Home » ත්‍රස්තවාදයෙන් මිදුණු මනුෂ්‍යත්වය “සයනයිඩ්”

ත්‍රස්තවාදයෙන් මිදුණු මනුෂ්‍යත්වය “සයනයිඩ්”

by mavan
October 9, 2025 12:30 am 0 comment

යුද්ධයක් යනු නොකළ යුතු ක්‍රියාවකි. බොහෝ දුරට එහි බලපෑම් ඇති කරන්නේ එය නිර්මාණය නොකළ සහ අවිහිංසක ජනතාවටයි.එල්.ටී.ටී. ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව උතුරු නැගෙනහිර ජනතාව මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ මානුෂීය මෙහෙයුමේ අවසාන භාගයේදී මුළු රටේම ආරක්ෂක විධිවිධාන තරකර තිබුණු අතර, එම කාලය සියලුම ජනතාවට අභියෝගකාරී සමයක්ම විය. “දිනු ජය” පුවත්පතෙහි දේශපාලන පුවත් වාර්තාකරුවෙකු ලෙස සහන් සේවයේ නිරතව සිටින්නෙකි.එහි ප්‍රධාන කර්තෘගේ උපදෙස් මත ඊ.පී.ආර්. එල්.එෆ්. සංවිධානයේ හිටපු නායක පද්මනාබා ගේ ඝාතනය සම්බන්ධ වර්තාවක් සැකසීම සඳහා ඉන්දියාවට යාමට සහන්ට සිදුවෙයි. දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන විශ්වජිත් මහතාව මුණගැසෙන සහන්, තම රාජකාරිය සඳහා ඔහුගේ සහයෝගය බලාපොරොත්තු වෙයි. මහාචාර්යවරයා විසින් ඉන්දීය රහස් ඔත්තු සේවයේ සංදීප් නැමැත්තාව සහන්ට හඳුන්වා දෙනු ලබයි. සංදීප් විසින් වාර්තාවට අදාළ වැදගත් තොරතුරු රැසක් ඔවුනට ලබාදෙන අතර, ඉන්දියාවේ වෙසෙන තම්බි දොරේ නැමති එල්.ටී.ටී.ඊ.සාමාජිකයා විසින් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ වත්මන් නායකයා වන වර්ධරාජා පෙරුමාල්ව ඉන්දියාවේදී පැහැර ගැනීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරයි. මහාචාර්ය විශ්වජිත් මෙන්ම සහන්ව දඩයම් කිරීමට තම්බි දොරේ ඇතුළු කණ්ඩායමක් උත්සාහ දරයි. මහාචාර්යවරයාගේ සහ සහන්ගේ ඉරණම කෙලෙස විසඳේවිද ?. තම්බි දොරේ තම අරමුණු ජයගනීවිද යනු “සයනයිඩ්” තුළින් පෙන්වා දී ඇත.

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් විසින් මෙහෙයවන ලද ධ්ථචඨඥඵ 48 සිනමා ඇකඩමියට ඇතුළත්ව සිනමාකරණය පිළිබඳ පූර්ණ පාඨමාලාව 2005 වසරේ දී හදාල නලින් රාජපක්ෂ, ඔහුගේ තෙවන සිනමා නිර්මාණය ලෙසින් ” සයනයිඩ්” තිරයට ගෙන එනු ලබයි. ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු, තිර පිටපත් රචකයෙකු, ගීත රචකයෙකු, රංගන ශිල්පියෙකු, කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකු සහ සටන් අධ්‍යක්ෂවරයකු ද වෙයි. මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ලද නලින්, ජී.ටී.ඒ. ලිවේරා මාස්ටර් යටතේ කරාටේ කළුපටි ශ්‍රේණිය දක්වා හදාරා ඇති අතර, මීගමුව රයිෆල් සමාජයේ සාමාජිකයකු ද වෙයි. වෘත්තියෙන් මාස් හෝල්ඩින් සහ බ්‍රැන්ඩෙක්ස් යන ඇඟලුම් කර්මාන්ත ආයතනයන්හි තත්ත්ව පාලන කළමනාකරුවෙකුව සිටියදීම කලා ක්ෂේත්‍රයට පිවිස , සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ “ ඉරණම නපුරුයි” කෙටි චිත්‍රපටිය සඳහා රංගනයෙන් දායක වූ ඔහු , ” ද ගේට් “සහ “අප්පමාදෝ” යන කෙටි චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කර ඇත . 2011 වසරේදී “අඟර දඟර” සහ 2016 වසරේදී ” රේන්බෝ ” යන චිත්‍රපට මෙයට ප්‍රථම සිනමා ප්‍රේක්ෂකයා වෙත රැගෙන ඒමට ඔහු කටයුතු කර ඇත.

 

 

 

 

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT