Home » ‘නෙළුම් පැදුර’ පටන් ගත්තේ අවස්ථා නැති දක්ෂ දරුවන්ට අතදෙන්න කලා ශිල්පී උපාලි රංජිත් යාපා

‘නෙළුම් පැදුර’ පටන් ගත්තේ අවස්ථා නැති දක්ෂ දරුවන්ට අතදෙන්න කලා ශිල්පී උපාලි රංජිත් යාපා

by mavan
March 19, 2026 12:34 pm 0 comment

පාසල් අවධියේදී සංගීතයට නාට්‍යවල රඟපාන්න ප්‍රිය කිරීම තුළින් සමස්ත ලංකා මට්ටමින් හොඳම නළුවාට තේරීමත් සමඟින් කලාව දිගටම කරගෙන යාමට යොමු වීමේ ප්‍රතිපලයක් ලෙස අද ගමේ ඉපිද දක්ෂතා ඇති දරුවන්හට ඉදිරි ගමනක් ලබා දීමේ අරමුණින් නෙළුම් පැදුර ප්‍රසංග පැවැත්වීමට කටයුතු කළ බව කලාවිභූෂණ, දේශ ගෞරව කීර්ති, ස්වස්ති සංස්කෘතික කලා සංගමයේ අධ්‍යක්ෂ උපාලි රංජිත් යාපා පැවසුවේය.

කලාවට සම්බන්ධ වුණේ මොන ආකාරයෙන්ද?

ඇත්ත වශයෙන්ම කියනවා නම් මම කලාවට සම්බන්ධ වුණේ මගේ කුඩා අවධියේදීයි. කුඩා අවධියේදී මං නාට්‍යවලට ප්‍රිය කළා. ඒ වගේම සංගීතයටත් ප්‍රියකළා. පාසලේදී නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබුණා. මා රඟපාපු නාට්‍ය සමස්ත ලංකා මට්ටමට ගිහිල්ලා ලංකාවේ හොඳම නළුවා බවට පත්වුවා. ඒ පන්නරයත් සමඟම පාසල් ජීවිතයේදී මං ඉස්සරහටම කලාව පැත්තෙන් යන්න අදහස් කලා.

පාසල් දිවිය ආරම්භ කලේ කුමන පාසලින්ද

කඩවත ගෝනහේනම මහා විදුහලින්, එවකට කාලවට මා සම්බන්ධවීමක් සමඟින් පාසලේ ගුරුවරු අතර මා විශාල ප්‍රසිද්ධිය කට පත්වුවා. 1976 වසරේ සිට 80 වසර දක්වා කාලය තුළ පාසලේ අකුරු කරන කාලයේ මට හිතුණේම කලාව පැත්තෙන් ඉදිරියට යන්න ඕන කියායි.මා ‍හට දැඩි අධිෂ්ඨානයක් ආවා කලාකරුවෙන් වෙන්න‍

පාසලෙන් එළියට ආ පසු මොකද කලේ ?

මා මුලින්ම හෙන්රි ජයසේන මහතා යටතේ නාට්‍ය නිෂ්පාදන පාඨමාලාවක් හැදෑරුවා ජාතික තරුණුසේවා සභාවේ.

ඒ අවදියේදිත් මාගේ ගුරුවරුන් මට කීඩා නාට්‍ය කලාවට එන්න ඔබට හොඳ දක්ෂ තාවයක් තිබෙනවා කියා. මා හට නැටුම්, නාට්‍ය කරණය වාගේම සංගීතයක් මගේ ඇගේම තිබුණා..

ඒකෙ ප්‍රතිඵලය වුණේ මොන ආකාරයෙන්ද?

ඒකෙ ප්‍රතිඵලයක් හැටියට පොලිසියට බැඳීලා පොලිස් තුර්ය වාදක කණ්ඩායමට එකතු වුණා.ජීවිතයේ කෙනෙකුට රස්සාවක් හම්බවෙන්නේ නැහැ එකපාරටම හිතේ තියෙන ආසාවන්ට.නමුත් ඇත්ත වශයෙන්ම මම ඉස්සෙල්ලාම යුද හමුදාව තුර්ය වාදන අංශයට මේ තේරුණා. ඊට පස්සේ ටිකක් කල් ඉඳලා ශශ්‍රී ලංකා පොලිස් තුර්ය වාදක කණ්ඩායමට බැදුණා. එහිදී මට වෙනමම සමාජයකට යන්න වුණා මොකද බටහිර සංගීත මට හදාගන්න වුණා. අපි බටහිර සංගීතය ඉස්සර හදාරන්න වුණා. ඒ සංගීතය ඇතුළේ මම හිතන්නේ අපේ පෙරදිග සංගීතයක්. මම ඒක අතරතුරේදී ශශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නාට්‍යයක් කරන්න යද්දි මාව තේරුණා. ඒ ජයසේකර අපෝන්සු, රෝහණ දන්දෙණිය, කේ.බී හේරත් ඔන්න ඔය වගේ කලාකරුවෝ තමයි මට පොලිසිය ඇතුළේ දී හම්බවුණේ. ඒ අයගෙන් පොලිසිය ඇතුලෙදි මම ලොකු දෙයක් උකහා ගත්තා

පොලිසියේදී බටහිර තුර්වාදක කණ්ඩායම තුළින් ලොකු බැඳීම් තිබුණා. මොකද පොලිසිය ඇතුළේම ඉන්න වුණා. හැබැයි මට පොලිසිය කියන්නේ එක තැනකට එකතුවෙලා කරන්න ඕන දෙයක් කියලා. ඉතින් මම පොලිසියෙන් බැහැර වෙච්ච හැටියේම හිතුවා නාට්‍යයක් කරන්න ඕනේ කියලා.

මම ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී ගායකයෙක් හැටියටත් හිටියා1991 දී.

ගුවන්විදුලි සංස්ථාවට යන්න අවස්ථාව ලැබුණේ මොන ආකාරයෙන්ද?

සරල ගී ශිල්පීන් තෝරනවා කියලා ඒ කාලේ ගැසට් කරලා තිබුණා ඒකට දාලා තමයි මාව තේරුණේ එතනදි මට ශ්‍රේණියක් හම්බුණා. ඒ ශ්‍රේණිය හරි වැදගත් වුණා මට එතැනදි මම සරල ගී ශිල්පියෙක් හැටියට හඳුන්වාදීම මගේ ජීවිතේ ලැබූ ජයග්‍රහණයක්

ඊට පස්සේ ජීවිතේ මොන ආකාරයෙන්ද ගෙන ගියේ?

පොලිසියෙන් විශ්‍රාම යන කාලේම මම නාට්‍යයක් ලියලා නාට්‍ය අනු මණ්ඩලයෙන් පාස් කරගෙන ඒක අතේ තියාගෙන හිටියා

පොලිසියෙන් අයින් වෙනකොටම මම නාට්‍ය පටන් ගත්තා. නාට්‍යයක් කරනවනම් ලංකාවේ ප්‍රවීණ නළු නිළියන් කැඳවාගතගත යුතුයි. ඒ නිසා මහින්ද පතිරගේ, සැනට් දික්කුඹුර, සරත් පීරිස් ඒ අයගේ අත්දැකීම් බෙදාගෙන තමයි මම ‘වරම’ නාට්‍යයේ රඟපෑවා. අද ඒ නාට්‍ය වේදිකා ගත වෙනවා.

ඒ රඟපාපු පළවෙනි නාට්‍යයද?

හෙන්ජිරි ජයසේන මහතා සමග රඟපෑවා. කේබි හේරත් මහත්තයාගේ “රාජපුරුෂයෝ”, ජයසේකර අපොන්සු මහතාගේ “විරු” යන නාට්‍යවල රඟපෑවා මීට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළෙත් මම නිර්මාණය කරපු නාට්‍යවල රඟපෑවා. ප්‍රවීණ කලාකරුවන්ගේ ඇසුර වැටුණු වගේමමත් මගේම දේවල් පටන් ගත්තා.

ඊට පස්සේ මොකද කළේ?

විශ්‍රාම දිවියන් පස්සේ මට අත්වැලක් වුණා මහර සංස්කෘතික බලමණ්ඩලය

පොලිස් දෙපාර්තුමේන්තුවෙන් විශ්‍රාම ගියේ කොයි අවුරුද්ද?

2020 වසරේ පොලිස් බෑන්ඩ් එකේ විශ්‍රාම ගිහින් සංස්කෘතික බලමණ්ඩලයට බැඳුනා. එතැනදී මටලොකු අත්වැලක් වුණා. ප්‍රාදේශීය කලාකරුවන් හඳුනාගන්න හැකි වුණා.. අපේ මේ ප්‍රාදේශීය වශයෙන් කලාකරුවෝ ටික එකතු කරන්න පුළුවන් වුණා..

ඊයේ පස්සේ මා නිදහස් කලාතනයක පටන් ගත්තා. “සුවස්ථිකලායතනය” නමින් පටන් ගත්තේ ළමයි විස්සක් තිහක් ගෙනල්ලා ගෙදරම කලා කටයුතු පටන් ගත්තා. ප්‍රසංග තුන හතර කළා. මට එතනින් විවිධ ප්‍රසංගත් තුන් හතර සැරයක් කළා.

ජාතික වැඩසටහනක් කරන්න මට හිතුණා. දිවයින පුරාම යන වැඩසටහනක් පටන් ගන්න ඕන කියලා “නෙළුම් පැදුර” වැඩසටහන පටන් ගත්තා. නෙළුම් පැතිර දැන් ප්‍රසංග තුනක් ඉදිරිපත් කළා.මෙම වැඩ සටහනට සම්බන්ධ කර ගත්තේ ගුවන් විදුලියට රූපවාහිනියට කිසිම දේකට සම්බන්ධ නොවුණ දක්ෂ දරුවන්. දක්ෂ දරුවන්ගේ දක්ෂතාවයන් ඔප්ංවන පියවරක් හැටියට. ඉතා දක්ෂ දරුවන් ඉන්නවා ගම්වල ඔවුනට ගේ දක්ෂතාවයල් පෙන්නන්න බැරුව ඔවුන්ට අත්වැලක් දෙන්න තමයි මම නෙළුම් පැදුර පටන් ගත්තේ.

නෙළුම් පැදුර වැඩසටහන ගැන විස්තර කළොත්?

බොහෝ දක්‍ෂතා තියෙන අය ඉන්නවා ඔවුන්ට අත දෙන්න කෙනෙක් නැතුව ඉන්න ඔවුන්ට අත දීමයි මගේ අදහස. ඉස්සර තිබුණා ගුවන් විදුලි වැඩසටහන් හඳමාමා රූපවාහිනි වැඩසටහන් තිබුණා. නමුත් දැන් ඒවටඒවට යොමු කරන්නෑ මොකද දරුවන්ට පාසල් අධ්‍යාපනයේ කටයුතු තිබෙනහින්දා දරුවන්ට කලාව කියන දේ විසදෙයක් හැටියට තමයි දෙමව්පියන් පෙන්වන්නේ.

ගෙවල්වලට ගිහිල්ලා දෙමාපියන් දැනුවත් කරලා තමයි මේ දරුවන් මගේ මේ කලා ආයතනයේ ප්‍රසංගලට යොමු කරගන්නේ. නෙළුම් මැදුර තුළින් ළමා වැඩිහිටි බොහෝ අය සින්දු කියලා ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්නුවා

කීවෙනි ප්‍රසංගය තිබේබේ. ?

මාස හතරක් ඇතුළත නෙළුම් පැදුර තුන්වෙනි ප්‍රසංගය දැන් අවසන් වුණා.

ඊළඟට පටන් ගන්න යන්නේ මොකක්ද?

“නෙළුම් පැදුර පොඩි හිටි” කියලා වැඩසටහනක් ඊළඟට මං පටන් ගන්නවා කුඩා දරුවන් වෙනුවෙන් එම වැඩසටහන ඉදිරියේදී ්‍කැකිරාවෙන්, මහනුවර යන ප්‍රදේශවල පවත්වන්න අදහස් කරලා තියෙනවා.

මගේ කලාවේම මුදලට මුල්තැන දීලා වැඩ කරන්නේ නෑ. මුදල් තිබිය යුතු තමයි නමුත් අද මට ලොකු කලාකරුවන් කොටසක් එකතු වෙලා ඉන්නවා. උසස් මට්ටමෙන් වෙසක් කැරෝල් ගීතයක්ද, භක්ති ගීතද, ජාතික මට්ටමෙන් උත්සවයකට මේ අයට ගෙන්නලා විවිධ ප්‍රසංගයක් කරන්න මට හැකියාව තියෙනවා

මේ වෙනකොට බිහි කරපු කලාකරුවෝ කී දෙනෙක් පමණ ඉන්නවද?

ගුවන්විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායනා කරන අය ඉන්නවා. කලායතනය තුළින් මේ නිර්මාණකරුවන් බිහිකරලා තියෙනවා

ඉදිරියේදී මීට අමතරව කලාව තුළින් මොනවාගේ වැඩසටහන්ද කරන්න අදහස් කරලා තියෙන්නේ?

නෙළුම් පැදුරෙන් දැනට කරන්නේ ගායනය විතරයි ඉදිරියේදී ශාස්ත්‍රීය මට්ටමට ගෙන යන්න අදහස් කරනවා. චිත්‍ර වැඩ මුළු, ගමේ නත්තල් බැතිගී සංදර්ශනයක් පැවැත්වුවේ මමමයි

ඉදිරියේදී නාට්‍යයක් හෝ සංගීත ප්‍රසංගයක් දැන් කරන ආකාරයට නැතුව කරන්න අදහස් කරනවා.

ඉදිරියේදී “නරියෙක් නාවනම්” යන නාට්‍යය කරන්න තීරණය කර අවසන්, පරීක්ෂණ මණ්ඩලයෙන් අවසර දීලා තියෙනවා ඒකටපාසල් දහම් පාසල් අරභයා මෙම නාට්‍යයේ ආරම්භ කරන්න අදහස් කරනවා

මොන මොන ගීතද නිෂ්පාදනය කරලා තියෙන්නේ?

මගේම ගීතයක් මම නිෂ්පාදනය කළා “පාත්තුඩු තබ තබා යන පොළොව මතය කියලා” පාසල් දරුවන් සඳහා කුඩා ගීත මා නිෂ්පාදනය කරලා තියෙනවා

මගේ අලුත්ම නිෂ්පාදනය නාට්‍යය වන නරියෙක් නාවානම් එහි රඟපාන්න මහින්ද පතිරගේ මහතාට මේ වෙනකොටත් ආරාධනා කරලා තියෙනවා එහි සැනට් දික්කුඹුර, මහත්මාට හා සිංහබාහු නාට්‍යයේ පොතේ ගුරාට ඉන්න මහේෂ් රාජගුරු මහත්මාට.

දක්ෂතා තිබෙන දුවා දරුවන් කරළියට ගේන්නි පියවර ගන්නා බවද උපාලි රංජිත් යාපා අවසන් වශයෙන් පැවසුවේය.

නිමල් රාජපක්ෂ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT