Home » කලාවට ‘හෙල්ප්’ එකක් දෙන්න ජානකගෙන් ‘ඇප්’ එකක්

කලාවට ‘හෙල්ප්’ එකක් දෙන්න ජානකගෙන් ‘ඇප්’ එකක්

Artists.lk නිර්මාතෘ ජානක හාල්පන්දෙණිය

by mavan
February 5, 2026 11:59 am 0 comment

කුඩාකල සිට කලාවට ලැඳීයාව දක්වන්නා තම ජීවිත කාලයම ගත කරන්නේ කලාව සමඟය. ඒ නිසා කලාව වෙනුවෙන් ඇපකැප වීමටද ඔවුන් පසුබට නොවෙති. රංගන ශිල්පියෙකු වූ ජානක හාල්පන්දෙණිය එවැනි තැනැත්තෙකි. රංගනයේ නිරත වෙන ගමන්ම ඒ සඳහා මොනයම් හෝ සේවයක් සිදු කිරීම ඔහුගේ හීනයක් වී ඇත. දැන් ඒ හීනය ඔහු සැබෑ කරගෙන ඇත. ඔහු මූලිකත්වය ගෙන ඇත්තේ පහසු කාරියකට නොවේ. කලාකරුවන්ගේ සියලු තොරතුරු එක් තැනකට ගෙන ඒම ඔහුගේ එකම අභිලාෂය වී ඇත. මෙය ඔහු සිදුකරන්නේ ඩිජිටල් අවකාශයේය. මෙවැනි කටයුතු එතරම් ලෙහෙසි නොවේ. එහෙත් කෙසේ හෝ ඔහු ඒ කාරිය ආරම්භ කළේය. ඒ මින් වසරකට ඉහතදීය. ඔහු ඒ වෙනුවෙන් තවත් පියවරක් ඉදිරියට තබා ඇත. වෙබ් අඩවියකින් ආරම්භ කළ එම කටයුත්ත අද වන විට ඇප් එකක් බවට පරිවර්තනය කර ඇත. මේ සම්බන්ධව කලාකරුවන් සහ කලා රසිකයන් දැනුම්වත් කිරීමට ජානක හාල්පන්දෙණිය මහතා පසුගිය දා පත්තර මහ ගෙදරට පැමිණියේය. ඔහුගේ කලා ජීවිතයේ ආරම්භය ගැනද පවසමින් ඔහු මෙසේ සරසවිය සමඟ සුහද කතා බහක යෙදුණේය.

මේ දිනවල මම තරමක් කාර්යබහුලයි. දක්ෂ රංගන ශිල්පියෙකු වූ ජගත් බෙනර ගමගේ ගේ මම සහ ඔබ නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. එය විකාශය වන්නේ අයි.ටී.එන් නාලිකාවේ. ඒ වගේම ජාතික රූපවාහිනියේ විකාශය වෙන ආදරණීය මිනිසෙක් ටෙලි නාට්‍යයටත් මම දායක වුණා. මගේ වෘත්තිය රංගනය නොවෙයි. මම රැකියාව කරන්නෙ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ. එහි මාධ්‍ය අංශයේ. ඒ නිසා පූර්ණ කාලීනව රංගනයේ යෙදෙන්න අමාරුයි. මම කලාවේ නිරත වෙන්න පටන් ගත්තේ 1986 දී. මම ඉගෙන ගත්තේ කරඳගොඩ ප්‍රාථමික විද්‍යාලයේ.උසස් පෙළ කළේ බේරුවල මධ්‍ය මහා විද්‍යාලයේ. කලාවට පන්නරය ලබා ගත්තේ පාසල් කාලයේ සිටමයි. මේ වන විට මම ටෙලිනාට්‍ය අනූවකට, චිත්‍රපට පහළොවකට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. මම රංගනය හදාරපු කෙනෙක්. මුලින්ම ගමේ නාට්‍ය වලට සම්බන්ධ වුණා.

මට හමුවූ මුල්ම රංගන ශිල්පියා කුමුදු නිශාන්ත. ඔහුව මුණ ගැසුණේ හරිම අපූරු තැනකදි. කලාකරුවන්ගේ උපන්බිම වැනි සුදර්ශියේදී. මම ජාතික තරුණ සේවා සභාවෙන් සහ ටවර් හෝල් පදනමෙන් රංග කලාව ඉගෙන ගත්තා. නලීන් ප්‍රදීප් උඩුවෙල, ප්‍රසන්න ජයකොඩි වැනි ශිල්පීන් මට මුණ ගැසුණෙ එතනදී. රත්මලාන තරුණ සේවා සභාවෙන් ටෙලි නාට්‍ය නිෂ්පාදනය, කැමරාකරණය ඉගෙන ගත්තා. අද තාක්ෂණය දියුණුයි. අපිත් ඒ ගැන ඉගෙන ගත යුතු නිසා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ මානව සම්පත් ඒකකයෙන් ඩිජිටල් රූපවාහිනී ඩිප්ලෝමාව ලබා ගත්තා. මා ඉගෙන ගත් දෙයින් අන් අයට උදව් කිරීම තමයි මගේ අරමුණ.

මගේ තාත්තා සමාජ සේවකයෙක්. තාත්තා නිතරම කිව්වේ අන් අයගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී උදව් කරන්න කියලා. මම වසර ගණනාවක් ටෙලි නිර්මාණවේදීන්ගේ සංගමයේ විධායක සභිකයෙකු ලෙස කටයුතු කළා. ඒ කාලේ මම යෝජනාවක් ගෙනාවා ටෙලි නාට්‍ය ශිල්පීන් වෙනුවෙන් ටෙලි නිවහනක් හදන්න. ඒ සඳහා මම ඉඩමක් සොයා දුන්නා. පසුගිය කාලයේ තිබූ ඉන්ධන හිඟයේදී රාජකාරි මට්ටමෙන් මට හැකි අයුරින් කලාශිල්පීන්ට උදව් කළා. ඒ කළ උපකාර නිසා එදා අපහසුතාවයට ලක්වූ බොහෝ කලාකරුවන්ට කරදරයකින් තොරව වැඩකරන්න අවස්ථාව සැලසුණා.

මේ අතරේ මගේ හිතේ තිබුණ අදහසක් සැබෑ කරගන්න හිතුවා. එය අවුරුදු හතරක සිට මගේ හිතේ තිබුණ දෙයක්. සියලු කලාවන් හි නිරත වෙන කලාශිල්පීන්ට ඔවුන්ගේ කලා කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දීමට මම තීරණය කළා. සියලු කලාකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් මම සකස් කළා. ඒපබඪඵබඵ.තඬ නමින්. මේ සඳහා හොඳ නමක් දාන්න මට අවශ්‍ය වුණා. මම ඒ බව සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරාට දැන්වූවා. එතුමා මට හොඳ නමක් යොජනා කළා.” ශශ්‍රී ලාංකීය අභිමානී කලාපවුර. මේක සමිතියක්, සමාගමක් නෙවෙයි. මම මේක පටන් ගත්තේ අරගල කරන්නවත්, බලයක් ලබා ගන්නවත් නෙවෙයි. මේ හරහා කලාකරුවන්ට තවත් කලාකරුවන් හඳුනාගන්න, නිෂ්පාදකවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට ශිල්පීන්ව සොයා ගැනීමට ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමට, මාධ්‍ය ආයතන සම්බන්ධ කරගැනීමට, ප්‍රසංග සංවිධානය කර ගැනීමට ආදී කටයුතු පහසුවෙන් කර ගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගමේ සිටින කැටයම් ශිල්පියාගේ සිට විවිධ කලා ක්ෂේත්‍රවල නියැළී සිටින්නන්ගේ තොරතුරුද මේ තුළ ඇතුළත්. විශේෂයෙන් නවක කලා ශිල්පීන්ට ඉහළට එන්න හොඳ අවස්ථාවක් මෙයින් සැලසෙනවා. ගමේ සිටින කැටයම් ශිල්පියාටත්, බෙරකරුවාටත්, චිත්‍ර ශිල්පියාටත් මෙයින් ප්‍රයෝජන ගන්න පුළුවන්.

