දිනෙන් දින යාවත්කාලීන වන විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකයේ, කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) සොයා ගැනීම විශේෂිත වූ තාක්ෂණික සන්ධිස්ථානයකි. වත්මන් තරුණ පරපුර ඒ කෙරේ වැඩි නැඹුරුතාවයක් දක්වා ඇති බව නොරහසකි. එහිදී, මෙරට තරුණයෙකු විසින් කෘත්‍රිම බුද්ධි (AI)) තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කර ඇති සෝල් වෝකර්” (Soul Walker) වෘත්තාන්ත සිනමා නිර්මාණය විශේෂිත බව හැඟේ. එය භාෂා ද්විත්වයකින් යුතුව ඉදිරියේදී තිරගතවීමට නියමිතව ඇති අතර, එය හුදෙක් තාක්ෂණය පිළිබඳ සිදුකළ පරීක්ෂණයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේදී කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිමකළ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය වීමටද ඉඩ ඇත.
තමන් නිර්මාණය වූ අධිරාජ්‍යයේ, හීන, විශ්වාසය සහ බලය බිඳුණු භූමියේදී අරවි නම් තරුණයා අතුරුදන් වෙයි. ඔහුගේ සොයුරිය වූ අමායා, ශක්තිමත් මෙන්ම දැඩි අධිෂ්ඨානශීලී නිර්භීත යුවතියකි. ඇය අතුරුදන් වූ තම සොයුරා සොයා යන අති දුෂ්කර ගමන ආරම්භ කරයි. තරුණ අරවි ද, පුරාතන ජනප්‍රවාදයන්හී ඇලී ගැලී ඒවා සොයා යෑමේ උන්මාදයෙන් යුත් වික්‍රමාන්විතයෙකුද වෙයි සිය සොයුරා සොයා යන අමායාට වඩාත් දියුණු කළ අතීත අධිරාජ්‍යයක් හමුවේ. එහිදී ඇයගේ නෙතු ගැටෙන පැරණි රාජ්‍ය සංකේත සහ විස්වාස කළ නොහැකි දැකීම් තුළදී, ඇය මෝහනයට පත්වූවා සේ, කාලය මත වැළලී ගිය එක්තරා නාමයක් සුළඟේ පාව විත් ඇයගේ දෙසවනේ පතිතවෙයි. එහිදී සදාකාලික ආත්මයන් අවදිව පසුවන ලෝකයක ඇය හුදකලා වෙයි.මනෝ රාජ්‍යයක අතරමං වන අමායාට තම සොයුරා වූ අරවි හමුවේවිද ? ඇය ඉදිරියේ ඇති භයානක අභියෝගයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන ආකාරය ” සෝල් වෝකර් ” හරහා පෙන්වා දී ඇත.
කොළඹින් බැහැර අනුරාධපුරයේ උපන් පසිඳු ලක්ෂාන්, පාසැල් අවධියේ සිටම ස්වයං අධ්‍යයනයේ යෙදෙමින් සිනමාවේ විවිධ අංශයන් හා තාක්ෂණික තොරතුරු සයිබර් අවකාශය හරහා දැන උගත් තරුණ නිර්මාණවේදීයෙකි. මේ වන විටත් විවිධ විදේශ සම්මාන උලෙළයන් හී ඇගයීමටත් , සම්මානයටත් පාත්‍රවූ කෙටි චිත්‍රපට රැසක් ඔහු විසින් නිර්මාණය කර ඇත. වී.පී. ප්‍රඩක්ෂන් නමින් සිනමා තාක්ෂණික ආයතනයක් පවත්වාගෙන යනු ලබන ඔහු, රංගන ශිල්පියෙකු, ගීත රචකයෙකු, තිර පිටපත් රචකයෙකු, සංස්කරණ ශිල්පියෙකු, සංගීතවේදියෙකු මෙන්ම නිෂ්පාදක, අධ්‍යක්ෂවරයකු ලෙසින් ද කටයුතු කරණ විවිධ කුසලතා රැසකින් පිරිපුන් නිර්මාණවේදීයෙකි. විශිෂ්ට සිනමා නිර්මාණකරුවකු වන, ජූලි ප්ලෙක් (Julie Plec) අධ්‍යක්ෂණය කළ “The vampire Diaries “, ” The Originals “, ” Legacies ” වැනි අතිශය ජිනප්‍රිය කතා මාලාවන් අධ්‍යයනය කරමින්, විවිධ අත්හදා බැලීම්වලින් ඔහුගේ නිර්මාණශීලිත්වය ගොඩනගාගෙන ඇත. තරිඳු විසින් , ” ” A Moment With You ” ,” Breathe “, ” Battle “, The Inside Me” ,” What Is Love ” සහ ” The Writer ” යන කෙටි චිත්‍රපට නිර්මාණය කර ඇති අතර, ” The Writer ” කෙටි චිත්‍රපටය විවිධ අන්තර්ජාතික සම්මාන උලෙළයන් හිදී සම්මාන 13 කට අධික සංඛාවකට හිමිකම් පෑම ඔහුගේ නිර්මාණශීලිත්වයේ විශිෂ්ඨතාව පිළිබිඹු කරවන්නෙකි. තරිඳු වර්තමානයේ තව දුරටත් කෘත්‍රිම බුද්ධිය ඇසුරින් (Artificial Intelligence Generated Cinema) සිනමා නිර්මාණ ජනනය කිරීම සඳහා පෙලැඹී සිටී. “සෝල් වෝකර්” ඔහු විසින් කෘතිම බුද්ධිය ඇසුරින් නිමකළ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි.
රංගන දායකත්වය
උදානි බණ්ඩාර , පසිඳු ලක්ෂාන්, මධුශාන් එල්. බණ්ඩාර, ශ්‍රැති කාව්‍යා, මලීෂ සස්මික
කාර්මික දායකත්වය
කතාව, තිර රචනය දෙබස් රචනය සහ අධ්‍යක්ෂණය – පසිඳු ලක්ෂාන්
නිෂ්පාදනය – වී.පී.ප්‍රඩක්ෂන්
(AI) කෘතිම බුද්ධි දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණකරණය, ප්‍රොම්ප්ට් උපදේශත්වය, නිර්මාණ අධීක්ෂණය සහ දෘශ්‍ය ඉංජිනේරුවන් – පසිඳු ලක්ෂාන් / අමිත් ප්‍රියංක
සංස්කරණය, වර්ණ සංයෝජනය සහ කැමරාකරණ අධීක්ෂණය – විරාජ් නරසිංහ
අංග රචනා ශිල්පි – ගයාන් ඉන්දික
සහය අධ්‍යක්ෂණය – වේළු නවනීදන්
ගී පද රචනය – පසිඳු ලක්ෂාන්
ගායනය – පියුමි පෙරේරා
AI හඬ දායකත්වය සහ පසුබිම් සංගීත නිර්මාණය – පසන් ශ්‍රීමාල්, පසිඳු ලක්ෂාන්, ශ්‍යාමල් තෙන්නකේ
කෘතිම බුද්ධි (AI) නිර්මාණශීලී දායකත්වය- පසිඳු ලක්ෂාන්, පසන් ශ්‍රීමාල්, ශ්‍යාමල් තෙන්නකේ.
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
[email protected]