ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 79ක් සපිරෙන මොහොතක පසුගිය ජනවාරි 22 වැනි දින අපුරු කරතව්‍යයක් පාර්ක් ස්ට්‍රීට් මියුස්හි, ද ස්ටේබල්ස්හිදී සිදු විය. ඒ ‘සිලෝනයේ කවි තුනක්’ යන තේමාව යටතේ චි්රතපට ප්‍රදර්ශනයක් පැවැත්වීමයි. මෙම චිත්‍රපට ප්‍රදර්ශනයෙහි ආරම්භක චිතපටය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ නිර්මාණය කෙරුණු‘The Song of Ceylon (1934) නම් වාර්තා චිත්‍රපටයයි. ‘The Song of Ceylon’ යනු ලංකාවේ පළමු වාර්තා චිත්‍රපටයයි. එය 1930 දශකයේ ලංකාවේ පැවති සමාජ තත්ත්වය පිළිබිඹු කරන චිත්‍රපටයක් ලෙස නිර්මාණය විය. ඊට අනුග්‍රහය දක්වා ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකා තේ මණ්ඩලයයි. අධ්යක්ෂවරයා වූයේ බැසිල් රයිට් ය. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ වාර්තා චිත්‍රපටකරණයේ පුරෝගාමියා වූ ජෝන් ග්‍රියර්සන් ය. මෙම වාර්තා චිත්‍රපටය ලාංකිකයන් නැරඹිය යුතු වැදගත් චිත්‍රපටයකි. චිත්‍රපටයේ පසුබිම් කථනය ඉදිරිපත් කරන්නේ ලංකාවේ සුප්‍රකට ජායාරූප ශිල්පියෙකු වන ‘ලයනල් වෙන්ඩ්ට්’ විසිනි. ‘The Song of Ceylon” හෙවත් “ලංකා ගීතය” යනු රූපවලින් ගෙතූ කාව්‍යාත්මක සිනමාපටයකි. “The Song Of Ceylon” හෙවත් ලංකා ගීතය දැනට ඉතිරිව ඇති ලංකාවේ රූ ගත කරන ලද පැරණිම සිනමාපටය ලෙස සැලකෙයි.
ලංකා ගීතය අපට කීප අයුරකින් වැදගත් වන්නක්. එවක මෙරට ජන ජීවිතයේ රඟ සොබාව කෙබඳුදැයි යන්නට එය සජීවි සාධකයකි. ලොව මෙතෙක් බිහිවූ හොඳම වාර්තා චිත්‍රපට අතුරින් එකක් ලෙස ලංකා ගීතය ලොව චිත්‍රපට විචාරකයෝ හඳුන්වති.. අධ්‍යක්ෂණය බැසිල් රයිට්ගේ. ලංකා ගීතයේ තිර පිටපත රචනා වූයේ රොබට් නොක්ස්ගේ එදා හෙළදිව (An Historical Relation Of Island Ceylon) නමැති කෘතිය ඇසුරිනුයි..ලංකා ගීතයේ සංගීතය නිර්මාණය කළේ වෝල්ටර් ලේ විසිනි. ඒ සඳහා ඔහු කාලයක් ලංකාවේ ජීවත් වෙමින් අපේ දේශීය සංගීත නාද මාලා පිළිබඳව හැදෑරීමෙන් පසුවයි එහි සංගීතය නිර්මාණයට අතගැසුවේ. චිත්‍රපටයේ නාමාවලිය අතරතුර ශ්රවණයවන්නේ ගජගා වන්නමේ නාද මාලාවයි. එය වරින් වර විවිධ අවස්ථාවන්හි අපට අසන්නට ලැබෙනවා. එය ගායනා කරන්නේ දේවාර් සූර්සේන විසිනි. ඔහු වීරමලේ රොන් ගෙන යන්නා වැනි එවක ජනප්‍රිය ගීත ගායනා කළ සුප්‍රසිද්ධ ගායකයෙකි.
ලංකා ගීතය සිනමා පටය නිර්මාණය සඳහා දායකත්වය සැපයූවේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් තේ මණ්ඩලයයි. එවක මෙරට නිෂ්පාදනය කළ ලංකා තේ සඳහා සිටි විශාලතම ගැනුම්කරුවා වූයේ එම ආයතනයයි. ලංකා තේ සඳහා වැඩි ප්‍රචාරයක් ලොව පුරා ලබා දීම ඔවුන්ගේ අරමුණ විය. එම නිසා ලංකාව හෙවත් එදවස හැඳීන් වූ සිලෝනය පිළිබඳ කදිම වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඔවුන්ට අවශ්‍ය විය. ලොව වාර්තා චිත්‍රපටකරණයේ පියා ලෙස සැලකෙන ජෝන් ග්‍රියර්සන්ගේ පාලනය යටතේ බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහයෙන් ක්‍රවුන් ෆිල්ම්ස් නමින් චිත්‍රපට ආයතනයක් එවක ලන්ඩනයේ පැවතිණ. එහි කාර්යභාරය වූයේ රටේ කිසියම් ව්‍යාපෘතියක් පිළිබදව හෝ වැදගත් සිදුවීම් අලළා වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීමයි. ඒ නිසා ලන්ඩන් තේ මණ්ඩලය ලංකාව පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ වගකීම එම ආයතනයට පැවරිණ.
කැමරා ශිල්පි ජෝන් ටේලර්, සංගීත අධ්යක්ෂ වෝල්ටර් ලේ සමඟ ඔහු ලංකාවට පැමිණෙන විට තමන් නිර්මාණය කරන චිත්‍රපටය පිළිබඳ කිසිදු තිර පිටපතක් ඔවුහු සතුව තිබුණේ නැහැ. මේ පිරිසට ලංකාව පිළිබඳ තොරතුරු ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය තොරතුරු සපයා දුන්නේ ලයනල් වෙන්ඩ්ට් විසිනි. ඔවුන් ප්‍රථමයෙන් තමන් නෙත ගැටුණු සියලු සුන්දර ස්ථාන කැමරා කාචයට හසුකර ගත්හ. අලි ඇතුන්, පෙරහැර, ධීවරයන්, බලි තොවිල්, ජන ජීවිතය ආදි සියල්ල ඔවුහු රූපගත කළහ.
ලංකා ගීතය පරිච්ඡේද හතරක ඔස්සේ ඉදිරිපත් වෙයි. එහි පළමු කොටස “The Buddha” වේ. ඉන් බුදු දහම හා ලාංකේය වැසියන් අතර පවතින බැඳීම, බලි තොවිල්, සිරිපා කරුණාව වැනි සිදුවීම් ඇසුරින් බුදුන් වහන්සේ පිළිබඳ කදිම රූපමය විග්‍රහයක් ඉදිරිපත් කෙරෙයි. දෙවැනි කොටස ලෙස “The Virgin Island” හරහා මෙරට ගැමි ජීවිතය, අලි ඇතුන්, සාරධර්ම හා සමාජ ජිවිතය, ධීවර කර්මාන්තය, කෘෂි කර්මාන්තය වැනි අංශ නිරූපණය වෙයි.
තුන්වැනි අංගය ලෙස “The Voices Of Commerce” තුළින් තේ, පොල්, රබර් හා ආනයන, අපනයන පිළිබඳව සාකච්ඡා කෙරෙයි. සිව්වැනි අංගය ලෙස “The Apparel of a God” පරිචය හරහා ස්වභාවික සෞන්දර්ය, නර්තනය, හා ගල්විහාරය පිළිබඳ රූප ජේදනය වෙයි. සමස්ත චිත්‍රපටය තුළින් බැසිල් රයිට් උත්සාහ කර ඇත්තේ අපේ ජන ජීවිතයේ රිද්මය ග්‍රහණය කර ගැනීමටයි. රූපයත් ශබ්දයත් අතර අපූරු නිර්මාණාත්මක සංකලනයක් ලංකා ගීතයේ දැකිය හැකි ය. පසුකාලීනව මෙරටින් බිහිවූ බොහෝ වාර්තා හා වෘත්තාන්ත චිත්‍රපටවල ලංකා ගීතයේ සෙවණැල්ල දැකිය හැකි වූ බව සිනමාවේදි ආචාර්ය තිස්ස අබේසේකරගේ මතයයි.
ඉන්පසු ගතවූ දශක කිහිපය තුළ අධ්‍යක්ෂවරයන් දෙදෙනෙක් විසින් ලංකාවේ ජන ජීවිතය වෙතට කැමරාව හරවන්නට පටන් ගත්හ. සිලෝනයේ කවි තුනෙන් බැසිල් රයිට්ගේ “The Song Of Ceylon” වාර්තා චිත්‍රපටයෙන් පසුව මාර්ක් ලපෝර් අධ්‍යක්ෂණය කළ “A Depression in the Bay of bengal” වාර්තා චිත්‍රපටය සහ ලලීන් ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද “A SONG OF CEYLON” චිත්‍රපටයයි.
‘සිලෝනයේ කවි තුනක්’ ප්‍රදර්ශනය මෙම සෑම සිලෝනයේ ගීතයක් ම සමකාලීන කලාකරුවන්ගේ මෑත කාලීන චලන රූප කෘති සමඟ සංවාදයකට ගෙන එයි. ඒ හරහා චලන රූප මාධ්‍යය යොදාගනමින් සංවාදයක් හෝ කතිකාවතක් ගොඩනැඟීම මෙම ප්‍රදර්ශනය හරහා අරමුණු කරයි. තිනාල් සජීව සහ නිමායා හැරිස්ගේ සහාය ඇතිව සන්දේව් හැන්ඩි විසින් අභිරක්ෂණය කරන ලද මෙම ප්‍රදර්ශනය, බානි අබිදි (1971), බැසිල් රයිට් (1907–1987), ඉමාද් මජීද් ( 1991), ජෝන් ග්‍රියර්සන් (1897–1972), ලලීන් ජයමාන්න ( 1947), ලයනල් වෙන්ඩ්ට් (1900–1944), මාර්ක් ලපෝර් (1952–2005), රොසලින්ඩ් නශශිබි (1973) , ශරිකා නවමනිගේ (1990), සහ වෝල්ටර් ලේගේ (1905–1942) කලාකෘති ප්‍රදර්ශනය වෙයි.
‘සිලෝනයේ කවි තුනක්’ ප්‍රදර්ශනය කරනු ලබන්නේ Art Exchange: Moving Image වැඩසටහනේ කොටසක් වශයෙනි. Art Exchange: Moving Image වැඩසටහනට සහාය බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් වන අතර එය සංවිධානය කරනු ලබන්නේ LUX සහ Art South Asia Project මඟිනි. මෙම ප්‍රදර්ශනය සඳහා පාර්ක් ස්ට්‍රීට් මියුස්, ගොතේ ඉන්ස්ටිට්යුට් ශශ්‍රී ලංකා, ෆුල්බ්රයිට් ශ්‍රී ලංකා සහ ශ්‍රී ලංකා අධ්‍යයනය සඳහා වන ඇමරිකානු ආයතනය වෙතින් සහයෝගය ලැබේ. MMCA ශශ්‍රී ලංකා වෙත ඔවුන්ගේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු වන ජෝන් කීල්ස් පදනමෙන් සහ, MMCA ශ්‍රී ලංකා ආදිකර්තෘ අනුග්‍රාහකයින්ගේ සහය ලැබේ.
”The Song of Ceylon” චිත්‍රපටයට සමගාමීව තවත් වාර්තා සහ වෘත්තාන්ත චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනය වෙයි. මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණේ ශශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය විසිනි. අපුරු වූ වටිනා ව්‍යාපෘතියකි. මෙම චිත්‍රපට ප්‍රදර්ශනය පෙබරවාරි 11 වැනිදා දක්වා කොළඹ “පාර්ක් ස්ට්‍රීට් මියුස්හි, ද ස්ටේබල්ස්” (The Stables, Park Street mews) පරිශ්‍රයේදී පැවැත්වෙන අතර ඕනෑම අයෙකුට පැමිණ චිත්‍රපට නැරඹීමේ හැකියාව ඇත.
