81
මේ දිනවල දිවයින පුරා සාර්ථකව තිරගත වන අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය වන ධර්ම යුද්ධය 2 ශශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ දින දාහතකින් මිලියන 200ක සීමාව පසු කළ පළමු සිනමා පටය ලෙස ද සිනමා දත්ත තොරතුරුවලට එකතුවේ. මෙම සිනමා පටය මහරාජා මාධ්‍ය ජාල නිෂ්පාදනයකි. මේ වනවිට දිවයින පුරා සිනමා ශාලා 81ක අති සාර්ථකව තිරගත වේ.
බිමල් ජයකොඩි, දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් එක් වෙති.
