Home » රැයක් හෝ පැයක් 30 වැනි දා සිට දිවයින පුරා

රැයක් හෝ පැයක් 30 වැනි දා සිට දිවයින පුරා

ඉන්දු-ලංකා හවුල් නිෂ්පාදනයක්

by mavan
October 23, 2025 1:19 pm 0 comment

ප්‍රකට රංගන ශිල්පී ලාල් වීරසිංහ විසින් අධ්‍යක්ෂණය කළ ‘රැයක් හෝ පැයක්’ සිනමා පටය එළැඹෙින 30 වැනි දා සිට එම්.පී.අයි. ප්‍රදර්ශන මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා තිරගත වීම ඇරඹේ. ඉන්දු ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙසින් තිරගතවන මෙහි, චන්න පෙරේරා, ලාල් වීරසිංහ, දිල්රුක්ෂි වීරප්පෙරුම, කුමාර ජයකාන්ත, රජිත හිරාන්, නොෂින් ද සිල්වා සමින් රුද්‍රා, සන්ජනා නයිදු, යෝගිරාම් ඇතුළු ඉන්දියානු රංගන ශිල්පීන් රැසක් ද රංගනයෙන් එක්වෙති.

ආර් කුලන්දායි යේසු කතාව සහ තිර රචනය ලියූ මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් තංගයියා මාඩසාමි, කලා අධ්‍යක්‍ෂණයෙන් එම් සෙල්වරාජ් සමඟින් නාලක කුරුප්පුආරච්චි, සටන් අධ්‍යක්ෂණයෙන් ෂේන් ආර්යන් සමගින් එස්.ආර්. මුරුගන්,

සහය අධ්‍යක්ෂණයෙන් චාමර බලන්ගොඩ සාධුනී ජයපත්මා සුබ්‍රමණි, ගීත ගායනයෙන් නොයෙල් රාජ් පීරිස්, චම්පා කල්හාරි, දිනූෂ නානායක්කාර, ශෂිකා මධුෂානි ද, ගීත රචනයෙන් සුනිල් ධර්මසිරි සමඟින් හර්ෂ උඩකන්ද, පසුබිම් සංගීත අධ්‍යක්‍ෂණයෙන් සජිත් ඇන්ඩසන් සමගින් සම්පත් ප්‍රනාන්දු, විධායක නිෂ්පාදනයෙන් මංජුලා ද සිල්වා සහ නිශාන්ත ප්‍රදීප් නිෂ්පාදනය ධනුෂි ප්‍රේමරත්නගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT