100
වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමාවේ ජනප්‍රිය රංගවේදිනියක වන මානෙල් වානගුරුගේ උපන්දිනය වෙනුවෙන් විචිත්‍රවත් ප්‍රසංගයක් පසුගිය 18 වැනිදා කොළඹ නවලෝක පරිශ්‍රයේ ඇම්බැසිඩර් ශාලාවේදී පවත්වන ලදි.
මෙහිදී ආනන්ද වික්‍රමගේ මානෙල් වානගුරු වෙනුවෙන් උපහාර පිදීමක්ද සිදු කරන ලදි. මෙම උපන්දින සැමරුම සහ උපහාර පිදීම සංවිධානය කරනු ලැබුවෝ ඔවුන් දෙදෙනාගේ පුතුන් වන ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේය මෙම අවස්ථාව සඳහා නළු නිළියන්, මාධ්‍ය හිතවතුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වී සිටියහ.
