දිවයින පුරා අති සාර්ථකව තිරගත වු මෝඩ තරිඳු සිනමා පටයේ දින 100 සැමරීම පසුගිය දින අත්තිඩිය ඊගල් ලෙක්සයිඩ් හෝටලයේදි පැවැත්විණ. තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන තිර පිටපත ලියා තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ මෝඩ තරිඳු විධායක නිෂ්පාදනයෙන් අමිල ද සිල්වා, තුෂාරි ප්‍රනාන්දු, හසිත වර්ණසූරිය, දිනේෂ් ගමගේ, නන්දසේන ඉඹුලාන සහ තිසර මංගල බණ්ඩාර එක්වූහ. රේඛීය නිෂ්පාදනය උදිත ලක්මාල් කහඳවආරච්චිත් විසින් සිදුකරන ලදි.
දින 100 සැමරීම මුල් කරගනිමින් එයට සහභාගි වූ සියලු රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් සහ නිෂ්පාදනයට උරදුන් සියලු දෙනාම මෙහිදී ඇගැයීමට ලක්කෙරිණ. එමෙන්ම සිනමාපටය වෙනුවෙන් මාධ්‍ය ප්‍රචාරය ලබා දුන් මාධ්‍යවේදීන්ට විශේෂ දිනුම් ඇදිමක්ද සිදුකෙරිණ. එයින් ජයග්‍රහණය ලැබුවන්ට සියලු පහසුකම්වලින් යුතුව හෝටලයක දිනක් ගත කිරීමට අවස්ථාව හිමිවිය.
