රංගන ශිල්පි, අධ්යක්ෂ එස්.අයි. සමරක්කොඩි නවතම ටෙලි නිර්මාණය සෙල්ලක්කාරයෝ මුහුරත් උලෙළ පසුගිය දින කිරිබත්ගොඩ සනාරා හෝටලයේදී පැවැතිණි.
ලාල් වසන්ත කරුණාරත්න තිර පිටපත් රචනය කර ඇති අතර සිරිල් මෙන්ඩිස්ගේ ප්‍රථම නිෂ්පාදනයයි.
කැමරාකරණය සිසිකිරන පරණවිතාන, අංග රචනය රන්දික ටිශාන්, කලා අධ්‍යක්ෂණය, රනුක, සංගීත අධ්‍යක්ෂණය ජගත් රස්නායක සංස්කරණය නාමල් සමරතුංග සහය අධ්‍යක්ෂණය අනුරුද්ධ ගුණසේකර, නිෂ්පාදනය කළමනාකරණය සමිත නන්දනගෙනි.
ශාක්‍ය අභිලාශ්, ඉමා වීරසූරිය, මනෝහාරි විමලතුංග, සිරිල් මෙන්ඩිස්, නිරෝශන් වත්තේගම, අශිකා මතසිංහ, ප්‍රසන්නජිත් අබේසූරිය, නිලුකා රේකානි, ඉශාන් මෙන්ඩිස්, රෙබෙකා
දිල්රුක්ශි, රවින්දයා අමරසිංහ, සුරන් දසනායක, හිරුශාන් හෙට්ටිආරච්චි, නදීශා
මදුශානී, තිලින හෙයියන්තුඩුව, චතුරංග දයාරත්න, ජානක කල්තොටගේ, රෝහණ මුතුකුමාරණ, තිලකරත්න සමරක්කොඩි, කුශාන් රත්නායක, බුද්ධික රණසිංහ, නිම්නාදි සේනාසිංහ රංගනයෙන් එක්වෙති.
