Home » එදා රෑ රූගත කිරීම් ඇරැඹේ

එදා රෑ රූගත කිරීම් ඇරැඹේ

by mavan
February 5, 2026 11:21 am 0 comment

ජනප්‍රිය ගායක නැසීගිය මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතය ඇසුරෙන් නිර්මාණය කෙරෙන ‘එදා රෑ’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල බණ්ඩාරගම ප්‍රදේශීයේදි සිදුකෙරේ. සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් මල්ලවාරච්චි තිරරචනය කළ ‘එදා රෑ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අරුණ ජයවර්ධන විසිනි.

මිල්ටන් මල්ලවාරච්චි චරිතයට පණ පොවන්නේ රොෂාන් රවීන්ද්‍රය. මීට අමතරව නෙත්මි රොෂෙල්, සෙනාලි ෆොන්සේකා, ශේෂාද්‍රි ප්‍රියසාද් , දිනෙත් ද සිල්වා ඇතුළු ජනප්‍රිය නළු නිළියෝ රැසක් රංගනයේ යෙදෙති.

එදා රෑ චිත්‍රපටයේ කැමරාකරණය චන්න දේශප්‍රිය වන අතර සංස්කරණය සහ වර්ණ සංයෝජනය ශාන් අල්විස් ගෙනි. ශබ්ද පරිපාලනයෙන් ශෂීන් ගිම්හාන දායක වේ. කලා අධ්‍යක්ෂණය අකුරම්බොඩ පියතිස්ස ගෙනි අංග රචනය බුවනෙක රණවක විසින් සිදු කෙරේ.

එදා රෑ චිත්‍රපටයේ පසුබිම් සංගීතය සුරේෂ් මාලියද්ද විසිනි. රනිල් මල්ලවාරච්චි සහ පවන් මල්ලවාරච්චි පසුබිම් ගායනයෙන් එක්වන අතර සමීතා මුදුන්කොටුව සහ උරේෂා රවිහාරී යුග ගායනයෙන් එක්වෙති. එදා රෑ නිෂ්පාදනය One Line Production Entertainment (Private) Limited වෙනුවෙන් රනිල් මල්ලවාරච්චි, ගයාන් අරෝෂ සහ චමක මංජුල ගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT