Home » කළා පුවත්

කළා පුවත්

by mavan
December 18, 2025 12:20 am 0 comment

රිදුමක් වෙලා එළිදකී

කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ සහ බලංගොඩ බුද්ධ ජයන්ති විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ ජාතික තරුණ සේවා සභාවේ විශේෂ සංගීත කණ්ඩායමේ ශිල්පිනියක වන විශාරද දේදුනු එදිරිසිංහගේ මුල්ම ගේය පද රචනය ‘රිදුමක් වෙලා’ පසුගිය දින එළිදැක්විණි. එහි පද රචනය ප්‍රියංවදා ගොඩගේ, තනු නිර්මාණය දුල්ෂාන් සුලක්ෂණ, සංගීතය සහ ගායනය දේදුනු එදිරිසිංහ විසිනි.

***********************************************************************

361 එල්ෆින්ස්ටන්හිදී

උදේසිරි වික්‍රමරත්නගේ නවතම වේදිකා නාට්‍යයේ නිර්මාණය ‘තුන්සිය හැට එක’ එළැඹෙන විසි වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී පස්වරුවේ දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ.

ගිහාන් ප්‍රනාන්දු සමඟ උමයංගනා වික්‍රමසිංහ ඇතුළු නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙති.

***********************************************************************

මනමේ 21දා

මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ සිඳී නොයන රසෝඝය මනමේ දෙසැම්බර් 21 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කෙරේ.

***********************************************************************

තුන්පත් රටා මොරටුවේදී

සුමිල ප්‍රනාන්දු කෙටි නාට්‍ය උලෙළ ‘තුන්පත් රටා’ එළඹෙන 28 වැනිදා මොරටුව බෞද්ධ මන්දිරයේදී පස්වරුවේ දර්ශන වාර දෙකක් වේදිකා ගතකෙරේ.
ටොමියා, හැම මාසේම අද වගේ දවසක්, අම්මා යන කෙටි නාට්‍ය එදින වේදිකාගත කෙරේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT