චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකර විසින් රචිත ‘කැලණි මුල්ලේරියා ප්‍රෞඪ ඉතිහාසය සිනමා ඇසින්’ ග්‍රන්ථය ජනවාරි 25 වෙනිදා සවස 3.00 ට කැලණිය රජමහා විහාරස්ථානයේදී ජනගත කෙරේ.
මෙම උත්සවය සඳහා ශ්‍යාම්මෝපාලි අස්ගිරි මහා විහාරයේ අතිපූජ්‍ය වේඩරුවේ ශශ්‍රී උපාලි අනුනාහිමි, එහි නියෝජ්‍ය ලේඛකාධිකාරි මහවෙල රත්නපාල හිමි සහ කැලණිය රජමහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි සහ පුරාවිද්‍යා චක්‍රවර්තී අතිපූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමි ඇතුළු ගිහි පැවිදි විද්වතුන් රාශියක් සහභාගී වීමට නියමිතයි.
‘කැලණි මුල්ලේරියා ප්‍රෞඪ ඉතිහාසය සිනමා ඇසින්’ ග්‍රන්ථය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් දරුවන්ගේ පරිශීලනය උදෙසා පාසල් පුස්තකාල පොතක් ලෙස අනුමත් කර ඇත.
මෙම ග්‍රන්ථය ඇසුරින් චිත්‍රපට තිරරචනා ද්විත්වයක් රචනා කරඇති අතර ඉන් එක් තිරරචනාවක් ආශ්‍රයෙන් සැකසෙන චිත්‍රපටයේ මුහුරත් උලෙළද එදිනම පැවැත්වේ.
