Home » සැබෑ සඳලතාට සාධාරණය කළා කියලා මම විශ්වාස කරනවා

සැබෑ සඳලතාට සාධාරණය කළා කියලා මම විශ්වාස කරනවා

යොවුන් රංගන ශිල්පිනී- අනුෂ්කී ප්‍රේමචන්ද්‍ර

by mavan
February 12, 2026 10:24 am 0 comment

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ගම්ප්‍රදේශයේ හැදී වැඩුණු ඇය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හැදෑරුවාය. උසස් අධ්‍යාපනය සදහා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්විය. මේ වන විට ඉන්දියානු හා ආසියානු අධ්‍යයන අංශයේ භරත නාට්‍යයම් සම්ප්‍රදාය හදාරමින් සිටින හේ අවසන් වසරේ ශිෂ්‍යාවකි. කුඩා කල සිටම නර්තනයට උපන් හපන්කම් දක්වන ඇය රියලිටි නර්තන කලාව තුළින් ප්‍රේක්ෂකයා අතර ජනප්‍රියත්වයට පත්වූවාය. ඒ ආ ගමන් මගේ ටෙලි නාට්‍යය කලාවටද පියවර තබන්නට ඇය භාග්‍යවන්ති පත් වූ අතර, මේ දිනවල කාගෙත් කතාබට ලක්වන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූ ෆාදර් සිනමා පටයේ සඳලතාගේ චරිතය නිරූපණය කරන්නීය. ඇය අනුෂ්කී ප්‍රේමචන්ද්‍රය.

ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ කලාවද?

පාසල් කාලයේ සිටම කලාවට ගොඩක් ලැදිව කටයුතු කළා. මේ කාල වකවානුව වන විට රියලිටි කලාවද ලංකාවේ වඩාත්ම ප්‍රචලිතව පවතිනවා. ගුරුවරුන් සහ පවුලේ අය මගේ දක්ෂතාවය හඳුනාගත්ත නිසා ඒ ආ ගමනේ දෙරණ තඪබබතඥ ඵබචප හරහා මම නර්තනයෙන් වේදිකාවට පිවිසෙනවා.දක්ෂ තරගකරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත් වුණ තඪබබතඥ ඵබචප තරඟ අතරින් ඵඥථඪ ටඪදචත දක්වා එන්නට අවස්ථාව හිමි වුණා. එදා ඉඳන් මම කලාවට ආදරය කළා. ඒ ගමන එතනින් නොනවත්වා උසස් අධ්‍යාපනය දක්වා මෙච්චර දුරක් මට එන්න ලැබිම ගැන අද ඇත්තටම සතුටු වෙනවා. ගුරුවරු සහ පවුලේ අය මගේ මාවත වෙනස් කරපු එක තමයි හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වුණේ.

පාසලේ සෞන්දර්ය විෂයත් එක්ක මොන වගේ කාර්යභාරයක් ද ඉටු කළේ?

පාසලේ අධ්‍යාපනය වැඩ් නැඹුරුතාවයක් තිබුණත් මම ගොඩක්ම වැඩ කළේ බාහිර වැඩ කටයුතුයි. පාසලේ ඉගෙන ගන්න කාල සීමාවේ නර්තනය විෂයක් ලෙස හැදෑරුවත් නාට්‍ය කලාව විෂයක් ලෙස හැදෑරුවේ නැහැ. ඒත් ගුරුවරුන් මාව සැම මොහොතකම කලාවට යොමුවිය යායුතුªයි කියන ස්ථාවරයේ හිටියා. ඔවුන් මගේ දක්ෂතාවයන් හඳුනා ගත්තා. ඒ හරහා මම පාසල් නාට්‍යවල රංගනයට දායක වෙන්න අවස්ථාව හිමි වුණා. මම සහභාගි වුණු ප්‍රථම සමස්ත ලංකා නාට්‍ය තරඟයේදීම කුසලතා සහතිකයක්ද හිමි කර ගැනීමට හැකි වුණා. ඒ සකුන්තලා මුද්‍රා නාට්‍යයේ අනුශයා කියන ප්‍රධාන චරිතය වෙනුවෙනි. මගේ පළමු නාට්‍යය රංගනයේ අත්දැකීම වන්නේ සකුන්තලා මුද්‍රා නාට්‍යයයි.උසස් පෙළ මම විෂයන් ලෙස හදාරන්නේ නර්තනය, මාධ්‍යය, සහ භූගෝල විද්‍යාවයි. මේ විෂයන් හදාරලා තමයි අද මම කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් ලෙස ඉන්දියානු ආසියානු අධ්‍යයන අංශයේ භරත නාට්‍යම් හදාරමින් සිටින්නේ.

ෆාදර් සිනමා පටයේ සඳලතාගේ චරිතයට තෝරා ගන්නේ කොහොමද?

සඳලතා කියන්නේ අත්දැකීම් වලින් පිරිපුන්. අභියෝගවලට බය නැති චරිතයක්. ඒ නිසා සඳලතාගේ චරිත ස්වරූපය මගේ තරුණ කාලය හා සමාන බවත් අධ්‍යක්ෂවරයා කීපවිටක් ම සඳහන් කළා. ඒවගේම ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ කරට කර රංගනයේ යෙදෙන්න පුළුවන් විශ්වාසය අධ්‍යක්ෂවරයාට මම ගැනතිබිලා තියෙනවා. ඒ බව සඳහන් කරමින් තමා මට මේ ආරාධනාව ලැබෙන්නේ.ඕනෑම රංගන ශිල්පියකුගේ හෝ ශිල්පිනියකගේ සිහිනය තමා සිනමාව.මට ලැබුණු ඒ අවස්ථාව මම සතුටින් බාරගත්තේ මගෙත් සිහිනයක් තමයි සිනමාව කියන්නේ.

ඔබ ප්‍රථම සිනමා නිර්මාණයේ අත්දැකීම් ගැන පැවසුවොත්?

සඳලතාගේ චරිතයට මාව තෝරාගත්ත කාලසීමාවේ සිට තිර පිටපත මගේ අතට ලැබුණ දින සිට දිගටම සිනමා පටය වෙනුවෙන් තමයි මම කාලය වැය කළේ. මේ මගේ ප්‍රථම සිනමා අත්දැකීමයි. නර්තනයවත්, ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකගේ තියෙන අත්දැකීම් වත් නෙවෙයි සිනමාව කියන්නේ. එය ගැඹුරින් හැදෑරිය යුතු විෂය පථයක් බව මගේ ප්‍රථම සිනමා පටයෙන්ම අවබෝධ කරගැනීමට මට අවස්ථාව ලැබුණා. මගේ ජීවිතයට එකතුවුණු සුවිශේෂී අත්දැකීමක් ,අභියෝගයක් ලෙස මම මෙය හැමදාම තියාගන්නවා.මම එහෙම කියන්නේ රංගනයේ පරතරයට පැමිණි අතිදක්ෂ ප්‍රවීණයන් රැසක් එක්කයි මට රංගනයේ නිරතවන්නට ලැබුණේ. සිනමා පාසලකට එහා ගිය දෙයක් ඒ ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගත්ත දේ බොහොමයි. ඒ කෙටි කාල සීමාව තුළදී ඉගෙන ගත්ත දේ විශ්ව කෝෂයක් හා සමානයි. සිනමාව කියන විශ්ව කෝෂය තුළ ප්‍රවීණයන් දක්ෂයන් ඉන්න නිර්මාණයක් ඔස්සේ මගේ ප්‍රථම සිනමා රංගනේ ඉදිරිපත් කරන්න ලැබීමම මගේ භාග්‍යයක් කියලයි මම හිතන්නේ. මේ තිර පිටපතේ ජීවත් වන චරිත අදටත් ජීවමානව සිටින නිසා එය ගවේෂණය කරන්නට මම වැඩි කාල සීමාවක් සිනමා පටය වෙනුවෙන් යෙදෙව්වා. රංගන ශිල්පිනියක් ලෙස සිනමාව තුළ කළ යුතු නොකළ යුතු බොහෝ දේ මම මේ හරහා එකතු කරගත්තා. මේ සිනමා පටය හරහා තමයි මට රූපය නොවේ චරිතය කියන එකත් හොඳට අවබෝධ කරගන්නට අවස්ථාව ලැබුණේ.

සැබෑ සඳලතා ඔබව හමුවන්නේ කොහොමද?

මේ සිනමා පටයට ප්‍රථම සැබෑ චරිතය මට හමුවෙලා තිබෙනවා. ඇගේ කුඩා කල හා තරුණ අවදියේ ජීවිතයද මා හා සමාන බවද මට සඳහන් කළා. ඇය නිර්භීත සුන්දර කාන්තාවක්. සිනමා පටය රූපගත කිරීම්වලට ප්‍රථම ඇය සමඟ කතාබහ කරන්නට ලැබීමත් හරිම සතුටක්. ජීවත් වන චරිතය සඳලතාම නම්, ඇගේ තිබුණු හැඟීම් අත්දැකීම් මම ප්‍රේක්ෂකයා හමුවට ගෙනා යුතුයි.එහි ප්‍රතිඵලයක් ලෙස සඳලතා සැබැවින්ම ප්‍රේක්ෂකයා හමුවට ගෙනාවා කියලා මම සිතනවා.අධ්‍යක්ෂතුමාගේ මග පෙන්වීම යටතේ මම සඳලතාගේ චරිතය ජීවත් කරා කියලා මම හිතනවා. ජීවත් වන චරිතයයි ප්‍රති නිර්මාණය කරන චරිතයයි අතර ජීවත්වන සැබෑ චරිතය ඇයමයි කියනවා නම් මගේ ප්‍රථම සිනමා පටයේ සාර්ථකත්වය තුළ මම සතුටට පත්වෙනවා. ඒ වගේම ඇගේ තරුණ වියේ සඳලතා සැබවින් ජීවිතය විඳීනවා කියන එකත් මම ලද භාග්‍යයක් කියලයි මම සිතන්නේ.

සැබෑ සඳලතා සහ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය කුමක්ද?

සිනමා පටයේ එන සඳලතා ඩෙස්මන් අයියා උසාවියට පැමිණ බයික් එකේ රතු ලේන්සුවක් ගැට ගැසීමෙන් පසු පැමිණි ඔහුගේ සගයන්ට යන බවටට ද, සඳලතාට යන්න බයික් එකක් එවනවා. එකේ යන්න බෑ කියමින් නවතිනවා. ඒ ඩෙස්මන් අයියා උසාවියට යන බව දැකලයි සඳලතා නවතින්නේ. ඔහු නැවත උසාවියෙන් එළියට එයිද නොඑයිද කියන සැකය ඇය තුළ රඳා පැවතුණා. මේ සිදුවීම සැබෑ ජීවිතයේ ජීවත්වන සඳලතාද ඒ විදිහටම ඒ අත්දැකීම එදා විදලා තියෙනවා. ඒ බව සිනමා පටය නරඹලා එක්තරා පෝස්ට් එකක ඒබව ඇය සඳහන් කරලා තිබුණා. එහිදී ඒ චරිතය ඇය හරියට අගය කරල තිබෙනවා. සමහරක් දන්න අය අහලා තිබෙනවා අනුෂ්කී ප්‍රේමචන්ද්‍ර මේ රඟපාන්නේ කියලා. සමහරක් අයට මාව අඳුර ගන්න බැරි වුණ නිසයි එහෙම අහලා තියෙන්නේ. මගේ ස්වරූපස සියසීයට සීයක් මම ඒ වෙනුවෙන් වෙනස් කළා. ප්‍රේක්ෂකයන්ගෙන්ද විශ්වවිද්‍යාලයේ මගේ පරම්පරාවේ අයගෙන්ද අධ්‍යයනාංශවල සියලු දෙනාගෙන්ම මේ වන විට හොඳ ප්‍රතිචාර සඳලතා වෙනුවෙන් මට ලැබෙනවා. ඒ වගේම සිනමා පටයේ සියලූම අංශයන්ට හොඳ ප්‍රතිචාර මේ වන විට ලැබෙනවා.

ඔබ මේ චරිතයට ප්‍රවිෂ්ට වෙලා ඉන්නකොට මොකද හිතුණේ?

