ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසින් ‘ණය ප්රජාතන්ත්රවාදය: ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට’ යන නමින් සිංහල භාෂාවට පරිවර්තනය කළ නිෂ්පාදනය කළ, බීනා සාර්වාගේ ‘ච්ඥථධජපචජර ඪද ච්ඥඡබ: ඉපඪ ඹ්චදඬච – ඕඥරධදඤ බඩඥ ඩ්ඥචඤතඪදඥඵ’ අන්තර්ජාතික වාර්තා චිත්‍රපටය (ච්ධජභථඥදබචපර ජ්ඪතථ) වැදගත්වුවකි. ශ්‍රී ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයට පෙර, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කර ඇත. මහාද්වීප පහක, රටවල් 20 කට ආසන්න සංඛ්‍යාවක සහ ස්ථාන 80 කට ආසන්න ප්‍රමාණයක තිරගත කිරීම්වලින් එහි විචාරාත්මක සහ තීරණාත්මක සාර්ථකත්වය පැහැදිලි වෙයි.
‘ණය ප්රජාතන්ත්රවාදය: ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට’ නමින් එහි සිංහල නිෂ්පාදනය, පරිවර්තනය සහ උපදේශනය සිදු කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ මුද්‍රිත, විද්‍යුත් හා නව මාධ්‍ය පිළිබඳ අත්දැකීම් ඇති, වසර 20 කට ආසන්න කාලයක් මාධ්‍යව්දියෙකු ලෙස ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල කටයුතු කළ ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසිනි. එය සිංහලට නැඟු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මෙය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඇයිද? යන්න සහ විදේශීය වාර්තා චිත්‍රපටයක් සිංහලෙන් නිෂ්පාදනය කරන ලද පළමු අවස්ථාව වීම සම්බන්ධයෙන් සිදු කළ සම්මුඛ සාකචිජාව මෙවර සරසවිය අවකාශයේ ඉඩහසර වෙන්වෙනවා.
‘ණය ප්රජාතන්ත්රවාදය’ යන වාර්තා චිත්‍රපටය ගැන කතා කරමු….
බීනා සර්වා කියන්නේ පාකිස්තාන ජනමාධ්යවෙිදිනියක්. එයා ගිය වසරේ එනම් 2024 දී ලංකාවට ඇවිත් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරනවා. එහි නම ‘ච්ඥථධජපචජර ඪද ඤඥඡබ – ඉපඪ ඹ්චදඬච : ඕඥරධදඤ බඩඥ ඩඥචඤතඪදඥඵ’ එය ගිය වසරේ නිෂ්පාදනය කළේ ජනාධිපතිවරණයට පෙර. බිනා සාර්වා පුරෝකථනය කළා ලංකාවට ඉදිරියේ දී එන්න තියෙන වෙනස්කම් එක්ක තමයි මේ වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය කළේ. එතකොට ඒ චිත්‍රපටය සිංහල අනුවාදයක් විදියට අපි ‘ණය ප්රජාතන්ත්රවාදය – ශ්‍රී ලංකාව : සිරස්තලවලින් ඔබ්බට’ කියලා සිංහලට පරිවර්තනය කළා. චිත්‍රපටය ඇතුළේ බීනා සාර්වා කතා කරනවා දේශපාලනය, ආර්ථිකය, ඉතිහාසය සහ සමාජය පිළිබඳව. දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් නිතරම කැප වූ රාජ්‍යයක්. ලංකාවෙි විවිධ අර්බුද තිබුණත් ලංකාවෙි ජනතාව කොයිම මොහොතකවත් ප්රජාතන්ත්රවාදය අත්හැර නැහැ.
බීනා සාර්වා චිත්‍රපටයේ එක තැනක මෙහෙම කියනවා. ගෝල්ෆේස් අරගලය වෙලාවේ ලංකාවේ මරණ සිද්ධ වුණානේ. ඒ මරණ සංඛ්‍යාව ඉක්මවනවා ඇමරිකාවේ දවසකට වෙඩිතබා ගැනීමිවලින් සිදුවන මරණ සංඛ්‍යාවට වඩා. එයා තව තැනක කියනවා ජනාධිපති අයින් වුණා. අගමැති අයින් වුණා. ඒ සියල්ල වුණා. හැබැයි කොයිම මොහොතකවත් ලංකාවෙි ජනතාවට වෙඩි තියන්න කියලා පාලකයා කියුවේ නැහැ. එයා කියන්නේ මොන අර්බුද පැමිණියත් අතීතයේ සිටම ප්රජාතන්ත්රවාදය දිගටම අරගෙන ඇවිත් තියෙනවා. හැබැයි අපි ලෝකයට ණය වෙලා ඉන්නවා. වෙන ප්‍රශ්න නැහැ. හැබැයි අපි ආර්ථික අර්බුදයක සිටිනවා යැයි ඇය පවසනවා.
මේ වාර්තා චිත්‍රපටයට ඔබ මැදිහත්වෙන්නේ කොහොමද?
මම සිදු කළේ මෙම වාර්තා චිත්‍රපටයේ සිංහල අනුවාදයක් විදියට සකස් කිරීම. ඒ කියන්නේ ඉංග්‍රිසියෙන් තිබුන එක සිංහලෙන් හඬකවලා, පිටපත සිංහලයට පරිවර්තනය කරලා ඉදිරිපත් කිරීම.
මේ වාර්තා චිත්‍රපටයට ලංකාවේ ප්‍රේක්ෂකයාට වැදගත් වන්නේ ඇයි? නැරඹීමේ වැදගත්කම මොකක්ද?
ප්‍රධානම දෙයක් තමයි බීනා සාර්වා විදේශීය මාධ්‍යවේදිනියක්. මෙයා පාකිස්ථාන ජාතික මාධ්‍යවේදිනියක් වුණාට මෙයා දැනට ජීවත් වෙන්නේ ඇමරිකාවේ. ඉතින් බීනාට තියෙනවා පසුබිමක් දකුණු ආසියානු කලාපයේ සාමය සහ ජනමාධ්‍යය සම්බන්ධයෙන්. පළවෙනි වැදගත් කාරණය තමයි එවැනි කෙනෙක් ලංකාවට ඇවිත්, ලංකාව සම්බන්ධයෙන් කරපු වාර්තා චිත්‍රපටයක් වීම. ඊළග කාරණව තමයි බීනා සාර්වා ලංකාවේ දේශපාලනය සහ සමාජ චලනය ගැන මීට කලින් දැකලා තිබුණා. විශේෂයෙන් අරගලය වැනි ක්‍රියාදාමයක්. ආර්ථික විද්‍යාඥයන්ගේ හඬවල්, ගමේ මිනිස්සුන්ගේ හඬවල්, අතීත රූපරාමු, පාකිස්තාන, ඇමරිකාව, බංග්ලාදේශය ඇතුළේ සිදු වූ වෙනස්කම් මේ වාර්තා චිත්‍රපටයේ විනාඩි විසිහය ඇතුළේ. ශ්‍රී ලංකාව පිළිබඳ පුරෝකථනය කිරීම මෙහි අනෙක් වැදගත්කම. සාමාන්‍යයෙන් මා දන්න විදියට අන්තර්ජාතික වශයෙන් නිෂ්පාදනය කළ විදේශීය වාර්තා චිත්‍රපටයක් මෙයාකාරයෙන් සිංහලයට පරිවර්තනය කරලා නැහැ. මේ කාරණා කිහිපයම ලංකාවෙි ජනතාවට අතිශය වැදගත්.
බීනා සාර්වා විසින් වාර්තා චිත්‍රපටය සඳහා සිදු කළ පර්යේෂණය (පඥඵඥචපජඩ) සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
මෙි චිත්‍රපටය කරන්න බීනා සාර්වා ලංකාවට එනකොට පර්යේෂණයක් කරලා තියෙනවා. ඒ රිසර්ච් එක කරලා තියෙන්නේ උදිත දේවප්‍රිය කියන මාධ්‍යවේදියා. මීට සම්බන්ධ වුණා ආචාර්ය සිංහරාජ තම්මිට දෙල්ගොඩ. එයා මුල් නිෂ්පාදනයේ සම අධ්‍යක්ෂණය, උපදේශනය සහ සම පිටපත් රචනය සඳහා දායක වෙලා තියෙනවා. ඇත්තටම මේ චිත්‍රපටය සිංහල භාෂාවට පෙරළමු කියන අදහස යෝජනා කළෙත් එයා. මේ පර්යේෂණය කෙරිලා තියෙනවා ඉතා ගැඹුරින්.
වාර්තා චිත්‍රපටය සඳහා ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය මොකක්ද?
ලංකාවෙි දැනට අපි ප්‍රසිද්ධ ස්ථාන තුනක ප්‍රදර්ශනය කළා. පළවෙනි එක රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සටත්, ඒ වගේම රජයේ රූපවාහිනිවල ප්රධානීන්ටත්, ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ විද්‍යාර්ථයන්ට. ඒ විද්‍යාර්ථයන්ට පෙන්නනකොට පීඨාධිපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය ශිරන්ති හීන්කෙන්ද, ඒ වගේම ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක, ඒ වගේම ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ ඇතුළු කථිකාචාර්යවරු පිරිසකුත් සහභාගි වෙනවා. ඊළඟට පෙන්නුවා ලංකාවේ පුවත්පත් ආයතනයේ ජනමාධ්යයවෙිදින්ට සහ සමාජ ක්‍රියාකාරීන්ට. මෙි තැන් තුනේදීම විවිධ ප්‍රතිචාර අපට ලැබුණා. අනුරාධපුරයේ දුටුවැව ගම්මානය, කොළඹ ප්‍රදේශ ආශ්‍රිතවයි. දුටුවැව ජනතාවගේ හඬ මෙි චිත්‍රපටයේ අන්තර්ගතයි. දුටුවැව ගම්මානයේ සුන්දරත්වය සහ ආර්ථිකය සහ සමාජ තත්ත්වය පිළිබඳ කරන විග්‍රහය පිළිබඳ හොඳ ප්‍රතිචාර තිබුණා. සර්වකාලීන ස්වභාවයක් තිබුණ නිසාම විවෙිචන, ඇගයුම් ලැබුණා. නමුත් මෙහෙම වැඩක් සිංහලයට ගෙන ඒම පිළිබඳ විශාල අගයකිරීමක් හැමෝම තුළ තිබුණා. අන්තර්ජාතික ජනමාධ්‍යවේදිනියක් ලෙස බීනා සාර්වා මෙි චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා සම්බන්ධ කර ගැනීම සමිබන්ධයෙන් ද විශාල ප්‍රතිචාරයක් තිබුණා.
මලින්ත විතානගේ
[email protected]