Home » ආචාර්ය ජයලත් මනෝරත්නයන් වෙනුවෙන් නාට්‍ය වැඩමුළුවක්

ආචාර්ය ජයලත් මනෝරත්නයන් වෙනුවෙන් නාට්‍ය වැඩමුළුවක්

by mavan
January 8, 2026 10:54 am 0 comment

ප්‍රවීණ රූපණවේදියකු සහ සාහිත්‍යවේදියකු වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමුගෙන 2026 ජනවාරි 12 වෙනිදාට වසර හයක් සපිරේ. ඒ වෙනුවෙන් විද්වත් දේශක මඩුල්ලක මෙහෙයවීමෙන් දෙදිනක නාට්‍ය වැඩමුළුවක් පැවැත්වේ. කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික අනුස්මරණ ශාලාවේදී පැවැත්වෙන මෙම වැඩමුළුව නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ හදාරා ඇති වයස 18- 25 අතර වයස් කාණ්ඩයේ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට මෙයට සහභාගී විය හැකිය. ජනවාරි 12 සහ 12 දෙදින පැවැත්වෙන මෙම වැඩමුළුව මෙහෙයවනු ලබන්නේ මහානාම වික්‍රමසිංහ, ප්‍රසන්නජිත් අබේසූරිය, නවරත්න ගමගේ යන ප්‍රවීණයන් විසිනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT