) ඇතුළු රංගන ශිල්පීන් විශාල පිරිසක් ‘රෝස වෙඩිල්ල’ සඳහා එක්වී ඇත. මෙහි කැමරාකරණයෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස්, සහය අධ්‍යක්ෂණයෙන් අමිල පහතගෙදර, අංග රචනයෙන් ප්‍රියංක තිලක් රත්නායක, රේඛීය නිෂ්පාදනයෙන් මෙවන් ලියනගේ, සංස්කරණයෙන් ගයාන් ශශ්‍රී බුද්ධික, කලා අධ්‍යක්ෂණයෙන් සාමින් බාලසූරිය , ඇඳුම් නිර්මාණයෙන් රොෂාන් අනිල් පෙරේරා එක්ව ඇති ‘රෝස වෙඩිල්ල’ අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි විසින් නිෂ්පාදනය කර ඇත.
*******************************************************************************************
කාල තුනක, තාල තුනක්
කාල තුනක, තාල තුනක්, 70, 80, 90 දශකවල ප්‍රේක්ෂක සිත් ආකර්ෂණය කළ පුන්සිරි සොයිසා, සෝමසිරි මැදගෙදර හා කුමාරසිරි පතිරණ ගී ගයන ප්‍රසංගය එළඹෙන 22 වැනිදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. සංගීතය ෆ්ලැමින්ගෝස් කණ්ඩායමෙනි.
*******************************************************************************************
කොරියානු සංගීත කණ්ඩායමක් ලංකාවට
Sweet day with CH Kpop Live in Concert මෙම මස 7 වෙනිදා කොළඹ ප්‍රදර්ශන සහ සම්මේලෙන මධ්‍යස්ථානයේදී සවස පැවැත්වේ. මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ JN Entertainment වෙනුවෙන් ජනක නාගහවත්ත සහ Ela Idia Creations & 3DH Design වෙනුවෙන් සිනමා අධ්‍යක්ෂ ප්‍රසාද් කළුපහන විසිනි.
*******************************************************************************************
රංගන වරම්
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුරේන් ධනංජය රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන, ෂමාල් ඩිල්ෂාන් නිෂ්පාදනය කරන නවතම ටෙලි නාට්‍යයට නවක රංගන ශිල්පී, ශිල්පිනියන් තෝරා ගැනේ. අවුරුදු 18 ත් – 45 ත් අතර රංගන හැකියාව ඇති අයට මේ සඳහා ඉදිරිපත් විය හැකිය.
ප්‍රධාන, උප ප්‍රධාන, අතිරේක චරිත සඳහා සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 07 වැනි සෙනසුරාදා පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වේ.
