1990 දශකයේ මුල්භාගයේ බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ ‘අසල්වැසියෝ’ ටෙලිනාට්‍යයේ ‘සුරංගනී’ වූයේ ඇයයි. රූපවාහිනී ප්‍රේක්ෂකයා අතර එකල ඉතා ජනප්‍රිය චරිතයක් වූ සුරංගනී, අද වනවිට ‘සුදු අම්මා’ ලෙස පුංචිතිරය ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන්නීය. ඒ දිලුක ප්‍රසාද් ගුණතිලකගේ අධ්‍යක්ෂණයෙන් යුත් ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’ ටෙලි නාට්‍යය ඔස්සේය. පසුගිය සමයේ රූපවාහිනී ප්‍රේක්ෂකයා අතරට නොපැමිණි ඇය, වසර කිහිපයකට පසු පුංචි තිරයෙන් ඔබ හමුවට පැමිණෙන්නීය. “දූදරුවෝ, නෑදෑයෝ, සිටුවරයෝ, සත්පුරවැසියෝ, අපේ ඇත්තෝ, ඉසිවර අසපුව, ගජමන් නෝනා, ඉන්ගම්මාරුව, මුතුකිරිල්ලි” ඇතුළු ටෙලිනාට්‍ය රැසක අමතක නොවන රංගනයන් ඔස්සේ අප හමුවට පැමිණි ප්‍රියා රණසිංහ නම් කුසලතාපූර්ණ රංගනවේදිනිය, වසර කිහිපයකට පසු, සිය රංගන මහීමාලංකාරයෙන් හැඩගන්වන නවතම ටෙලි රංගනය පිළිබඳවත්, සිය නිර්මාණාත්මක කලාදිවිය පිළිබඳවත් කතාබහ කිරීමට මෙසේ සරසවිය හා එක්වූවාය.
වසර කිහිපයක නිහැඬියාවකින් නේද ඔබ ‘සුදු අම්මා’ ලෙස අපට පුංචි තිරයෙන් හමුවන්නේ ?
ඔව්, ඇත්තටම වසර ගණනාවකට පසුව තමයි මේ වගේ චරිතයකින් ප්‍රේක්ෂකයා හමුවට එන්නේ. ඒ අතර කාලයේ රොෂාන් රවීන්ද්‍රගේ හා සුමිත් රත්නායකගේ ටෙලිනාට්‍ය දෙකක රඟපෑවත් ඒවා තවම විකාශය වුණේ නෑ. මෙගා ටෙලිනාට්‍යවල නම් රඟපෑවේම නැහැ. පළමු මෙගා ටෙලි නාට්‍යය තමයි දිලුක ප්‍රසාද් ගුණතිලක අධ්‍යක්ෂණය කරන ‘ හිරු කුමරු ආදරේ ගෙනල්ලා ‘ කියන්නේ. එහි ‘සුදු අම්මා’ චරිතය තමයි මම මෙහි රඟපාන්නේ
නවක තරුණ අධ්‍යක්ෂවරයෙක් යටතේ නේද ඔබ මෙවර රංගනයට එක්වන්නේ ?
ඔව්, මෙහි අධ්‍යක්ෂ දිලුක ප්‍රසාද් ගුණතිලක. දිලුකම තමයි සහාය අධ්‍යක්ෂවරයා ලවා මට මේ චරිතයට කතා කළේ. මේ ටෙලිනාට්‍යය භාරගන්න මූලිකම හේතු වුණේත් දිලුක ප්‍රසාද්මයි. ඔහු ගැන මම දැනගෙන සිටියා . ඔහු දක්ෂ, තරුණ අධ්‍යක්ෂවරයෙක්. අනික ඔහු සමඟ වැඩ කරන්නත් ලේසියි. ආටිස්ලට නිදහසේ රඟපාන්න දෙනවා. බරක් දෙන්නේ නැහැ. එවැනි හේතු නිසයි මම මේ චරිතය භාරගත්තේ
‘සුදු අම්මා’ චරිතය ගැන කිව්වොත් ?
ඔව්, සුදු අම්මා කියන්නේ අවුරුදු 23ක 24ක වගේ පිරිමි ළමයකුගේ ආච්චි කෙනෙකුගේ චරිතයක්. සුදු අම්මා කියලා තමයි ඇයව හඳුන්වන්නේ. කැලුම් දන්තනාරයන තමයි මගේ මුනුබුරාට රඟපාන්නේ. ඇත්තෙන්ම මගේ මුනුබුරාත් ඒ වයසේමයි. කරුණාවන්ත ආච්චි කෙනෙකුගේ චරිතයක් කියලා තමයි අධ්‍යක්ෂ දිලුක මට මේ චරිතය ගැන මුලින්ම පැහැදිලි කර දුන්නේ. ඉදිරියේදී සමහරවිට චරිතයේ ගතිස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. මොකද අපිට සම්පූර්ණ පිටපතම දැන් ලැබෙන්නේ නැති නිසා චරිතය ඉදිරියට කෙසේ විකාශය වේවිද කියලා කියන්න අමාරුයි
‘හිරුකුමරු ආදරේ ගෙනල්ලා’ ටෙලිනාට්‍යයේ තරුණ පිරිසක් සමඟ නේද ඔබ රඟපාන්නේ ?
ඔව්, තරුණ පිරිසක් සමඟයි මට බොහෝදුරට මෙහිදී රඟපාන්න ලැබුණේ. දිනූෂ දිසානායක, කැලුම් දන්තනාරායන දෙදෙනා සමඟ තමයි බොහෝවිට රඟපාන්න ලැබුණේ. දේව් සුරේන්ද්‍ර එක්කත් කොටසක් කරන්න තිබුණා. නිල්මිණී තෙන්නකෝනුත් මෙහි මාත් එක්ක රඟපානවා. ඇය නම් ඉස්සර ඉඳලම රඟපාලා තියෙනවානේ මාත් එක්ක.
අද තරුණ පරපුර ගැන මොකද හිතෙන්නේ?
අද තරුණ පරපුරටම දොස් කියලා හරියන්නේ නැහැ. අපි වගේ අයව බොහෝ තරුණ පිරිස් හඳුනන්නේ නැහැ. අපි ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ නැතිවුණාම, ඔවුන් අපව හඳුනන්නේ නැහැ තමයි. අද දක්ෂ තරුණ පිරිසක් ඉන්නවා. විශේෂයෙන් හොඳ තරුණයෝ ඉන්නවා. මේ ක්ෂේත්‍රය ගැන ඔවුන් කියවලා තිබෙන බව පෙනෙනවා. ඒ වගේම දැන් තරුණ නිළියන්ගේ ඩයලොග් ඩිලිවරිඑක ගැනනම් සෑහීමකට පත්වෙන්න බැහැ. නවත්වන්න ඕන තැන නෙවෙයි නවත්වන්නේ, වාක්‍යවල හිස්තැන් තියෙන තැන්, නැවත්වීමේ තැන් ගැන ඔවුන්ට අවබෝධයක් නැති බව නම් පේනවා. සමහර ළමයි ඔහේ වාක්‍ය කියාගෙන ගියාට ඒවගේ තේරුමවත් දන්නේ නැහැ. අධ්‍යක්ෂවරුන්ගේත් ඒ ගැන සැලකිලිමත් වීමක් දකින්න නැහැ .
කලක පටන් මැහුම් පාඨමාලාවක් කරගෙන යන ඔබ, ටෙලිනාට්‍ය සඳහාත් ඇඳුම් නිර්මාණය කරනවා නේද ?
ඔව්, මම ඉස්සර ඉඳන්ම මැහුම් පාඨමාලා ලංකාව පුරාම කළා. මේ දිනවලත් තනිතනිව උගන්වනවා. මගේ ගෝලයෝ රැසක්ම ඉන්නවා. මම සාස්තරය හොඳීන්ම උගන්වනවා. ගුරු මුෂ්ටි තියාගන්නේ නැහැ. ඒ වගේම මගෙන් ඉගෙනගන්න අයට මම නිතරම කියන්නේ මේක හොඳ ආදායම් මාර්ගයක් කරගන්න කියලයි. මැහුම් පිළිබඳ මගෙන් ඉගෙනගෙන හොඳට ආදායම් උපයන පිරිසක් අද ඉන්නවා. මේක හොඳ ආදායම් මාර්ගයක්. මගෙන් ඉගෙන ගන්න බොහෝ අය මට හොඳට සලකනවා. නිතරම මාව බලන්න එනවා. ඔවුන් කියන්නේ ‘ මිස් නිසයි අපි හම්බ කරගන්නේ’ කියලා. අදටත් ටෙලිනාට්‍යවලට ඇඳුම් නිර්මාණය කරදීම්වලට ආරාධනා ආවොත් කර දෙන්න පුළුවන්. ‘ගජමන් නෝනා’ ටෙලිනාට්‍යයේ සම්පූර්ණයෙන්ම කාන්තා ඇඳුම් නිර්මාණය කළේ මමයි . ඒකෙදි තංගල්ලේ අපි නවාතැන්ගෙන සිටි තැනට මගේ ගෝලයෙකුත් මැෂිමකුත් අරගෙන ගිහින් තමයි ඒවා කර දුන්නේ. කලාඅධ්‍යක්ෂ හීනටිගල ප්‍රේමදාසත් මට ඒකට ඒ දවස්වල සෑහෙන්න උදව් කළා.
නිර්මාණයක් බාරගනිද්දි විශේෂයෙන් සලකා බලන කරුණුත් ඇති ?
කලා නිර්මාණයකට ආරාධනා කරද්දී අධ්‍යක්ෂ, නළු නිළියන්, පිටපත පිළිබඳ අවධානය යොමු කරනවා. අද කාලයේ පිටපත සම්පූර්ණයෙන් නොලැබෙන නිසා අධ්‍යක්ෂවරයා ගැන සොයා බලනවා.
වත්මන් සිනමාව ගැනත් සිනමාවේ ඔබේ භූමිකාව ගැනත් කීවොත් ?
අද වනවිට සිනමාව තුළ නම් හොඳ නිර්මාණ බිහිවෙනවා. සිනමාවේ යම් පිබිදීමක් තිබෙන බවකුත් පෙනෙනවා. “මල්දෙණියේ සිමියොන්, සුරබිදෙන, අරගලය, මීහරකා” වැනි උසස් චිත්‍රපටවල ඒ කාලයේ මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඉතාලි ජාතික අධ්‍යක්ෂවරයකුගේ ‘මනේකා’ චිත්‍රපටයේත්, දීපා මෙහෙතාගේ ‘ජ්භදදර ඕධර’ චිත්‍රපටයේත් මම රඟපෑවා.
රංගනයේ ආරම්භය සිදුවූ ආකාරය සිහිකළොත් ?
මගේ රංගනය ආරම්භ වන්නේ 70 දශකයේදීයි. ඒ ‘සීමා බන්ධන’ වේදිකානාට්‍යය හරහායි. මුලින්ම රඟපෑවේ මගේ පුතා සුමුදු රණසිංහ. එයා ‘ සයුරු තෙර’ නමැති චිත්‍රපටයේ රඟපෑවා. මගේ සැමියාගේ යාළුවෙක් තමයි නිමල් සිල්වා කියන්නේ. ඔහුයි එය අධ්‍යක්ෂණය කළේ. ඔහු හිටියේ මිනුවන්ගොඩ. අපි ඒ දවස්වල ඒකල හිටියේ. ඒ චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා අක්කාගේ දුවගේ චරිතයට ළමයෙක් ඕන වෙලා තිබ්බා, අපේ පුතා ඒ දවස්වල ගැහැනු ළමයෙක් වගේ. නිමල් කිව්වා, පුතාට ගවුමක් අන්දලා ගනිමු කියලා. එතකොට එයාට අවුරුදු තුනක් හතරක් වගේ. අපි ඒ චිත්‍රපටයට නැවතිලා හිටිය නවාතැනේ ජයසේකර අපොන්සුත් හිටියා. ඔහු නාට්‍යයක් කරන්න යෝජනා කළා. මගේ සැමියා එයට මුදල් යෙදෙව්වා. ‘සීමා බන්ධන’ තමයි ඒ වේදිකා නාට්‍යයේ නම. ඒක තමයි මගේ මුල්ම වේදිකා නාට්‍ය රංගනය වුණේ. එහි හිටියේ ඔක්කොම ගැහැනු චරිත. සමන්ති ලැනරෝල්, රත්නා සුමනපාල, ආශා සේපාලිකා, නෙළුම් කළුබෝවිල වගේ අය. ජයසේකර අපොන්සුත් ගැහැනු චරිතයක් කළා. එයින් පසු මම ශේක්ෂ්පියර් නාට්‍ය උලෙළකට රට ගියා. පසුව අශෝක නිශ්ශංක නමැති සහාය අධ්‍යක්ෂවරයා ‘කඩදාසි ඔරු’ නමින් වේදිකා නාට්‍යයක් කළා . මම එහි රඟපෑවා. ඒ හැඳුනුම්කම එක්ක ච්ප: නිහාල්සිංහයන්ගේ ‘මල්දෙණියේ සිමියොන්’ ට අශෝක නිශ්ශංකයන් මට කතා කළා. ඔහු එහි සහාය අධ්‍යක්ෂවරයා. ඉන්පසු අශෝක නිශ්ශංක සහාය අධ්‍යක්ෂණය කළ ච්ප: නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ ලංකාවේ පළමු ටෙලිනාට්‍යය වූ ‘දිමුතු මුතු’ වලටත් මට කතාකළා. එහෙම තමයි වේදිකාවට, සිනමාවට, රූපවාහිනියට මම ආවේ.
ඔබ සමඟ මෙතෙක් රඟපෑ බොහෝමයක් අය අද මියගිහින්. සමහරු ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා නේද ?
අනේ ඔව්, මාත් එක්ක රඟපෑ ගොඩක් අය අද නැහැ. මේ ළඟදී ර්පඵ: සේරසිංහට ගෝල්ෆේස් ගිහින් අයිස් ක්‍රීම් කාලා විනෝද වෙන්න ඕනේ කියලා කිව්වා. ඉතින් අපි කට්ටියක් එකතු වෙලා ඇය සමඟ ගෝල්ෆේස් ඇවිත් කාලා බීලා විනෝද වුණා. ඒක සංවිධානය කළේ ර්චබඩර ම්. ර්‍ථචපබඩඪනචද සහ ට්තඥදඤච ර්‍ථචපබඩඪනචද නමැති යුවළයි. ඔවුන්ට තමයි ර්පඵ: අයිරාංගණී සේරසිංහ මහත්මිය ගෝල්ෆේස් යා යුතු බව කියා තිබ්බේ. ඒකට මම, චාන්දනී සෙනවිරත්න, දීපානි සිල්වා, සන්ධ්‍යා මෙන්ඩිස් එහෙමත් ආවා. ඒ වගේම හෙන්රි ජයසේන අයියවත් මේ මොහොතේ මතක් වෙනවා. ඔහු නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ ‘සිටුවරයෝ’ හි මාත් සමඟ රඟපෑවා . එහි රූගත කිරීම් තිබ්බේ මාවනැල්ල ප්‍රදේශයේ. ඒ දවස්වල හෙන්රි ජයසේන අයියා අපිටත් එක්ක වයින් බෝතලයක් අරන් එනවා. ඒ කාලය හරිම විනෝදයි. මතක් වෙනකොටත් හරිම සතුටුයි. එච්.ඒ. පෙරේරා අයියාත් එක්ක මම ටෙලිනාට්‍ය රැසකම රඟපෑවා. අවසන්වරට අපි දෙන්නා රඟපෑවේ ලිලන්ත කුමාරසිරි අධ්‍යක්ෂණය කළ ‘මුතු කිරිල්ලි’ ටෙලිනාට්‍යයේ. එහි රූගතකිරීමක් තිබ්බා අපේ දරුවෙක් පෝරුවේ සිටවන අවස්ථාවක්. ඒ අවස්ථාවේ එච්. ඒ. අයියා හරිම අමාරුවෙන් හිටියේ. එදාම සවස ඔහුව රෝහල්ගත කළා. ඉන් දින කිහිපයකට පස්සේ එච්. ඒ. පෙරේරා අයියා මියගියා. ඒ සිදුවීම් මතක් වෙද්දිත් හරිම දුකයි. නීල් අලස් අයියාත් එක්ක ‘ගජමන් නෝනා’ ටෙලිනාට්‍යය ඇතුළු ටෙලිනාට්‍ය රැසකම මම රඟපෑවා. ඔහුටත් සනීප නැහැ කියලා ආරංචියි.
ප්‍රියා රණසිංහ නමැති අධ්‍යක්ෂවරිය ගැන කීවොත් ?
මම ටෙලිනාට්‍ය කිහිපයක්ම අධ්‍යක්ෂණය කළා. ඒවා ලෝප්‍රකට විදෙස් චිත්‍රපට, නවකතා ඇසුරින් නිර්මාණය වුණේ. ‘ඉසුරු පවස’ ටෙලිනාට්‍යය මුලින්ම අධ්‍යක්ෂණය කළා. ‘ඉධභදඤ ර්‍ණට ර්භඵඪජ’ ඇසුරින් ‘සත්සර නිම්නය’ ත් ‘හෙයිඩි’ චිත්‍රපටයෙන් ‘සමනල වසන්තය’ත් ‘ඉඥමඥද ව්ඪඨඩබ ධ්ද බ්චනචද’ චිත්‍රපටය ඇසුරින් මගේ අයියගේ බිරිඳ, සම්මානලාභී ලේඛිකා රූපා ශ්‍රියාණි ඒකනායක තිර රචනය ලියූ ‘පවන සේ ඇවිදින්’ ටෙලිනාට්‍යයත්, මගේම තිර රචනයෙන් ‘ඉර අවරට’ ටෙලිනාට්‍යයත් අධ්‍යක්ෂණය කළා.
‘අසල්වැසියෝ’ හි සුරංගනී ගැන අදටත් ප්‍රේක්ෂකයා කතාබහ කරනවා ?
‘අසල්වැසියෝ’ ටෙලිනාට්‍යයේ සුරංගනී අදටත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ ‘අසල්වැසියෝ’හි සුරංගනීයි.. අදටත් ඒ ගැන ප්‍රේක්ෂකයා කතා කරනවා. ඒගැන අවංකවම සතුටුයි.
වසර ගණනකට පසු රූපවාහිනී සංස්ථාවේ වාහනයකට නඟින්න අවස්ථාව ලැබුණා නේද ?
අනේ ඔව්, එය ඉතා සංවේදී වගේම සතුටුදායක අවස්ථාවක්. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව වාර්තාමය වැඩසටහනක් නලින් මාපිටිය පසුගියදා අධ්‍යක්ෂණය කළා. ඔහු සමඟ මම කලින් රූපවාහිනී සංස්ථාවේ නිර්මාණ රැසකටම දායක වී තිබුණා. මේ වෙනුවෙන් අපිට ප්‍රවාහන පහසුකම් දුන්නේ රූපවාහිනී සංස්ථාවේ වෑන් රියක්. ඒ වෑන් රියට නගිද්දී මහ ගෙදරට ආවා වගේ පුදුමාකාර හැඟීමක්, සතුටක් දැනුණා. නලින් මාපිටිය වැනි අය තවමත් අපට සලකනවා.
පවුල් දිවිය ගැන සිහිකළොත් ?
මගේ සැමියා සරත් රණසිංහ. ඔහු ගම්පහ ප්‍රදේශයේ සිටි ප්‍රසිද්ධ ගණිත ගුරුවරයෙක්. ටෙලිනාට්‍ය නිෂ්පාදනයටත් මුදල් වියදම් කළා. සංගීතයට ඔහු හරිම ප්‍රියයි. ඔහු අද ජීවතුන් අතර නැහැ. පුතා සුමුදු රණසිංහ දැන් එංගලන්තේ අධිකරණ අමාත්‍යාංශයේ සේවය කරනවා. ලේළිය අචලා දාබරේ. ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක්. මගේ මුනුබුරා දැන් නීතිඥයෙක්. ඔහු ර්‍ණයටචපඤ හි ඉගෙන ගත්තේ.
ඔබේ කලා දිවිය අරභයා පොතක් ලියන්න අදහසක් නැද්ද ?
පොතක් ලිවීමට තරම්නම් කරුණු තිබෙනවා. මේ මෑතකදී ගීතාකාන්ති ජයකොඩිත් ඒ ගැන සිහිපත් කළා. ඒත් ඇතැම් දින වකවානු අමතකව ගිහින් තියෙනවා.
මනෝජ් රුක්මල් කුමාරසිංහ