සඳලතාගේ මූඩ් එක හදාගන්න මට ටික කාලයක් ගතවුණා. මගේ ජීවිතේ මම වැඩි හරියක් නර්තනයත් එක්ක අධ්‍යාපනය සහ කාලය ගත කරන්නේ.ඒ වගේම මම සහ නංගි සුසංයෝගයෙන් සමාජ මාධ්‍ය ජාලා වලත් කරන දේවල් හරිම සැහැල්ලුවෙන් කරන දෙවල් තියෙන්නේ.සඳලතා කියන්නේ ගැඹුරු නිර්භීත ඕනෑම අභියෝගයක් බාරගන්නා චරිතයක් ය.ඒ වෙනුවෙන් මගේ සියලු රූපලාවණ්‍ය කටයුතු නැවත්තුවා. හැත්තෑව අසූව දශකයේ ජීවත් වුණු සඳලතාගේ චරිතයට එසේ නොකරා නම් මට ප්‍රවිෂ්ට වෙන්නට වෙන්නේ නැහැ. ග්‍රාමීය පරිසරයට අනුගත වෙලා හැදුණු වැඩුණු චරිතයක් සඳලතා කියන්නේ. අධ්‍යක්ෂවරයාගේ හිතේ මැවුණු සහ ජීවත්වන චරිතය ගෙන එන්නට නම් ඒ අභියෝගය ජයගන්නට නම් මම අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි සිදුවුණු සඳලතා වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලාවල සියලූම ඒජබඪමඪබඪඥඵ මම නවතා දැමුවා. තිර පිටපත සත්‍යය සිදුවීමක් නිසා අතීතය ගවේෂණය කරමින් මම ඒ චරිතයට අවතීරණ වීම සිදු කළා. සැබෑ ලෝකයේ ජීවත් වන චරිතයක් නිසා කිසි විටෙකත් අඩුපාඩුවක් නොකළ යුතුයි කියන තැන මම ගැඹුරු නිර්භීත කාන්තාවගේ චරිතයක් නිරූපණය කරන්නට මගේ හිත තුළ ආශාවක් පැන නැඟී තිබුණා. ඒ අවස්ථාව මේ ප්‍රවිෂ්ටය මට ලැබීම මම ලද සතුටක් ලෙස හැමදාම සනිටුහන් කරන්නට පුළුවන් වෙනවා. සැබෑ ලෝකයේ මම ම මේ චරිතය වුණානම් මමත් යුක්තිය පැත්තෙන් ඒ දේ ඉටු කරයි කියලා කියන්න පුළුවන්.

නර්තනය ටෙලිනාට්‍ය සිනමාව යන අනුශාංගික කලාවන් තුළ ඔබ වඩාත් කැපී පෙනෙන්නට සිතන්නේ කුමකටද?

කලාව තුළ ජීවත් වෙනවා නම් මේ සියලු දේම සමබරව සිදු කළ යුතුයි කියන තැන මම අද ඉන්නවා. උචිත සහ අනුචිත කියන කොටස් තුළ මට වඩාත් උචිතයි කියන නිර්මාණ තෝරා බේරාගෙන මම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවියන් විසින් මට දුන්න තෑග්ගක් ලෙසයි මගේ නර්තනය මම දකින්නේ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක ලෙස භරත නාට්‍යම් සම්ප්‍රදාය සමඟ අධ්‍යයන කටයුතු අවසන් කරලා මම සමාජගත වෙන්නෙත් නර්තනය තුළින්ය.අධ්‍යාපනය හා සෞන්දර්යාත්මක කියන දෙකම හෝ ඊට වැඩිය දෙවල් සමබරව කරගෙන ගමනක් යන ඕනෑම කෙනෙක්ට ඉදිරියට යන්න පුළුවන් ගමනක් තියෙනවා කියන එක මම හැමදාම විශ්වාස කරනවා.

සිනමා නිළියක් ලෙස ප්‍රථම වතාවට පුළුල් තිරයේ දකිද්දී මොකද හිතුණේ?