මට මෙම කාර්ය කරගෙන යාමේදී බොහෝ කලාකරුවන්ගෙන් සහයෝගයක් ලැබුණා. 2025 වසරේ මාර්තු මාසයේ මම මේ කටයුත්ත එළිදැක්වූවා. එයට කලාශිල්පීන් හත්සියයක් පමණ සහභාගී වුණා. මේ වෙබ් අඩවිය ගෙදර තියෙන ඩික්ෂනරිය වගේ. මේ වෙබ් අඩවිය අපිට අවශ්‍ය වෙලාවට පමණක් පාවිච්චි කළහැකි දෙයක්. මෙයට මම ටඡ, රධභබභඡඥ සහ බඪඬබධඬ යන මාධ්‍යයන් ඇතුළත් කළා. මෙය සාමාන්‍ය ජනතාවටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ තුළින් පහසුකම් රැසක් සැලසෙනවා. මේ මඟින් දැනට තිරගත වන චිත්‍රපට, වේදිකා ගතවෙන නාට්‍ය, රූපවාහිනී නාලිකාවල විකාශය වෙන ටෙලි නාට්‍ය දැනගන්න පුළුවන්. එය සාමාන්‍ය ජනතාවට පහසුවක්. චිත්‍රපට නිෂ්පාදකයන්ට, අධ්‍යක්ෂවරුන්ට මෙම වෙබ් අඩවිය ඉතා වටිනා කාර්‍යයක් ඉටුකර දෙනවා. ඔවුන්ගේ චිත්‍රපටය තිරගත වීම ආරම්භයේ සිට චිත්‍රපටයේ පෝස්ටරය අපි මේ වෙබ් අඩවියට ඇතුළත් කරනවා. ඔවුන්ගේ අවසරය ඇතිව. ඒත් මේ කිසිම දෙයකට මුදල් අයකරන්නේ නැහැ. ඒ වගේම චිත්‍රපට සහ ටෙලි නාට්‍යවල රූගත කිරීම් සඳහා අවශ්‍ය ස්ථාන මම මෙහි ඇතුළත් කර තිබෙනවා. තවත් කාරණයක් සිදුවෙනවා. ගීත සඳහා සිදුකෙරෙන වීඩියෝව මේ වෙබ් අඩවියට ඇතුළත් කරන්න පහසුකම් සලසා දී තිබෙනවා. ඒ ගීතය එළි දක්වා රධභබභඡඥ එකට ඇතුළත් කළාට පසුව එය ඒපබඪඵබඵ.තඬ වෙබ් අඩවියට ඇතුළත් කරන්න පුළුවන්. අපට අවශ්‍ය ලින්ක් එක පමණයි. ටෙලි නාට්‍ය වල තේමා ගීතය වුවත් මේ වෙබ් අඩවියට ඇතුළත් කරන්න පුළුවන්. එය කවදා හෝ සිහිවටනයක් වගේ බලන්න හැකියාව ඇතිවෙනවා.

අපේ රටේ පවතින තවත් ප්‍රධාන ගැටලුවක් තමයි සංගීත කණ්ඩායම් සම්බන්ධ කර ගැනීම. ඒ පහසුකමක් තියෙනවා මේ වෙබ් අඩවියේ. සංගීත කණ්ඩායම් ගණනාවක තොරතුරු තියෙනවා. ප්‍රසංග සංවිධානය කරන්නන්ට එය පහසුවක්.

ඒපබඪඵබඵ.තඬ වෙබ් අඩවියේ සියලුම රූපවාහිනී චැනල් ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා ඒ චැනල් වල ඒ ඒ වෙලාවට විකාශය වෙන වැඩසටහන් වල තොරතුරු දැනගන්නට පුළුවන්. ඒ වගේම මේ වන විට ලංකාවේ වැඩිම පිරිසක් නරඹන නාට්‍ය මොනවද කියා දැන ගන්නත් පහසුකම් සලසා තිබෙනවා.

ඕනෑම කලා ශිල්පියෙකුට මෙම වෙබ් අඩවියට ඇතුළත් වෙන්න පුළුවන්. ඔවුන්ගේ තොරතුරුවල නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්න වෙනම පිරිසක් ඉන්නවා. කලාවට අලුතින් එන අයට මෙම වෙබ් අඩවිය ඉතා ප්‍රයෝජනවත් වෙනවා. මෙපමණ වෙලා කතා මා කතා කළේ ඒපබඪඵබඵ.තඬ වෙබ් අඩවිය ගැන. එහෙත් දැන් මම කතා කරන්නේ මේ සම්බන්ධව සිදුවෙන අලුත්ම ක්‍රියාවලිය ගැන. මෙය මගේ කලා ජීවිතයේ කඩඉමක්. මා එසේ කියන්නේ මා කරනා දෙය කලා ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා නිසා. වෙබ් අඩවියේ තිබෙන සියලු දේ එක්කර ඇප් එකක් හදල තියෙනවා. දැන් ලෝකයේ ඕනෑම කෙනෙක්ට මේ ඇප් එක භාවිතා කරන්න පුළුවන්. මේ ඇප් එක භාවිතා කරනවා නම් නළු නිළියන්ගේ දුරකතන අංක සහිත පොත් අවශ්‍ය වෙන්නෙත් නැහැ. දැන් ඒ තොරතුරු සියල්ල අපට ඉක්මනින් දැනගත හැකි අවකාශයක් අපට තියෙනවා. දැනට අපි සමඟ තුන් දහසක පමණ කලා ශිල්පීන් පිරිසක් ඉන්නවා. ඒ අතර සෑම ක්ෂෙත්‍රයකම අය ඉන්නවා. ඒ නිසා ඕනෑම වෙලාවක තමන්ට අවශ්‍ය ශිල්පියාගේ තොරතුරු දැනගන්න පුළුවන්. මෑතකදී පොළොන්නරුව ප්‍රදේශයේ ටෙලි නිර්මාණකරුවෙක් මට කතා කරල මෙහෙම කිව්වා.

” මේ වෙබ් අඩවියෙන් තමයි මගේ ටෙලි නාට්‍යයට අවශ්‍ය සියලු ශිල්පීන් සොයා ගත්තේ”

ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන මිහිරි සිරිතිලක මට විශේෂයෙන් ස්තූති කළා. විදේශ ගතව සිටින ඔහුගේ යාළුවෙකුට අවශ්‍ය වෙලා තියෙනවා ඔහුව සංගීත ප්‍රසංගයකට සහභාගී කරවා ගන්න. දුරකතන අංකය ඔහුගේ ළඟම මිතුරෙකුගෙන් ඉල්ලුවත් දීලා නැහැ. ඉන්පසුව සොයා ගෙන තියෙන්නේ ඒපබඪඵබඵ.තඬ වෙබ් අඩවියෙන්. ඇතැම් අය කලාශිල්පීන්ගේ දුරකත අංක දෙන්නේ නැහැ. ඒ නිසා දැන් කාටත් පුළුවන් අපේ ඇප් එක ඔස්සේ දුරකතන අංක පවා ලබා ගන්න. මේ කිසි දෙයක් සඳහා මම එක රුපියලක්වත් කාගෙන්වත් අය කරන්නේ නැහැ. මෙම ක්‍රියාවලියට සම්බන්ධ අයට ගෙවීම් කරන්නෙත් මගේ අතින්. සමහර යාළුවෝ අහනවා ඕවා කරල උඹට මොනවද හම්බ වෙන්නේ කියලා. මට කිසිම දෙයක් නොලැබුණාට කමක් නැහැ. මේ දේවල් කරලා මම සතුටක් ලබනවා.

මෙම ඒපබඪඵබඵ.තඬ වෙබ් අඩවිය පටන් ගෙන මෙම මාර්තු මසයට වසරක් සපිරෙනවා. එය තවත් වටිනා වැඩක් ආරම්භ කරමින් සමරන්නට සූදානමින් ඉන්නවා. මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරන්න කැමතියි සරසවිය පුවත්පත සමඟ සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම. මේ ඇප් එක භාවිතා කරන්න. ඒ සම්බන්ධව දැනුම නැත්නම් දැනුම තියෙන කෙනෙකුගෙන් සහය ලබා ගන්න. මේ ක්‍රියාවලියේ අඩුපාඩු ඇති. වැරදි ඇති. ඒවා නිසා මට අපහාස නොකර, විවේචනය නොකර මට ඒ දේවල් පෙන්වා දෙන්න. ඉදිරියේදී මෙය පුළුල් ක්‍රියාවලියක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අනුග්‍රාහකත්වයක් අපේක්ෂා කරනවා. එයට හේතුව මට පමණක් මෙවැනි කටයුත්තක් කරන්න අපහසුයි.

මේ කාර්‍යයේදී මට උදව්කළ පිරිසක් ඉන්නවා. මේ වෙබ් අඩවිය සඳහා නමක් ලබා දුන් සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා, නිල ලාංඡනය නිර්මාණය කළ චින්තක හේවාපතිරණ. ඔහු මගේ ළඟම මිතුරෙක්. උපදේශක මණ්ඩලයේ රුවන් පතිරණ. ඔහු මගේ ආයතන ප්‍රධානියා. ඔහුත් දක්ෂ ලේඛකයෙක්. මේ කටයුත්ත ඉහළින් අගය කළ සංගීතවේදී ජගත් වික්‍රමසිංහයන්වත් මතක් කළයුතුයි. ඔහු මේ වෙබ් අඩවිය පිළිබඳ විශේෂ ඇගයීමක් කළා. මගේ පවුලේ උදවියත් මට සහය දෙනවා. මගේ පොඩි පුතා නළුවෙක්. ඔහුත් කවදා හෝ කලාව වෙනුවෙන් සේවයක් කරාවි.

අපි එක තැන නොඉඳ ඉදිරියට යා යුතුයි. ලෝකය සමඟ කරට කර කටයුතු කළයුතු වෙනවා. කලාවට එය විශේෂයි. මට මේ අවස්ථාව ලබා දුන් සරසවිය පුවත් පතට මම ස්තූතිවන්ත වෙනවා. පසුගිය සරසවිය සම්මාන උලෙළෙදී අපේ වෙබ් අඩවිය සහය දුන්නා රංගන ශිල්පීන්ගේ තොරතුරු සොයා ගන්න. එසේ දායක වෙන්න ලැබීම මටත් සතුටක්. කලාව කියන්නේ මගේ ජිවිතය. මට පුළුවන් කල් මේ සේවාව ඉටු කරනවා.

සේයාරූ – දුෂ්මන්ත මායාදුන්න

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT