17
නාට්‍යවේදී සුමිල ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත අපි කවුරුද චිත්‍රපටයේ වැඩකටයුතු පසුගිය දා සුබ මොහොතින් ආරම්භ විය. කොළඹ 07, සුදර්ශී ආයතනයේදී ආරම්භ වූ අපි කවුරුද චිත්‍රපටයේ දිහල්කි සිල්වා, ඉමේෂ් නිරංජන්, පසන් තාරින්ද, මෙතුලි බණ්ඩාර, නිමාශ ප්‍රහාත්, දසුන් ඇතුළු නවක නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.
සේනක විජේසිංහ, නිශාන්ත දර්ශන ජාසිංහ, තරංග ගුණවර්ධන, රොෂාන් කඳුරුගමුව, චන්ද්‍රකාන්ති පතිරණ, සමන්ත සාගරිකා සහ ශ්‍රියානි විතාන වැනි රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයට දායක වී තිබීම විශේෂත්වයකි.

