“පරාශක්ති” දමිළ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ සත්‍ය ලෙසම 1960 දශකයේ තමිල්නාඩු කලාපයේ පැවති හින්දි විරෝධී විරෝධතා ව්‍යාපාරය කේන්ද්‍ර කරගත් දේශපාලනික සහ සාමාජීය පුවතකි. එය ඓතිහාසික සන්දර්භය මත පිහිටුවමින් භාෂාව පිළිබඳ හැඟීම, හින්දු භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට එරෙහිව එවකට විශ්‍වවිද්‍යාල ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය සහ භාෂාමය අනන්‍යතාවය පෙරදැරිව මහජන අරගල පිළිබඳ සිදුවීම් ගණනාවක් වාර්තා කරන්නකි.
“චෙෂියන්” නමැති ගරිල්ලා පන්නයේ සටන්කාමි තරුණයකු විසින් තවත් අරගලකරුවන් පිරිසක් එක්ව දුමිරියක් ගිනිතබා විනාශ කරන්නේ ඉන්දියානු රජයට එරෙහිව විරෝධය පෑමක් ලෙසිනි. ඉන්දියානු රජයට එරෙහිව විරෝධය පෑමට චෙෂියන්ට හේතුවක් තිබේ. එනම් ඉන්දියානු රජය විසින් හින්දි භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට ගත් තීරණයත් සමඟ ය. මෙම තීරණය නිසා දමිළ, මලයාලම්, තෙළිඟු, කන්නඩ, බෙංගාල යන භාෂාවන් රැසකට අසාධාරණයක් සිදු වෙයි. විශේෂයෙන් තම්ල්නාඩුව ප්‍රාන්තයේ දමිළ භාෂාව කතා කරන ජනතාවට හින්දි භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම හේතුවෙන් භාෂා අර්බුදයකට මුහුණපෑමට සිදු වෙයි.
මෙම නිසා තමල්නාඩුවේ දෙමළ වැසියන් තම එදිනෙදා ජීවිතයේ කටයුතු වන ලිපි ලේඛන ආදිය සමඟ ගනුදෙනු කිරීමේදි දුෂ්කරතා රැසකට මුහුණ දීමටත් දම්ළ බස අත්හැර හින්දි බස වැලඳගැනීමට මහත් අරගලයක් කිරීමට සිදු වෙයි. චෙෂියන් අරගල කරන්නේ මෙම හින්දි භාෂාව ජාතික භාෂාවට පත් කිරීමේ අත්තනෝමතික තීරණයට එරෙහිවය. චෙෂියන්ටගේ අරගලය මැඩ පත්වන්නෙකු සිටී. එනම් තිරුනාදන් නම් ම්ට්ඕ පුහුණුව ලත් ඉන්දියානු බුද්ධි කාර්යාංශ නිලධාරියා ය. ඔහු විසින් චෙෂියන් සමඟ නිරතුරුවම ගැටුම් ඇති කර ගනියි. නමුත් චෙෂියන් ප්‍රමුඛ අරගලකරුවන්, සිවිල් වැසියන් ඉන්දියානු රජයට එරෙහිව විශාල සටනක් ගෙන යයි. “පරශක්ති” සිනමාපටයේ ගෙතෙන්නේ මෙම සිදුවීම් දාමයයි. “පරාශක්ති” නමින් වර්ෂ 1952 දී ශිවාජි ගනේෂන් රඟපෑ දමිළ චිත්‍රපටයක් තිරගත විය. එහි කතා පුවත වූයේ දෙවන ලෝක යුද සමයේ දී දෙමළ පවුලක් වෙත සිදු වන ඛේදවාචකයකි. නමුත් “පරශක්ති” සිනමාපටය එම සිනමාපටයට සෘජු සම්බන්ධයක් නැත.
“පරාශක්ති” සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ “සුධා කොන්ගරා’ නමැති සම්මානලාභි අධ්‍යක්ෂවරිය විසිනි. ඇය මීට පෙර අධ්‍යයක්ෂණය කළ “ධ්පභඤඩඪ ඉභබබපභ”, “ඉධධපචපචඪ ර්‍ථධබබපභ” චිත්‍රපට ද්විත්වය ප්‍රේක්ෂක අවධානය දිනාගන්නට සමත් විය. චෙෂියන් නමැති චරිතය නිරූපණය කරන්නේ සිවකාර්තිකේයන් නමැති ජනප්‍රිය දම්ළ නළුවා විසිනි. ඔහුගේ චරිතය සමඟ කරට කර රංගනයක නියැළෙන සුපිරි නළු “ජයම් රවී” විසින් “තිරුනාදන්ගේ” චරිතය නිරූපණය කරයි. “පරාශක්ති” සිනමාපටය ලාංකිකයන්ට වඩාත් සමිපවන කාරංණාවක් තිබේ. එනම් මෙම චිත්‍රපටය බොහෝමයක් රූගත කර ඇත්තේ ලංකාවේ මරදාන දුම්රියපොළ, පාදුක්ක, දෙමටගොඩ, වග වැනි කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල වීමයි. පසුගිය වසරේ සිනමාපටයේ රූගත කිරීම සඳහා සිවකාර්තිකේයන් ඇතුළු චිත්‍රපටයේ කාර්මික ශිල්පීන් පිරිස ලංකාවට පැමිණියේය. සිනමාපටයේ ආනුෂංගික අංශයන්ගෙන් දුර්වලතාවක් තිබේ. ඍජ්ඔ හෙවත් දෘශ්‍ය ප්‍රයෝග වෙත වැඩි අවධානයක් නොකිරීම නිසා චිත්‍රපටය ව්සින් අත්කර ගන්නා සිනමානුරූපි ගුණයට හානි වී ඇත. කැමරාකරණය, ආලෝකකරණය, ඇඳුම් පැලඳුම්, යාන වාහන, ගොඩනැගිලි ආදී පසුතල නිර්මාණය අංශයන්ගෙන් ගුණාත්මකබවක් දක්නට තිබේ.
වර්ෂ 1951 දී ඉන්දියාවේ භාෂා 1652ක් පමණ භාවිතා වූ අතර වඩාත්ම ජනප්‍රිය භාෂාව වූයේ හින්දි භාෂාවයි. එවකට ඉන්දියාවේ අගමැති ජවහර්ලාල් නේරු විසින් හින්දි භාෂාව ප්‍රධාන භාෂාව කළ යුතු බව අදහස් කළේ ඒ වනවිට ඉන්දියානු මුළු ජනගහනයෙන් 30%ක් පමණ හින්දි බස කතා කළ හෙයිනි. බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් වූ අතර ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් වූ පසුව රාජ්‍ය භාෂාව ලෙස හින්දි භාෂාව බවට පත් කිරීමට එවකට සිටි මහත්මා ගාන්ධි සහ අගමැති ජවහර්ලාල් නේරු දෙදෙනාගේම අදහස විය. ඒ අනුව ඉන්දියාවේ හින්දි බස කතා කතා නොකරන දකුණු ඉන්දියානු ප්‍රාන්තවල හින්දි බස ඉගෙනීම ප්‍රචාරය කිරීමට කොංග්‍රසයට අවශ්‍ය විය. හින්දි භාෂාව බලහත්කාරයෙන් පොදු භාෂාවක් බවට පත් කිරීමේ අදහස දෙමළ ජාතිකයන් උතුරු ඉන්දියානුවන්ට යටත් කිරීමේ උත්සාහයක් ලෙස ද බොහෝ දෙනාගේ අදහස විය.
මෙම දේශපාලනික උගුල නිසා ම ඉන්දියානු එක්සත්භාවයට මෙන්ම ජාතිකත්වය සඳහා දැඩි බලපෑමක් එල්ල විය. භාෂාමය වශයෙන් බෙදීමක් ඇති වීම ජාතික ආරක්ෂාව, ආර්ථිකය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ගණනාවක විශාල අවුලක් නිර්මාණය කළේය. ‘පරාශක්ති’ සිනමාපටය හරහා සන්නිවේදනයේ කරන්නේ අතීතමය අඳුරු මතක මඟින් වර්තමානයේ ඉන්දියානු බොහෝ දේශපාලකයන් විසින් ජාතිය, ආගම, භාෂාව පෙරට දමා පටු අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන බවයි.”පරාශක්ති” යනු නිසැකවම වර්තමාන සමාජ දේශපාලනික පරිසරය තුළ අතිශයින්ම වැදගත් හා අදාළ චිත්‍රපටයක් වන අතර ඉතිහාසය නැවත නැවත සිදුවීමේ ප්‍රවණතාවක් ඇති බව මතක් කිරීමක් ලබා දෙන්නකි. විශේෂයෙන් භාෂාව නිසා කාලාන්තරයක් තිස්සේ අර්බුදයට ලක්ව සිටින ශශ්‍රී ලාංකිකයන්ට වැදගත් සහ කාලෝචිත චිත්‍රපටයකි.
මලින්ත විතානගේ
