තෙවින් ගමගේ විසින් අධ්‍යක්ෂණය කරන අරගලයක් මැද චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවලදී මාතරදී සිදු කෙරේ.
මෙහි බුද්ධික ජයරත්න, නිර්මාණි නිකපිටිය ප්‍රධාන චරිත නිරූපණය කරති. මීට අමතරව ඔෂේලි විහන්සා, නිහාල් ගුණවර්ධන, සුගත් ජානක, ටෙඩී විද්‍යාලංකාර, ධනුෂ්ක වන්නිනායක, කාවින්ද වික්‍රමආරච්චි , මංගල ප්‍රනාන්දු, ශානක උදාර සහ සුරේන්ද්‍ර ප්‍රනාන්දු රංගන දායකත්වය ලබා දෙති.
‘අරගලයක් මැද’ කැමරා අධ්‍යක්ෂණය ගෞතම් මනෝජ් ගෙනි. වේශ නිරූපණය හෙන්ඩ්‍රි ප්‍රේමරත්න වන අතර ඇඳුම් නිර්මාණය රොෂාන් අබේගොඩ විසිනි. ජනා රත්නායක සහය අධ්‍යක්ෂණයෙන් දායක වේ. උපුල් ලියනගේ නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වන ‘අරගලයක් මැද’ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ රංගන ශිල්පිනියක මෙන්ම රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස කටයුතු කළ කුමුදුමලී ගමගේය. (කුමුදුමලී ද සිල්වා).
