Home » හෙලෝ සොෆි වැඩ අරඹයි

හෙලෝ සොෆි වැඩ අරඹයි

by mavan
January 29, 2026 11:47 am 0 comment

ලාංකේය චිත්‍රපට ප්‍රදර්ශනයේ පුරෝගාමීන් වන සිකුරු හතේ 5 සමත් සහ කාසි වාසි චිත්‍රපට සිංහල සිනමාවට ගෙනා ඉම්පීරියල් ටෝකීස් නිපදවන නවතම සිනමා පටය නව පරපුරේ චිත්‍රපට අධ්‍යක්ෂකයකු ලෙස සිනමාවට එකතු වන ජෝ දිසානායකට පිරිනමා ඇත. ‘හෙලෝ සොෆි’ නම් වූ එය මුහුරත් උලෙළෙ පසුගිය දා බොරලැස්ගමුව ටැංගෝ රෙස්ටෝරන් හිදී පැවැත්විණි.

කෞශල්‍යා ප්‍රනාන්දු, ශ්‍යාම් ප්‍රනාන්දු, දුෂේනී මීයුරංගි, දිදුල ඉඳුවර, මයුර කාංචන පෙරේරා, නඳුන් දිසානායක සමඟ ළමා රංගන ශිල්පිණි ට්‍රනිට් ක්ලෙයාරා ඇතුළු රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් එක් වෙති.

දෙබස් සහ තිර රචනය දිදුල ඉඳුවර, කැමරාකරණයෙන් පුෂ්පිත නිර්මාල්, ප්‍රධාන සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර, සංගීත අධ්‍යක්‍ෂණයෙන් බිලී සමීර, කලා අධ්‍යක්‍ෂණයෙන් හරිදු නිසල්, අංග රචනයෙන් මධාරාගොඩගේ, සංස්කරණය සහ වර්ණ සංකලනය අකිල ගමේන්ද්‍ර,ශබ්ද සංකලනය අරුණ ප්‍රියන්ත කළුආරච්චි, වස්ත්‍රාභරණ නිර්මාණයෙන් වසන්තී දර්ශනී අල්විස්, නිෂ්පාදන කළමනාකරණයෙන් ධම්මික ගුණසේන, නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්නගෙනි.

හෙලෝ සොෆි නිෂ්පාදනයෙන් අනුරාධ බී රැකව, සුසිල් ජයසේකර සමඟ ශශ්‍රී ලාල් වික්‍රමගේ එක්වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT