Home » ඡායාරූප ශිල්පීන් ගැන ලියූ අපදාන අඩුයි

ඡායාරූප ශිල්පීන් ගැන ලියූ අපදාන අඩුයි

නිර්මාණවේදී, ලේඛක පුෂ්කර වන්නිආරච්චි

by shanaka
November 13, 2025 1:00 am 0 comment
රංග එදිරිසිංහ

රංග එදිරිසිංහ

ප්‍රවීණ ඡායාරූප ශිල්පී රංග එදිරිසිංහගේ ප්‍රථම ඒක පුද්ගල ඡායාරූප දැක්ම ‘ රංග ප්‍රභා ‘ 2025 නොවැම්බර් මස 14 වැනි දින සවස 5:00ට කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට්හි හැරල්ඩ් පීරිස් කලාගාරයේ දී ආරම්භ වේ.

ලොව ප්‍රමුඛ පළමු පෙළ ඡායාරූප ශිල්පියෙකු ලෙස පිළිගැනෙන රංග එදිරිසිංහ මේ වනවිට අන්තර්ජාතික තරග ඔස්සේ හිමිකරගෙන ඇති ජයග්‍රහණ විශාල ය.

ලොව රටවල් තිහකට වැඩි ගණනක සංචාරය කරමින් රංග සිය කැමරාවට ගොනු කරගත් විවිධ මාදිලියේ ඡායාරූප රැසක් මේ ප්‍රදර්ශනයට ඇතුළත් ය.

මෙම අවස්ථාවට සමගාමීව රංගගේ දිවිසැරිය පිළිබඳ තොරතුරු සහ ඡායාරූප ඇතුළත් සිංහල – ඉංග්‍රීසි ද්විභාෂීය සේයා විත්ති ග්‍රන්ථයක් (ජධටටඥඥ බචඡතඥ ඡධධඬ) ‘රංග ප්‍රභා’ නමින් එදින එළිදැක්වෙන අතර එය නිර්මාණවේදී පුෂ්කර වන්නිආරච්චිගේ විචිත්‍රවත් සංරචනයකි.

නිර්මාණවේදියකු ලෙස වඩා කැපී පෙනෙන පුෂ්කර විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයකි. රංග ප්‍රභා පුෂ්කරගේ හත්වැනි ග්‍රන්ථය ය. මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ සංවාදයකි.

මේ පොත මගෙ තුන්වැනි කොෆි ටේබල් පොත. මේකෙ තියෙන්නෙ රංගගෙ දිවිසැරිය පිළිබඳ තොරතුරු.

මේකෙ මුල් කොටසෙ තිබෙන්නෙ රංගගෙ ජීවිත තොරතුරු. ඔහුගෙ බාල කාලය, ඔහුගෙ පසුබිම,හැදුණු වැඩුණු පරිසරය,රංගගෙ රුචි අරුචිකම් ‍රංගගෙ අධ්‍යාපන කටයුතු, රංග අධ්‍යාපන කටයුතුවලින් පසු කොහොමද ඔහු රැකියාවට පිවිසුණේ ආදි වූ රංගගෙ ජීවන තොරතුරු. ඉන් පසු කොටසෙ තිබෙන්නෙ ඔහුගෙ ඡායාරූප කලාව පිළිබඳ තොරතුරු.ඉනුත් පසු කොටස රංගගෙ ඡායාරූප සඳහා වෙන් කර තිබෙන්නෙ.

රංග ඡායාරූප ශිල්පියකු ලෙස විශේෂ වෙන්නෙ ඇයි ?

ඒකට මම මෙහෙම ප්‍රවේශයක් ගන්නම්. මේ එදිරිසිංහ පරම්පරාව එක්ක මට අපූරු ආකාරයක සම්බන්ධයක් තියෙනවා. එනම් සතිස්චන්ද්‍ර එදිරිසිංහ නිමල් එදිරිසිංහ ,සුනිල් එදිරිසිංහ කියන සුවිශේෂ කලා පවුල සමඟ දීර්ඝ කාලයක් සමීපව ඇසුරු කරමින් ඔවුන්ගේ කලා කටයුතුවලට මගේ වූ දායකත්වය.ඒ සම්බන්ධය ඔස්සේ එදිරිසිංහ පරම්පරාවෙ ඔවුන්ගෙ නිර්මාණ ගැන, ජීවන විත්ති ගැන මේ ආකාර වූ ග්‍රන්ථ කීපයක් මීට පෙර එළිදැක්වී තිබීම විශේෂ කරුණක්. රංග කියන්නෙ ඒ පරම්පරාවෙ එක් පුරුකක් . එනම් සතිස් හා සුනිල් සොහොයුන් මැද සිටින නිමල් එදිරිසිංහ ඔහුගෙ පියායි.

මේ කාරණයේදී රංග විශේෂ වෙන්නෙ ඔහු ලෝකයේ රටවල් තිහකට වැඩි ප්‍රමාණයක සංචාරය කරමින් ඔහුගේ කැමරාවට ගොනු කරගත් වනජීවී, දේහ නිරූපණ විලාසිතා, ගෘහ නිර්මාණ කලාව ආදී සම්බන්ධයක් ඇති ඡායාරූප රැසක් වාගෙම ඡායාරූප ශිල්පියකු ලෙස ඔහුගේ විශේෂත්වය මේ පොතේ අන්තර්ගත කොට තිබීමයි. විශේෂයෙන් රංග ජ්ධ්ඒර්‍ථ (ඊඩඥ ධ්දබඥපදචබඪධදචත ජ්ඥඤඥපචබඪධද ධට නඩධබධඨපචනඩඪජ ඒපබ ) වගේම ධ්ඒඒර්‍ථ (ඪදබඥපදචබඪධදචත චඵඵධජඪචබඪධද ධට ඒපබ නඩධබධඨපචනඩඥපඵ) නිල වෙබ් අඩවිවල සඳහන් දත්ත අනුව මේ වනවිට ප්‍රමුඛ පළමු පෙළ අන්තර්ජාතික ඡායාරූප තරගවලින් මුල් පෙළ ජයග්‍රහණ රැසක් හිමි කරගෙන ඇති අයෙක්. ඡායාරූප ශිල්පය පිළිබඳ පුළුල් පරිචයක් තිබෙන තිබෙන කෙනෙක් රංග. මා දන්නා තරමින් එවැනි පළමු පෙළ ජයග්‍රහණ රැසක් රට වෙනුවෙන් දිනාගත් එකම ඡායාරූප ශිල්පියාත් රංග. ලොව ප්‍රමුඛ පළමු පෙළ අන්තර්ජාතික තරග ඔස්සේ ඔහු ජයග්‍රහණය කර ඇති රන් පදක්කම් ප්‍රමාණය 31ක්. නමුත් ඔහුව ලංකාවේ හඳුනගෙන නෑ තාම ඡායාරූප ශිල්පියකු ලෙස. මොකද ඔහු වෘත්තියෙන් ව්‍යාපාරික කටයුතුවලයි නිරත වෙන්නෙ. ඔහු මුදල් ඉපැයීමට ඡායාරූප ශිල්පියකු ලෙස වැඩ කරන්නෙත් නෑ. ඒ නිසා ඔහු ලංකාවේ ඉස්මතු වෙලා නෑ.

මේක ජධටටඥඥ බචඡතඥ ආකෘතියේ පොතක්. එවැනි ආකෘතියක් ඇතුළෙ මේ පොත කළේ ඇයි ?

ඔය කොෆි ටේබල් බුක් කියන අදහස ඒ කාලෙ තිබුණෙ වෙනස් විදියකට. කෙනෙක් තැනකට ගොඩ වුණාම ඒ ස්ථානයේ බංකුවක් උඩ තබපු පොත් තිබුණා කාලය ගත කරන්න කෙනෙකුට කියවිය හැකි පොතක් විදියට. ඒත් දැන් ඒ අදහස ඉතා පුළුල් විදියට නොයෙක් විෂයන් ගැන කතා කරන මාධ්‍යයක් විදියට භාවිත කරනවා.

මෙතන කාරණා දෙකක් තියෙනවා. එක පැත්තකින් මේක චරිතාපදානයක් නෙ. චරිතාපදාන සාහිත්‍යය කියන්නෙ ලෝකයේ වෙනම විදියකට හඳුනාගෙන තිබෙන ඉහළ පිළිගැනීමක් තිබෙන සාහිත්‍ය ශානරයක්. එතනදි මේ යටතෙ ලියවෙන පොතකින් සමාජයේ වෙනත් පිරිසකට ලොකු බලපැමක් ඇති වෙනව මේ වගේ පොතක අඩංගු කාරණා ඔස්සේ.

මෙතනදි රංගගෙ පොත ඔස්සේ ඔහුගේ දිවිසැරිය ගැන වගේම ඡායාරූප කලාව ගැනත් කෙනෙකුට ලොකු අදහසක් ගන්න පුළුවන්.

සුභාවිත කලාව කියල කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත සුපුෂ්පිත කරන්න එහෙම නැතිනම් ටිකක් ඉහළට ඔසොවා තබන්න ඉවහල් වන දෙයක්නෙ. එතකොට රංගගෙ මේ පොතේ ඔහුගෙ දිවිසැරිය වගේම ඔහුගෙ ඡායාරූපවලින් ඡායාරූප කලාව මාධ්‍යයක් විදියට කොච්චර ප්‍රබලද කියලත් හඳුනාගන්න පුළුවන්.

ඒ වගෙ පුළුල් පැතිකඩ කීපයක සැරිසරමින් ලියැවී ඇති මේ ග්‍රන්ථය මගේ අනිකුත් ග්‍රන්ථ අතර තවත් වෙනස් නිර්මාණයක්.

 

සමුද්‍රිකා වර්ණකුල

[email protected]

 

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT