Home » අසම්මත බැඳීමක ශෝකාන්තය 106

අසම්මත බැඳීමක ශෝකාන්තය 106

by mavan
February 5, 2026 11:54 am 0 comment

මෙයට කලකට පෙර සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වී ඇති කාමර අංක 106 චිත්‍රපටිය සඳහා පාදකව ඇත්තේ, මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස ප්‍රචලිත වූ කොළඹ වේල්ල වීදියේ අතහැර දමා ගොස් තිබියදී හමුවූ හිස නැති මළ සිරුර සහිත ගමන් බෑගයේ කතා පුවතයි. හැඟීම් හමුවේ වහලුන් වන බොහෝ දෙනා වයස තරාතිරම හෝ දුරදිග නොබලයි. නොපෙනෙයි. කුඩා කලදීම පිය සෙනෙහස අහිමිව මව් සෙවණේ හැදී වැඩුණ රූමත් යෞවනියක වූ දිනාලිට උදා වූයේ ද එවැනිම අනපේක්ෂිත ඉරණමකි. පුලස්ති යනු කඩවසම් සිරුරක් හිමි ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයකු වන අතර, විවාහකයෙකු වන ඔහු තිදරු පියෙකි. ඔහු දෙස බැලූ බැල්මට එලෙස නොපෙනෙන්නේ ඔහු තම සිරුර පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වා තිබීම නිසාවෙනි. මෙම හේතුව නිසාම ඔහුට විවිධ ආදර සම්බන්ධතාවයන්ගෙන් අඩුවක් නොවීය. පුලස්තිට වඩා වසර 20 කින් පමණ බාල දිනාලිව මුණ ගැහෙන්නේද එලෙසිනි. දිනාලි වෙනස්ම ආකාරයෙන් සිතන තරුණියකි. ඇය ඔහුගෙන් පියෙකුගේ මෙන් ආදරයක් බලාපොරොත්තු වෙයි. ඇය ඔහුට අප්පච්චී කියන විට, ඔහු ඇයට දෝණි කියන්නට පෙලඹුණේ ද ඒ නිසාවෙනි. නමුත් මෙම අසම්මත බැඳීමේ අවසානය සුන්දර නොවූයේ ඔවුන් ද නොපැතූ අයුරිනි.

කාමර අංක 106 සුරංග ද අල්විස් නිර්මාණවේදියාගේ අධ්‍යක්ෂණයෙන් තිරයට එක්වන සිව්වැනි සිනමා නිර්මාණයයි. ඔහූ විසින් මෙයට ප්‍රථම, ‘රජ හොරු’ (2013), ‘මයි නේම් ඊස් බන්දු’ (2015) හොරා පොලිස් (2016), ‘ද ගේම්’ (2022) යන සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයා හමුවට රැගෙන ආ අතර, ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘කිඩ්නැප්’ සහ ‘ඒක තමයි මේක’ යන චිත්‍රපට යුගලය ඉදිරියේදී තිරගතවීමට නියමිතව ඇත. සිංහල චිත්‍රපට ඩී.වී.ඩී. කරණයේ පුරෝගාමියකු වන ඔහු, සිනමා ශාලා හිමිකරුවකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ද වෙයි. 2015 වසරේ දී තිරගත වූ ‘සංජනා’ ඔහුගේ නිෂ්පාදනයකි. අඛන්ඩව සිනමා කර්මාන්තයෙන් නියැළෙමින් ඉදිරියේදීත් විවිධ නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයා හමුවට රැගෙන ඒම සඳහා ඔහු මේ වන විටත් පිඹුරුපත් සකසමින් සිටි.

රංගන දායකත්වය

බිමල් ජයකොඩි, ඩිස්නි රාජපක්ෂ, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, දමිතා අබේරත්න, ප්‍රියන්ත සිරි කුමාර, නයෝමි තක්ෂිලා, ජීවන් සප්තරංග, ඉශාන් මෙන්ඩිස්, ධනූ ඉන්නසිතම්බි, ගීතිකා රාජපක්ෂ, චතුර පෙරේරා , මාලිංග තල්ගහගොඩ, උපුල් ගුණවර්ධන, කලණ ගුණසේකර, අමිත්ත වීරසිංහ සමගින් තිරයට හඳුන්වා දෙන සාක්‍යා හැරිස්, නිපුණි ශෂිප්‍රභා, සුමේධ මිහිරාජ, සමන් පද්ම කුමාර, නිරුක්ෂාන් ඒකනායක , සකුජ රත්නායක.

කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය – සුරංග ද අල්විස්

තිර රචනය – සුනෙත් මාලිංග ලොකුහේවා

කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ වර්ණ සංයෝජනය – ප්‍රවීන් ජයරත්න

නිෂ්පාදනය – ප්‍රබෝධිත් ජයකොඩි, රාජිකා ජීවන්ති, මිලාන් සුරේෂ්, ඉමාෂා සේනාධීර, සංඛ දිනෙත්, ඒ. ඒ.වී. පුෂ්පරාණි, ප්‍රවීන් ජයරත්න

අංග රචනය – ඉන්දික උදාර ලංකා

කලා අධ්‍යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක

ශබ්ද නිර්මාණය – ශසින් ගිම්හාන් පෙරේරා

නිෂ්පාදන කළමනාකරණය – ලක්රුවන් ලොකුහපු ආරච්චි

සංගීත අධ්‍යක්ෂණය සහ ගීත ගායනය – සංඛ දිනෙත්

ගී පද රචනය – ඉසුරු වීරසිංහ මුදලි

සංගීත සංයෝජනය – සචිර රත්නායක

අංග රචනා සහය – තරංග උඩුමුල්ල

කලා අධ්‍යක්ෂණ සහය – මහේෂ් යාපා, පාලිත මදනායක

ඇඳුම් නිර්මාණය – ප්‍රියාන් අනුරසිරි

ඇඳුම් නිර්මාණ සහය තාරක ධනංජය

විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග – සිනෙත් මාලක පතිරණ

සහය අධ්‍යක්ෂණය -නිරුක්ෂාන් ඒකනායක

දෙවන, තෙවන – සහය අධ්‍යක්ෂණය – සුසන්ත හේමචන්ද්‍ර, ධනුෂ්ක රණසිංහ

නිශ්චල ඡායාරූපකරණය- චතුරංග සන්ධීප

කැමරා සහය – ගයාන් ගීතප්‍රිය, දක්ෂිණ බණ්ඩාර

ඩ්‍රෝන කැමරා ක්‍රියාකරණය – කේ.එස්.කේ. කුමාර

ආලෝකකරණය – නදීෂ සමරසිංහ, මාලක ලක්ෂාන්, අනිල් උදයංග, චමින්ද පතිරණ, සුගත් කුමාර, විශ්ව සිල්වා

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT