කෙටි චිත්‍රපට නිර්මාණ කිරීමේ ප්‍රවණතාවය වර්තමානයේ නූතන සිනමා ප්‍රේක්ෂකාගාරය සිනමාව වෙත ආකර්ෂණය කරගන්නට සමත්වන සිනමා ශානරයකි. එය ලාංකේය සිනමා කර්මාන්තයෙහි නව සිනමාකරුවන් බිහි කිරීම සඳහා ද වැදගත්වන වන්නකි. කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් ලෙස රෝෂිනි රත්නායක නිර්මාණය කළ “ච්භචත” කෙටි චිත්‍රපටය පසුගිය මාර්තු 08 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමාශාලාවේ තිරගත විය. මෙවර සරසවිය අවකාශයේ ඉඩ හසර වෙන්වූයේ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා රෝෂිනි රත්නායක සමඟ සිදුකළ කතාබහ සමඟිනි.
රෝෂිනිට චිත්‍රපට කලාව සඳහා ආශාව ඇති වුණේ කොහොමද?
මට කුඩා කල සිටම කලාවට ආසාවක් තිබුණා. නමුත් මගේ මූලික අධ්‍යාපනය කළේ අංශයෙන් නෙවෙයි වාණිජ අංශයෙන්. ඒ වාණිජවේදි ගණකාධිකරණ විශේෂ උපාධිධාරිණියක් ලෙස. ශශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යා හා කළමණාකරන අධ්‍යයන පීඨයේ පළවෙනි වසර ඉගෙනුම ලබන කාලයේ ඉඳන්ම මම යොවුන් පුවත්පත් හා කාන්තා පත්තරවලට කවි, නවකතා සහ කෙටි කතා ලිව්වා. මට වුවමනාව වුණේ මා තුළ තිබුණ කතාවක් කුමන ආකාරයකින් හෝ සමාජයට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ සඳහා මුලින්ම මම තෝරගත්තේ මූද්‍රිත මාධ්‍ය. ඒකට හේතුව ඒ කාලේ වෙනත් මාධ්‍යයකට යොමු වෙන්න පහසුකමක් මට තිබුණේ නැති එක. යාළුවෝ මගේ ඒ පත්තරවල පළවුණ කතා බලලා හොඳයි කියනවා. ලස්සනයි කියනවා. ඒ වගේම ඒ පුවත්පත්වල කාර්යාලවලට කතා කරලා මගේ කතා කියවපු සමහර අය මගේ දුරකථන අංකය ඉල්ල ගෙන මට කතා කරලත් තියෙනවා. ඒකෙන් මට කලාව පිළිබඳව තිබුණු ආසාව තවත් වැඩි වුණා.
ඊට පස්සේ මම යොමු වුණේ රූප රචනා (ථභඵඪජ මඪඤඥධ) අධ්යක්ෂණයට. මම එය ඉගෙන ගත්තේ එඪඤඥ ඒදඨතඥ මඪඤඥධ චජචඤඥථර එකෙන්. ඊට පස්සේ ථභඵඪජ මඪඤඥධඵ කීපයක්ම කළා. ඒ වගේම ගීත 10ක් විතර ලියලත් තියෙනවා. ජයසේකර අපොන්සු මහත්මයාගේ ‘‘රජු’’ වේදිකා නාට්‍යයේ තේමා ගීතයත් ලිවවේත් මම. ඒ වගේම කධභඊභඡඥ ඤපචථච කීපයකටම තිර රචනයයෙන් සහ අධ්යක්ෂණයයෙන් දායක වෙලා තියෙනවා. ඒ අතරින් “සැබෑ ආදරය” සහ “මුඩුක්කු කෙල්ල” කියන ඤපචථච බපඥදඤඪදඨ ඇවිත් තිබුනා.
මේ හැම දෙයක් කරද්දිම යටින් තිබුණ ආසාව කවදා හරි දවසක ටඪතථ එකක් කරනවා කියන එක. මට ඕනකම තිබුණේ විධිමත් ආකාරයට විෂයක් විදියට ජ්ඪතථ ථචඬඪදඨ කියන දේ ඉගෙන ගෙන ටඪතථ එකක් කරන්න. ජාතික චිත්‍රපට සංස්ථාවේ ජ්ඪතථ ථචඬඪදඨ ච්ඪනතධථච එකත් එහි තිර රචනය පාඨමාලාවත් කළේ ඒ නිසා. ඊට පස්සේ තමා “ච්භචත” කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නේ.
ඔබ අධ්‍යක්ෂණය කළ “ච්භචත” කෙටි චිත්‍රපටය පසුගිය දා තරංගනී සිනමා ශාලාවේ තිරගත වුණා. “ච්භචත” කෙටි චිත්‍රපටය නිර්මාණය වෙන්න පසුබිම මොකක්ද?
“ ච්භචත” කෙටි චිත්‍රපටය මගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූයේ. ඒ වගේම මෙහි කලා අධ්‍යක්ෂණය කළෙත් මම. 2023 වර්ෂයෙහි ජාතික චිත්‍රපටි සංස්ථාවේ ටඪතථ ථචඬඪදඨ ච්ඪනතධථච එක හදාරන විට එහි ටඪදචත නපධණඥජබ එක විදියට තමයි “ච්භචත” කෙටි චිත්‍රපටිය නිර්මාණය කරන්නේ. මෙය අයත් වන්නේ මනෝවිද්‍යාත්මක ශානරයට. මට මනෝවිද්‍යාව කියන විෂය පිළිබඳව ලොකු කැමැත්තක් තියෙනවා සහ ඒ පිළිබඳ පොතපත කියවනවා. මනෝවිද්‍යාත්මක ශානරයේ ටඪතථ බලන්න තමයි ගොඩක්ම කැමතියි. ඉතින් ඒ නිසාම මනෝවිද්‍යාත්මක ශානරයේ චිත්‍රපටයක් මමත් කරන්න ඕනි කියලා හිතුවා.
“ච්භචත” කෙටි චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකාගාරයට කියන්න උත්සාහ දරන්නේ මොන වගේ පණිවුඩයක්ද?
ඇත්තටම චිත්‍රපටියකින් පණිවුඩයක් දෙන්නම ඕන කියන තැන නම් මම නැහැ. නමුත් අපි කරන නිර්මාණ හරහා ඇතැම් විට හොඳ හෝ නරක පණිවිඩ සමාජගත වෙන්නත් පුළුවන්. ඇත්තටම මෙම චිත්‍රපටය නිර්මාණය කරන වෙලාවෙදි මෙමගින් සමාජයට පණිවුඩයක් දෙන්න ඕන කියන එක ගැන විශේෂයෙන් හිතුවේ නැහැ. නමුත් පසුව එය නරඹන විට මට හිතුණා මෙහි සිටින චරිත අප අතරත් ඉන්න පුළුවන් බව. ඒ වගේම ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නවලට ඇතැම් විටෙක දවසක අපටත් මුහුණ දෙන්න සිදුවෙන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගැන සමාජයේ අවධානය මෙය නැරඹීම නිසා යොමු වෙයි කියලා. ඒ වගේම මානසික සෞඛ්‍යය පිළිබඳවත් අවධානයක් යොමු වෙයි කියලා.
මෙහි රූගත කිරීමි සිදු වුණේ කොහොමද?
මෙය එක් දවසකදි රූගත කිරීම් සිදු කළේ. උදෑසන 6.00 සිට රාත්‍රී 11.00 පමණ වෙන තෙක් රූගත කිරීම් සිදු වුණා. මෙම චිත්‍රපටයේ තිර පිටපතට අනුව ඹ්ධජචබඪධද 4 ක් තිබුණත් ඇත්තටම ස්ථාන දෙකකයි රූගත කිරීම් කළේ. එහිදී එක් ස්ථානයක දර්ශන තල 2ක් අමතරව නිර්මාණය කළා.
කෙටි චිත්‍රපටයට ලැබුණ ප්‍රතිචාර කොහොමද?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. මම බලාපොරොත්තු වුණාටත් වැඩියේ ලොකු පිරිසක් එය නරඹන්න ආවා. ඒක මට ලොකු සතුටක්. මෙම චිත්‍රපටය “පුරුෂයෙකුගේ ‘ස්වපීඩ කාමුකත්වය’ නිසා පීඩාවට පත්වන බිරිඳක් පිළිබඳවයි” ගෙතී තිබෙන්නේ. ඉතින් එවන් දෙයක් පිළිබඳව මා කාන්තාවක් වී නොබියව කතා කිරීම පැමිණ සිටි ඇතැමුන් අගය කළා. ඒ වගේම මානසික සෞඛ්‍ය පිළිබඳව අවධානයක් යොමු කිරීමට මෙම චිත්‍රපටය නැරඹීමෙන් අදහසක් එන බවත් පැමිණ සිටි බොහෝ දෙනෙක් පැවසුවා.
උදව් කළ පිරිස ගැනත් සඳහන් කරමු?
මගේ පවුලේ අය තමයි සෑම කටයුත්තකටම උදව් කරන්නේ. ඒ වගේම මගේ ගුරුවරුන් ගැනත් සඳහන් කරන්න ඕන. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේදී 2023 වර්ෂයේදී මා ගුරුහරුකම් ලබාගත් ආචාර්ය සමීර තිලකවර්ධන සර් සහ ප්‍රභාත් චමින්ද සර්ට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා සිනමාව කියන දේ පිළිබඳ නිසි අවබෝධයක් ලබා දුන්නාට. මෙම චිත්‍රපටය නිපදවීම මා උගත් ඩිප්ලෝමාවේ අධ්‍යයන කොටසක් බැවින් එහිදී එහි සිටින ගුරුවරයෙකු සුපරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ යුතුයි. එහිදී මගේ චිත්‍රපටයේ සුපරීක්ෂකවරයා ලෙස කටයුතු කලෙත් ප්‍රභාත් චමින්ද සර්. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා මහජන ප්‍රදර්ශනයක් කිරීමේදීත් මට එම කටයුත්ත කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් උදව් කළෙත් එම ගුරුවරුන් දෙදෙනා.
මෙයට අමතරව මෙම චිත්‍රපටයට සියලුම අංශවලින් දායකත්වය සැපයූ චිත්‍රපට කණ්ඩායමට මම ස්තූතිවන්ත වෙනවා. මෙම චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය සඳහන් කරනවා නම්.
මේ සඳහා රංගන දායකත්වය ලබා දුන්නේ සුනෙත් ප්‍රියා, හර්ෂණ අබේවර්ධන සහ රුක්ෂාණා දිසානායක යන රංගන ශිල්පීන් සහ ශිල්පිනිය. මෙහි කාර්ය මණ්ඩලය සඳහන් කරනවා නම්, කැමරා අධ්‍යක්ෂණය – ගිහාන් නරසිංහ, සංස්කරණය හා වර්ණ සංයෝජනය – ශෂික දිල්මින් ගමගේ, සහාය අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය – සෙහාන් අසේල බණ්ඩාර, නිෂ්පාදන කළමනාකරණය – රසික හෙට්ටිආරච්චි, සංගීත අධ්‍යක්ෂණය – අයෝධ්‍ය කරුණාරත්න, ශබ්ද සැකසුම – ලක්ෂිත ෆොන්සේකා, බූම් ඔපරේටර් – දිනුක ප්‍රසන්න, වේශ නිරූපණය- සුකිනි සොනාලි, දෙවන කැමරා අධ්‍යක්ෂණය – දුවිඳු ඉඳුසර, දෙවන සහය අධ්‍යක්ෂණය – ලහිරු සිරිවර්ධන, දෙවන කලා අධ්‍යක්ෂණය – ජනක පතිරාජ. මේ චිත්‍රපටයේ සිතුවමක් තියෙනවා. ඒක සිතුවම් කළේ නිපුණ ප්‍රශාන්ත ජයකොඩි. ඒ වගේම මෙම චිත්‍රපටය සඳහා මහජන ප්‍රදර්ශනයක් තැබීමට මා කළ වෑයමේදී සමන් ගුණසේකර මල්ලි සහ අංජලි මාරසිංහ නංගි මට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඔවුන් හැම දෙනාටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ඔබ චිත්‍රපට නිර්මාණය කරද්දි වඩාත් අධ්‍යයනය කරන සිනමාකරුවන් හෝ චිත්‍රපට මොනවද?
ඒතටපඥඤ ඩ්ඪබජඩජධජඬ, ඉබචදතර ම්භඡපඪජඬ, ච්චමඪඤ ඹ්රදජඩ, ච්චමඪඤ ජ්ඪදජඩඥප, ර්චපබඪද ඉජධපඵඥඵඥ, ඹ්චපඵ ඍධද ඊපඥඪප, Qභඥදබඪද ඊචපචදබඪදධ, ඒදඤපඥඪ ඊචපඬධමඵඬර, ම්පලරඵලබධට ම්ඪඥඵතධඹඵඬඪ, ඒඬඪපච ම්භපචඵචඹච යන අධ්‍යක්ෂකවරුන්ගේ චිත්‍රපට වලින් ප්‍රධාන වශයෙන් ආභාෂය ලබා ගන්නවා.
ඔබේ අදහසට අනුව චිත්‍රපට අධ්‍යක්ෂණය කියන්නේ මොකක්ද?
කෙටියෙන්ම කියනව නම් අදාළ රූප රාමුව (ටපචථඥ) තුළ නිසි පරිදි ර්ඪඵඥ ඥද ඵජඥදඥ භාවිතා කිරීමයි. එහිදී යම්කිසි දර්ශනයක් ප්‍රේක්ෂකයාට වඩාත් දැනෙන අයුරින් ඉදිරිපත් කළ යුතු අතරම එයට අදාළව යොදා ගන්නා ඵඩධබ භාවිතාවය පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව කටයුතු කරන්න ඕන. අධ්‍යක්ෂවරයෙකු විසින් තිර පිටපතට ලබාදෙන මඪඵභචත බපඥචබථඥදබ එක හැකිතාක් එම චිත්‍රපටයේ තේමාව වෙත යොමු කරගනිමින් කරන්න වගබලා ගන්න ඕන. එසේම අදාළ රංගන ශිල්පියාගෙන් තිර පිටපතට අදාළව අධ්‍යක්ෂකවරයා විසින් ලබා දෙන මඪඵභචත බපඥචබථඥදබ එකට අවශ්‍යය චජබ එක ලබා ගැනීමට ඔහුව මෙහෙය වීමේ හැකියාවක්ද, අධ්‍යක්ෂකවරයෙකුට තිබිය යුතුයි.
චිත්‍රපටකරණය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කරන්නට නියමිත දේවල් මොනවද?
මගේ ච්භචත කෙටි චිත්‍රපටය විදෙස් චිත්‍රපට උලෙළවල් සඳහා අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වෘතාන්ත චිත්‍රපටයක් කරන්න ලොකු ආසාවකින් ඉන්නේ. මේ දවස්වල ඒකට ඕන පසුබිම සකස් කර ගනිමින් ඉන්නවා.
මලින්ත විතානගේ
