31
ලොව පිළිගත් සිනමා සම්මාන උලෙළක් වන කල්කටා අන්තර්ජාතික සම්මාන උලෙළ පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර එය පවත්වන ලද්දේ තිස් එක් වැනි වරටයි. එහිදී හොඳම අධ්‍යක්ෂණයට හිමි ගෝල්ඩන් රොයල් බෙංගාල් ටයිගර් සම්මානය “රිවස්ටන්” චිත්‍රපටය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ලලිත් රත්නායක විසින් හිමිකර ගෙන ඇත.
ඒ වෙනුවෙන් ඔහුට වටිනා මුදල් ත්‍යාගයක් ද පිරිනමා ඇත.
