ශ්‍රී ලාංකේය සංගීත සංදර්ශන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය වන “ර්‍ණදඥ ඹ්ධමඥ 2026 – ඒ ඊපඪඡභබඥ බධ ඡධඡ ථචපතඥර” 2026 මාර්තු 27 සිට 29 දක්වා ආකර්ෂණීය බෙන්තොට වෙරළ තීරය ආශ්‍රිත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම පසුගිය දෙසැම්බර් 16 වැනිදා කොළඹ පිහිටි සුඛෝපභෝගී සංචාරක නවාතැනක් වන ‘ව්උඑඒ ඉඅධ් ඹ්ඒව්ම්ඒ’ හි පැවැත්විණ. මෙම මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා මෙරට සිටින මාධ්‍යවේදින්, උලෙළ සංවිධානය කරන සංවිධායකයන්, අනුග්‍රාහකයන් සහභාගි විය. මෙම ප්‍රසංග දින තුනක් පුරා පවත්වන්නට නියමිත අතර ඒ සඳහා රෙගේ ශානරය යටතේ ජනප්‍රිය කලාකරුවන් හයදෙනකු සහභාගි වෙයි. මෙහිදි නැසී ගිය සුප්‍රකට සහ ජනප්‍රිය රෙගේ නිර්මාතෘ බොබ් මාලේගේ පුතණුවන් දෙපළ වන ‘බ්භතඪචද ර්චපතඥර’ සහ ‘ම්ර-ර්චදඪ ර්චපතඥර’ මෙම සංගීත ප්‍රසංගය සඳහා ගීත ගැයීම සිදු කිරීම විශේෂ අවස්ථාවකි.
මීට අමතරව සුප්‍රකට රෙගේ ගායකයන් වන ‘රෙගේ කුමාරයා’ ලෙසින් නම් දරා ඇති ‘ර්චයඪ ර්‍ථපඪඥඵබ’, ‘ඊඩඥ එචඪතඥපඵ’, ‘ධ්දදඥප ඛ්ඪපජතඥ’ සහ ‘ඕඪඨ ර්ධභදබචඪද’ යන කලාකරුවන් ප්‍රසංගය තෙදින පුරා රෙගේ ගීතවලින් වර්ණවත් කරනු ඇත. මෙම ප්‍රසංගය වෙත ආකර්ෂණය වැඩි කරමින් 2024 වසරේ තිරගත වූ බොබි මාලේගේ ජීවිතය පාදක කරගනිම්න් නිර්මාණය කළ “ඕධඡ ර්චපතඥර: ර්‍ණදඥ ඹ්ධමඥ” සිනමාපටයේ බොබි මාලේගේ චරිතය රඟපෑ නළු ”කිංග්ස්ලි බෙන් අදීර්” සහ අධ්‍යක්ෂවරයා වන ”මාර්කස් ග්‍රීන්” එක්වන්නට නියමිත ය. යුරෝපයේ සහ කොළඹ මූලස්ථානය පිහිටා ඇති ශ්‍රී ලංකාවට අයත් ර්‍ණදඥ ධ්ද ඒ ර්ඪතතඪධද ඡ්දබඥපබචඪදථඥදබ ඹ්බඤ. විසින් ඛ්චපඪඡඡඥචද ඡ්දබඥපබචඪදථඥදබ හි සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගය ඉඩචඨඨර, ච්ඪචදච ම්ඪදඨ, ර්චයඪ ර්‍ථපඪඥඵබ, සහ ඕඪඨ ර්ධභදබචඪද වැනි ගෝලීය කලාකරුවන් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසද සඳහන් කළ හැකි ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඛ්ඪබර ධට ච්පඥචථඵ ඉපඪ ඹ්චදඬච හි උප සභාපති සහ සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා “දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගයේ සත්කාරක සහකරු බවට පත් වීමට හැකිවීම පිළිබඳව ඛ්ඪබර ධට ච්පඥචථඵ ඉපඪ ඹ්චදඬච ඉතා සතුටට පත් වනවා. කොළඹ සුවිශේෂී විනෝදාස්වාද කේන්ද්‍රස්ථානය ලෙස කොළඹ නගරයේ සංස්කෘතිය හා කලාත්මක හැකියාවන් ඉහළ නැංවීමට අපි කැපවී කටයුතු කරනවා. ලෝක ප්‍රකට රෙගේ කලාකරුවන් ශ්‍රී ලාංකේය වේදිකාවට ගෙන ඒම තුළින් නිර්මාණශීලීත්වයට හා කලාවන්ට සහාය වීම සහ ශ්‍රී ලංකාවට ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් ගෙන ඒම සඳහා අපගේ කැපවීම මනාව පිළිබිඹු වනවා.”යනුවෙන් පැවසීය.
මෙම ප්‍රසංගය සඳහා වන ටිකට්පත් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකා ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් පවත්වාගෙන යන ළමා නිවාසයන්හි ජල පවිත්‍රකරණ ව්‍යාපෘතියට පරිත්‍යාග කිරීමට නියමිතය. එසේම ර්‍ණදඥ ඹ්ධමඥ ජ්ඥඵබඪමචත ජැමෙයිකාවේ පුණ්‍ය කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් ඕධඡ චදඤ අඪබච ර්චපතඥර පදනම සමඟ ද කටයුතු කරනු ලබයි. මෙම අවස්ථාව සඳහා රෙගේ කලාකරුවන් සහ කාර්ය මණ්ඩලය ලෙස 70ක පමණ පිරිසකගෙන් සමන්විත ජාත්‍යන්තර දූත පිරිසක් එක් වන අතර ඔවුන්ට සත්කාරකත්වය ලබා දීමට ර්ඥතජධ අඥඵධපබඵ ) ඡ්දබඥපබචඪදථඥදබ ට අයත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී සුඛෝපභෝගී සංචාරක නවාතැන වන කොළඹ ව්උඑඒ ඉපඪ ඹ්චදඬච කටයුතු කරනු ඇත. මෙම ප්‍රසංගයේ සුවිශේෂිත්වය නිසා ම රෙගේ සංගීත ලෝලීන් ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, මැලේසියාව ඇතුළු රටවල සංචාරකයන් දස දහස් ගණනක ශ්‍රී ලාංකේය රසිකයන් මෙම ප්‍රසංගය සඳහා පැමිණෙනු ඇති බව අපේක්ෂා කෙරෙයි.


මලින්ත විතානගේ
[email protected]
