Home » රාස් චිත්‍රපටයේ රූගත කිරීම් කොළඹ අවටදී

රාස් චිත්‍රපටයේ රූගත කිරීම් කොළඹ අවටදී

by mavan
October 23, 2025 1:21 pm 0 comment

ශේන් නීලම් තිරරචනය කරමින් අධ්‍යක්ෂණය කරන රාස් චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල කොළඹ අවට දී සිදුකෙරේ.

යොවුන් නළු නිළි දෙපළක් වන නිමේෂ් එදිරිසිංහ සහ සප්නා පාදුක්ක මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

මීට අමතරව වීණා ජයකොඩි, දුලීකා මාරපන, කපිල සිගේරා, සරත් දික්කුඹුර, තත්සරණී පියුමිකා, වේලා රාමමූර්ති, නයෝමි තක්ෂිලා, පැතුම් රුක්ෂාන්, දිල් මිහිරාජ්, ආකාශ් බුද්ධි, සඳනි වක්කුඹුර සහ සන්දීප් සමරනායක රංගනයෙන් දායක වෙති.

මෙහි කැමරාකරණය රෙජී සෙල්වරාජා වන අතර ආලෝකකරණය අමිල ප්‍රදීප් ගෙනි.

වේශ නිරූපණය සිදුකරනු ලබන්නේ ප්‍රියා දිසානායක විසිනි. ධනංජය අලහකෝන් විසින් කලා අධ්‍යක්ෂණය සිදු කරන රාස් චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කෝෂිලා මධුෂානී විසිනි.

රාස් චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරුන් ලෙස අලංක ඩී. කළුආරච්චි සහ සන්දීප් සමරනායක කටයුතු කරති.

රාස්, අශෝක ජයකොඩිගේ දෙවැනි සිනමා නිෂ්පාදනයයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT