මෙරට පළමු සිනමා පුවත්පත ලෙස ‘සිනමා’ පුවත්පත ඇරැඹෙන්නේ 1952 වසරේ දී රොබට් ජයවර්ධනයන්ගේ පුරෝගාමීත්වයෙනි. ඉන් වසර එකොළහකට පසුව පත්තර මහගෙදරින් සරසවිය පුවත්පත බිහිවන්නේ රංජිත් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් 1963 අප්‍රේල් 10 වැනිදා ය. එය මෙරට බිහිවූ 46 වැනි සිනමා පුවත්පත ලෙස ඉතිහාසයට එක්වන්නේ සුප්‍රකට කවියකු මෙන්ම තිර පිටපත් රචකයකු වන පී. කේ. ඩී. සෙනෙවිරත්නයන් විසින් යොදන ලද සරසවිය නාමය ද සමඟිනි. සරසවිය පුවත්පත ඇරැඹීමේ නැකත බඹරැන්දේ සිරි සීවලී හිමියන් විසින් සාදා දුන්හ. මේ සියල්ලේ විශේෂ ගෞරවය හිමිවිය යුත්තේ පත්තර මහගෙදර නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ටය. සරසවිය පුවත්පතට සමගාමීව 1964 මැයි 9 වැනිදා සරසවිය සම්මාන උලෙළ බිහිවූවේ ද රංජිත් විජයවර්ධනයන්ගේ මූලිකත්වයෙනි. ගෙවුණු වසර 60 පුරා විවිධ හැඩයෙන් සිනමා පුවත්පත් 115ක් බිහිවුව ද මේ වන විට ඉන් 114ක්ම නැවතී සරසවිය පුවත්පත පමණක් කලාවේ උන්නතිය උදෙසා අභිමානවත් ලෙස වැජඹෙමින් සිටියි.
.
ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර
011 2 429 586
011 2 429 587
011 2 429 429
Web Advertising : (+94) 112 429 315