කුඩා කල සිටම ජීවිතේ හැල හැප්පීම් තුළින් ගොඩනඟා ගත්ත තම ආත්ම විශ්වාසය. ඉදිරි ගමනට උපයෝගී කරගත්තේය.ජීවිතයේ මිනිසුන් අතර සහජ දක්ෂතාවයන් පිහිටන්නේ සියෙන් එකක් පමණි. සහජ දක්ෂතාවයෙන් උරුම කරගත් හඬ පෞරුෂය .තම වෘත්තිය කරගන්නේ කිහිප දෙනෙක් පමණි.ඇය එවැන්නියකි.රට මුහුණ දෙන දරුණුතම අභියෝග හමුවේ ඇය නොබියව ඇගේ කාර්යභාරය ඉටු කළේය.රුදුරු ත්‍රස්තවාදයත් ,සුනාමියත් ,කොවිඩ් වසංගත සමයත් හමුවේ තම ආත්ම අභිමානයෙන් රට වෙනුවෙන් කටයුතු කළාය. නිවේදක වෘත්තියෙන් රටක් වසඟ කරගත්,ප්රවෘත්ති ඉදිරිපත් කිරීම, ශනිදා ආයුබෝවන්, නුග සෙවණ, ලොතරැයි දිනුම් ඇදීම සහ විවිධ කාලීන හා සාමාජීය ප්රස්තුත පිළිබඳ කතා කරන ඇය තම කාර්යභාරයෙන් මැනවින් ඉටු කරන්නියකි. ඇය නමින් කෞශල්‍ය රණසිංහයි. මේ ඇය සමඟ පසුගිය දින සරසවිය කළ කතා බහයි.
මේ ගමනේ ආරම්භය සිදුවන්නේ කොතනින්ද?
මම මෙලොව එළිය දකින්නේ රත්නපුර මහ රෝහලේදී.මගේ ජීවිතේ මම හැදී වැඩෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කලයි.කුඩා කල සිටම මගේ ජීවිතය මම හැම මොහොතකම ගෙවා දැමුවේ විනෝදකාමී පරිසරයක් සමඟයි.වයස අවුරුදු දහතුනේදී පමණ සිට රූපවාහිනියේ විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන් මගේ ගමන් මගේ පෙර ගමන් කරුවන් බවට පත් වුණා.පෙර පාසල් සමයේ සිට පාසල් අධ්‍යාපනය නිමා වනතුරුම මම පාසල් තුනක අධ්‍යාපනය හැදෑරුවා. ගම්පහ ශශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයත්,ඉන් අනතුරුව යක්කල චන්ද්‍ර ජෝති විදුහලත් පසුව ගම්පහ රත්නාවලී බාලිකාවටත් ඇතුළු වි පාසල් අධ්‍යාපනය නිම කරන්නට වුනේ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන්ය. පාසල් අධ්‍යාපනයට නියමිත විෂය නිර්දේශයට සමගාමීව හොඳ අධ්‍යාපනයක් ලැබුවා.මගේ ජීවිතයට අත්වැලක් වුනේ චන්ද්‍ර ජෝති විදුහලත් ,රත්නාවලි විද්‍යාලයේ ඉගෙන ගන්න අවධියේය. පාසල් අධ්‍යාපන කාලයේදී විවිධ සමිති සමාගම් වල නිවේදිකාවක් ලෙස කටයුතු කිරීම තුළ මම ලොකු පන්නරයක් ලැබුවා.එයින් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනිමට හැකි වීම මම ලද භාග්‍යයකි. රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා යොමු වන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනා අංශය වෙතයි .මේ වන විට මම ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි ධාරිනියක් බවට පත්වී හමාරය.ඒ ආපු ගමන්මග අභියෝග රැසක් බාධක බිඳගෙන ආපු ගමනක් අද වන විට මට තිබෙන්නේ.මේ ආපු ගමනට අද වන විට වසර විසි පහක් වැනි කාල සීමාවක් ගෙවී ගොස් තිබෙනවා.ආපස්සට හැරී බලන විට.
පාසල් ජීවිතයෙන් නිමාවත් සමග නිවේදිකාවක් ලෙස සමාජගත වන්නට හිතුණේ ඇයි?
මධ්‍යම පන්තික පවුලකින් පැමිණෙන මට මාධ්‍යය ක්ෂේත්රය ගමන ඒ කාලයේ පහසු ගමනක් වුණේ නැහැ.මුල් කාල සිමාවේ හරිම අපහසු අවධියකින් මම ජීවිතේ ගැට ගහගත්තේ. මාධ්‍යය ක්ෂේත්රයේ කිසිදු කෙනෙකු පවුලේ සම්බන්ධ නොවී සිටිම මේ ගමනට ගොඩක් බාධාවල් පවා කියලයි මම හිතන්නේ. රූපවාහිනියේ සිටි ෂර්ලි අනිල් ද සිල්වා ,ඒඩ්වින් ආරියදා,අතුල රන්සිරිලාල් මහත්වරුන් තමයි මට මේ ගමනට ගොඩක් උදව් කලේ. ඉහත තිදෙනාගේ තිර පරීක්ෂණයකට ඉදිරිපත් වී එයින් ජයග්‍රහණය කරාට පසුව තමයි. ඒහි ප්‍රතිඵලයක් ලෙස තමයි මා තුළ ජීවත් වුණ කෞශල්‍යා රණසිංහ නැමැති නිවේදිකාව හඳුනාගන්නේ. නිවේදිකාව කවුද කියන එක මම හොඳටම වටහා ගත් නිසා තමයි මම විද්‍යුත් මාධ්‍ය කලාවට එකතු වන්නට තීරණය කළේ.මගේ ජීවිතයේ මම මුල්ම සතුට ලැබුවා කියලා හිතන්නෙ විද්‍යුත් මාධ්‍ය තුළ 2001 වසරේ රූපවාහිනියේ ප්රවෘත්ති නිවේදිකාවක් ලෙස මධ්‍යාන 12.30යේ ප්රවෘත්ති ඉදිරිපත් කිරීමයි.එවිට මට වයස අවුරුදු 19ක් පමණයි.ඒ හාපු ගමන් මගේදී රූපවාහිනී විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමට මට හැකි වුණා.ශනිදා අයුබෝවන් වැඩසටහන වැනි දේවල් මගේ ජීවිතේ අමතක නොවන සමරු සටහන් බවට පත්වුණා. බුද්ධදාස විතානාආරච්ච්, රේණුකා බාලසුරිය, මහේෂ් නිශ්ශංක වැනි ප්රවීණියන් සමඟ මෙම වැඩසටහන් ඉදිරිපත් කිරීමට මට අවස්ථාව හිමි වුණා.
ප්රවෘත්ති නිවේදිකාවක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ජාතික ලොතරැයි මණ්ඩලයට සම්බන්ධ වීම සිදුවුණේ කොහොමද?
ඔව් ඒකත් හරිම අහඹු සිදුවීමක් තුළයි සිදුවන්නේ.මම කෙටි කාලසීමාවක් ක්ෂේත්රයට ඇවිත් විවිධ වැඩසටහන් නිෂ්පාදනය කරන නිෂ්පාදකවරුන් හමුවීම හා හඳුනා ගැනීම තුළ මම ගැන තිබූ විශ්වාසය නිසා මට 2003 වසරේදී ශනිදා ආයුබෝවන් වැඩසටහන, ජාතික ලොතරැයි මණ්ඩලයේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා.
පාසල් යන අවධියේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ඉදිරිපත් කරන වැඩසටහන අට වසරේදී මම සිහින මැවූ වැඩසටහනේ නිවේදිකාවකගේ භූමිකාව මට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වෙනවා.ඒ වගේම තමයි මම ගෙදරදී නරඹපු ශනිදා ආයුබෝවන් වැඩසටහන මහේෂ් නිශ්ශංක සමඟ කරන්නට ලැබීමත් මම ලද භාග්‍යයක් වුණා. චමින්ද ගුණරත්න හා මම එක්වී මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමත් සුවිශේෂී සටහනක් බවට පත්වුණා.එයට හේතුව ලෙස මම දකින්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් වැනි ප්‍රවීණයන් ඉදිරිපත් කළ එවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ලැබීමම මම ලද භාග්‍යයක් බවට පත්වෙනවා.වසර හතක් වැනි කාලයක් කටයුතු කළා.සන්ජේන්ද්ර කුමාර නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළ අතර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ සිසිර කොතලාවලයි.ඔවුන් මට දුන්න සහයෝගය සිහිපත් කළ යුතුමයි මේ අවස්ථාවේ.
ලොතරැයි මණ්ඩලයේ කොපමණක් කාලයක් ඔබ නිවේදිකාවක් ලෙස කටයුතුරනවාද?
වසර දහ අටක වැනි කාලසීමාවක් ලොතරැයි මණ්ඩලයේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනු ලැබනවා. අඛණ්ඩව එක දිගටම නිවේදිකාවක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමි වුණේ නෑ. ඒ පෞද්ගලික හේතුව මත ජවිතේ යම් යම් කරුණු කාරණා මතසිදුවුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ නිවේදිකාවක් ලෙස නිවේදන කටයුතු කිරීමත් මගේ පාසල් ජීවිතයේ කුඩා අවධියේ මම කළ පෙරහුරුවේ ප්‍රතිඵලයක් ලෙස මට අවස්ථාව හිමි වුණා.ජීවිතයේ යම් යම් පුද්ගලයන්ට ලැබෙන හිමි වෙන උරුම දේවල් හැටියටයි මම මේ දෙවල් අද දකින්නේ.පාසල් කාලේ මම ආදරේ කරපු ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් රැසක් සමග මට මේ ලොතරැයි නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නට ලැබීමත් වාසනාවක් බවට පත්වුණා.
ඉන් පස්සේ ප්රේක්ෂකයන්ගෙන් හොඳී ප්‍රතිචාර ලැබෙමින් මගේ ගමන ඉදිරියට එන්නට අවස්ථාව සැලසුණා. ක්ෂේත්රයේ රැඳී සිටින විවිධ ප්‍රවීණයන් සමඟ මට විවිධ වැඩසටහන් වල
නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා.
ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ඔබ සම්බන්ධ වන්නේ කොයිි කාලයකද?
ශශ්‍රී ලංකා ගුවන් විදුල සංස්ථාවට මම සම්බන්ධ වන්නේ 2001 වර්ෂයේ දී පිළිගැනීමේ නිලධාරිනියක් ලෙසටයි.මම ස්ථිර සේවකයෙකු ලෙස සේවය කරන්නේත් ශ්‍රිලංකා ගුවන් විදුලි සංස්ථාවේයි.මේ සේවය කරන කාල සීමාව තුළදී තමයි ශශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නිවේදිකාවක් මෙලෙස කටයුතු කරන්නට අවස්ථාව හිමිවන්නේ.ගුවන් විදුලිය සහ රූපවාහිනිය යන දෙක එක ළඟ සම්බන්ධතාවයේ ගොඩනැගෙන නිසා රූප මාධ්‍ය සහ ශ්‍රව්‍ය මාධ්‍ය අතර සම්බන්ධතාවය පවත්වාගෙන යන්නට අපිට හැකි වෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මටත් අවස්ථාව හිමිවන්නේ.
එකල පවන ගුවන් විදුලි සේවය නිවේිදිකාවක් ලෙස කටයුතු කළානේද?
ශශ්‍රී ලංකා ගුවන් විදුල සංස්ථාවේ පවන ටථ තමයි අද සිටි ටථ ගුවන් විදුලිය නම්න් වෙනස් වී තිබෙන්නේ.
එදා පටිගත කිරීම් සහ සජීවි වැඩසටහන් රැසක් මම ඉදිරිපත් කළා. කාලීන හා සමාජීය ,දේශපාලන,රසවින්දනාත්මක වැඩසටහන් මෙන්ම ගීත ඉදිරිපත් කිරීම් ද මේ තුළ සිදුකළා.කාලය සහ ඩිජිටල්කරණය තුළ සියලු දේවල්ම වෙනස් වුණ බවයි මම දකින්නේ.ඒත් මේ වන විටත් ශ්‍රාවකයන් හොඳ පිරිසක් ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් සමඟ රැඳීිටිනවා.ඒ හරවත් දේ දෙන්නේ ගුවන් විදුලි සංස්ථාව කියන දේ ශ්රාවකයා තුළ අදටත් රඳා පවතින නිසයි.
දැනට කරලා තිබෙන වැඩසටහන් ගැන කතා කළොත්?
ප්රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කිරීම මගේ ජීවිතේ මට කිසි දිනක අමතක නොවන සිදුවීමක් බවට පත්වෙනවා. වසර දහ අටක් වැනි දිර්ඝ කාල සිමාවක් ජාතික ලොතරැයි මණ්ඩලයේ නිවේදිකාවක් ලෙස කටයුතු කිරීමද ඒ ආකාරයෙන්ම සිදුවෙනවා. ශනිදා අයුබෝවන් වසර හයක වැනි කල සීමාවක්ද නුග සෙවන වසර එකොළහක්ද මේ වැඩසටහන් හැරුණාම විවිධ වැඩසටහන් රැසක් මේ කාලසීමාව තුළදී මම ඉදිරිපත් කළා.කාලීන සමාජීය දේශපාලනික යන සියලු දේවල් අන්තර්ගත වෙනවා. මගේ ජීවිතයේ මම කථන හැකියාව උපතින්ම ගෙනාපු නිසා තමයි මට මෙපමණ දුරක් එන්නට ලැබුණා කියලයි මම හිතන්නේ.
මේ ගමනට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය ගැන මතක් කළොත්?
මේ ගමන ආරම්භ කරපු දිනයේ සිට මට ප්‍රවීණයන්ගෙන් ලැබුණ සහයෝගය අපමණයි.එඩ්වන් ආරියදාස, එච්.එම් ගුණසේකර, බුද්ධදාස විතානාරච්චි, අතුල රන්සිරිලාල්, රේණුකා බාලසුරිය, ඉදුනිල් දිසානායක, මහේෂ් නිශ්ශංක, කරුණාරත්න අමරසිංහ, ප්‍රවීණයන්ගෙන් හොඳ සහයෝගයක් මේ ක්ෂේත්රයේ රැඳී සිටින්නට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. වැඩසටහන් වලට පැමිණෙන විවිධ තරාතිරම්වල උසස් පුද්ගලයන් ජීවිතයට ලොකු පිටුවහලක් වෙමින් උපදෙස් ලබා දුන්නා ගමන යන්නට. ආධුනිකයන් ලෙස මුල්ම කාලය ගත කරන විට බාධක මතින් තමයි ඒ ගමන මමත් ආරම්භ කළේ් .ඒත් පසුකාලීනවිට හොඳ සහයෝගයක් ක්ෂේත්රයේ සියලු දෙනාගෙන්ම ලැබුණා ගමන යන්නට.එය ආශිර්වාදයක් කරගෙන අපි අපේ ගමනක් නිහඬවම ගමන් කළා.
මේ ගමන් මගේ අමතක නොවන සිදුවීම් හැටියට මොනාද දකින්නේ?
උදෑසන කරපු වැඩසටහන්වල විවිධ පුද්ගලයන් සමඟ කළ සාකච්ඡා වලදීම අමතක නොවන සිදුවීම් රැසක් තිබෙනවා.ඹ්ඊඊඡ් යුද කාලේ මාධ්‍යවේදීන් විශාල අපහසුතාවයකින් කටයුතු කළේ.රාජ්‍ය මාධ්‍ය තුලින් උතුරට සාමය ගෙනයන්නට ඉදිරිපත් කළ වැඩසටහන්වලදී ඹ්ඊඊඡ් එරෙහිව කතා කරන වැඩසටහන්වලදී මගේ නමත් මරණ තර්ජන තිබුණා ලිස්එකේ තිබුණ බව දැනගන්නට ලැබුණා. ඒවා ජීවිතයේ අමතක නොවන සිදුවීම් අතරට එක් වෙනවා. පෞද්ගලික දුරකථන වලින් මට තර්ජනත් එල්ල වෙලා තිබෙනවා ඹ්ඊඊඡ් විරුද්ධව කතා කරන වැඩසටහන් ඉදිරිපත් කරන්නට එපා කියලා.එල්ටීටීඊට හිතවාදින් නමේ ආකාරයට තර්ජන එල්ල කරන්නෑ ඇතැයි කියලා මම හිතන්නේ සුනාමි ව්‍යසනයේ ආපු වෙලාවෙත් රාජකාරි වල නිරතවෙලා හිටියා. නිවේදකයකුට නිවේදක ජීවිතයේ අමතක නොවෙන එවැනි අවස්ථා ලැබෙන්නේ කලාතුරකින්.කොවිඩ් වසන්ගත කාලසීමාවෙත් මම මුහුණු ආවරණ පැලද ගෙන ගුවන් විදුල සංස්ථාවේ සහ රූපවාහිනී යනන දෙකේම ලොතරුයි මණ්ඩලයේ එකදිගට රාජකාරි කටයුතුවල නිරත වුණා.රට අභියෝගයකට මුහුණ දුන්න හැම අවස්ථාවකම මගේ නිවේදක භූමිකාව නොබියව මම ඉටු කරලා තියෙනවා.ඒ සියලු දේවල් මතක් වෙන මතක් වෙන මොහොතක් පාසා හරිම සතුටු වෙන්නට අවස්ථාවක් තිබෙනවා මේ ජීවිතයේදී.
තමන්ගේ නිර්මාණ ඉදිරියට ගෙනයන්නට.රධභබභඡඥ අවකාශය තුළ හොඳ නරක කියන දෙපැත්තම තියෙනවා. හොඳ පැත්තට බර වෙලා නිර්මාණය කරනේ යෙදෙනවා නම් හොඳ මාධ්‍යයක් ලෙස මෙය පවත්වාගෙන යන්නට පුළුවන්.ජනප්‍රිය තලයේ නිවේදක ශිල්පියෙක් බවට පත්වන්නට පුළුවන්.නිර්මාණකරුවා කියන්නේ මම දකින විදිහට අලුත් අලුත් දේවල් සොයා සමාජගත කිරීමයි සිදුකළ යුත්තේ. නව තාක්ෂණයත් සමඟ නිර්මාණකරුවා රැඳී සිටින්නේ කොතනද කියන ප්රශ්නය මතුවෙලා තිබෙනවා . අඳීන පලඳීන ඇඳුමේ සිට භාෂාව පරිහරණය කරන ආකාරය තෙක් එයට විසඳුම් සොයාගත යුත්තේද තමා පමණයි කියන තැනයි මම අද නිවේදිකාවකගේ භූමිකාව තුළ සිටින්නේ.උඩු යටිකුරු කරමින් කිසිම අවබෝධයකින් තොරව ප්‍රයෝගික හා න්‍යායාත්මක දැනුමක්වත් නොමැතිව නිවේදක,නිවෙිදිකා භූමිකාවේ හැසිරීම අද වන විට සමාජ මාධ්‍ය ජාල තුල කතා කිරීමට පවා අමිහිරි මාතෘකාවක් බවට පත්වීී තිබෙනවා. තරුණ පරපුර දක්ෂයන් මේ තුළ ජීවත් වෙනවා.ඒත් වෘත්තීය මට්ටමෙන් ඔවුන් ජීවත්වන්නේ කොතනද කරන කියන දේ ගැන ඔවුන් හොඳට අවබෝධයක් ගත යුතුයි කියන තැනයි සිතිය යුත්තේ.වෘත්තීය මට්ටමේ සිටින නිවේදක නිවේදිකාවන්ට එයින් සිදුවන්නේ අගතියක් ලෙසයි මම දකින්නේ.
මේ වන විට නිවේදක පරපුර මොනවගේ තැනක ද ඉන්කේ?
මේ වන විට ඇත්තටම කියන්න සතුටුයි නිවේදක පරපුර හොඳ ස්ථාවර මට්ටමක සිටිනවා. එහෙමත් අතළොස්සකට පමණක් කාර්ය බහුලත්වයකින් නොමැතිකමකින් සිටින්නේ. දිවයිනේ හැම ප්‍රදේශයකම ප්‍රසංග වේදිකා කලාව තුළ නිවේදන කටයුතු කරන පිරිස්වලට හොඳ ප්‍රතිචාර තිබෙනවා. ප්‍රසංග සංගීත කලාව කියන්නේ ප්‍රේක්ෂකයාට වෙනමම දෙයක්. ධභබඤධධප සහ ඪදඤධධප කියන සංකල්ප දෙක තේරුම් අරගෙන ප්‍රසංග කලාව නිවේදන කටයුතු මෙහෙයවන සියලු දෙනා හොඳ ප්‍රතිචාර තුළ ජීවිතය ගත කරන්න පුළුවන් පරිසරයක් ගොඩනැගිලා තිබෙනවා. රස වින්දනාත්මක වැඩසටහන්වල නිවේදකයා හෝ නිවේදිකාවකගේ ඉදිරිපත් කිරීමේ ශෛලය රස විඳීන්න අද ප්‍රේක්ෂකාගාරය වෙත ඈදී එන පිරිස් වැඩියි. අනාගතයට හොඳ පිටුවහලක් වෙයි කියලා හිතනවා.
අද පවතින විද්‍යුත් මාධ්‍ය නවක පුරක පරපුරට මොනවගේ තැනක්ද හදලා තිබෙන්නේ?
අලුතින් එන ඕනෑම පුරකයකුට හෝ ශිල්පියකුට හොඳ නිර්මාණ වේදිකාවක් හදලා තියෙනවා.ඒ නිර්මාණ වේදිකාවේ තෝරා බේරාගෙන ගමන් කළොත් ඔවුන් සියලු දෙනාම ඒ නිවේදක ශිල්පියාට යන්නට තියන උපරිම තැනට යන්නට උදව් කරන වාතාවරණයක් අද තිබෙනවා.හැට හැත්තෑව දශකවල තිබුණු නිවේදක මුහුණුවරට වඩා වෙනස්ම නිවේදක කලාවක් මේ විද්‍යුත් මාධ්‍ය තුළ විකාශය හා විකාශනය වීමත් සමඟ වෙනස් වෙනස් ආරවල්වල නිවේදන රස විඳීන්නට ශ්‍රාවක පිරිසක් සහ ප්‍රේක්ෂක පිරිසක් බිහිවෙලා තිබෙනවා. ඒක පුරකයකුට හොඳ අවස්ථාවක් වෙලයි තිබෙන්නේ. එනිසා විද්‍යුත් මාධ්‍යය හොඳ සහයෝගයක් මේ වනවිට නවක පරපුරට ලබාදෙන්නවා.විශේෂයෙන් කිව යුතුම දෙයක් තියෙනවා අද ජීවත් වන පරිණතම මිනිස්සුන්ගේ භාෂා ඇසුර සන්නිවේදනය ඇසුර ඒ අයගේ ව්‍යක්ත විශාරද බව නැත් නම් අත්දැකීම් ගොන්න ලබා ගන්නැතුව,ගමනක් යන්න හරිම අමාරුයි. ඩ්අ.ජෝතිපාලයන්ගේ අරුත් සුන්වදන් පවසන ගිරවි දොඩමළු.අද පවතින්නේ ඤඪඨඪබච කරණයේ අරුත්සුන් වදම් පවසන ගිරව් වගේ කතා කරන භාෂා ශෛලයක් තමයි තිබෙන්නේ. ඒ නිසා නොපමාව ප්රවිණයන්ගේ ඇසුර ලබා ගත යුතු කාලය ඔවුන්ට එළඹ තිබෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ.
ඔබේ ඉදිරි ගමන මොන ආකාරයෙන්ද සිදුවෙන්නේ?
මනෝ විද්‍යාව ,සමාජ විද්‍යාව සහ ජන සන්නිවේදනය මගේ ශාස්ත්‍රපති උපාධියට කළේ. ඒ හරහා ඉදිරියේදී පාසල් ළමුන්ට සහ ආයතන වලට මගේ දැනුම බෙදා දීමට දේශන වැඩසටහන් මාලාවක් කරන්නට තමයි මගේ බලාපොරොත්තුව තිබෙන්නේ. දැනටමත් දේශන කීපයක්ම කිරීමට ආරාධනා ලැබිලයි්නේ. ආයතන රාජකාරි වලින් පරිබාහිරව තමයි මේ කටයුතුවල නිරත වෙන්නට බලාපොරොත්තු වන්නේ.ඒ වගේම තමයි දැනට මගේ ආයතනයේ ඉහළ නිලධාරී මණ්ඩලයේන් වැඩසටහන් කරන්නට ආරාධනාවක් ලැබුණොත් ඒවා කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා.ඒවගේම
උත්සව අවස්ථාවක් වැඩසටහනක් මොනම තැනකින් ආවොත් ආරාධනාවක් ලැබුණොත් ගිහින් නිවේදන කටයුතු කරන්නත් බලාපොරත්තු වෙනවා.මේ ගමනට මෙච්චර දුරක් එන්නට මට අත හිත දුන්න සියලු දෙනාටම ස්තූති කරන්නටත් මේය අවස්ථාවක් කරනවා.
සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න
