Home » ශ්‍රී ලාංකේය සිනමාවේ 79 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ 54 වැනි සංවත්සර සැමරුම

ශ්‍රී ලාංකේය සිනමාවේ 79 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ 54 වැනි සංවත්සර සැමරුම

by mavan
January 22, 2026 9:03 am 0 comment

ශ්‍රී ලාංකේය සිනමා 79 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථා 54 වැනි සංවත්සරය සැමරුම වෙනුවෙන් ශශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.

එහි ප්‍රධාන සංවත්සර උත්සවය ඊයේ දින (21දා) සවස 3.00 ට තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි ප්‍රධානත්වයෙන් සහ කලාකරුවන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

එයට සමගාමීව ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ඩිප්ලෝමාලාභී අනුර දහනායකගේ ‘සිනමා නදියේ උඩුගං බලා’ ග්‍රන්ථය සහ චිත්‍රපට සඟරාවේ නවතම කලාපය එළිදැක්විණ. මෙම වැඩසටහන් මාලාවේ තවත් එක් අංගයක් ලෙස චිත්‍රපට අලෙවිකරණය පිළිබඳ Masterclass (ආරාධිතයන් සඳහා පමණයි) 2026 ජනවාරි 23 දා (හෙට) පෙ.ව 9.30 සිට ප.ව 1.30 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි ජෝ අබේවික්‍රම කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතයි. එහි සම්පත් දායකත්වය මහාචාර්ය ෆිනෝලා කෙරිගන් (Professor Finola Kerrigan – Markerting Professor – University of Birmingham UK)  සිදු කෙරෙනු ඇත.

සංවත්සර සිනමා දැක්ම – තරංගනී සිනමා ශාලාවේදි

(ඇතුළුවීම නොමිලයේ)

* ජනවාරි 22 – ප.ව 5.00 – තුංමං හන්දිය
* ජනවාරි 23 – ප.ව 5.00 – වත්සලා අක්කා
* ජනවාරි 24 – පෙ.ව 10. 30 – කොළඹ සන්නිය

ප.ව 2.00 – මී හරකා
ප.ව 6.30 – සාරවිට

ජනවාරි 25
පෙ.ව 10.30 – හුලවාලි
ප.ව 2.30 – nඑදත් සූරයා අදත් සූරයා
ප.ව 6.30 – මගේ වම් අත

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT