ගන අන්ධකාරයේ තරු දිදුලන විට පරිසරය විවිධ ආලෝක රටාවන් වලින් දිදුලයි. කාන්තිමත් ආලෝකයත් සමඟ විවිධ ශබ්ද කන්කලුනාදය දසත පැතිරීගෙනයයි. ඔහුගේ ළමා කාලය ගත වූයේ සුන්දර ගැමි පරිසරයකය. රැයක් පහන් වන විට පෙර දින දුටු සොබාදහමේ අපූර්වත්වයේ චිත්තරූප මවාගත්තේය. ඒ දුටු සියල්ල ඔහුගේ කලා ගමනේ පෙර ගමන්මඟ විය. බෞද්ධ දර්ශනය පදනම් කරගත් පරිසරයක් තුළ හික්මුණු මනසකින් යුතුව ඔහු නිදහසේ ගමන් මඟ ආරම්භ කළේය. මිනුවන්ගොඩ මධ්‍ය
මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය නිමා කරන්නේය. පාසලේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු උඩරට නර්තන කලාවට හා උඩරට පහතරට ශාන්ති කර්මවලට මුල් තැනක් දී අධ්‍යාපනය හැදෑරුවේය. ඉන්න අනතුරුව ගොක් කලා නිර්මාණ පාඨමාලාවක් හදාරන්නට විය. එතනින් ආරම්භ කළ ගමන පොල් අත්තට විවිධ හැඩතල එකතු කරමින් ගොක් කලාව සමඟ ගමනක් එන්නට ඔහුට අද හිමි විය. හේ නමින් ඉසුරු ප්‍රභාත්ය.මේ සරසවිය සමඟ කළ කතාබහයි.
ඔබ මෙතෙක් ආ ගමන් මඟ ආපස්සට හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?
මගේ ගමන හරිම නිශ්ශබ්දතාවයෙන් ගමන් කරන කෙනෙක් නිසා කල් තියාම එන බාධක කම්කටුලු දැනගන්නට පුළුවන් වෙනවා. ජීවිතය එන විදිහට මුහුණ දීලා ගමනක් යැම තමයි මගේ එකම අරමුණ වෙන්නේ. මම නර්තනයට හා ශාන්ති කර්මවලට හරිම උනන්දුවක් දක්වන කෙනෙක්. මගේ නම කවද හරි ක්ෂේත්රයේ හොඳ තැනක ගොක් කලාවෙන් රඳා පවතිනවටයි මම කැමති. ශිල්පීන්ගේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා. නමුත් එක අරමුණක් තුළ ගමන් කරනකොට අපිට ලේසියෙන් මේ ගමන යන්න පුළුවන් වෙනවා.
ගොක් කලා ක්ෂේත්රය තුළ ඔබ ළඟින්ම ගනුදෙනු කරන කෙනෙක් නේද?
මම මුලින්ම පාසලෙන් සමුගත්තාට පසුව මිනුවන්ගොඩ අතුල ගුරුතුමා යටතේ නෙත්මි කලා පදනමේ ගොක් කලාව පාඨමාලාවක් හදාරනවා. ඉන් අනතුරුව තමයි මම විවිධ උත්සවලට කලා කටයුතුවලට මගේ ගොෆ් ආර්ට් කලාව සම්බන්ධ කරගන්නේ. මගේ වෘත්තිමය අධ්‍යාපන කටයුතු සිදුවෙන්නේ අන්තර්ජාතික මට්ටමේ ශිල්පියකුට අවශ්‍ය ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම මට මෙම පාඨමාලාවේදී ලබා ගන්නට හැකි වුණා. ඒ තුළින් තමයි මට කලාවට පිවිසෙන්නට අවස්ථාව හිමිවුණේ. එය මම කලා ක්ෂේත්රයේ ලබපු ලොකු ජයග්‍රහණයක් ලෙස අද දකිනවා. ගොක් කලාව කියන්නේ විශ්වාසය තුළ ගොඩනැගෙන දෙයක්. ලාංකික නාමය ගොක් කලාව තුලින් අන්තර්ජාතික මට්ටමේ මගේ නම රඳා පවත්වන්නට තමයි මම මේ ගන්න වෑයමයි.
අද ලෝකයේ ගොක් කලාවට මොනවාගේ තැනක්ද තිවෙන්නේ?
අද ලෝකේ වෙනදාට වැඩිය ගොක් කලාව පැත්තෙන් ගොඩක් දියුණු වෙලායිි තියෙන්නේ.කුමන භාෂාවකින් නිර්මාණයක් බිහිවුණත් එය උපසිරැසි සමඟ ලෝකයේ තියෙන හැම භාෂාවක් සමගඟම ගනුදෙනු කරන්නට හැකි වෙලා තිබෙනවා. ගොක් කලාව ප්‍රචලිත වීම තුළින් අනික් රටවල් වල නිර්මාණත් අද ලෝකයේ සියලු දෙනාම වැලඳ ගන්නවා. ඒ නිර්මාණ අතරට අපි කරන නිර්මාණත් යනවා දකින්න තමයි මගේ බලාපොරොත්තුව තිබෙන්නේ. එහෙම නිර්මාණ යනවා කියන්නේ අන්තර්ජාතික මට්ටමෙන් අපිට තැනක් හිමිවෙනවා.
ගොක් කලාවට සම්බන්ධ වෙන්න කැමැත්ත ඇතිවුණේ කොහොමද?
මම දවසක් අතුල ගුරුතුමාගේ වැඩමුළුවකට සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේදී මම මේ ගොක් කලාව හදාරන්නේ කොහොමද කියලා දැනගෙන ඒතුමාගේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නට අවස්ථාව හිමිකර ගත්තා. පාසල් අධ්‍යාපනයේ සිටින විට සියලූම පාසලේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. ශාන්ති කර්මවලට දැක්වූ දැඩි ඇල්ම නිසා ගොක් කලාවට ඇලුම් කරමින් එයට සම්බන්ධ වීම තමයි මගේ මුල්ම අඩිතාලම වුණේ.ඒ ආපු ගමනේ මුල්ම ගොක් කලා නිර්මාණය වන්නේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගෙදරක ධර්මාසනයක් ඉදිකිරිමය.
ගොක් කලාව හරහා ඔබට අවස්ථාව දැන් හිමිවෙලා තිබෙනවාද වෙනත් නිර්මාණ වලට?
මේ වන විට නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. විශේෂයෙන් තිර පිටපතේ තිබෙන දර්ශන තලයට අවශ්‍ය ආකාරයට සමාජයට යමක් කරන්න පුළුවන් නම් මම භාරගන්නයි කැමති. මේ කරගෙන යන වැඩ කටයුතු අවසන් වුණාම තමයි ඒ ලැබුණු අවස්ථාවන් තෝරා බේරාගෙන කටයුතු කරන්නට සූදානම් වෙන්නේ.
ගොක් කලාව ශශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ප්‍රචලිතයි නේද?
අපි කරන ගොක් නිර්මාණ ඉන්දියාව සහ ශශ්‍රී ලංකාව අතර සංසන්දනය කළ විට සම්බන්ධතාවයක් තිබෙනවා. ඉන්දියානු සහ ශශ්‍රී ලාංකික ආගම් හා සංස්කෘතිය මුල්කරගෙන ගොක් කලා නිර්මාණ කරන්න පුළුවන්. විවිධ උත්සව අවස්ථාවලට ඔවුන්ට අවශ්‍ය නිර්මාණ විවිධ ආකාරයෙන් නිර්මාණය කිරීමද ගොක් කලාව තුළ ඉටුකරලා දෙනවා. පසුගිය දවස්වල නිමාවට පත් වූ තෛයි පොංගොල් උත්සවයට ගොක් නිර්මාණ විශාල වශයෙන් යොදාගත්තා. හින්දු ආගමිකා වතාවත්වලට කෝවිල් සහ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන වගේම ගෘහ අලංකරණය සඳහා සැරසිරිවලට විශේෂයෙන් මෙම ගොක් නිර්මාණ යොදා ගැනීම දක්නට ලැබෙනවා. පොලිතින් සමාජයෙන් තහනමට ලක්විමත් සමඟ අපේ රටේ අද වන විට ගොක් නිර්මාණ කලාව බහුලව යොදා ගැනිම සිදුකරනවා.
ශාන්ති කර්මයන් සඳහා ගොක් නිර්මාණ යොදා ගැනීම බහුලව දකින්නට පුළුවන් නේද?
අපේ රටේ තිබෙන විවිධ ශාන්ති කර්මවලට පෙර සිටම අද දක්වා මල් පහන් පැල සිට එහි එන චරිතයන් නිරූපණය කිරීමට ගොක් නිර්මාණ කලාව යොදාගන්නවා. මේ අවධියේ ශාන්ති කර්මවලට සම්බන්ධ වෙලා ඒ පහන් පැළවල් සිට චරිත නිරූපණයන්ට අවශ්‍ය ගොක් නිර්මාණ කලාව සමාජ ගත කරන්නට මටත් අවස්ථාවක් ලැබීම මම ලබපු ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. ශාන්ති කර්මවල එන චරිතවල දුක සතුට කඳුළ මේ පුරාම විහිදෙනවා. ශාන්ති කර්මයන්හි චරිත අභියෝගාත්මක චරිත වෙනවා. ඒ හා පසුතල නිර්මාණයන් ගෙන එනවා කියන එක ඊටත් වඩා අභියෝගයක්. මුළු ශාන්ති කර්මය පුරාම විහිදෙන්නේ ගොක් කලා නිර්මාණයේ කලාත්මක ස්වභාවයයි. මම ශාන්ති කර්මත් සමඟ යෙදී සිටින විට එහි එන චරිතයන්ට හරියට ඇලුම් කළා. පොල් කොළයට ජිවයක් එක්කොට සියුම් කලාවක් බවට පත්කරමින් අද මම ජයග්‍රාහී මාවතකට පිවිසුණා.
ලාංකිය සිනමාවට ගොක් කලාව යොදා ගැනිම කොහොමද?
60, 70, 80, දශකවල ගොක් කලා නිර්මාණ ලාංකික සිනමාවට යොදා ගත්තා. කලා අධ්‍යක්ෂණය සඳහා. පසුකාලීනව එය ඇත්ව ගියත් අද කලා අධ්යක්ෂණයට ගොක් නිර්මාණ කලාව යොදා ගන්නවා. සමහර දර්ශනතල සඳහා අද වන විට ලාංකික සංස්කෘතිය විදහා පාන්නට බහුලව යොදා ගැනීම සිදු කරනු ලබනවා. එය මේ වන විට හොඳ ප්‍රවණතාවයක් ලෙස දකින්නට පුළුවන්. විශේෂයෙන් කිව යුතු වෙන්නේ පොල් කොලයේ තිබේන වර්ණ රටා ගැළපීමේදී වෙනත් වර්ණ ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය වන්නේ නෑ.දර්ශන තලයේදී කලා අධ්යක්ෂවරයාට අවශ්‍ය වන පසුබිම ගොක් කලා නිර්මාණ යොදා ගැනීමෙන් පහසු වෙනවා. පොල් කොලය පාවිච්චි කිරීම තුළින් අධික පිරිවැයක් දැරීමටද අවශ්‍යතාවයක් සිනමා පටයට පැන නඟින්නේද නැහැ.
මේ වන විට ගොක් කලාවෙන් කළ නිර්මාණ මොනවාද ?
විහාරස්ථානවල පවත් වන ධර්ම දේශනාවන් සඳහා මේ කාලේ නම් වැඩි වශයෙන් ධර්මාසන නිර්මාණ කරනවා. පිළිම නිර්මාණය, විවිධ හැඩතලයන්වලින් යුත් පොල් තෙල් පහන් නිර්මාණය, විවාහ මංගල්‍යයන් සඳහා පෝරු. පිළිගැනීමේ තොරන්, විවිධ උත්සවවල වේදිකා නිර්මාණයන් මේ වනවිටන් නිර්මාණයන් කර තිබෙනවා. මගෙන් ඉල්ලන ඕනෑම නිර්මාණයක් කරදෙන්නට මම සැදී පැහැදී සිටිනවා. ගොක් කලාව තුළින්. මේ නිර්මාණයන් සඳහා මා සමඟ විවධ ක්ෂේත්රවල නිරතවන හතර දෙනෙක් එකතුවෙලා වැඩ කරනවා. මම මේ වනවිට හංස ගොක් ආර්ට් නමින් මේ කලාව දිගටම කරගෙන යනවා.
රජය පැත්තෙන් මේ කලාව ප්‍රවර්ධනය කිරීමට දැනට තිබෙන අවස්ථාව කොහොමද?
අපේ රටට උරුම විවිධ ශාන්ති කර්ම හා සෝකරි නාඩගම් සම්ප්රදායක් තිබෙනවා. ඒවාගේම තමා විවාහ මංගල සහ විවිධ උත්සව හා ධර්ම දේශනාවන් සඳහා ගොක් කලාවෙ ප්‍රයෝජන ගනු ලබනවා. ඒත් මේ වෙනකම් මෙවැනි කලාවක් ගැන රජයේ අවධානය යොමු වී නැහැ. මේ කලාව මුළු ලංකාව පුරාම ප්‍රචලිත කළ යුතුයි. මේ සදහා රජය මැදිහත් වෙලා විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් මේ සඳහා යොදාගෙන හොඳ පාඨමාලා සංකල්පයක් මුළු දිවයින පුරා ඇති කළ යුතුයි. ඉන්පසු එතනින් එළියට එන පිරිස අපේ ලාංකික සංස්කෘතිය ඉදිරියට ගෙනයන්නට උත්සාහයක් දරනවා. එසේ වුණොත් නැති වීගෙන යන අපිටම උරුම කලාවක් නැවත ස්ථාපිත වෙයි කියලා මට කියන්න පුළුවන්.
මේ වන විට ඔබේ තොරා ගැනිමට ඉඩ දීලා නේද තියෙන්නේ?
ඔබ හරි. මේ වනවිට මගේ අරමුණ කරා මා ළඟා වෙමින් සිටින්නේ. මගේ එකම අරමුණ තමයි උඩරට පහතරට ශාන්ති කර්ම සමඟ බද්ධ වෙලා ගොක් කලාව ප්‍රචලිත කිරීමයි. මෙවන විට එයට යොමු වෙලා සිටින්නේ. දකුණු ඉන්දියාව සහ ශශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂකවරු කිහිපදෙනෙක්ම මේ වන විට ඔවුන්ගේ නිර්මාණවලට මේ ගොක් කලාව එකතු කරගෙනයි තිබෙන්නේ. නමුත් මගේ ටචඵඩඪධද එක තමයි රංගනය කියන එකයි. එතෙක් ආපු ගමන මම මේ විදිහටම ගෙනියනවා.
මේ ගමනේ පෙර ගමන්කරුවා ඔබේ පවුල නේද?
මේ ගමනට මට පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මාව මගේ පිටුපස සිට ලබාදෙන ශක්තිමත් ගමනක් මට අද තිබෙන්නේ. ඇය ඒ ගමනට ආශිර්වාදයක් නොවුනා නම් මට මෙතනට එන්න නොලැබෙන්න තිබුණා. ඒ වගේම මගේ බිරිද සහ පවුලේ අනිත් සියලු දෙනාත් මට ලබා දෙන්නේ හොඳ හයෝගයක්. වසර ගණනා වක් මහන්සි වෙලා මේ නිර්මාණය කරලියට එම මගේ සිහිනයක් වුණා.
සැබෑ ජීවිතයේ ඔබ මොන වගේ කෙනෙක්ද?
මගේ ජීවිතේ මම වැඩිපුර කතාබහ කරන් නැති කෙනෙක්. මගේ රැකියාව වශයෙන් මම කරන්නේ ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ රැකියාවක්. රැකියාවත් සමබරව කරගෙන මේ කලාවේ නිරත වීම තමයි දැන් මගේ අරමුණු වෙලා තිබෙන්නේ.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවා වගේද?
ඉදිරියේදී හොඳ ගොක් නිර්මාණ කිහිපයකට දායක වෙන්නට බලාපොරොත්තුවක් තිබෙනවා. ශිල්පියෙක් ලෙස ඉදිරියට යන්නයි මගේ බලාපොරත්තුව. අපිට උරුම වෙච්ච සංස්කෘතික කලාවන් ඉදිරියට ඇවිත් අන්තර්ජාතික මට්ටමේ ලාංකික නාමය රඳා පවතින නිර්මාණකරුවෙකු වෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව ලෙස මම දකින්නේ. මේ නිර්මාණ කරළියේ නිරත වන බොහෝ දෙනා හරි දේ කියා දෙන්නේ නැති යුගයක. අපිට පාඨමාලාව හදාරලා අපිව එළියට අතුල ගුරුතුමා ඇතුළු අපිට සහයෝගය දුන්න සියලු දෙනාටම ස්තූති කරන්න මේ අවස්ථාවක් කරගන්නවා.
සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න
