Home » පතිකුලය දර්ශන තලය බලා

පතිකුලය දර්ශන තලය බලා

by mavan
April 9, 2026 10:47 am 0 comment

පතිකුලය කැඩී ගිය තැන ආදරයද දෙදරයි!!!!!

පතිකුලයේ සුන්දර රූප රාමු සොයා මඩුවන්වල වලව්වට සහ වික්ටෝරියා ජලාශයට ගිය ගමන.!!”

සෙනායා වෛද්‍යවරයෙකි. එය වෛද්‍ය වෘත්තියට මෙන්ම කලාවටද රුචිකත්වයක් දක්වන්නියකි. එනිසාම ඇගේ ජීවිත කතාව කෘතියකට නැඟීමට තීරණය කරනුයේ තවත් බොහෝ දෙනා ඇගේ ජීවිත කතාව හැප්පීම් තුළ ගොඩනැඟුªණු ආකාරය කියවා රස විඳීමට අවශ්‍ය නිසාය. ඒ ජීවිත කතාව සුන්දරත්, අසුන්දරත් ජීවිත කතාව ඇතුළත් කෘතිය පතිකුලය නමින් ප්‍රචලිත විය.

මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්කයේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ සුන්දර ග්‍රාමයකින් පිහිටි වසර ගණනක් පැරණි මෙන්ම ප්‍රෞඪ ඉතිහාසයක් ඇති වලව්වකි. වර්තමානයේ එහි හිමිකරුවා වනනේ සිරිල් හාමුය. ඔහුගේ භාර්යාව වූ චන්ද්‍රලතා නම් ඇය අධි මානයෙන් යුතු හාමු නෝනාය. සිරිල් හාමුද ප්‍රෞඪත්වයේ සංකේතයකි. ඔවුන් දෙපළගේ එකම පුතු තිවංකය. තිවංක නම් කෙළිලොල් තරුණයෙකි. තම දෙමාපියන්ගෙන් පාරම්පරික උරුම වන දේපළ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වන ඔහු කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක විධායක නිලධාරියකු වන අතර ඔහුට ආදරවන්තියක් සිටී. ඇය රාධිකා නම් වන අතර වෘත්තියෙන් ඇය නිරූපණ ශිල්පිනියකි. තිවංක නිතරම කොළඹ ජිවිතයට ප්‍රිය කරන සැහැල්ලු ගති ලක්ෂණ ඇති අයෙකි.

තිවංක තෙමසකට වරක් ගම්බිම් බලා පැමිණෙනුයේ ආයතනයෙන් ලැබෙන විරාමයකටය. එක් විරාමයකදී අහම්බෙන් හමුවන සුන්දර යුවතියක් සමඟ කෙටි කලක් තුළදී තිවංක ප්‍රේම සම්බන්ධතාවයක් අරඹයි. ඇය නමින් සඳාය. සඳා නම් සිරිපාලගේත් සුනීතාගේත් එකම දියණියයි. සිරිපාල හා සුනීතා යනු වලව්වේ බැලමෙහෙවරකම් මෙන්ම වතුපිටි බලා ගන්නා වලව්වත්තේ කුඩා නිවසක ජිවත්වන අඹු සැමි යුවළකි. සඳා උසස් පෙළ හමාර කොට නිවසට සේන්දුව ඇත.

ගමේ සමාජ සේවකයකු මෙන්ම වලව්වේ කුඹුරු කොටසක් අස්වද්දන හැඩි දැඩි තරුණයෙකි. ඔහු නමින් රාළහාමි විය. රාළහාමි සඳහාගේ පියා වන සිරිපාලගේ ඥාති පුත්‍රයෙක් වන අතර සඳා පිළිබඳව බලාපොරොත්තු ඔහු තබාගෙන සිටී.

ලමේ දිගහැරෙන කතන්දරය සොයාගෙන පසුගිය දිනක පාන්දර යාමේ නුවර තෙල්දෙණිය ප්‍රදේශය කරා කුඩා වෑන් රථයකින් අපි ගියෙමු. මේ ගමන සඳහා දහ දෙනකු පමණ කණ්ඩායමක් එක් වූ අතර පටන් ගත් තැන සිට දර්ශන තලය දක්වා යන ගමන තෙක් තොර තෝංචියක් නැතුව සිනමාපටයේ තොරතුරු ආ ගිය තොරතුරු එහි රංගනයෙන් දායකවෙන පිරිසගේ තොරතුරු කාර්මික ශිල්පීන් සහ එයට එකතු වන සියලුදෙනාගේ පෙර කතන්දර සහ වර්තමාන කතන්දර ගොනුකරමින් එකිනෙකා වාද විවාද කරමින් දර්ශන තලය කරා ඇදී යන ගමන

මිහිරිගම සිට කුරුණෑගල දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයෙන් සටහන් කරන්නට අමතක නොකළේය.වසත් කාලය උදා වීමත් සමඟ ගස් වැල් පළෙන් බර වී කෙත් වතු සුවඳීන් සුවඳවත්වත් කරමින් රන්වන් කරලින් බරවි ඇති අයුරු මෙන්ම සුන්දර පරිසරයක පහස දැක විද ගනිමින් දර්ශනතලය කරා ළඟා වන්නට විය.

නුවර සිට මහියංගණ මාර්ගයේ දිගන නගරය පසුකර දකුණට ඇති ගෝල්ෆ් පිටිය මාර්ගයේ කිලෝ මීටර් දෙකහමාරක් පමණ ගියවිට දකුණට ඇති මාර්ගයෙන් ලෝකයම නමක් උසුලන වික්ටෝරියා ජලාශයේ ජල කඳ සිඳීගිය අන්තයක් කරා දර්ශන තලය සකසමින් රූපගත කිරීම් කරන ස්ථානය වෙත අධික අව් රශ්මියත් සමඟ අපි පැමිණියෙමු. දැඩි අව් රශ්මියත් සමග කැමරා අධ්‍යක්ෂකවරයාගේ කැමරා කෝණය යොමු වී තිබුණේ වික්ටෝරියා ජලාශයේ ඈත අන්තයක විවිධ වර්ණ වලින් යුක්ත

සුඛෝපභෝගී වාහන පෙළෙක් වෙතයි. සිනමා පටයට කාර්මික අංශයෙන් දායක වන සියලු පිරිස් මේ සඳහා කඩි ගුලක පිරිස් ඔව් නොවුන්ගේ කාර්යභාරය සිදු කරන ආකාරයේන් පිටුපස උඩ දමමින් එහේ මෙහේ අත දුවමින් තම තමන්ගේ කාර්ය භාරය අධ්‍යක්ෂකවරයාට අපහසු වන අයුරින් ඉටු කිරීමට දැඩි කැප කිරීමෙන් අව් රශ්මිය තුළ වෙහෙස වන අයුරු දකින්ට අපට හැකි විය. අධ්‍යක්ෂකවරයා මොනිටරයට දෙනේත් යොමු කරමින් රූප රාමුව සාක්ෂාත් කර ගැනීමට නළු නිළියන් හැසිරවීම ඉතාම කෙටි කාලයකින් සිදු කර ගැනීමට උත්සුක වන අයුරු රූප රාමුගත කරන දර්ශන තලය බලන්නට ආ සියලු දෙනාගේ කතාබහට ලක් විය. එය නරඹන්නන්ට පසක් කරනුයේ මඟුල් පෙරහරක ස්වභාවයකි.ඒ දෙවැනි ගමනේ මනාළිය කැටුව මනමාලයාගේ ගෙදරට යන දිනයයි. මේ අතරමඟදී හමුවන මඟුල් පෙරහැරේ තිවංක සහ රාධිකා නව මනමාල යුවළයි. තිවංකගේ ආදර අන්දරයේ කතා නායිකාව වන්නේ සඳායි. ඇය ප්‍රේමයෙන් පරාජිත වූ සය මසක ගැබ්බර මවකි. තිවංක ආදරයෙන් වෙලීම තුළ හටගත් ගැබ්බර තිවංකට බරක් නොවූවත් සඳාට එය බරක් වුවත් ආත්ම ශක්තිය එයට පසු නොබැසුවේය.කඳුළු පිරුණු දෙනතින් දෙවැනි ගමනේ මංගල කාර් රථයට හිස යොමා මනාලිය ලෙස වලව්වට කැටුව යන රාධිකා සමඟ දොඩමළු වන සඳාට ඇයට සුභ පතමින් හිස ඔසවන ස්නෙකින් දකිනුයේ තිවංක නේද ඇගේ ස්වාමියා කියන කතන්දරයයි.

පපු තුරුලේ ඇගේ දුක සඟවාගෙන සඳා ගේ ගමන සඳා යන්නේද. තිවංක සහ රාධිකා ඔවුන්ගේ ගමන යන්නේය.

මේ අයුරින් උදෑසන වරුවේ ජලාශයේ රූපගත කිරීම් අවසන් වන මොහොතක කාර්මික අංශ ශිල්පීන්ගේ ශරීරයෙන් හැලෙන දහාඩිය බිඳුවලින් ජලාශය දිට්ඨාසුලි කුණාටුවෙන් පසු පිරිවිය හැකිදැයි මට සිතුණි. ඒ තරම්ම ඔවුන්ගේ ඇඳුම් තෙත් බරිත වී තිබුණේය. මේ දර්ශනය අවසන් සහාය අධ්‍යක්ෂකවරයාගේ හඬ අවධි කරමින් සියලු දෙනාම දවල් ආහාරය ගන්න ඊළඟ රූපගත කිරීම වලව්වේ. සියලු දෙනාම තම තමන්ගේ කාර්යභාරයන් හැකි අයුරින් ඉටු කරගන්න කියනවාත් සමඟ පතිකුලයේ අධ්‍යක්ෂකවරයා වන සමන්ත විජේකෝන් සිනමා පටයේ රූපගත කිරීම් ගැන සඳහන් කළේ මේ ආකාරයෙනි.

මේ මගේ පළමු සිනමා පටය වන්නේ පශ්චිම යාමයයි. දෙවැනි සිනමා නිර්මාණයයි. මේ සිනමා පටයේ ඒ ඒ චරිතවලට අදාළ ඔවුන්ගේ ජීවන රටාවට ගැළපෙන ආකාරයෙන් තමයි මම මේ දර්ශන තල සියල්ලම නිර්මාණය කර ගත්තේ. ශුෂ්ක පරිසරයක හැදී වැඩෙන ඔවුන්ගේ ජීවිත කතා වල විවිධ ස්වරූපයන් ගැබ්වෙලයි තිබෙන්නේ. එක් සමාජ තලයක් විසින් තවත් සමාජ තලයක් සඳහා කරනු ලබන විශාල අසාධාරණයක් මේ රූපගත කිරීම තුළ ගැබ්වුණා. මේ කතාව වටා තිබෙන යම් යම් සංකීර්ණ සිදුවීම් මාලාවක් රූපගත කරනා අවස්ථාවක් තමයි මේ අපි දැන් සිදුකරමින් පැවතුණේ. මේ දර්ශන තලයේ මට අවශ්‍යය සියලූම සංකේත තිබෙන නිසා කතාවේ ප්‍රධාන භූමිකා චරිතවලට ඔවුන්ගේ චරිතයට අවශ්‍ය අයුරින් පරිසර භූමිකාව පිටපතට අනුව සැකසිලා තිබෙන්නේ. සිනමා පටයක ප්‍රේක්ෂකයාට දිය යුතුව තිබේන සංකේත ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා මේ සිනමා පටයට සියලු දර්ශන තල ආශිර්වාදයක් වී තිබෙනවා. මෙහි තිර රචකයාත් මම නිසා මගේ මනසේ ඇදුණු සියලුම දර්ශන තල සොයා යමින් මෙහි රූපගත කිරීම් අවසන් කිරීම තමයි මගේ අරමුණු වී තිබෙන්නේ. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය කියන තැනට එන්න මම

වෙර දරන අධ්‍යක්ෂකවරයෙක්ය. ඒ නිසා සිනමා පටයක තිබිය යුතු විශේෂ ලක්ෂණ සියල්ලම ගේන්නට මම උත්සාහ ගන්නාවා. තිවංක ලෙස උද්දික ප්‍රේමරත්නත්. සඳා ලෙස නිහාරී පෙරේරාත් රාධිකා ලෙස රාධිකා ගුණවර්ධනත් මේ දර්ශන තලයේ ප්‍රධාන භූමිකා චරිත තුන වුණා. අද වන විට දින දහයකට වැඩි ප්‍රමාණයක් මේ අවට සහ මඩුගල්ල වලව්ව රූප ගත කිරීම් සිදුකරලා තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ රූපගත කිරීම් අවසන් වූ පසුව තව කොළඹ රූපගත කිරීම් තිබෙනවා. අපි මේ අවසන් කරේ සිනමා පටයේ මැද රූපරාමු කිහිපයක්ය. මින් පසුව තිබෙන්නේ ඉතුරු රූපගත කිරීම් අද දවසට මඩුවන්වල වලව්වේදී දෙවැනි ගමන සමඟ වලව්වේ සිදුවෙන කාර්යභාරයයි. දර්ශන තල පහළොවක් විස්සක් විතර පාවිච්චි කරනවා සිනමා පටය වෙනුවෙන්. රෙඩ් වීරප්ටර්න් කැමරාව තමයි රූපගත කිරීම් වලට මේ වන විට යොදාගෙන තිබෙන්නේ. දැනට ලංකාවේ සිටින හොඳම කාර්මික ශිල්පීන් සහ රංඟන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මේ සිනමා පටය වෙනුවෙන් දායකත්වය දෙනවා. මේ පවතින කාලගුණයත් එක්ක අභියෝග රැසකට හොඳ මනසකින් යුතුව මුහුණ දෙන්නට පුළුවන් අධ්‍යක්ෂකවරයෙක් තමයි මම. සිනමා පටයකට අන්තර්ගත යුතු සියලූම දේවල් අන්තර්ගත කරලා ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒම තමයි මගේ ඒකායන බලාපොරොත්තුව වී දැනට තිබෙන්නේ. ඒ වගේම තමයි මෙම සිනමා පටයට හොඳ තාක්ෂණික මෙවලම්භාවිතා කරලයි සිනමා පටය රූපගත කිරීම් සිදු කරනුලබන්නේ. පසු නිෂ්පාදන කටයුතු සියල්ල සිදු කරන්නෙත් ඒ අයුරින්මයි. ප්‍රේක්ෂකයා ඉල්ලන හොඳ නිර්මාණ ගොන්නක් අපි ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආ යුතුයි. එවිට සිනමා කර්මාන්තයක් ලෙස ඉදිරියට යන්නටත් හොඳ සිනමාපට බිහිවීමටත් අවස්ථාව උදාවෙනවා. අන්‍යනොන්‍ය අවබෝධයෙන් හා එකිනෙකාට අත්වැල් බැඳගෙන මේ ගමනට යන්න පුළුවන්නම් ලෝකයේ පිළිගත්ත හොඳ සිනමා රටක් හා සිනමා කර්මාන්තයක් ලෙස අපිට ස්ථාපිත වන්නට අවස්ථාව තිබෙනවා. සිනමා නිර්මාණයක තිබිය යුතු දැවැන්ත බව ඒ අයුරින්ම තිබිය යුතු වෙනවා. මම පිටපත ලියපු නිසා මට චරිත ලියන විට ඒ චරිත මැවී පෙනෙන්නට ගත්තා. ඒ මැවී පෙනෙන චරිත සියල්ලම මේ සිනමා පටයේ රංගනයෙන් දායක වෙනවා. ඒ රංගනයෙන් දායක වන සියලුම චරිතය යථාර්ථයක් බවට පත්කරමින් ප්‍රේක්ෂකයාට ඒ චරිත රස විඳීන්නට තනියම ඉඩකඩ සලසා දිය යුතු බවයි මට හැඟී යන්නේ. අප්‍රේල් මාසේ මෙහි වැඩ කටයුතු සියල්ල නිම කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. මා සමඟ වැඩ කරන ප්‍රවීණයන් සහ ආධුනිකයන් සියලුම දෙනා මේ සිනමා පටය වෙනුවෙන් මට හොඳ දායකත්වයක් ලබා දෙනවා.

අන් සියලු දේවල්ම එකට කැටි වුණත් කැමරා අධ්‍යක්ෂණය නොමැති වුණොත් සිනමාපටයක් කෙසේ ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්නද. එහි භාරදූර කාර්යය උසුලන්නේ කුලරුවන් ගමගේයි .මම මේ සිනමා පටයට සම්බන්ධ වෙන්නේ සහය අධ්‍යක්ෂක තරිඳු හරහායි. අධ්‍යක්ෂකවරයාගේ තිරපිටපතේ තිබෙන චරිත සංසන්දනය කර ඒවාට අනුරූපී දර්ශන තල වලට ඔවුන්ව රැගෙන යමින්

පතිකුලය සිනමා පටය රූපගත කිරීම් සිදුකරන්නේය. මේ සියලූම රූප රාමු සම්මතයෙන් පරිබාහිරව රූපගත කිරිම් සිදුකරන්නේ. හැමදාම යන පාරේ මෙම සිනමා පටය රුප රාමු ගෙනයන්නට මට කොහෙත්ම අවශ්‍යතාවයක් නැති නිසා අධ්‍යක්ෂකවරයා සහ අනිත් ටෙක්නිකල් කෲ වල සියලු දෙනාගේම සහයෝගය ඇතුව තිර පිටපතේ ජීවත්වන එදා මිනිසුන්ගේ රූප රාමු ෆිල්ම් එකට වෙනස් අයුරින් මම ගෙන එනවා.

මේ දර්ශන තලය පවතින වියලි කාලගුණ තත්ත්ව නිසා ආලෝක රටාවල් තත්පරයෙන් තත්පරය වෙනස් වන ස්වභාවල් ගන්නවා. සිනමා පටයක රූප රාමු සැමවිටම රූපගත කිරීම සිදු කරන්නේ ස්වභාවික ආලෝකයන් මතයි. ඒ නිසා නළුවාගේ හෝ නිළියගේ රඟපෑම තුළ රූප රාමුවලට හානි නොවෙන්නටත් ශිල්පින් කිසිවිටක අපහසුතාවයට පත් නොකර ඹ්ඪඨඩබඪදඨ ජධදඤඪබඪධද නියමාකාරව පවත්වාගෙන රූපගත කිරීම් අවසන් කිරීම තමයි මගේ අරමුණ වී තිබෙන්නේ. කොහොම නමුත් අපි සියලු දෙනාම සාමූහිකව එකතුවෙලා හදපු සිනමා පටයක් තමයි ඔබට ඉදිරියේදී දකින්නට ලැබෙන්නේ. නිදහස් රූප රාමුයි මේ හැම දර්ශනයකදීම දකින්නට පුළුවන් වෙන්නේ. රෙඩ් වීරප්ටන් කැමරාවයි රූප රාමු සඳහා භාවිතා කරන්නේ.

විශේෂයෙන් රදල පරපුරක කතාවක් හින්දා වලව් ආශ්‍රිත අපි සොයපු කිසිදු සාධකයක් තිබුණ එක වලව්වකවත් තිබුණේ නෑ. නමුත් අපිට හරි ගියේ මඩුවන්වල වලව්ව පමණයි මේ සඳහා රූපගත කිරීම් වලට

නිර්මාණය අවසන්කර ප්‍රේක්ෂකයාට බාර කළ පසු ඔවුන් මෙහි හොඳ නරක බෙදා වෙන්කර ඒ නිර්මාණය සාර්ථක අසාර්ථකත්වය සමාජ ගත කරන තෙක් අපිට බලා හිඳීන්නට වෙනවා.

චන්ද්‍රලතා උඩරට වලව් පැලැන්තියේ එන එක්තරා චරිතයකි.සමාජ කුල ගෝත්‍රයෙන් ඉහළම යයි සලකමින් මාන්නයෙන් උදුම්මා ගනිමින් ජීවිතය ගත කරන ඇය පතිකුලය සිනමා පටයේ චන්ද්‍රලතාගේ චරිතයට පණ පොවන්නේ දිල්හානි ඒකනායකයි. මම මේ සමන්තගේ දෙවැනි සිනමා පටයටයි සම්බන්ධ වන්නේ. ඔහුගේ පළමු සිනමා පටය පශ්චිම යාමේ සිනමා පටයටද මගේ රංගන දායකත්වය නොපිරිහෙලා ඔහුට ඉටු කර දුන්නා.ප්‍රවිණ රංගන ශිල්පීන් රැසක් දෙවැනි සිනමා පටයට ඔහු සම්බන්ධ කරගන්න බවයි පළමු සිනමා පටය තුළදී මට සඳහන් කර සිටියේ. ඒ අනුව තමයි මේ දෙවැනි සිනමා පටයට ප්‍රවීණයන් රැසක් සම්පන්ධ කරගෙන තිබෙින්නේ. චන්ද්‍රලතාගේ එකම පුතා වන තිවංක සහ සඳා අතර පවතින ප්‍රේම සම්බන්ධතාවය තුළ දිගහැරෙන කතා පුවතක් සමඟ පන්ති දෙකක් අතර සිදුවන ඝට්ටන මේ තුළින් කතා කරනවා. එයින් ජයග්‍රහකයා වන්නේ කවුරුන්ද එය ජයග්‍රහණය අභිමුවට ගෙනයන්නේ කොහොමද කියන එකත් මේ තුළ රසිකයන්ට ප්‍රේක්ෂකයන්ට ගෙන හර දක්වනවා. අධ්‍යක්ෂවරයා හරි අපූරුවට මේ තිර රචනය කරලා තියෙනවා .එකින් එකට යාවෙමින් පුරුක් වශයෙන් නොකැඩී දුවන ආකාරයට. ඔහු මේ තෝරාගෙන තිබෙන දර්ශන තල හරිම සුන්දර අපූර්ව දර්ශන තල වෙනවා.රංගන ශිල්පිනියක් හැටියට හරිම සුන්දර දර්ශන තලවල රඟපෑමත් අපිට හරිම ප්‍රබෝධ ජනක දෙයක් වෙනවා. ඔහු තමන්ගේ නිර්මාණය වෙනුවෙන් මම දකිනවා හරිම වෙහෙසට පත් වෙනවා හොඳ සාර්ථක නිර්මාණයක් ප්‍රේක්ෂකයා හමුවට ගෙනීමේ අරමුණු වෙනුවෙන්ය. මේ වන විට මම සිනමාපට එකසිය තිහකට වැඩිය රංගනයෙන් දායක වෙලා තිබෙනවා. විවිධ චරිත මේ හරහා මට මගේ රංගන ජීවිතයේදී හමුවෙලා තිබෙනවා.මම හිතනවා පතිකුලයේ කරන මේ උඩරට වලව් පැලැන්තියේ චන්ද්‍රලතාගේ චරිතය කාගේත් සිත් ගනියි කියලා. සිනමාපටයක් කරනවා නම් සියලු දෙනාම එකට එකතුවෙලා එහි ගැඹුරටම කිඳා බැසියය යුතුයි. එවිට රංගනයේ යෙදෙන අපිට වුණත් මහන්සියක් දරලා ඒ චරිතය ගොඩ දාන්න පුළුවන්.

උඩින් පල්ලෙන් චරිත කරලා සිනමාවට සාධාරණයක් කරන්න අමාරුයි. මේ ගත කරපු රූප රාමු තුළ අධ්‍යක්ෂකවරයා අපිව නොමරා චරිතයට ගෙන ගියා. එවැනි ගෙනයාම තුළින් සාර්ථක නිර්මාණයක් දකින්නට පුළුවන් කියලා මම හිතනවා.

තාරුණියත්, භද්‍රයෞවනයත් හරියටම වැඩිහිටියන් සලකන්නේ මඳ කිපුණු අලියකු සේය. මෙවැනි කතා පැරැන්නන්ගේ උපහැරණ ලෙස සලකනු ලැබේ. එහි සත්‍යතාවක් නැත්තාද නොවේ. පතිකුලයේ තිවංක වන්නේ එවැනි භද්‍රයෞවනයේ තරුණයකුයි. යෞවනියන්ගේ සිත් සතන් පැහැර ගැනීමට ඔහු තරම් සමතෙකු මේ වලව් පැලැන්තියේම නැතුවාටද සැක නැත. මට එදා තිවංක හමුවන්නේ ඔහුගේ දෙවැනි ගමන යන මොහොතේය.ඒ වික්ටෝරියා ජලාශයේ නවීනපන්නේ කාර් රථයක රාධිකා සමඟය. ජීවිතයේ තරුණියක් මුහුණ දෙන අවාසනාවන්තම සිදුවීම ඒ රූප රාම තුළ අත්දැකීම තුළ තරුණියන්ට පිරිමින් තුළ ඇතිවනුයේ ද්වේෂ සහගත තත්ත්වයක් බවයි බලන සියලුම ප්‍රෙක්ෂකයන් හමුවේගෙන හර දක්වන්නේ. ඒ රදල පරම්පරාවල් වල ගති ලක්ෂණ මනාව පෙන්නුම් කිරිමකි. ඒ සියලු රූපගත කිරීම එදිනට නිමාවීමත් සමඟ තිවංක සමඟ ඔහුගේ චරිතය සහ පතිකුලයට එකතු වීම සිදුවූ ආකාරය පැහැදිලි කළේය.මම මේ සිනමා පටයට සම්බන්ධ කරගන්නට අධ්‍යක්ෂකවරයා තීරණය කරන්නේ මීට අවුරුදු දෙකකට විතර ඉහතයි.ඔහු මට කතා කළ සැම මෝහොතක සඳහන් කළේ ඔහු නුවර ප්‍රදේශයේ ජීවත්වන බවත් ඔහු මේ කරන නිර්මාණයේ තිවංකගේ චරිතයට ගැළපෙන නියම පුද්ගලයා උද්ධික ප්‍රේමරත්න මා බවයිද සඳහන් කළා. ඒ අනුව ඔහුත් සමඟ සිනමාපටයට සම්බන්ධ වෙලා දැන් මම රූපගත කිරීම් වල නිරත වෙිලයි ඉන්නේ. හරිම ලස්සන කතා පුවතක් මෙහි ගැබ් වෙලා තිබෙනවා. ප්‍රවීණයාගේ සිට ආධුනිකයා දක්වා මේ සිනමා පටයට මාත් එක්ක සම්බන්ධ වෙනවා. තිවංක විවාහ ජීවිතයේදී මුහුණ දෙන ගැටලු රාශියක් ඒවාට විසඳුම් සහ විසඳුම් නොගැනීම තුළ සිදුවෙන ප්‍රශ්නකාරී වාතාවරණ, ජීවිතේ කොපමණකින් ඉස්සරහට යන්න පුළුවන්ද වරදින්න පුළුවන්ද ඒ සියලු දේවල් නිවැරදි කරගෙන තමන්ගේ මාවතේ ඉස්සරහට ගමන් කිරිම කොපමණ වටිනවාද කියන හැඟීම. මේ සිනමා පටය පුරාම කතා කරනවා.තිවංක රදල වාදය බිඳ දමමින් සංස්කෘතික ගති ලක්ෂණ කිසිවක් පිළිපදින පුද්ගලයෙක් බවට පත්වන්නේනැහැ. නූතනය සහ වර්තමානයේ තියෙන සමාජ පරිසරය ම ගනිමින් තම ජීවිතය ගෙන යන පුද්ගලයෙක් ලෙස මෙහි චරිත නිරූපණය ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනවා.

සඳා කියන්නෙත් මේ සිනමා පටයේ හරිම අමුතුම ගති ලක්ෂණ පෙන්වන චරිතයක්. ඇය පසුගිය කාලයේ කා අතරතන් ජනප්‍රියත්වයට පත් වුණේ ය. ඈ නිහාරී පෙරේරායි. මේ වනවිට මම සිනමාචට ඇවිත් වසර දෙකක වැනි කාලයක් ගතවෙනවා.සිනමා පට කිහිපයකටම රූපගත කිරීම් කර අවසන් වන අතර තුර තමා මට මේ පතිකුලේ සිනමා පටයට අධ්‍යක්ෂකවරයා කතා කරන්නේ. ඒ කතා කරපු සිනමා පටයේ සාර්ථකත්වය ඉස්සරහට දකින්නට පුළුවන් වනවා. අපි මේ අව්වේ ඉඳගෙන මෙච්චර දෙයක් මේ දෙන්න හදන්නේ හොඳ දෙයක් නිසයි. පිටපත කියවගෙන යනකොට හරිම අපූරු කතා වස්තුවක්ම අවසානයේ දක්නට ලැබෙන්නේ. තිරපිටපත කියවලා ආසාවටම මම මේ සිනමා පටය භාරගත්තා. මේ වගේ ලස්සන දර්ශන තලවලට ඇවිල්ලා රූපගත කිරීම් කරන්නටත් ලැබෙන්නෙත් අපේ වාසනාවට කියලයි මම හිතන්නේ. මම කලින් කරපු චරිත වලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් සඳාගේ ගැමි චරිතයක් නිරූපණය කරන්නට ලැබීමත් එක්තරා පැත්තකින් වාසනාවක් කියලා හිතෙනවා.මේ චරිතය වෙනුවෙන් මට ප්‍රවීණයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.

සිනමා පටය පුරාවටම අත්‍ය අවශ්‍ය ශිල්පීන් තුන්දෙනකු වන්නේ අංග රචනා ශිල්පියා සහ කලා අධ්‍යක්ෂකවරයා මෙන්ම සහාය අධ්‍යක්ෂකවරයායි

ඉන්දික උදාර කියන්නේ අද සිනමා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂයන් අතර දක්ෂයෙකි. පතිකුලේ සිනමා පටයේ අංග රචනා ශිල්පියා වන්නේ ඔහුයි. පතිකුලය සිනමා පටය කියන්නේ ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන පවුලේ සියලු දෙනාටම නැරඹිය හැකි සිනමා පටයකි.මෙහි රංගනයේ දෙන චරිතවල ස්වභාවයන් අනුව අධ්‍යක්ෂකවරයාගේ තිර පිටපතේ රචනා වුණ චරිතයේ ස්වභාවය අපි ඉස්මතු කරලා ගෙනායුතු වෙනවා. එය විශාල අභියෝගයක් බවට පරිවර්තනය වෙනවා. මේ සියලුම අංග රචනාවලට ප්‍රථම ස්කේච් එකක් ඇඳ ගත යුතුයි ඒ චරිතවලට එසේ නොවුණොත් ඒ චරිතය හඳුනා ගැනීමට අපිට අපහසුතාවයකට පත් වෙනවා. සමහරක් හිතන්නෙ අංගරචනාව කියන්නේ හරිම ලේසි වැඩක් කියලා. වැඩෙට බැහැලා බලන්න ඕන වැඩේ කොච්චර ගැඹුරුද කියලා. සරත් රණවීර මගේ ගුරුවරයා මාව ක්ෂේත්‍රයට රැගෙන ආපු නිසා ඔහු දුන්න ගුරු හරුකම් එක්ක මම අද හොඳ ගමනක් යනවා මගේ ප්‍රායෝගික අත්දැකීම් තුළින්. මෙහි එන සියලූම චරිත හරිම නිහතමානී ලෙස මාත් එක්ක ගනුදෙනු කරලා මේ වැඩ කටයුතු අවසන් කරන්න තමයි අපේ ඒකායන බලාපොරොත්තුව වෙන්නේ.විශේෂයෙන් දර්ශන තලයෙන් දර්ශන තලයට අංග රචනය වෙනස් විය යුතුයි ශිල්පීන්ගේ.ඒ වගේම තමයි කන්ටිනිවිටි එක සිනමාපටය පුරාවටම රඳා පවත්වාගත යුතුයි එය හරි අමාරු කාර්යයක් වෙනවා මතක තබා ගැනීමේ ශක්තිය තුළ.මෙහි එන සමහරක් චරිත තියෙනවා කුඩා චරිතයේ සිට මහලු චරිතය දක්වා එවිට ලොකු අභියෝගයක් බවට පත්වෙනවා ඒ චරිතය උදාහරණයක් හැටියට ගත්තොත් තිවංකගේ චරිතය උද්දික ප්‍රේමරත්නගේ සිනමා පටයක අංගරචනා ශිල්පියා සියලු දෙනාටම ප්‍රථම එදිනෙදාට ඉන්න සියලු දෙනාම අවශ්‍ය වේලාවට ලබාදීමට පැයකටවත් ප්‍රථම සූදානම් කළ යුතු වෙනවා.මේ ජීවිතය හරිම සුන්දර අත්දැකීම් තුළින් යන්න පුළුවන් සිනමා කර්මාන්තයක් ලෙසයි මම දකින්නේ.

මේවන විට සිනමාවට පනහකට අධික සංඛ්‍යාවක අංග රචනා ශිල්පීයා ලෙස කටයුතු කරන්නට මට අවස්ථාව ලැබිලා තියෙනවා පතිකුලේ සිනමාපටයත් සමඟ.

අංග රචනා ශිල්පියාගෙන් පසුව රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට යොමු විය යුතු වන්නේ කලා අධ්‍යක්ෂකවරයා සහ ඇඳුම් නිර්මාණ ශිල්පියා ළඟටය.

ඔහුගේ කාර්යභාරය වන්නේ චරිතයට වස්ත්‍රාභරණය සැකසීමය. එයද තවත් එක් අමාරු අංගයකි. පතිකුලය සිනමා පටය ගැන ලසන්ත උඩුකුඹුර අංග රචනාය ට පසු ඔහුගෙන් සිදුවන කාර්යභාරය අප සමඟ බෙදාගත්තේ මේඅයුරෙනි. රිදම් ඔෆ් ද ක්ලැරන්ස් සිනමා පටය නරඹලා මේ සිනමාපටයට මට කතා කරන්නේ සමන්ත. ඒත් මම විශ්වාස කළේ නෑ මේ සිනමා පටයට මගේ දායකත්වය ලබා ගනි කියලා.

අධ්‍යක්ෂක භූමිකාවට නොදෙවැනි සහාය අධ්‍යක්ෂ භූමිකාව. සිනමාව පටේ සියලු බර අදින්නේ ඔහුය. අධ්‍යක්ෂකවරයාගේ ඕකේ කට් කියන තැනට ප්‍රථම සිදුවන සියල්ල සිදුවන්නේ ඔහු හරහායා. මේ ඔහුගේ දෙවන සහය සිනමා අධ්‍යක්‍ෂණයයි. පතිකුලය සිනමා පටය තිර පිටපතේ තිබෙන චරිත වල සියලූම නළු නිළියන් සහ දර්ශන තල. සිට අවශ්‍ය සියලුම අංග උපාංග ඔහු විසින් සැපියය යුතුය. ඔහුගේ අණ සිනමා පටය ක්‍රියාත්මක නොවුණොත් එදිනට සිනමා පටය රූපගත කිරීම් සිදු නොවන බවත් විශේෂ කරුණක් බවට පත් වෙනවා.කලාවට වෙලාවට වැඩෙ කරනවා වගේ සියලු දෙනාත් සමඟ හරිම සහෝදරත්වයෙන් ඔවුනොවුන්ට අවශ්‍ය කාර්යභාරයන් බෙදා වෙන්කොට ඒ ඒ දිනට රූපගත කිරීම් අවසන් කොට පසු නිෂ්පාදන කටයුතු දක්වා ප්‍රදර්ශනය දක්වා එන තෙක් මහේෂ් උයන්වත්ත නොසැලී කාර්යභාරයේ වගකිම ඉටුඉටු කරනු ලබයි.

මේ සියල්ල පසක් කර ගනිමින් අපි ප.ව හයයි තිහට පමණ මඩුවංවල වලවවෙන් අවසන් රූගත කිරීමට මත්තෙන්ම නැවතත් කොළඹ බලා පැමිණියෙමු.

සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT