Home » ශ්‍රියාණි අමරසේන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට

ශ්‍රියාණි අමරසේන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට

by mavan
October 30, 2025 10:33 am 0 comment

ප්‍රවීණ රංගවේදිනි ශි‍්‍රයාණි අමරසේන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට එක්වන්නීය. ඇය විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරනු ලබන ‘සොලියුලොයිඩ් ප්‍රේමයක්’ නම් එම වේදිකා නාට්‍යයේ පුහුණුවීම් මේ දිනවල කොළඹ සුදර්ශී ආයතනයේදී සිදුකරනු ලබයි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ද ශි‍්‍රයාණි අමරසේන විසින් වන අතර රත්නා ලාලනී ජයකොඩි, රොෂාන් පිලපිටිය, රුවන් වික්‍රමසිංහ, දේවින්ද වික්‍රමසිංහ, කීත් රංග සහ යශෝධරා මානගේ රංගනයේ එක් වෙති. ශි‍්‍රයාණි අමරසේන මින් ඉහත ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකාවක් ලෙසින් ටෙලි නාට්‍ය ගණනක්ම අධ්‍යක්ෂ කරමින් පුංචි තිරයේ ජනපි‍්‍රයත්වයට පත්වුවද. ඇය විසින් වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ප්‍රථම වතාවටය. වේදිකාව ශ්‍රියාණිට නුදුරු නුපුරුදු තැනක් නොවේ. ඇය මෙරට කලාවට පිවිසෙන්නේ ද දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරිබෑනා’ නාට්‍යයේ ගම දුවගේ චරිතය රඟපාමිනි. ‘සොලියුලොයිඩ් ප්‍රේමයක්’ වේදිකා නාට්‍යය හරහා ඇය කලකට පසු වේදිකා නාට්‍ය රංගනයට එක් වේ.
ශි‍්‍රයාණි මින් ඉහත චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් ලෙසින් නමක් දිනාගෙන සිටි අතර ‘සොලියුලොයිඩ් ප්‍රේමයක්’ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරමින් වේදිකා නාට්‍ය නිෂ්පාදනයට ද එක්වන්නීය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT