හෙළයේ මහා ගාන්ධර්වයාණන් අවසන් වරට ගැයූ බලා වැලපෙම් නෙළා ගනු බැරි හන්තාන සිහිනේ දරා නෙත් අඟ දොවා සිත්මල ගොතනු මැන ළදුනේ…ගීතයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලැබුවේ ඔහුය. එය සැබැවින්ම ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයේ සුවිශේෂී සංදිස්ථානයක් ද විය. මේ වනවිට මෙරට ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන් ජනපි‍්‍රය ගීත රැසක සංගීත අධ්යක්ෂවරයාව සිටින ඔහු වත්මන් තරුණ පරම්පරාවේ සංගීත ශිල්පීන් රැසකගේ ගී තනු නිර්මාණකරුවා ද වී හමාරය. අද වනවිට තාරුණ්‍යයේ හදදිනා සිටින ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන් ජනපි‍්‍රය ගී රාශියක් සංගීවත් කොට ඇති ඔහු නමින් ප්‍රවීණ සංගීතඥ අරුණ ගුණවර්ධනයි.
අපි කතා කරමු කලකට පසු අරුණ ගුණවර්ධනයන් සමඟ ඔහුගේ අලුත් තොරතුරු සමඟින්.
කොහොමද අරුණ මේ දවස්වල තනු නිර්මණ කටයුතු එහෙම?
බොහෝවිට මේ දවස්වල වැඩි වශයෙන් මම ගනුදෙනු කරන්නේ අලුත් තරුණ පරම්පරාවත් එක්ක ඔවුන්ගේ ගීත බොහොමයක් තියනවා සංගීත කටයුතු නිම කළ හැකි ඉක්මනින් ජනගත කරන්න සුදානම් කරල
මේ වෙනකොට අලුත් පරම්පරාවේ කවුරුන් ද වැඩි වශයෙන් ඔබත් සමඟ එකතු වෙලා ඉන්නේ?
හැමෝම වගේ මාත් සමඟ ගනුදෙනු කරනවා. ඔය අතරේ මිහිදු ආරියරත්න, සුමී සුමංගල ගේ ගීත ගොඩක් මේ වෙනකොට කෙරිල තියනවා ඒ අතරේ ෆැලන් ඇන්රියා, ආශ්කා කුලසිංහ, සෙව්මිනි උමයංගනී, තිළිණ සුදේශ්, මියුරු සෝමරත්න, චිත්‍රාල් සෝමපාල එක්ක යුග ගීතයක් දැනට කරල තියනවා. එහි කාන්තා හඬ නියෝජය විතරක් අපිට පටිගතකරන්න තියනවා. තවම ඒ සඳහා නිශ්චිත කෙනෙක් තෝරාගෙන නෑ.
ඔබ අලුත් පරම්පරාවක් සමඟ පමණ ද ගනුදෙනුවකට යන්න කැමැති?
නෑ. මම වෙන්න ඇති මම නියෝජනය කරන පරම්පරාවේ සිට මේ දක්වා සිටින අයගෙන් වැඩිවශයෙන් මේ ක්ෂේත්රයේ ජ්‍යේෂ්ඨයන් සමඟ ගනුදෙනු කළ එකම කෙනා අපේ පරම්පරාවේ කිසිවෙක් මගේ තත්ත්වය පසුකරල නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. නන්දා මාලිනී, පණ්ඩිත් අමරදේව, සුනිල් එදිරිසිංහ. ටී. එම්. ජයරත්න, අමරසිරි පීරිස්, වික්ටර් රත්නායක, රූකාන්ත ගුණතිලක. මේ හැමෝම සමඟත් මම වැඩකරල තියනවා. අද වෙනකොට රටේ ප්‍රජාව අතරේ විශේෂයෙන් තාරුණ්‍ය නියෝජනය තුළ දකින්න තියෙන්නේ අද ජනපි‍්‍රය රැල්ලේ අලුත් පරම්පරාවේ ශිල්පීන් ඒ නිසාවෙන් ඒ ඉල්ලුමට සැපයුම දෙන්න මට වැඩිවශයෙන් අලුත් පරම්පරාවේ ගායක ගායිකාවන් ඇසුරේ වැඩිපුර කටයුතු කරන්න සිදු වෙලා තියනවා.
එදා ක්ෂේත්රය තුළ කටයුතු කළ ජ්‍යේෂ්ඨයන් සමඟ අද මාධ්‍ය නෑ. අද වෙනකොට සමාජ මාධ්‍ය තුළ වැඩිවශයෙන් දකින්න තියෙන්නේ අලුත් පරම්පරාව. එදා හිටිය ජ්‍යේෂ්ඨයන්ට තිබුණ රසික ප්‍රජාව ඒ අයට එහෙම්ම ඉන්නවා. නමුත් අද තාරුණ්‍ය තුළ දකින්න තියෙන්නෙ ඔවුන් ඉල්ලන්නේ අලුත් අයගේ ගීත.
ඔබ කියන්නේ ජ්‍යේෂ්ඨයෝ අද ප්‍රතික්ෂේප වෙලා කියන එකද?
නෑ. මේ අය තමන්ගේ නිර්මාණ තියාගෙන එයාලගේ හදාගත්ත රසික ප්‍රජාවන් සමඟ ඉන්නවා අලුත් නිර්මාණයන්ට නොයා. අද මාධ්‍යයේ හැසිරීම තාරණ්යයයට බර නිසා මාධ්‍යයත් බලන්නේ ජනපි‍්‍රයත්වයේ ඉන්න අයත් සමඟ ගමනක් යන්න. රසික ඉල්ලීම වැඩි පැත්තට මාධ්‍යත් හැසිරීම තමයි අද අපිට දකින්න තියන සත්‍යය.
ජානක සිරිවර්ධන පද රචනා කළ ඔබ සංගීතවත් කළ අමරදේවයන් හා උමාරියා ගායනා කළ හත්තන සිහිනේ…. ගීතය අතිශයින් ජනාදරය දිනාගන්න හේතුව ලෙස ඔබ දකින්නේ?
මේ ගීතය තමයි අමරදේවයන්ගේ මුවින් ගැයුණු අවසන් ගීතය ඒ වගේම පණ්ඩිත් අමරදේවයන් මෙම ගීතය ගායනා කරන්නේ නව පරපුරේ තරුණ ගායිකාවක වූ උමාරියා සිංහවංශ සමඟ මෙන්න මේ සුසංයෝගයත් හේතුවක් වුණා. මේ ගීතය ජනපි‍්‍රය වෙන්න. මිනිස්සු තුළ ඇති කළ මේ කුතුහලය ගීතය ජනපි‍්‍රය වෙන්න එක් හේතුවක් වුණා. ඒ කුතුහලය තුළ මිනිස්සු පද රචනය ගැන සැලකිලිමත් වුණා. එහි තියන ගුණාත්මකභාවය. රසවත් බව ඉන් අනතුරුව මිනිස්සු සොයන්න වුණා. යුග ගී ගායනය තුළ පරම්පරා දෙකක නියෝජනය ලොකු පිබිදිමක් ගීතයට අත්කර දුන්නා.
ඔබගේ දායකත්වය තුළ නිර්මාණ වූ අදටත් ජනප්‍රිය තලයේ නොඅඩුව පවතින ගී නිර්මාණ මොනවාද?
හත්නාන සිහිනේ…, ගිමන් අරණ…, මලකුත් පිපුණා…
අනාවැකියක්…, කොවුලෙක් මොකටද… රිදුනු තැන්…,
තොටියෙක්… ආදී ගීත ගොඩක් ජනප්‍රිය තලයේ රැදිල තියනවා.
සහශ්රකයේ බිහිවන සංගීතවේදියෙක් ඔබ?
2004 වසරේ ඉඳල තමයි මම මියුසික් පැත්තට යොමුවීම සිද්ධ වෙන්නේ මුල් කාලයේ මා විසින්ම රචනා කරගත් ගීත කිපයකට මා විසින්ම තනු නිර්මාණය කර ගායනා කරමින් තමයි මේ ගමන ආරම්භ කළේ. ඊට පස්සේ ප්‍රසිද්ධ ගායකයකු වූ දයාන් විතාරණ මහතාට තමයි මුලින්ම මම ගීත තනුවක් නිර්මාණය කළේ. ඔහු විසින් ගායනා කරන තිඹිර ඉරා ගීතය තමයි ප්‍රසිද්ධ ගායකයකු වෙනුවෙන් මා අතින් තනු නිර්මාණය වූ මුල්ම ගීතය වුණේ.
ටෙලි නාට්‍ය තේමා ගීත සංගීත අධ්යක්ෂයෙනුත් ඔබ කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා නොවේද?
මගේ හිතවතෙකු මාර්ගයෙන් මම හඳුනාගත් චරිත් කොතලාවල මට මුලින්ම අවස්ථාව උදා කරල දෙනවා. මලී ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කරන්න.
මේ ගීතය පද රචනා කළේ ජානක සිරිවර්ධන. ගායනා කළේ නන්දා මාලිනී මහත්මිය ටෙලි නාට්‍යය රටේ පේ්රක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගත්තා. ගොඩක් ජනප්‍රිය වුණා. තේමා ගීතයටත් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණා. 2010 වසරේ පටන් මට ජනපි‍්‍රයත්වය කියන දේ නොසිතූ ලෙස ලැබෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අත්අම්මා, නේරංජනා, කොළඹ අපි ආවා, අග්නි ආදී ටෙලි නාට්‍ය කීපයක් වෙනුවෙන් තේමාගීත සංගීතවත් කරන්න මට අවකාශ උදා වුණා. 2010 සිට 2020 අතර කාලය තුළ මට ගොඩක් ජනපි‍්‍රයත්වය කියන දේ ලැබුණු කාලයක්. ජානක සිරිවර්ධනයන්ගේ පදරචනයන් මගේ නිර්මාණ අතරට විශේෂ වුණා.
ගිමන් හරින දියඹ දිගේ…, හන්තාන සිහිනේ…….
ගීත නිර්මාණය වුණේ ඔය කාල වකවානුවේ මියුරු සෝමරත්න, සුනීර සුමංගගේ මුල්ම ගීතය නිර්මාණය කරන්න පවා මට ආරාධනාත් ලැබුණා.
අරුණ ගුණවර්ධන අද සංගීත අධ්යක්ෂවරයෙක් පමණක්ම වෙලා ද ඔබ තුළ සිටි ගායකයා පද රචකයා අද ඔබව හැර ගිහින්ද?
ගායකයෙක් පද රචකයෙක් හැටියට තමයි මම ක්ෂේත්රය හඳුනගන්නේ නමුත් මේ ක්ෂේත්රය තුළ මම ක්‍රමයෙන් ගනුදෙනු කරන්න පටන් ගන්න කොට හඳුනාගන්නා සංගීත ක්ෂේත්රයේ දැවැන්තයන් හා ඇසුරේදී මට හිතුණා. මම ආශාවට සින්දුවක් දෙකක් කියනවා. නමුත් මේ අයගේ ඇසුරේ මම ගමනක් යනවා කියල මගේම කියල ගායනා කළ නිර්ිමාණ විස්සක් විතර තියනවා ඒවටත් යම් රසික ප්‍රජාවක් ඉන්නවා.
ඔබේම රසික ප්‍රජාවක් වෙනුවෙන් ගායනා කළ ඔබේම ජනපි‍්‍රය ගීත ගායනා මොනවාද?
අසංක රුවන් සාගර රචනා කළ කොහේදෝ ඈතක ඉඳන්…
තරිඳු වීරසිංහ රචනා කළ නදී තෙරකදී… නාලිකා ද
සිල්වා රචනා කළ කනදරා වැව ඉසව්වේ…
ෂර්මිලා ආනන්ද රචනා කළ රැය ගණදුරුයි කියා…
අශා අබේසේකර රචනා කළ උරතලය …. ආදී ගීත කීපයක් තියනවා මගේ ගීත ගායනා අතර මම බොහොම ආශාවක් දක්වන. සමහර පද රචකයන්ට අවශ්‍ය වුණා. ඔවුන් ගේ නිර්මාණයන් මගේ හඬින් ගායනා කරව ගන්නත් ඒ අවශ්‍යතාවයටත් මා අතින් ගායනා වූ ගීතත් තියනවා.
ඔබ ගායනා කරන සියලු ගීත සංගීතවත් කලෙත් ඔබමද?
තරිදු වීරසිංහ රචනා කළ මා විසින් ගායනා කරන නදී තෙරකදී කියන ගීතය සංගීතවත් කළේ අනුක් ඩිල්ෂාන් ඒ ඇරෙන්න මම ගායනා කරන හැම ගීතයකට සංගීත නිර්මාණයන් මගේමයි. ඔය අතරේ ආශාවට නවරත්න ගමගේ, නාලක අංජන සංගීතවත් කරපු මම ගායනා කරපු ගීත කීපයකුත් තියනවා.
අරුණ ගුණවර්ධන වඩාත් කැමති ඔබ ගායකයෙක් හැටියට දකිනවට ද? සංගීතඥයෙක් ලෙස දකිනවට ද?
සංගීතඥයාට තමයි මම බොහොම කැමති ඒකට හේතුව මාව මිනිස්සු වැලඳගෙන තියෙන්නේ. සංගීතවේදියා කියන උතුම් ගෞරවයෙන් වීම. ගායකයෙක් ලෙස මාව අහල තියන පිරිස් අඩුයි. සංගීතඥයා කියන චරිතයෙන් මාව දැකල නැති කෙනෙක්ට වුණත් හඳුනගන්න පුළුවන් මේ මෙලඩිය සංගීතය අරුණගේ කියල මගේම සංගීත රටාව මම ගැන අහල දැකල නැතිවුණත් ඒ හඬ ඇහෙනකොට මේක මගේ මෙලඩියක් කියල හඳුනගන්න අවස්ථාව මම දැකල තියනවා ඒකත් විශේෂයක් නොවන්නේද?
කුඩා කල පටන් සිහිනයක් දුටුව ද කවදා හෝ සංගීතවේදියෙක් වෙනවා කියල?
එහෙම හීනයක මම අතරමං වෙලා හිටියේ නෑ. මගේ අම්මා අනෝමා රොඩ්රිගෝ ප්‍රංශ භාෂා ගුරුවරියක් ඇය සංගීතයට ලැදි පියානෝ වාදන ශිල්පිනියක්, මගේ පියා රංජිත් ගුණවර්ධන කණ්ඩායම් සංගීතයට ප්‍රියකරන ඒ හා බැදුණු ගීත, කැසට් රසවිඳි රසිකයෙක්. මේ දෙදෙනා ගේම සුසංයෝගය මාව නිතැතින්ම සංගීතය පැත්තට යොමු කළා කිව්වොත් හරි පවුල තුළ නිතර අහපු ගීත ඇහුණු සංගීතය මාව පුදුම විධියට මේ සංගීතය පැත්තට හිත ඇදීම සිද්ධ කළා. අම්මාගේ පැත්තෙන් අමරදේවයන්ගේ සරල සංගීතය තාත්තාගේ පැත්තෙන් බටහිර සංගීතය මට අහන්න ලැබුණා. ඒ මිශ්‍ර වීම තමයි මගේ සංගීතය තුළත් දකින්න තියෙන්නේ. මගේ පාසල ගම්පහ බණ්ඩාර නායක විද්‍යාලය පාසලේ දී මම සංගීතය හැදෑරුවා තබ්ලාව තමයි මගේ පි‍්‍රයතම වාද්‍ය භාණ්ඩය ඒ දවස්වල පාසලේ වාද්‍ය වෘන්දයේ තබ්ලා වාදකයා මම.
ක්ෂේත්රයේ ඔබ අරුණ ගුණවර්ධන නමුත් පාසලේ ඔබ අරුණ ඉන්දික ගුණවර්ධන?
මට පාසලේ හැමෝම කතා කළේ ඉන්දික කියල ක්ෂේත්රයට එනකොටම ඉන්දික කැල්ල පාවිච්යෙන් අතහැර අරුණ ගුණවර්ධන ලෙස භාවිතයට ගත්තා. හැබැයි පාසලේ යාළුවෝ නම් කිව්වේ සුදු ඉන්දික කියල එහෙම කිව්වහම තමයි කවුරුත් දන්නේ තබ්ල ගහන සුදු ඉන්දික කිව්වහම ඒ දවස්වල බණ්ඩාරනායක විදුහල භූමියේ නොදන්නා කෙනෙක් නෑ.
වසර විස්සක පමණ අත්දැකීම් ලැබු සංගීතවේදියෙක් වශයෙන් අද පරපුර ගැන මොකද හිතෙන්නේ?
අලුත් පරම්පරාව තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ සමඟ ගමනකට උත්සාහ කරන් නෑ.ඒ අය රියලිටි ෂෝ හරහා එන ජනපි‍්‍රයත්වය තුළ කාගේ හෝ ගීතයක් කියල මුදලක් හොයාගන්න තමයි උත්සාහ කරන්නේ. බහුතරයකගේ අරමුණ කාගේ හෝ ගීතයක් කියල මුදලක් හොයා ගැනීම ඊළඟ සීසන් එක එනකොට තමන්ට තැනක් නෑ කියල දන්න මේ අය හැල්මෙ දුවනවා මුදල් හොයමින් අනුන්ගේ ගීත කියමින් ඔය අතරේ කීප දෙනෙක් ඉන්නවා. තමන් සින්දු ටිකක් හදාගෙන තමන් ගේ ඕඩියන්ස් එකක් හදාගෙන බොහොම ඉවසීමෙන් ගමනක් යන්න හදන අය. අලුත් ගීතයක් හදාගෙන තමන් ගේ ගමනක් යන එක මේ ක්ෂේත්රයේ අමාරු කටයුත්තක් අද කාලේ. ඒක තමයි වෙන්න ඕනේ ඒ අය තමයි ඇත්තම කලාකාරයෝ එහෙම කීප දෙනෙක් මේ අලුත් පරම්පරාවේ ඉන්නවා ඒ අයව අපි දකිනවා ඔවුන් ගේ ගමන අද වෙනකොට මල්ඵල ගැන්විලාත් තියනවා. සෝඩබෝතල් එනවා යනවා හතු පිපෙනවා පරවෙනවා. ඔය අතරේ කීප දෙනෙක් ස්වතන්ත්‍ර නිර්මාණ වලින් තමන්ගේ ගමනක් යනවා. මම කියන්නෙත් තමන්ගේ ගීත කීපයක් හදාගන්න එහෙම හදාගත්ත කීප දෙනෙක් ඉන්නවා. ඒ අය තව අවුරුදු විස්සකට තිහකට වැටෙන්නෙත් නෑ.
අනුන්ගේ ගීත කියල ඇති තරම් හම්බ කරගෙන පැදුරටත් නොකියා යන අපුරු පිරිසකුත් අද මේ ක්ෂේත්රයේ වැජඹෙනවා නොවේද?
රඟපාල ටික් ටොක් කරල හම්බ කරන කොටසක් අද ඉන්නවා. මම කියන්නේ මේක පාලනයක් විය යුතුයි. රජයක් හරි මේ සඳහා ක්‍රමවේදයක් නීති අණ පනත් ගෙන ආ යුතුයි. මම කියන්නේ අලුත් නිර්මාණ හදන පිරිසක් ඇතිවෙන්නෑ කියන්නේම අපි ජාතියක් හැටියට පස්සට යනවා කියලයි. අනුන්ගේ සින්දු කිය කිය ඉන්නකොට කොහොමද අලුත් නිර්මාණ හැදෙන්නේ.
ගායන ක්ෂේත්රයේ අනාගතය හරිම කේදනීයයි කියලද ඔබ පවසන්නේ?
මෙහෙම ගියොත් අලුත් දෙයක් හැදෙන එකක් නෑ. අලුත් පිරිසක් ක්ෂේත්රයට එන එකක් නෑ. අද චජනධ ආයතනය හරහා ගායක ගායිකාවන්ට ගී පද රචකයන්ට, තනු නිර්මාණකරුවන්ට කර්තෘ භාගය ලැබෙන ක්‍රමවේදයක් හැදිල තියනවා ඒ තුළ රෙජිස්ටර් වුණාම නමුත් මේ ආයතනයට නීති අණ පනත් ගේන්න බෑ. කාගෙවත් සින්දු කොල්ල කන එකට ඒකට වෙනම ආයතනයක් රාජ්‍ය මැදිහත් වීමකින් ඇතිවිය යුතුයි. අපිට කමක් නෑ කවුරුන් හෝ තමන්ගේ ස්ව නිර්මාණයක් කරල ලක්ෂ ගාණක් හම්බ කළත් අනුන්ගේ දෙයක් ගායනා නොකර ටික් ටොක් කරන අය ලක්ෂ ගණන් හම්බ කරන කොට ඔරිජිනල් ගායකයාට හුළං අපි තනු නිර්මාණය කළේ. ගේය පද රචකයා ඒ ගීතය රචනා කළේ. ඔරිජිනල් ගායකයට හෝ ගායිකාවට ඒ මිසක් අනුන්ගේ ගීත කොල්ල කන හොරුන්ට නොවෙයි. ඒකයි අපි මේකට විරුද්ධ ඕනෙම කෙනෙක්ට තව කෙනෙක්ගේ ගීතයක් ගායනා කරන්න පුළුවන්. නමුත් එයින් හම්බ කරන්න බෑ.
අද ප්‍රසංග වේදිකාවෙත් ඉල්ලුම තියෙන්නේ සෝඩ බෝතල් ගායකයන්ට ගායිකාවන්ට ටික් ටොක් ගායක ගායිකාවන්ට නේද?
හරි පාරේ යනකොට ප්‍රසංග වේදිකාවෙන් ඉල්ලුමක් නෑ. ඇදුමට නැටුමට අඩ නිරුවතට අද පේ්රක්ෂකයන් අහුවෙලා. ඒ සංස්කෘතිය අද ඔඩුදුවමින් තියෙන්නේ.
අඩ නිරුවත අද ප්‍රසංග වේදිකාව ගිලගෙන අවසන් නේද?
ප්‍රසංග සංවිධාකයන්ටත් අද නීතියක් නෑනේ. නීතියක් හැදුවොත් ඔය දේවල් නතර වෙයි. ඔරිජිනල් ගායකය ගෙදර ඉන්නකොට ඩුප්ලිකේට් ගායකය හරි අපුරුවට අඩ නිරුවත විකුණමින් යහමින් හම්බකරනවා. තමන්ගේම නිර්මාණයක් අරන් ඇවිත් ඔය විධියට නටල මිනිස්සු පිනවල කොච්චර මුදලක් ගත්ත ප්‍රශ්නයක් නෑ. මිනිස්සුන්ගේ රසඥතාවය ඒකනම් කරන්න දෙයක් නෑ. නිර්මාණ කරුවෝ හැටියට අපේ නිර්මාණ ඒ හෙලුව තුළ විකුණමින් හම්බ කරන වැඩේට දෙන්න බෑ.
වර්තමානයේ මොනවගේ තේමාවන් ඔස්සේ ලියවෙන පද රචනා සඳහා ද රසික ඉල්ලුම තියෙන්නේ?
ආදරය, විරහව තමයි ඉල්ලන්නේ. සමාජයේ ඔය මාතෘකා දෙකට තමයි වැඩි ඉල්ලුමක් හැදිල තියෙන්නේ මම කියන්නේ ගායක ගායිකාවන්ට ඔබ ඔය ගීත කියන අතරේම සමාජයට වැඩදායී පණිවිඩයක් දෙන ගායනයකුත් කරන්න ඔබට පුළුවන්. අර ඔබෙන් වැඩියෙන් ඉල්ලන දේ මත ලබන ජනපි‍්‍රයත්වය තුළ මේ වගේ හොඳ සමාජයට පණිවිඩයක් දෙන දෙයකුත් ඒ ජනපි‍්‍රයත්වය හරහා ජනගත කරන්න මෙන්න මේ දේ තමයි අද බොහෝ විට හුඟදෙනෙක්ගෙන් ඉටු නොවනදේ.
අද ජනපි‍්‍රයවීමේ ප්‍රවණතාව බොහෝම පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ඕනෑම කෙනෙක්ට උදාවෙලා නොවේද?
අපි ක්ෂේත්රයට එනකාලේ ජනපි‍්‍රයවෙන්න තිබුණේ අපිට ජනමාධ්‍ය අද ඒ තත්ත්වය වෙනස්වෙලා සමාජමාධ්‍ය ඒ තැන අරන් තියනවා. එදා අපි යමක් කළොත් ජනපි‍්‍රය කරගන්න. ලොකු කට්ටක් කෑවා. සමහරුන්ට කුට්ටි දෙන්න වුණා. කුට්ිටි සංස්කෘතිය තුළ අපි අතරමංවෙලා බොහොම අමාරුවෙන් මහන්සියෙන් ඔලුව උස්සනකොට සමාජ මාධ්‍ය ආවා. අද සමාජ මාධ්‍යකරුවෝ පැකේජ සංස්කෘතියක් හදල ආයෙත් අපිව සුරකනවා. ජනපි‍්‍රය කරන මුවාවෙන් මගේ ගීත මට ජනපි‍්‍රය කරගන්න කාටවත් කුට්ටි දීලත් නෑ. දෙන්නෙත් නෑ. අපි නමක් හදාගත්තේ හොඳ දෙයක් මහන්සිවෙලා ලබාදීල ජනපි‍්‍රය වුණාට පස්සේ අපිව නිතැතින්ම හොයාගෙන ආවා මිසක් අපි ඒ අය හොයාගෙන ගියේ නෑ. අද ගීතයක් ජනපි‍්‍රය වෙන්න රූප රචනයත් වැදගත්. එදා අපිට ඕනෙ වුණේ නෑ රූප රචනය හරහා නිර්මාණ කරන්න.
ගායකයෙක් වූ ඔබට සංගීතඥයෙක් වූ ඔබට හිතෙන්නැද්ද ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න?
මම කළා. 2018 වසරේ “ආදරය ද මේ” කියල ප්‍රසංගයක් ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ මගේ සංගීත නිර්මාණ සමඟින් තවත් එවැන්නක් කරන්න කියල බොහෝ අය කියනවා. නමුත් ඒ සඳහා දරන්න වන වියදම් ගැන බලනකොට ඒක මම වගේ කෙනෙක්ට තවම අපහසුයි.
රියලැටි ෂෝ අපේ සංගීත සංස්කෘතිය ගිල ගත්තද?
එහෙම කියන්න බෑ. ඒ හරහා අපිට හමුනොවන මේ ක්ෂේත්රයට එන්න බැරි කොටසකට මාවතක් විවර වුණා. නමුත් නරක ගොඩක් තියනවා. මේ අය නිකන් ඉදල ගායකයෝ වුණ පිරිසක්. නමුත් අත්දැකීම් ලැබු වෘක්ෂ නොවෙයි හැකියාව තියනවා. පරිණත දැනුමක් නෑ. හරියට නිකන් බ්රෙයිලර්ලා වගේ ඔවුන් ළඟ කියවීමක් නෑ. තමන් ගායනා කරන ගීතයේ පද රචනයේ අර්ථයවත් දන්නෑ.
ඔබ රාජ්‍ය සම්මාන දිනූ සංගීතඥයෙක්?
2018 වසරේ රිදුණු තැන්…. ගීතයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් මේි ගීතය ගායනා කළේ අනුෂ්කා මධුභාෂිණි ගීතය රචනා කළේ අමිල තේනුවර මම සංගීත අධ්‍යක්ෂණය කළ සුනිල් එදිරිසිංහ ගායනා කරන සුජීව හෙට්ටිතන්ත්රී රචනා කළ අවාරේ ගීතය 2023 වසරේ රාජ්‍ය සම්මාන උලෙළේ දෙවන ස්ථානයට තේරුණා.
ටෙලි නාට්‍ය තේමා ගීත සඳහා සංගීත අධ්‍යක්ෂණය කළ ඔබට ටෙලි නිර්මාණ සිනමා නිර්මාණ සංගීත අධ්යක්ෂණයට වරම් ලැබිල නැද්ද?
තවම නෑ. ලැබුණොත් කරනවා.
ඉදිරි බලාපොරොත්තු කොහොමද?
හොඳින් අධ්‍යයනය කරමින් හෙමින් ගමනක් තමයි මම යන්නේ හැකියාව හැකියාව තියන නවක පද රචකයන්ට සහයක් දෙන්න මම කැමැතියි. මා පැමිණි ගමනට මට ප්‍රවීණයන් සහාය දැක්වුවා සේම නවක පරම්පරාවටත් අතදෙන්න මම බොහොම කැමැත්තෙන් ඉන්නවා.
පවුලේ තොරතුරු කොහොමද?
මගේ බිරිය නදී ගනේපොළ, පුතාල දෙන්නා රනු, තෙනු පුතාල දෙන්නා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මම පදිංචි වෙලා ඉන්නේ රාජගිරියේ ඩී 4 , අරලිය කෝට්ස්, කලපලුවාව, රාජගිරිය මගේ ලිපිනයෙයි.
