ලතා වල්පොළ සිය ගායන කෞශල්‍යා දෝතට තිළිණ කර ගනිමින් මෙලොව එළිය දුටු ප්‍රතිභා පූර්ණ ගායිකාවකි. ඇගේ මියුරු හඬින් සංගීත ක්ෂේත්රය ප්‍රසංග වේදිකාව චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් පෑ පෙළහර අසීමිතය. ඇගේ ගායන දිවියේ ආගමනය ගල්කිස්ස සාන්ත අන්තෝනි දේවස්ථානයේ ගායනා කණ්ඩායමයි. එදා සිය මවගේ සුරතේ දැවටී දේවස්ථානයේ දිව්‍ය පූජාවට සහභාගි වූ ඇය ලතින් බසින් ගැයුණු ගීතිකා තමන්ට හැකි අයුරින් උච්ච ස්වරයෙන් ගයද්දී ඇයගේ වයස අවුරුදු හතරක් පමණ විය “අම්මේ පල්ලි යං” නිතරම මවට කළ ඇවටිල්ලට හේතුව වූයේ දේවස්ථානයේ ගීතිකා ගායනා කිරීමට ඈට තිබූ අසීමිත ඇල්මය.
ඒ ආශාව සාක්ෂාත් වුයේ කන්තාරු කණ්ඩායමේ සිටි ළාබාලතම සාමාජිකාව බවට ඇය පත් වෙමිණි. අනිකුත් සාමාජිකාවන් අබිබවා ඇගේ හඬෙහි පැවති මිහිරියාව නිසා කන්තාරු කණ්ඩායමට ලැබුණේ ද ආලෝකයකි. පුංචි ලතා දැරිවියට කාදිනල් තෝමස් කුරේ හිමිපාණන් අතින් ත්‍යාගයක් ලෙස ශුද්ධ වූ බයිබලයක් ද පිරිනැමුණි.
ලතා හා පුරා කියා ගුවන් විදුලියට ගැයුවේ ‘කඳුළු දෙනතේ වෑහෙනා’ නමැති යුග ගීතයයි. එය රචනා කළේ සරත් විමලවීරය. එඩ්වඩි පෙරේරා සංගීතවත් කළ මෙම යුග ගීතය ඇය වින්සන් ද අල්විස් සමඟ ගයන ලද්දේ 1947 දිය.
ලතා ගුවන් විදුලියට තැටි ගත කළ ප්‍රථම ඒකල ගීතය වූ නමෝ මරියනී ගීතය තැටිගත කළේ ද 1947 වසෙර්ය. එවකට ඇය පසු වූයේ දහතුන් වැනි වියේය. කොළඹ ආනන්ද විදුහලේ බෞද්ධ ගුරුවරයකු වූ කාලිදාස කුරුකුලසුරිය රචනා කළ එම ගීතය ලතාගේ හඬින් වැඩිම වාර ගණනාවක් ගැයුණු ගීතයයි. කොලොම්බියා තැටියකී. තැටිගත වූ මෙම ගීතය අතිශයින් ජනපි‍්‍රය වූ අතර එම තැටිය ලක්ෂ ගණනින් අලෙවි වීම හේතුවෙන් විය එයින් සතුටට පත් වූ මිලර්ස් සමාගමේ අධිපති නමෝ මරියනි ගීතය වෙනුවෙන් කර්තෘ භාග්‍ය පවා ලතාට ගෙවීමට තීරණය කළේය. ගීතිකා කණ්ඩායමෙන් ලද පරිචය නිසා බටහිර ආභාසයෙන් පොහොණි වූ ඇගේ ගායන කෞශල්‍යය සරල ගී ගායනයට උචිත හඬක් බවට පත් කළේ ප්‍රවීණ සංගීතවේදී සුසිල් පේ‍්‍රමරත්නය. රීටා ජෙනවි ප්‍රනාන්දු ගේ භෞතිස්ම නාමය ලතා බවට පත් කළේ ද සුසිල් ප්‍රේමරත්නයන්ය. සුසිල් ලතා සුසංයෝගයෙන් බිහි වූ චමත්කාර ගීත අතර මිහිරි සුවඳ විහිදුවා, රන්වන් කරලින් පැසිලා, රූ රැස්සේ අඳිනා ලෙසේ කළු කැලණි නදී නංවමු ශ්‍රී ලංකා ආදි ගීත වත්මන් ශ්‍රාවකයන්ට පවා මනාව ගැළපේ.
සී.ටී. ප්‍රනාන්දු ලතා සුසංයෝගයෙන් ගැයුණු ගී අතර ලෝ අඩ නින්දේ, මල්බර හිමිදිරියේ, සැළලිහිණි කොවුල් ආදී ගීත ගුවන් විදුලියේ සරල ගී වැඩසටහන් සහ කොලුම්බියා තැටි සමාගමටත් ගැයූ ජනපි‍්‍රය ගීත ලෙස හැඳින්විය හැකිය. කොලොම්බියා තැටි සමාගමට සහ එච්.එම්. වී. සමාගම යන ද්විත්වයටම ගීත ගායනා කිරිමේ විරල වරම් ලැබූ ගායිකාව වූයේ ද ලතා වල්පොලය.
රිදී තිරයේ නොමියෙන හඬ ලතා වල්පොල චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්රයට ප්‍රවේශ වූයේ 1953 ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කළ එදා රෑ චිත්‍රපටයෙනි. රිදී තිරයට උචිතම හඬ ඇය සතුව තිබූ බැව් වටහාගත් එකල සිනමාකරුවන් චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්රයට ඇය තෝරා ගත්තේ සිංහල සිනමාවේ දකුණු ඉන්දියානු උචිචාරණය සහිත සිංහල ගී ශ්‍රවණය කිරීමේ යුගයට විරාම ලකුණ තැබීමට හොඳම විකල්පය ඇය බව වැටහුණු බැවිනි. චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්රයේ ලතා යන නාමය ස්ථාපිත වූයේ 1953 තිරගත වූ ප්‍රේම තරගය චිත්‍රපටයට ලතා ධර්මදාස වල්පොල සමඟ ගැයූ හොඳ හොඳම වේය ලොව ගීතයත් සමඟය. ලතා ධර්මදාස සුසංයෝගයෙන් ඇරැඹී ලතා ධර්මදාස යුගය රිදී තිරයේ ප්‍රේම ගීතාවලියේ තිබූ හිඩැස පිරිමසන්නට සමත් වූවා පමණක් නොව ලතා ධර්මදාස ප්‍රේම වෘත්තාන්තයට මුල පිරීමක් ද එයින් සිදුවිය.
එදවස සිංහල සිනමා පසුබිම් ගීත ක්ෂේත්රය ලතාට අතික්‍රමණය කිරිමට හැකි විම ඈ ලද හුදු සැහැල්ලු ජයග්‍රාහී ගමනක් නොවිය. සැබැවින්ම එදා ලතාට සිදුවූයේ ඉන්දියානු ගායිකාවන් හා තරග වදින්නටය. එවකට සිංහල සිනමා පසුබිම් ගීතය අරක් ගෙන සිටි ජමූනා රාණි, ජික්කි, කේ. රාණි ආදී ගායිකාවන් සමඟ තරග වදිමින් විශිෂ්ටත්වයේ ගායන කිරුළ පලඳින්නට ඇයට හැකි වූයේ සහජයෙන් ඈ ගෙනා ඒ ගායන කෞශල්‍යය නිසාමය.
ඊට ලතා වල්පොලගේ ගායන මාධුර්යයේ ශක්‍යතාව සාක්ෂි දරයි. අහංකාර ස්ත්‍රි චිත්‍රපටයට ලංකාරෙන් මලක් පිපී, පේ‍්‍රමේ චන්ද්‍රයා, රදල පිළිරුව චිත්‍රපටයට පෙම් ලෝකේ නයන රසි ආදී ගීතත් මාතලන් චිත්‍රපටයේ ඉවසනු හදේ, දිනිදා උදය, සඳ කොමලී තරු පිරිවරලා දොයි දොයිය බබා, පෙම්මාලා ගොතා ගෙලේ, සුලලිත වූ කලා, දිනේ දිනේ සව් ශ්‍රීනී ආදි ගීත ලතා වල්පොලගේ ගායන මාධුර්යයේ ශක්‍යතාවයට වඩාත් සාක්ෂි දරයි. ලතාගේ ගායන විශිෂ්ටත්වය මැන ගැනීමට ඇස්. ඇස්. වේදා ගේ සංගීතය යටතේ ඇය ගැයූ පෙරදිග මුතු ඇටයයි මාව හංගා වනේ (සංගීතය ඇස්. වේදා) ප්රේර්මේ චන්ද්‍රයා (ආර් මුත්තසාමී) සිහින හතක් මැද (ආර්.ඩී. අමරදේව) ගීතය ද ආදරයේ රන් විමනේ (පේ‍්‍රමසිරි කේමදාස) නිල් මිණි සැංගි පාවේ. (සරත් දසනායක) හිනැහෙන්න රෝමියෝ මමයි (වික්ටර් රත්නායක) සියුමැලි රෝස මලේ (කාලෝ විජේසිරි) ගීත ද එක ළඟ තබා තුලනය කිරිමෙන් ඇගේ ගායනය ප්රශස්තභාවය මැනගැනීමට එය හොඳම නිදසුනකි. මාතලන් චිත්‍රපටයට ඇතුළත් ගීත දොළහෙන් ඇය ගීත අටක්ම ගැයුවාය. සංගීත අධ්‍යක්ෂණය කළ ආර්. මුතුසාමි පැවසුවේ එදා ගී පටිගත කළ මදුරාසියේ වාහිනි ශබ්දාගාරය ලතාගේ ගීතයෙන් නැළවුණු බවයි.
1956 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ රේඛාව චිත්‍රපටයට ගරු මර්සලින් ජයකොඩි පියතුමා රචිත සීගිරි ළඳකගේ මල් වට්ටියේ ගීතය ගැයුවේද ඇයයි සුනිල් ශාන්ත තනු නිර්මාණය කළ බී.එස්. පෙරේරා සංගීතවත් කළ මෙම ගීතය ලතා වල්පොල සිංහල සංගීත අධ්‍යක්ෂකවරයකු යටතේ ගැයූ ප්‍රථම චිත්‍රපට ගීතයයි. මර්සලින් ජයකොඩි පියතුමාගේ මඟ පෙන්වීම යටතේ කන්තාරු ගීතයේ ආභාසය ලබමින් ගරු පියතුමා රචිත කිතුනු බැති ගී වැඩි සංඛ්‍යාවක් ගායනා කළ ගායිකාව වන්නේ ද ලතා වල්පොලය.
පතිවත චිත්‍රපටයේ භරතීය නිළි වෛජයන්ති මාලාට ගී ගැයූ ඇය විරවික්‍රම චිත්‍රපටයේ භාරතයේ ශෂීකලාට ද අංගුලිමාල චිත්‍රපටයේ ප්‍රධාන නිළි නිම්ිමි අහිංසක ප්‍රයෝගයෙහි මීනා කුමාරි වෙනුවෙන් ද සිම්බෝශී ක්‍රිෂ්ණා කුමාරිට ද නාග චම්පාහි නිරූපා රෝයි වෙනුවෙන් ද ගී ගැයුවාය. වොරැඳේ වෝරුඳේ තෙද පා සිංහල වදනින් ලතා ගැයූ ගීතයේ හින්දි පිටපත සඳහා ගීතය ගැයූ ලතා මංගේෂ්කාර් නොදෙවෙනි ලෙස ඇය ගීතය ගැයූවේ භාරතීය සංගීතඥයන් විමතියට පත්කරවමිනි. වෙසක් පොසොන් සමයේ නිරන්තරයෙන් අපට ඇසෙන බුද්ධං සරණං ගච්ඡාමි ගීතය ඇතුළත් වන්නේ අංගුලිමාල චිත්‍රපටයටයි. එම ගීතයේ මුල් වරට ගැයුවේ ලතා වල්පොළ සමඟ මොහිදීන් බෙග්ය. සන්දේශය චිත්‍රපටය ලතාගේ සංගීත ගමන් මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළ චිත්‍රපටයක ලෙස සංදේශයේ පුන් සඳ එළියයි, රෑන ගිරා රෑන අඹේ, රැජින මමයි, සුදට සුදේ වලාකුළයි, ඇය ගැයූ ගීත අදටත් අතිශයින් ජනපි‍්‍රය 1961 තිරගත වූ සිංහල දෙබස් කැවූ සින්බෝ චිත්‍රපටයට ලතා වල්පොල භාරතයේ ක්‍රිෂ්ණා කුමාරි වෙනුවෙන් දෙබස් කැවූ අතර සින්බෝ චිත්‍රපටයේ ගීත අටෙන් හයක්ම ගැයුවේද ලතාය.
එඩී-රුක්මණී යුගයට පසු චිත්‍රපට පසුවෙන් ගීත ක්ෂේත්රයේ බිහි වූ ජනපි‍්‍රයතම ගීතාවලියේ ප්‍රථම යුගය වූුයේ ලතා-ධර්මදාස යුගයයි. ප්‍රේම තරඟය චිත්රපටයෛන් ඇරඹී ලතා ධර්මදාස යුගයේ බිහි වූ මාධුර්ය ගීතාවලියේ සංගීතවේදීන් අතර ආර් මුත්තුසාමිට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඔබ මාගේ ලෝකේ ගෙන දේ ආලෝකේ (සසරක හැටි) ගඟ යන්නෙ කොහෙද ගලා (යටගිය දවස) පෙම් නැළවිල්ලේ (ඉපදුණේ ඇයි) පිපෙන මලක මී මදු රස (ඔක්කොම හරි) යුරෝපයේ හිම වැටෙනා කාලෙ (උතුම් ස්ත්‍රිය) ආදී අතිශය ජනපි‍්‍රය ගීත අදටත් අප සවන්පත් මත රැිඳෙද්දී දැනෙනුයේ මිහිරියාවකි මුත්තුසාමි බෙහෙවින් පි‍්‍රය කළ ගායිකාව වූයේ ද ලතා වල්පොලය.
ලතා වල්පොල ප්‍රථම වරට ගී ගැයූ කැසට් පටය නිකුත් වුයේ තරංගා ලේබලය යටතේය. මොහිදින් බෙග් සමඟ ලතා වල්පොල Your Favourite Old hits නමැති මෙම කැසට්පටය සංගීත ලෝකයේ විශාල ආදායම් වාර්තාවක් තැබූ කැසට් පටයක් විය.
ලතා ධර්මදාස සුනෙත් අමිත් ධම්මිකා චමින්ද පවුලම එකතු වී 1980 දී සුගතදාස ගාහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වූ සංගීත ප්‍රසංගය අතුරු සිදුරු නොමැතිව ජනතාවගෙන් පිරි පැවතුණු අතර එය ගායන ශිල්පී පවුලක් එක්ව පැවැත් වූ ප්‍රථම ප්‍රසංගය ලෙස ඉතිහාසයට එක් වී ඇත. රැජින මමයි නමින් ලතා වල්පොල ඒක පුද්ගල ප්‍රසංගයක් ද පැවැතවූවාය. එය සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස්ය.
සිනමා නිළියන් සියයකට වැඩි සංඛ්‍යාවකට ගීත ගැයූ ලතා වල්පොල ස්වකීය ගායන හැකියාව වෙනුවෙන් සම්මාන ගණනාවකට ද පාත්‍ර විය. පසුගිය වසර කිහිපයක් පුරාම ඇයි චිත්‍රපටි ගීත සහ වෙනත් ගීත ගායනා කළ අතර 1990 වසරේ ද ඇය චිත්‍රපට ගීත ගායනා කර ඇත. ගැටවරයෝ චිත්‍රපටයේ සිහින හතක් හොඳම ගායිකාව ලෙස සරසවි සම්මානයෙන් ද නාරිලතා චිත්‍රපටයේ අවගිරෙන්, හොඳම ගායිකාව ලෙස සරසවිය සම්මානයෙන්ද, ඔක්කොම කණපිට චිත්‍රපටයේ දෝතටවත් හොඳම ගායිකාව ලෙස සරසවිය සම්මානයෙන්ද, චිට්ටි චිත්‍රපටයේ සියුමැලි රෝස මලී, හොඳම ගායිකාවන් ලෙස සරසවි සම්මානයෙන් ද හොඳම ගායිකාව ලෙස ස්වර්ණ සංඛ සම්මානයෙන් ද දිපශිකා සම්මාන විසි හයකින් ද සිනමා ක්ෂේත්රයේ උන්නතිය උදෙසා කළ මෙහෙවර අගයමින් ර්‍ණඛ්ධ්ඛ් සම්මානයෙන් ද කලා ශූරි සම්මානයෙන් ද සරසවිය රණතිසර සම්මානයෙන් ද සිග්නීස් සම්මානයෙන් ද ජනාධිපති ස්වර්ණ සංඛ සම්මානයෙන් ඇය පිදුම් ලැබුවාය. ඇය සංගීත ක්ෂේත්රයට සිදුකළ මෙහෙවර අගයමින් මා විසින් රචිත ලතා හෙළ ගී රැජින ඇගේ චරිතාපදානය එළිදැක්වුයේ ඇගේ හැත්ත පස්වැනි උපන් දිනේදිය. පුතුන් දියණිය මුනුපුරන් මිනිබිරියන් බෑනා ලේළි මී මුනුපුරන් සමඟ ගීත ගායනා කිරීමට වාසනාව ලද ශ්‍රී ලංකාවේ එකම ගායිකාව වූයේ ද කලා ශූරී ලතා වල්පොලය. ඇගේ දරු පරම්පරාව වන සුනෙත් අමිත් චමින්ද ධම්මිකා බෑනා මහින්ද බණ්ඩාර මුනුපුරා තිසර මුනුපුුරාගේ බිරිඳ ක්‍රිස්ටිනා ද අද සංගීත ක්ෂේත්රයේ දිදුලන කලා ශිල්පිීන්ය. ඇගේ 91 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් මේ මස 07 වෙනි දින සවස හයයි තිහට ලතා වල්පොලට උපහාර පිණිස ඇගේ දියණිය ධම්මිකා මුණුපුරා තිසර සහ බිරිය ක්‍රිස්ටිනා මහින්ද බණ්ඩාර සමඟ එක් වී පෙම් රාජ්‍යයේ නමැති සංගීත ප්‍රසංගයක් සංවිධානය කළහ. මෙම ප්‍රසංගයේ විශේෂ අමුත්තිය ලෙස සහභාගී කලා ශුරී ලතා වල්පොල.
ලතා ධර්මදාස වෘක්ෂයේ විහිදී ගිය අතුපතර අතර මේ සුවිශේෂ වූ දරු පරම්පරාව සංගීත ක්ෂේත්රයේ අද දක්වන දක්ෂතා දුටු විට ලතා වල්පොලට දැනෙන්නේ අසීමිත සතුටකි. ඒ සතුට සොම්නසින් යුතුව සියැසින් දැක බලා ගනිමින්ි ඒ සතුට භූක්ති විඳින්නට ලැබිමත් ඇයට කෙතරම් වාසනාවක්ද ඇය තමා සහ සැමියාගේ නම ගෙනියන්නට පරම්පරාවක් බිහිකර ඇත. එය ඈ දෙවියන්ගෙන් ලද ආශිර්වාදයකි. ඇය පිළිබඳ සිනමා පටයක් ද මේ දිනවල රූගත වෙමින් පවතී. ලතා මගේෂ්කාර් වෙනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය නොවුණද ලතා වල්පොල වෙනුවෙන් එවැන්නක් නිර්මාණය වී ඇත.
ඇගේ දරු පරම්පරාව ශ්‍රී ලාංකේය. ගීත ක්ෂේත්රයේ පෝෂණය කරනු දැක්ිමත් කෙතරම් භාග්‍යයක් ද එය දෙවියන් වහන්සේගෙන් ඈ ලද ආශිර්වායකි. 1947 සිට 2025 දක්වා වූ දශක අටක් පුරා හෙළ ගීත කෝකිලාව ගැයූ මනෝරම්‍ය ගීතාවලියේ සුවඳ ආඝ්රණය කරමින් එහි ආස්වාදය මිනිස් චිත්තනයට ලබා දුන් ආනන්දයේ මිහිරියාව මිහි මඬල පුරා රැව් දෙන්නේ ලතා වල්පොල නාමය සදානුස්මරණීයව ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කරවමිනි.

දීප්ති ෆොන්සේකා
[email protected]
