47
මහේෂ් විදානපතිරණගේ සහ මාලිංග විජේසිරිගේ අධ්‍යක්ෂණයක් වන හනිමූන් Tomorrow චිත්‍රපටය මේ දිනවල සංස්කරණය කරමින් පවතින බව සරසවියට වාර්තා විය.
මෙහි සංස්කරණ කටයුතු සිදු කරනු ලබන්නේ සම්මානනීය සංස්කරණ ශිල්පී අජිත් රාමනායක විසිනි. අනූෂ් ඉඳුනිල්, ශෙෂාද්‍රි ප්‍රියසාද්, නිල්මිණී කෝට්ටේගොඩ, ප්‍රියන්ත සිරිකුමාර, අංජන ප්‍රේමරත්න, මහේෂි මධුශංකා, චානුක ප්‍රබුද්ධ ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවන හනිමූන් Tomorrow දිල්හානි ද සිල්වා ගේ නිෂ්පාදනයකි.
