ජනපි‍්‍රය රංගන ශිල්පී විජය කුමාරතුංගයන්ගේ 80 වැනි ජන්ම දින අනුස්මරණය පිණිස මාලඹේ හොරයිසන් විශ්වවිද්‍යාලයීය (Horizon Campus) Roteract තරුණ එකමුතුව විසින් සංවිධානය කරන ලද හෙළ රූ සමඟ ‘විජයාවර්ජන’ විජය සිනෙ දසුන් චිත්‍රපට උලෙළ පසුගිය දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පවත්වන ලදී
චිත්‍රපට දැක්ම ආරම්භ වූයේ යසපාලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘තුෂාරා’ චිත්‍රපටය තිරගත කරමිනි.
එදින සමාරම්භක දෙසුම සරසවිය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් පවත්වන ලදි. ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ ‘මහගෙදර’, ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ‘පාරදිගේ’, ‘බඹරු ඇවිත්’ යන චිත්රපටද මේ උලෙළේදී තිරගත කෙරේණි.
