5
මොරටුව මහ නගර සභාව විසින් පවත්වනු ලබන වාර්ෂික ‘සාහිත්‍යාංජලී’ සාහිත්‍ය කලා මහෝත්සවය පසුගිය දා මොරටුව බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
මීට සමගාමීව මොරටුව පුරවරයේ ප්‍රවීණ කලාශිල්පියෙකු වූ ජනප්‍රිය ගායක පුන්සිරි සොයිසාට සාහිත්යාංජලි මොරටු පුත්‍ර ගෞරව සම්මානය පුද කරන ලදි.
මෙම සාහිත්‍ය මහෝත්සවය සඳහා මොරටුව නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු ඇතුළු කලාකරුවන්, සාහිත්‍යවේදීන්, විද්වතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ. මෙහිදී සාහිත්‍ය තරඟාවලියෙන් ජයග්‍රහණය කළ සියලුම දෙනාට සම්මාන සහ සහතිකපත් ප්රදානය කිරීමද එදින සිදුකරන ලදි.