රංගන ශිල්පිනියක් ලෙස ජීවිතයේ සතුට දකිනවානම් සිනමාවේ තිරය මත තම රංගනය දකින්නම ඕන කියලා මට එදා ගොඩක් සතුටු හිතුණා. මගේ ජීවිතේ මම කැමතිම රංගන ශිල්පීන් සියයකට වැඩි පිරිසක් සමඟ පුළුල් තිරයේ දකින්නට ලැබුණ එක මම ලබපු ජීවිතයේ ලොකුම සතුට සහ භාග්‍යය එයයි කියලා මට හිතුණා. මගේ ජීවිතයේ සෙවණැල්ලක් වගේ සිටින මගේ අම්මා සහ සහෝදරියත් එක්ක තරංගනි සිනමා ශාලාවේ තිරය මතින් මගේ රංගනය දකින විට ඔවුන්ගේ සතුටු දැක්ක මට තවත් සතුටක් තිබුණේ නැහැ.

ත්‍රාසය මුසු වුණු සිනමාපටයක අමතක නොවක අත්දැකීම් මොනවගේද?

සඳලතාගේ චරිතයට අත්‍යවශ්‍ය රූපගත කිරීමක් විදිහට පා පැදියක් පදින දර්ශනයක් තිර පිටපතට අනුව තිබෙන බව අධ්‍යක්ෂවරයා විසින් පැවසුවා. ඒ වෙලාවේ මම එකපාරටම තිගැස්සිලා ගියා ඒ කතාව කියන විට ජීවිතයේ මම කවදාකවත් බයිසිකලයක් පැදලා තිබුණේ නෑ.ඒ වෙලාවේ නපධඤභජබඪධද එකේ හිටියේ කිසිවෙකු දැනගෙන හිටියේ නෑ මට බයිසිකල් පදින්න බැහැ කියලා. අධ්‍යක්ෂවරයා හිතලා තිබුණෙත් මට බයිසිකල් පදින්න පුළුවන් කියලයි.දර්ශන තලය ලෑස්ති කරලා රූපගත කිරීම් කරන්න සීමිත කාලයක් තියෙද්දී තමයි මගෙන් ඇහුවේ බයිසිකල් පදින්න පුළුවන් නේද කියලා. සඳලතා කියන්නේ ඕනම අභියෝගයක් බාර ගන්න චරිතයක් නිසා ඒ පැය ගාණ ඇතුළත මම බයිසිකලේ පදින්න පුරුදු වුණා. යම් චරිතයකට ප්‍රවිෂ්ට වෙනකොට ඕනෑම දෙයක් කරන්න ඕන කියන අධිෂ්ඨානයත් එක්ක අභියෝගය මට මුහුණ දෙන්නට සිදුවුණා. ඒවා ජීවිතයේ අමතක නොවන සටහන් බවට හැමදාම පත්වෙනවා. ත්‍රාසය මුසු වුණු සිනමාපටයක් නිසා මට ගොඩක් සංවේදී අත්දැකීම් මේ සිනමා පටය තුළ තිබෙනවා. මේ සිනමා පටය ගැන්ස්ටර් ට්චදඵබපච ටඪතථ එකක් නිසා ආයුධ සහ ගින්දර එක්ක දර්ශන සිදුවීම් රූපගත සිදු කෙරුණා. ඒවත් එක්ක ගනුදෙනු කරද්දී සිදුවුණු අනතුරු වගේ දේවල් මේ සිනමා පටය තුළින් මම අත්වින්ඳා. ඒ දේවල් මට සංවේදී සහ තිගැස්සෙන සිදුවීම් සහ අත්දැකීම් බවට ජීවිතයේ පත්වුණා. සැබැවින්ම අතීතයේ මෙවැනි සිදුවීම් සිදුවුණාද කියලා රූපගත කිරීම් දකින විට මට සිතා ගන්නට බැරි වුණා. ඒ සියලු දෙනාගේ දෙමව්පියන් සහෝදරයන් මොන වේදනාවක් විදින් ඇතිද කියලත් හිතුණ වාර තිබුණා. කලාත්මක, වාණිජමය හා සම්භාව්‍යය කියන ශානරයන්ට වැඩිය ඒජබඪධද බපඪචත ත්‍රාසය මුසුවුණු සිනමාපටයක චරිත නිරූපණයේදි ගතවන හැම තත්පරයක්ම චරිතය තුළ ජීවත් වන්න වෙනවා. කොයිම මොහොතකවත් එයින් මිදෙන්න බැහැ. එයත් රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට තියෙන අභියෝගයක් බවයි මම හිතන්නේ.

ඔබේ පරම්පරාව සිනමා ක්ෂේත්‍රයට හෝ කුමන කලා මාධ්‍යයකට පැමිණෙනවා නම් කුමක්ද කළ යුත්තේ?

මම හිතන්නේ නම් කලාව කියන්නේ අධ්‍යයනයකින් හා නැඹුරු තාවයකින් ගමනක් යා යුතු දෙයක් බවයි. කලාව කියන්නේ ඇත්තටම දෙවියන් විසින් අපට දුන්නු තෑග්ගක්. එය පවත්වාගෙන යන්න නම් මනා අධ්‍යයනයක් සහ ප්‍රායෝගික පුහුණුවක් තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ දේවල් නැතුව මේ කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න බැහැ. එනිසා ඒ සියලු දේවල් වලට සන්නද්ධ වෙලා මේ ක්ෂේත්‍රයට පැමිණිය යුතුයි.

ආධුනිකයෙකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන විට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය මොන වගේද?

කුඩා කල සිටා මගේ ජීවිතේ මම කැමතිම චරිත දෙකක් තමයි දිල්හානි අශෝකමාලා ඒකනායක සහ චාන්දනී සෙනෙවිරත්න කියන ප්‍රවීණයන් දෙදෙනා. ඒ දෙදෙනා සමඟ මගේ ප්‍රථම සිනමාපටයේ රූපගත කිරීම් වලට එකතු වීමම මම ලද භාග්‍යයක්. සඳලතාගේ මැදි වයසේ චරිතය රඟපාන්නේ දිල්හානි අක්කා මම තරුණ වයසේ චරිතය රඟපානවා කියන්නෙත් මම ලද ආශිර්වාදයක් ලෙසයි. මේ සිනමාපටයට එකතු වුණු සියලූම ප්‍රවීණයන් මම ආධුනිකයකු කියන තැන තිබ්බේ නැහැ. ඒ සියලු දෙනාම චරිතය කරන ආකාරය මට මනාව උපදෙස් ලබා දුන්නා.ඒ සියලු දෙනාම එකම ටීම් එකක් ලෙසයි කටයුතු කළේ. ඒ සහයෝගය නිසා සඳලතා සැබෑ චරිතය තුළ ජීවත් කරන්න මට පුළුවන් වුණා.

චරිතයට ප්‍රවිෂ්ට වීමේදී අධ්‍යක්ෂවරයා ගෙන් උපදෙස් මොනවාද?

නවකයෙකු ලෙස මට විශාල උපදෙස් තොගයක් අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණා. ඩෙස්මන්ඩ් අයියාගේ රූපගත කිරීම් තුළ ප්‍රවීණ පිරිමි කණ්ඩායමක් තුළ එකම කාන්තා නියෝජනය වන්නේද මමයි. අධ්‍යක්ෂවරයා මට දුන්න එකම උපදේස තමයි ඔවුන්ගේ රංගනයන් තුළ මගේ රංගනය කිසිවිටක දෙවැනි නොවිය යුතු කියන එක සඳලතා කියන්නේ අභියෝග ජය ගන්න කාන්තාවක්. ඔවුන් සමඟ කරට කර චරිතය නිරූපණය කළ යුතු කියන තැන අධ්‍යක්ෂවරයා හැමවෙලේම මට සඳහන් කළා. ඔහු මට ලබා දුන්න උපදෙස් මත මම ඒ චරිතයට සාධාරණයක් කළා කියලා මම හිතනවා. අතිතයේ අහල තිබුණු කතන්දර අලුත් පරම්පරාවේ අපිට මේ ආකාරයෙන් රංගනයේ යෙදෙන්නටත් දැකගන්නට ලැබීමත් මම කළ පිනක් ලෙසයි මම දකින්නේ.

ෆාදර් සිනමා පටයට පාදක වුණු සැබෑ චරිතය මුණගැහි තිබෙනවාද?

ඔව්, මට ඔහුව මුණ ගැසී තිබෙනවා. ඒ සිනමා පටයේ මුහුරත් උලෙළට ආපු මුල්ම දිනයේය. ඒත් මංගල දර්ශනයට ඇවිත් තිබුණත් ඔහුව මට මුණ ගැසුනේ නැහැ. මේ සිනමාපටය නැරඹීම තුළ ඔහු ඇත්තටම හරිම සතුටු වෙලා තිබෙනවා.ඔහුට කියාගන්න බැරිවුණු කතාවක් ඔහුගේ ජීවිතයේ අත්වින්ද දෙයක් අසාධාරණය යුක්තිය වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් වෙනුවෙන් අද එක්තරා විදිහකට ඔහුට සාධාරණයක් සිද්ධ වුණා වගෙත් හිතෙනවා. විනිශ්චය අවිනිශ්චිතයි කියන්නේ ඒ නිසයි.

ඩෙස්මන්ඩ් වෙනුවෙන් පීතෘත්වය සෑම මොහොතකම ඉදිරියට පැමිණ පෙනී සිටින ආකාරයට ඉස්මතු කරන ආකාරයට සාධාරණයක් ඉෂ්ට කරලා තිබුණු බවත්, අතීතය සහ වර්තමානයට සිනමා පටය නිර්මාණය කරලා ඔහුට සාධාරණයක් ඩෙස්මන් ඉටු කර බව අධ්‍යක්ෂ සහ නිෂ්පාදක දෙදෙනාම සඳහන් කරලා තියෙනවා.

තරුණ රංගන ශිල්පිනියකට ආදරය කොහොමද, දැනෙනවාද?

මට තවම ඒ වගේ බැරියර් නෑ. ගෙදර උපදේශන සමඟ තමයි මම හැම වෙලේම කටයුතු කරන්නේ. තව කල් තියෙනවා ඒ දේට උත්තර දෙන්න.

ඔබේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය සහ ඉදිරි බලාපොරොත්තු මොනාටද?

මගේ තාත්ති මම කුඩා කාලයේදීම නැති වෙලා. ඒ අඩුව දැනෙන්න දෙන්නැතුව පවුලේ ජීවිතය කරට අරගෙන මගේ අම්මා මගේ පිටුපසින් සිට මේ ගමන එන්නට මට මගේ නිවුන් සහෝදරියත් සමඟ සහෝදරියන් හතර දෙනා එක්ක එකතුවෙලා උරදෙනවා. සිනමා පටයේ ඩෙස්මන් අයියාගේ තාත්තා හරිම නිර්භීත කෙනෙක්. ඩෙස්මන් ඕ අයියා ආරක්ෂා කරන ආකාරයට මගේ තාත්තත් මට අසාධාරණයක් වුණ වෙලාවට සිටියා නම් ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන්නේ එහෙ නම් තාත්තා කියලා හිතුණ වාර තිබුණා. ඒත් ඒ අඩුව ජීවිතේ අම්මා හැමවෙලේම පිරෙව්වා.

එනිසා රංගන කටයුතු සහ අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන යන්න සහ මගේ පවුලේ අය එක්ක සතුටින් ආදරයෙන් ඉන්න තමයි එකම බලාපොරොත්තුව තිබේන්නේ. මේ වනව්ට ටෙලි නාට්‍ය දෙකක අපි දෙදෙනා රංගනයෙන් එකතු වුණ රූපගත කිරීම් සිදුකර අවසන්ය. ඒවා ඉදිරියේදී විකාශය වීමටත් නියමිතයි. අලුත් තිර පිටපත් කිහිපයක්ම ලැබිලා තිබෙනවා. ඒවා කියවමින් ඉන්නේ. එයින් හොඳ නිර්මාණ කිහිපයක් තෝරා බේරාගෙන ඉදිරියේදි කටයුතු කරන්න තමයි අදහසක් කරන්නේ. විශේෂයෙන් කියන්න තියෙන්නේ ෆාදර් සිනමා පටය මෙතෙක් නරඹලා නැති ප්‍රේක්ෂකයන් ඉන්නවා නම් සඳලතා වෙනුවෙන් එය නරඹන්න කියලයි.

සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT