මෙරට ටෙලි නාට්‍ය සහ සිනමා ඉතිහාසයට නොයෙක් නිර්මාණ තිළිණ කළ නිර්මාණකරුවකු ලෙසින් සනත් අබේසේකර සුවිශේෂී නිර්මාණකරුවකු වශයෙන් හඳුනාගත හැකිය. බොහෝවිට ඔහු බෞද්ධ තේමා යටතේ නිර්මාණ කරන්න වඩාත් ප්රසිද්මය ඒ හා සම්බන්ධයෙන් නොයෙක් අවස්ථාවන්වලදී ඔහු ලද සම්මානයන්ද බොහෝය. ශ්‍යාමෝපාලි මහානිකය ශශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය ශශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව මගින් ආශිර්වාද සන්නස්පත්රයකින් ද ඔහු පිදුම් ලබා ඇත. එසේම 2011 වසරේ ජාත්‍යන්තර සම්බුද්ධ ජයන්ති බෞද්ධ චිත්‍රපට උලෙළේ විශිෂ්ටතම සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවේය 2022 ලලිත කලා සම්මානයන් ද අස්ගිරි විහාර පාර්ෂවය වෙනුවෙන් බෞද්ධයා නාලිකාවෙන් සහ ශශ්‍රී ලංකාව සබරගමු අමරපුර සාම ශශ්‍රී සංඝ සභාවෙන් පිරිනැමුණ කලා කීර්ති ශශ්‍රී හා ශශ්‍රී සුජන චිත්ත සද්ධානන්දකර සිනමාලේඛීය විභූෂණ යන ගෞරව නාමයන්ගෙන්ද ඔහු පිදුම් ලබා ඇත.
සනත් අබේසේකර පිළිබඳ මේ දිනවල කතාබහට ලක්වන කාරණාව වන්නේ ඔහු විසින් විරචිත කැලණි මුල්ලේරියා ප්‍රෞඪ ඉතිහාසය සිනමා ඇසින් නම් ග්‍රන්ථය නිසාවෙනි. පසුගියදා කැලණිය රජමහ විහාරයේ පැවැති අති උත්කර්ෂවත් දොරට වැඩුම් උලෙළකදී මෙකී ග්‍රන්ථයේ දොරට වැඩියේය. ලේඛන කලාව යන්න සනත්ට අරුමයක් නොවන්නේ ඔහු කලක් පුරා සිනමා පුවත්පත් කලාවේදියෙකු වශයෙන් කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් නිසාවෙනි. කෙසේ වුවද, සනත් 1988 වසරේ ජාතික කතෝලික සිනමා පරිසරයේ ශිෂ්‍යයකු ලෙසින් සිනමා හා රූපවාහිනී පාඨමාලාව හදාරමින් කලා ක්ෂේත්රයට පිවිසියෙකි. මුල් කාලයේ ඔහු වෙදකම ඇසුරු කරමින් මොනරු හඬලති, දොන්ත බබක්කා, අශ්ව ගුඩුංගුඩුං, කළු බළල්ලු වැනි වේදිකා නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කළේය. ඉන්පසු ඔහු ටෙලි නාට්‍ය ක්ෂේත්රයට අවතීර්ණ වූයේය. 1994 වසරේ එම් ටීවී රූපවාහිනී නාළිකාවෙන් විකාශය වූ කුරුස හන්දිය ඔහුගේ පළමු ටෙලි නාට්‍යය නිර්මාණය විය ඉන් පසුව අතිශයින් ජනප්‍රිය වූ ටෙලි නිර්මාණ වූ දෙවෙනි අම්මා, දරුවන්ගේ අම්මලා, හිඳීගොල්ලේ තොටුපල, දළ ඇති හංසයෝ, දඩයක්කාරයා, දඹුලුගල සක්මන, ආදරයට වෙස්බැන්දා, ඉගිලෙන තරු, සත්මාල ගිරවී, දිලිසෙන සල්ලි, මොනර කිරිල්ලි, සමනළයාණෝ සඳවතක සේයා, මීදුම ඔබයි, දෙවන ආත්මය, උරුමයක අරගලය, ඉරුදේව, මහා විරු පණ්ඩු, අසිරිමත් දළදා ගමන, සපත්තු, අවුරුදු බෝනස් කැවිලි පිඟාන ඇතුළු ටෙලි නාට්‍ය රැසක් ඔහු විසින් නිර්මාණය කළේය.
ඔහු නිර්මාණය කළ මහින්දාගමනය චිත්‍රපටය 2011 වසරේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපටය බවටද පාත්‍ර විය. ඉන්පසු මහරජඅජාසත්, අනගාරික ධර්මපාල, ගුත්තිල වැනි ඓතිහාසික බෞද්ධ චිත්‍රපට රැසක් නිර්මාණය කළේය.
මෙවර සනත් විසින් එළිදැක්වූ ග්‍රන්ථය නිර්මාණය වූයේද චිත්‍රපටයක් වෙනුවෙන් ඔහු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.
“ඇත්තටම මුල්ලේරියාවේ ඉතිහාසය ගැන මම හැදෑරුවේ ඒ ඇසුරින් චිත්‍රපටයක් කරන බලාපොරොත්තුවෙන්. නමුත් ඒක දින දින කල් ගියා ඒ නිසා මම හිතුවා තවදුරටත් අධ්‍යයනය කරලා ග්රන්ථයක් එළි දක්වන්න. ඒ අනුව තමයි කැලණි මුල්ලේරියා ප්‍රෞඪ ඉතිහාසය සිනමා ඇසින් ග්‍රන්ථය දොරට වැඩියේ. මේ පර්යේෂණය හරහා චිත්‍රපට දෙකක් කරන්න තිර පිටපත් දෙකක් මම ලියලා තිබෙනවා. එකක් මුල්ලේරියා ඉතිහාසය සහ අනෙක කැලණිය ඉතිහාසය.. නිෂ්පාදකවරුන් කිහිපදෙනෙකුම දැනට ඉදිරිපත් වී සිටිනවා ඉදිරියේදී වැඩ කටයුතු පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.
ඉතිහාස කරුණු ගවේෂණය කරනවා යනු එක්තරා අන්දමක අභියෝගාත්මක අවස්ථාවකි. ඒ සඳහා කාලය ශ්‍රමය ධනය බොහෝවිට වැය වෙයි. ඒ සමඟම ඉපැරණි මූලාශ්‍ර සොයා යාමද බොහෝවිට අසීරු කරුණකි. සනත්ගේ පර්යේෂණ කාර්යය සඳහා ඔහුට බොහෝ පොත්පත් පරිශීලනය කරන්නට සිදුවී ඇත.
“ඇත්තටම මේ කැලණි මුල්ලේරියාව කොළඹ ගැන ඉතිහාස කරුණු අධ්‍යයනය කරන්නට තිබෙන මූලාශ්‍ර හරි අඩුයි. මහාවංශයේ සඳහන් වෙන්නේ විජය කුමාරයා ලංකාවට පැමිණියාට පසු සිට ශශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා පමණයි. විජය රජ්ජුරුවෝ පැමිණීමට පෙර ඉතිහාසය ගැන දැනගන්න මට මූලාශ්‍ර වුණේ වාල්මිකී නම් මුනිවරයා විසින් ලියන ලද රාමායණයයි. ඒක ආශ්‍රිතව ක්‍රිස්තු වර්ෂ 617 රජකම් කළ කුමාරදාස රජතුමා ලියපු පොතක් තියෙනවා ජානකීහරණය කියලා. ඒකෙ තියෙනවා ලංකා ඉතිහාසය. ඒකෙන් තමයි ගොඩක් තොරතුරු ලබා ගත්තේ. මේ සඳහා මට පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ළඟ තිබෙන මූලාශ්‍රත් කැලණි විහාරයේ සෙල්ලිපි ආදියත් ආශ්‍රය කරගත්තා.
සනත්ගේ බොහෝ නිර්මාණ කාර්යයන් දෙස බැලීමේදී බොහෝවිට ඔහුගේ සිනමා නිර්මාණයන් සඳහා පදනම සැකසී ඇත්තේ බුදු දහම හා ඓතිහාසික කරුණු ආශ්‍රය කරගෙනය. බුදු දහමට මෙතරම් ලබදි බවක් ඇතිවෙන්නට සනත්ව සුවිශේෂී හේතුවක් ඇති.
ඇත්තටම කියනවනම් ඒ ළෙන්ගතුකම මට ඇතිවෙන්නේ කුඩා කාලයේ ඉඳලමයි. මම මුලින්ම අධ්‍යාපනය ලබන්නේ පේරාදෙනියේ ගැටඹේ රාජෝ තපෝවනයේ දහම් පාසලේ. වැඩිදුර අධ්‍යාපනය සඳහා පේරාදෙණිය සාරානන්ද විශ්වවිද්‍යාල පිරිවෙලට යනවා. මට මුල ඉඳලම ලැබුණේ බෞද්ධ අධ්‍යාපනයක් තමයි. ආගම දහම පිළිබඳ නැඹුරුවක් ඇතිවෙන්න ඒ පරිසරය මට හේතු වෙන්න ඇති. ඇත්තටම කිව්වොත් ලෝකයේ පළවෙනි සිනමා අධ්යක්ෂවරයා වෙන්නෙත් අපේ බුදුහාමුදුරුවොයි. ඒකට හොඳම උදාහරණය තමයි ඛේමා බිසවගේ කතාව. රූපය නිසා උද්දච්ච වෙලා හිටපු ඛේමා බිසව වේළුවනාරාමයට ගෙන්නලා චිත්‍රපටියකින් මේ සුරූපී රුව අරූපී වෙලා යන හැටි මවල පෙන්නුවේ බුදුරජාණන් වහන්සේ. ඒකයි මම කියන්නේ පළවෙනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ බුදුරාජනන් වහන්සේ කියලා. තෝමස් අල්වා එඩිසන් කියනවා ආලෝකය සහ අඳුර දැක ගන්න ලැබුවේ බුද්ධ දර්ශනයෙන් කියලා. එහෙනම් අපිට අරක විශ්වාස කරන්න බැරිද?
කොහොම වුණත් ‘ගුත්තිල’ චිත්‍රපටය නිර්මාණය කරාට පස්සේ මගේ අතින් චිත්‍රපටයක් නිර්මාණය වුණේ නෑ. ඒකට විශේෂම හේතුව වුණේ මම ලංකාවේ නොසිටීම දැන් වැඩි කාලයක් ජීවත්වන්නේ ඔස්ට්‍රේලියාවේ දුවයි පුතයි දෙන්නම එහේ ඉන්නේ. අපිත් එහේ සහ මෙහේ දෙකේම ජීවත් වෙනවා. නමුත් දැන් නම් කොහොම හරි නව නිර්මාණයක් කරන්න ඕන කියලා හිතලා තියෙනවා.
හේමාලි විජේරත්න
