ගායන ශිල්පී අජිත් සංජීව පෙරේරා සහ නව පරපුරේ ගීත රචිකාවක වන නදී සේනාධීර සුසංයෝගයෙන් එළිදක්වනු ලැබූ සිවුවන ගීතය, හිත පිරෙන්නට සිනා අහුරක්, ගීතය යූ ටියුබ් අවකාශයට මුදා හැර තිබේ. මෙම ගීතයේ ගායනය මෙන්ම සංගීතයද අජිත් සංජීව පෙරේරාගෙනි. අජිත් සංජීව පෙරේරා සහ නදී සේනාධීර සුසංයෝගයෙන් මීට පෙර ගීත තුනක් එළිදක්වා තිබෙන අතර, ඉඳ හිටක, මං දුවන් එන්න, පපුවේ මැද වැනි ගීත යූ ටියුබ් අවකාශය තුළ නැරඹුම් වාර ලක්ෂයද ඉක්මවා ගොස් තිබේ.පසුගිය කාලයේදී වඩාත් ජනප්‍රිය වූ මෝහිනී මගේ නංගියේ ගීතයද ගායන කර ඇත්තේ අජිත් සංජීව පෙරේරා විසිනි. යුද හමුදා බුද්ධි අංශ සංගීත කණ්ඩායමේ දිගු කලක් කටයුතු කර තිබෙන ඔහු රදීශ් වැන්දබෝනා ප්‍රමුඛ යුනිටි සංගීත කණ්ඩායමේ කළමනාකරුය. ගීත රචිකා නදී සේනාධීර උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිනියක ලෙස සහ වරලත් මනෝ උපදේශකවරියක ලෙස සේවය කරයි.
