අප නිතර කතා කරන්නේ සිංහල සිනමාව පිළිබඳවය. නිතර ලියන්නේද සිංහල සිනමාව ගැනය. එහෙත් දැන් ලාංකික දෙමළ සිනමාවද ලංකාව තුළ ඉදිරියට පැමිණෙමින් සිටී. දෙමළ සිනමාවට වසන්තය උදාවූයේ ලක්මෑණියන්ට දැඩි බලපෑමක් ඇති කළ යුද සමයෙන් පසුවය. සිනමාවට ජාති, කුලමල භේද නැත. සිංහල සිනමාවේ මෙන්ම ශශ්‍රී ලාංකික දෙමළ සිනමාවේද අති දක්ෂ රංගන ශිල්පීන්, ශිල්පිනියන් ,අධ්යක්ෂවරුන් සිටිති. අද අප කතා කරන්නට සූදානම් වන්නේ ශශ්‍රී ලාංකික දෙමළ සිනමාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වූ සුදර්ශන් රවීන්ද්‍රන් සමඟය. ඔහුව සරසවියට හමු වන්නේ පසුගිය දා සිනමා තිරය මත දිග හැරුණු අදිරන් චිත්‍රපටය නිසාය. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුදර්ශන් රවීන්ද්රන්ය. දෙමළ තරුණයෙක් වුවත් ඔහු සිංහල භාෂාව හසුරවන අන්දම හරිම අපූරුය. තම රංගන ජීවිතය ආරම්භ වූ සැටිත් “අදිරන්” ගැන කතා කරන්නටත් පසුගිය දා ඔහු සරසවිය වෙත පැමිණියේය. ආගිය තොරතුරු කතා කිරීමෙන් අනතුරුව ඔහු ඔහුගේ කතාබහට මුල පිරුවේ මෙසේය.
මේ දිනවල මම ඉන්නේ හරිම සතුටින්. මම රඟපෑ අදිරන් චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. මගේ හිතේ තිබුණ හීනයක් සැබෑවීමක් කියා සිතෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නළුවෙක් වෙන්න ආසාවක් තිබුණා කියල නෙවෙයි. ඒ හීනේ වෙනත් එකක්. ඒක පොඩි කාලේ මා ලද අත්දැකීමක්.
මම ඉගෙන ගත්තේ මහනුවර මලෙයිමහල් විද්‍යාලයේ. අපි මධ්‍යම පාංතික පවුලක්. ඒ කාලේ අපේ ගෙදර රූපවාහිනී යන්ත්‍රයක් තිබුණේ නැහැ. අසල්වැසි ගෙදරකට හෝ නෑදෑ ගෙදරකට ගිහින් තමයි ටීවී බැලුවේ. ඒත් ඒ ගෙවල් වල අයට සමහර වෙලාවට ඒක කරදරයක් වුණා. අපි ටීවී බල බල ඉන්න කොට ඒ උදවිය ටීවී එක ඕෆ් කරනවා. ටීවී එක රත්වෙනවා කියනවා. ඒ වෙලාවට හිතට දුකක් වේදනාවක් දැනුණා. එහෙම වුණ දවසක මම මෙහෙම සිතුවිල්ලක් හිතේ ඇති කරගත්තා. කවදා හරි ටීවී එකේ මම පේන්න ඉන්නවා කියල. ඒ සිතුවිල්ල මම හිතේ තියාගෙන හිටියා. පසු කාලෙකදි අපටත් ටීවී එකක් තිබුණා. ඊට පස්සෙ ච්ඍච් ගෙනත් බැලුවා.ඒ අත්දැකීම හරිම නැවුම්. පැය දෙකහාමාරක පමණ වෙලාවක් පෙන්වනවා. ඒව නරඹන විට දැනෙන හැඟීම් වචනයෙන් විස්තර කරන්න බැහැ. මම දවසට චිත්‍රපට තුනක් හතරක් බැලුවා. ඒ වෙලාවට හිතෙනවා චිත්‍රපටවල ඉන්න හීරෝ මම වුණා නම් කියලා.
පාසල් ගිය කාලේ නළුවෙක් වෙන්න ඕන කියන ආශාව හිතේ තිබුණේ නැහැ. ළදරු පාසල් ගිය කාලේ ඉදන් මම ප්‍රිය කළේ ක්‍රීඩාවට. පාසල් කාලයේ 100ථ, 200ථ, 400 වගේ හැම ඉසව්වකින්ම මම පළමු තැන ගත්තා. ඒ පාරේ ගියා නම් මම අද ලංකාවේ දක්ෂ ක්‍රීඩකයෙක්.
මගේ තාත්තාට ආසාවක් තිබිලා තියෙනවා මාව නළුවෙක් කරන්න. එයා කාලයක් ඉන්දියාවේ ඉඳල තියෙනවා. මදුරේ වල. අපි පුංචි කාලේ අපිට කියල සින්දු කියවලා කැසට් එකක රෙකෝඩ් කරනවා. ඊට පස්සේ අපිට ඒවා අහන්න දෙනවා. එයා මාව ගොඩාක් උනන්දු කළා.
පසුව මම හිතා ගත්තා රැකියාවක් හොයාගෙන කොළඹ එන්න. මට අවශ්‍ය වුණේ රැකියාවක් කරල ගෙදර අයට සැපවත් ජීවිතයක් ලබා දෙන්න. ඒ කාලේ මගේ තාත්තා කොළඹ හෝටලයක මුදල් අයකැමි විදිහට සේවය කළා. මටත් තාත්තා ඉන්න තැනම නවාතැන් පහසුකම් ලැබුණා.
ඒ අතරේ තාත්තාගේ එයාගේ යාළුවෙක්ට මම ගැන කියල තිබුණා. ඔහු කැමරාකරුවෙක්. නම බාලා. ඔහු වැඩ කළේ ශක්ති ටීවී එකේ. තාත්තා කිව්වා එයාට කතා කරල බලමු කියලා. ඔහු මාව දුටු වෙලාවේ ඔහු හොඳීන් නිරීක්ෂණය කරල තියෙන්නේ මගේ ඇස් දෙක දිහා. ඒ වෙලාවේ ඔහුට හිතෙන්න ඇති මට වෙනස්ම මාර්ගයක යන්න හැකියාව තියෙනවා. ලැබෙනවා නම් දෙයක් දෙවියෝ එය ලබා දෙනවා කියල මම විශ්වාස කරනවා. ඔහු මා ගැන මහරාජා මහත්මයාට කියල තියෙනවා. ඒ අනුව තමයි ශක්ති ටීවී හි ජීවී ප්‍රකාශ් මහතා එහි සිටින දර්ශනාට මා ගැන කියල තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ශක්ති ටීවී එකේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස සේවයට බැඳුණේ. මම ඒ ගැන මුලින්ම දැනගෙන හිටියේ නැහැ. ඒත් ඔවුන් මට පුහුණුවක් ලබා දුන්නා.
ඔය විදිහට ජොබ් එක කරගෙන ඉන්න විට මට හිතුණා මගේ ජීවිතය ආර්ථික පැත්තෙන් ශක්තිමත් විය යුතුයි කියලා. ඒ නිසා මම කරමින් සිටි රැකියාවෙන් ඉවත් වුණා. ඉන්පසු මම මගේ යාළුවෙක් සමඟ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඉබපඥඥබ ටධධඤ ජචටඥ එකක්.
ඒ අතරේ කෙටි කාලයකට ඉන්දියාවට ගියා. සිනමාව ගැන ඉගෙන ගන්නත් එක්ක. ඒත් මගේ ආර්ථික තත්ත්වය සුබ වුණේ නැහැ. ඒ නිසා නැවතත් ලංකාවට ඇවිත් බිස්නස් එක කරන්න හිතුවත් වැරදි වැටහීමක් නිසා යාළුවා ඈත්වුණා. වැටෙන හැම මොහොතේම නැඟිටිය යුත්තේ තනියමයි කියල හිතලා මම මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක නපධඤභජබඪධද ඩධභඵඥ එකක්. විවිධ ඉසව් සංවිධානය කිරීම, මියුසික් වීඩියෝ නිර්මාණය ආදී බොහෝ දේ ඉන් සිදු කෙරෙනවා. මගේ දැනුම, හැකියාව, නිර්මාණශීලීත්වය මම ඒ සඳහා යොදවනවා.
දවසක් මම ඥමඥදබ එකක් සංවිධානය කරන්න ලැබුණා. ඒ ඥමඥදබ එකට ආවා ඉන්දියාවේ නළුවෙක්. ඔහු සතිස්. ඔහු මම හොඳීන් හඳුනනවා. සතිස් ඉන්දියාවේ ගොඩක් වැඩ කරපු කෙනෙක්. ඉන්දියාවේ තලපති විජේ සමඟත් වැඩ කළ කෙනෙක්. ඔහු තමයි ඥමඥදබ එකේ විශේෂ අමුත්තෙක් වුණේ. ඔහු මම නිර්මාණය කරපු දැන්වීමක් දැකලා මගේ නිර්මාණ ගැන සොයා බලලා තියෙනවා. ඔහු මගෙන් ඇහුවා ඇයි රඟපාන්නේ නැත්තේ කියලා. ඔහු එදා වේදිකාවේදීම කිව්වා මට රඟපාන්න පුළුවන් කියලා. අදිරන් චිත්‍රපටයේ නිෂ්පාදකතුමා එය අහගෙන ඉඳලා තියෙනවා. ඒ අනුව තමයි මට අදිරන් චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. දීප්තිකා කියල මෝස්තර නිරූපණ ක්ෂේත්රයේ සිටි කෙනෙකුත් මා ගැන කියල තියෙනවා.
අදිරන් චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වුණේ දිනේෂ් කනගරාජා. ඔහු මගේ හොඳ මිතුරෙක් වගේම මට සහෝදරයෙක් වගේ. දිනේෂ් අයියත් මමත් ටීවී සීරීස් එකක් කළා. එයාට මම දවසක් මෙහෙම දෙයක් කිව්වා.
අයියේ….මම දවසක චිත්‍රපටයක් කළොත් අයියා තමයි ඒකේ ඩිරෙක්ටර් කියලා. ඊට පස්සේ තමයි අදිරන් චිත්‍රපටය කළේ. අදිරන් කතාව ගැන දිනේෂ් අයියත් මමත් බොහෝ දේවල් කතාකළා. ඒ චිත්‍රපට කතාව අනුව චරිත නියමාකාරයෙන් ගොඩ නඟා ගත හැක්කේ ඇඳුමෙන් පැලඳුමෙන්. ඒවා තෝරා ගත යුත්තේ වටපිටාවට ගැළපෙන, ඒ සංස්කෘතියට ගැලපෙන ආකාරයටයි. එවිට තමයි චරිතය වුවත් හොඳීන් කරගෙන යා හැකිවන්නේ. අදිරන් චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළේ අභූ අවී. ඒ ඇඳුම් ඇඟට ගත්ත ගමන් අපේ හිතට අමුතුම හැඟීමක් ආවා. වේට්ටිය ඇන්දහම හරි අපූරුයි. මිෂෙල්ටත් ඇගේ ඇඳුම ඇන්දම අමුතු වෙනසක් දැනෙන්නට ඇති. මේ වෙලාවේ මිෂෙල් ගැනත් කතාකළ යුතුමයි.
සාමාන්‍යයෙන් මම චිත්‍රපටයක රඟපාන විට ඒ ගැන ගොඩක් උනන්දු වෙනවා සහ සොයා බලනවා. මම අධ්යක්ෂවරයා සමඟ මිෂෙල් ගැන කතා කරල ඇයට මේ ගැන කිව්වා. ඇය කැමති වුණා. අපේ තීරණය වුණේ අදිරන් චිත්‍රපටයේ චරිත අතර සම්මිශ්‍රණයක් වියයුතුයි කියලා. මෙය සිංහල විය යුතුත් නැහැ. දෙමළ වියයුතුත් නැහැ. අදිරන් ශශ්‍රී ලාංකික චිත්‍රපටයක් විදිහට ඉදිරිපත් කරන්නයි අපට අවශ්‍ය වුණේ.
චිත්‍රපටයක රංගනයේ යෙදෙන විට රංගන ශිල්පීන් අතර බැඳීමක් තියෙන්න අවශ්‍යයි. ඒ බැඳීම මිෂෙල් සහ මම අතර තිබුණා. මුල්ම දවසේ මිෂෙල් පොඩි තිගැස්මකින් හිටියේ. එයා වැඩ කරන්නේ අලුත්ම කට්ටියක් එක්ක නිසා. ඒත් පසුව ඇයට හුරුවුණා. මගේ යාළුවන්ට සිටි පිරිසත් එහෙමයි. අපි ඔක්කොම අතරේ ළෙන්ගතු බවක් තිබුණා. ඒ නිසා තමයි අපේ රංගනයත් සාර්ථක වුණේ.
අදිරන් හරිම සංවේදී හැඟීම්බර කතාවක්. අදිරන් පළමු කොටසේ සිට මැද බාගය දක්වා දිවෙන්නේ සාමාන්‍ය විදිහට. එහෙත් දෙවෙනි අදියරේ සිට කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ඇසට කඳුළක් නැඟෙන අවසානයක් තියෙන්නේ. මට මේ වෙලාවේ එක්තරා සිද්ධියක් මතක් වෙනවා.
අදිරන් චිත්‍රපටය තිරගත වන සිනමා ශාලාවකට මම ගියා. චිත්‍රපටය අවසන් වෙලා ඇස්වල කඳුළු පුරවගෙන කෙනෙක් එළියට එනවා දැක්කා. එයා කාන්තාවක්. ඇය මාව දුටු සැණින් මාව බඳාගෙන අඬන්න පටන් ගත්තා. ඇය ඉතාමත් සංවේදි වෙලා හිටියේ අදිරන් කතාව ගැන. අදිරන් චිත්‍රපටයේ අවසානය අතිශය සංවේදීයි. ඒ නිසයි ඇයට එතරම්ම එය දැනෙන්නට ඇත්තේ. අදිරන් චිත්‍රපටය නැරඹූ බොහෝ අයගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාර. ඒ ගැන සතුටුයි.
අදිරන් චිත්‍රපටයෙන් පසුව මට ලැබුණේ ‘ අන්තෝනි’ චිත්‍රපටය. එයත් මට විශේෂයි. අන්තෝනි චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂවරයා ඉන්දියානු සංගීත අධ්යක්ෂවරයෙක්. ඉලෙයරාජා මාස්ටර්. එතුමා ලෝකප්‍රකට සංගීතඥයෙක්. එතුමා පළමු වතාවටයි ලංකාවේ චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. ඉන්දියාවේ ජනතාව එතුමාට සලකන්නේ දෙවියෙකුට වගේ. ‘ අන්තෝනි’ චිත්‍රපටයත් හරිම හැඟීම්බර කතාවක්. සුදර්ශන් රවීන්ද්රන්ව වෙනස්ම විදිහට බලා ගන්න පුළුවන් චිත්‍රපටයක් තමයි අන්තෝනි. කොට කලිසමක් ගහගෙන ෆුට්බෝල් ගහන කළු කොල්ලෙක් දැක්කහම කවුරුත් පුදුම වෙයි.
චිත්‍රපට වගේම මට ගුණාත්මක ටෙලි නිර්මාණත් ලැබුණා. ඹ්ධමඥපඵ ඵතඪන ටෙලි නාට්‍යයේත් ප්‍රේක්ෂකයා අතරට යා හැකි චරිතයක් ලැබුණා. ඒ වගේම රංග ප්‍රේමරත්න අධ්යක්ෂවරයාගේ ‘ ජැෆ්නාදරය’ ටෙලි නාට්‍යයේ වැඩත් මේ දවස්වල සිදු කෙරෙනවා. එය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්. බලන අයට දැනෙන ටෙලි නිර්මාණයක්. මම රඟපෑ ජීවිතයේ එක් දවසක් කියන ටෙලි නාට්‍යයේ මගේ රඟපෑම් දැකලා රංග අයියා මට කතා කළා. එයාගේ බිරිඳත් කියල තියෙනවා මාව ඒ චරිතයට ගැළපෙනවා කියලා. සමහර විට ජැෆ්නාදරය චිත්‍රපටයක් කරන්නත් පුළුවන් මට්ටමක තියෙනවා.
මම හරි සතුටින් සිංහල නිර්මාණ වලට සම්බන්ධ වෙන්නේ. මම සිංහල චිත්‍රපටත් බලන කෙනෙක්. හේමාල් රණසිංහ අයියා රඟපාපු ප්‍රවේගය චිත්‍රපටය මම බැලුවේ හරිම ආසාවෙන්. මෑතකදී ඔහු රඟපෑ කුසුමාසන දේවි චිත්‍රපටයත් මම බැලුවා. කවදා හරි හේමාල් අයියා එක්ක එකම සිනමා තිරයක ඉන්න කැමතියි. මම වාසව බඳුගේ අධ්යක්ෂවරයාගේ නීරා චිත්‍රපටයත් බැලුවා. ඒකත් හරිම හැඟීම්බරයි. මට හිතෙන්නේ ලංකාවේ ප්රේක්ෂකයාත් කැමති එවැනි චිත්‍රපට වලට. ඒ චිත්‍රපටයේ සුපුන් පෙරේරාගේ ගායනයයි, යසස් මැදගෙදරගේ තනුවයි කදිමට ගැළපෙනවා. සුපුන් දක්ෂ ගායකයෙක්. නීරා චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ශනුද්‍රි ප්‍රියසාද්ගේ රංගනය හරිම ආකර්ෂණීයයි. මම ඇයගේ හොඳ රසිකයෙක්. කසුනි කාවින්දි කියන්නෙත් දක්ෂ රංගන ශිල්පිනියක්.
මේ දිනවල තවත් අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබී තියෙනවා. අදිරන් අධ්යක්ෂවරයා සමඟ තවත් අලුත් නිර්මාණයක් කරන්න සාකච්ඡා කරමින් ඉන්නවා. ටෙලි නාට්‍යයකටත් ආරාධනාවක් තියෙනවා.
දෙමළ වගේම සිංහල චිත්‍රපට වලත් රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ක්ෂේත්රයේ දිගටම රැඳී ඉන්නවා. මම සිනමාවට ආදරෙයි.
සුදර්ශන් රවීන්ද්‍රන් කියන්නේ හොඳ රංගන ශිල්පියෙක් කියල කවදා හෝ අහන්න පුළුවන් නම් ඒක තමයි මා ලබපු සාර්ථකත්වය.
