සිරස ටථ සංවිධානය කරන ‘චමත්කාර රාත්රිය’ ප්රසංගයේ දෙවැන්න නොවැම්බර් 29 වැනිදා සවස 6.30 ට මහනුවර ධර්මරාජ විදුහල් රංග ශාලාවේදී පැවැත්වේ.
සිංහල ගීත ක්ෂේත්රයේ ප්රවීණතම ගායනවේදීන් සහ සංගීතවේදීන් දෙපළක් වන ආචාර්ය වික්ටර් රත්නායක සහ ප්රියා සූරියසේන ගැයූ ගීත අතරින් තෝරා ගන්නා ලද අතිශය ජනප්රිය ගීත රැසක් මෙහිදී ගායනා කෙරෙණු ඇත. ඒ අනුව නලීන් පෙරේරා, මිහිඳු ආරියරත්න, නදීමාල් පෙරේරා, රයිනි චාරුකා, ප්රියා සූරියසේනගේ දියණිය ඉරෝෂි සූරියසේන, පුත් ලක්ෂිත සූරියසේන සහ විකටර් රත්නායකගේ මුනුපුරු විනුජ තරුෂ්ක ගීත ගායනා කිරීමට නියමිතයි. චමත්කාර රාත්රියට සංගීත අධ්යක්ෂණය කරනු ලබන්නේ මහේෂ් දෙනිපිටියයි.
