ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා හි පැවති 4th Ceylon International festival හිදී අධ්‍යක්ෂ චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කළ Stigma සහ අධ්‍යක්ෂිකා විනෝෂා කිරිවන්දෙණිය අධ්‍යක්ෂණය කළ Hello from the other side චිත්‍රපට සම්මානයට පාත්‍ර විය. ඔවුන්ට හිමි වූ සම්මාන, චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කිරීමට නියමිත රිදීදෝලි මුහුරත් උලෙළේදී ප්‍රදානය කෙරිණි.
* Grand Prix – සිනමා අධ්‍යක්ෂ චමින්ද ඉලුක්වෙල (Stigma)
* හොඳම සංස්කරණය – අජිත් රාමනායක (Stigma)
* හොඳම සහය නළුවා – ක්ලීටස් මෙන්ඩිස් (Stigma)
* හොඳම අධ්‍යක්ෂණය – විනෝෂා කිරිවන්දෙණිය (Hello From The Other Side)
* හොඳම නළුවා – දමිත් විජයතුංග (Hello From The Other Side)
මෙම සම්මාන ප්‍රදානය සිදු කරන අවස්ථාවට ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක සහ නිෂ්පාදක චන්ද්‍රන් රත්නම්, නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති සහ සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා, ජ්‍යේෂ්ඨ රංගවේදිනි නීටා ප්‍රනාන්දු සහ Ceylon International Festival හි නිර්මාතෘ, සභාපති සහ විධායක අධ්‍යක්ෂිකා අරුණි බොතේජු මහත්මිය සහභාගී වූහ.

Ceylon International Festival නිර්මාතෘ අරුණි බොතේජු
