තෙවින් ගමගේ විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත අරගලයක් මැද චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා නුගේගොඩ Fingara Town and Country Club හිදී පැවැත්විණි. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. නුදුරේදීම රූගත කිරීම් ඇරඹෙන ‘අරගලයක් මැද’ චිත්‍රපටයට බුද්ධික ජයරත්න, නිර්මාණි නිකපිටිය, ඔෂේලි විහන්සා, නිහාල් ගුණවර්ධන, සුගත් ජානක, ටෙඩී විද්‍යාලංකාර, ධනුෂ්ක වන්නිනායක, කාවින්ද වික්‍රමආරච්චි, මංගල ප්‍රනාන්දු, ශානක උදාර සහ සුරේන්ද්‍ර ප්‍රනාන්දු රංගන දායකත්වය ලබා දෙති. ‘අරගලයක් මැද’ කැමරා අධ්‍යක්ෂණය ගෞතම් මනෝජ් ගෙනි. වේශ නිරූපණය හෙන්ඩ්රි පේ‍්‍රමරත්න වන අතර ඇඳුම් නිර්මාණය රොෂාන් අබේගොඩ විසිනි. ජනා රත්නායක සහය අධ්‍යක්ෂණයෙන් දායක වේ. අපුල් ලියනගේ නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වන අරගලයක් මැද චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ රංගන ශිල්පිනියක මෙන්ම රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස කටයුතු කළ කුමුදුමලී ගමගේය. (කුමුදුමලී ද සිල්වා). ඇය ප්‍රවීණ අංග රචනා ශිල්පියෙකු වූ රෙජී ද සිල්වාගේ දියණිය වන අතර ‘අරගලයක් මැද’ චිත්‍රපටයේ අධ්යක්ෂ තෙවින් ගමගේ ඇගේ පුතුණුවන්ය.
143
previous post
රෑන ක්‍රියේෂන්ස් සම්මාන උලෙළ 2026
next post
