ක්ෂේත්‍රයට පිවිසෙන්නට සිටින නවකයින් සියලු දෙනාටම අද මුලින්ම ඔහු හෝ ඇය හඳුන්වා දෙන්නේ සමාජ මාධ්‍යජාලා තුළිනි. නවක පරම්පරාවට රසික හදවත්තුළට අද රධභබභඡඥ සමාජ වේදිකාව ඉමහත් සේවාවක් ඉටු කරනු ඇත.එම වේදිකාවේ යථාර්ථය නිවැරදිව තෝරා බේරා ගත් කලාකරුවන්ට ඉන් හොඳ ඵල නෙළා ගැනීමට හැකිවේ. එම පර්යේෂණාත්මක කාර්යයේ සාර්ථක පියවරක් තබන්නට හැකියවලත් පුද්ගලයකු ලෙස ඔහු හඳුන්වාදීමට හැකිය. උඩුගම්පල සෙනරත් පරණවිතාන විද්‍යාලයේන් අධ්‍යාපනය ලද හේ අද ගායකයකුමෙන්ම වාදකයෙකු සහ පද රචකයකු බවට පත්වන්නේය.පාසල් අධ්‍යාපනය තුළ කැපී පෙනෙනවා ශිෂ්‍යයකු ලෙස සෞන්දර්ය අංශයේ ඔහුගේ නම ඉහළින්ම ලියා තිබුණි.පාසල් ,අන්තර් පාසල් සහ පළාත් සමස්ත ලංකා දක්වා හැකියාවන් පෙන්වූ ඔහු සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ ද උදාකර ගැනීමටහැකි වූ ශිෂ්‍යයෙක් විය.ඉන් ලද පන්නරයෙන් සමාජගත වන ඔහු කණ්ඩායම් සංගීත කලාවට යොමු වන්නේය .සොලිඩස් සංගීත කණ්ඩායමත් සමඟ දීර්ඝ ගමනක් එන ඔහු සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය.ඉන් ලද පන්නරයත් සමඟ වසර 22 ක කාල සීමාවක් ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට හැකි වීමත් සමඟ ඔහුගේ අලුත්ම නිර්මාණ කලාව ගැන ජිවන් පෙරේරා සරසවිය සමඟ කළ සාකච්ඡාවයි මේ.
ඔබේ මේ ගමනේ සාර්ථකත්වය ආරම්භ වන්නේ කොතනින්ද.?
මගේ ජීවිතේ මම හැදී වැඩෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කෙහෙල් බද්දරර ප්‍රදේශයයි. කුඩා කල සිටම මගේ ජීවිතය මම හැම මොහොතකම ගෙවා දැමුවේ සංගීතයත් සමඟයි.පෙර පාසල් සමයේ සිට පාසල් අධ්‍යාපනය නිමා වනතුරුම මම සංගීතයේන් හොඳ අධ්‍යාපනයක් ලැබුවා.මගේ සංගීත ජීවිතයට අත්වැලක් වුණේ් උඩුගම්පල සෙනරත් පරණවිතාන විද්‍යාලයේ ඉගෙන ගන්න අවධියේ සිටම සංගීත ගුරුතුමිය වන්නේ මාලා ගුරුතුමියයි.ඇගේ මඟ පෙන්වීම යටතේ මම තබ්ලා වාදනය හදාරමින් සිය ගමන ආරම්භ කළා. තාල භාණ්ඩ වාදනය කරමින් සමස්ත ලංකා මට්ටමින් පාසලට ජයග්‍රහණ රැසක් මම අත්පත් කර දෙන්නට මට හැකිවීම මම ලද ජයග්‍රහණයකි.
එහි ප්‍රතිඵලයක් ලෙසට තබ්ලා සහ ඩ්‍රම්ස් වාදනය ඉගෙන ගනිමින් තමයි මම කණ්ඩායම් සංගීතයට එකතු වෙන්නේ. ඒ ආපු ගමන්මග අභියෝග රැසක් බාධක බිඳගෙන ආපු ගමනක් අද වන විට මට තිබෙන්නේ. මේ ආපු ගමනට මට අද වන විට වසර විසි දෙකක් වැනි කාල සීමාවක් ගෙවී ගොස් තිබෙනවා.
පාසල් ජීවිතයෙන් නිමාවත් සමග කණ්ඩායම් සංගීතයට එකතු වෙන්න හිතුණේ ඇයි?
මධ්‍යම පන්තික පවුලකින් පැමිණෙන මට සංගීත ක්ෂේත්‍රය ගමන ඒ කාලයේ පහසු ගමනක් වුණේ නැහැ. මුල් කාලයේ සංගීත භාණ්ඩ මිලදී ගැනීමට පවා හරිම අපහසු අවධියකින් මම ජීවිතේ ගැට ගහගත්තේ.ගමේ ඥාතීන් සහ රමණි මිස් තමයි මට මේ ගමනට ගොඩක් උදව් කළේ්. ඒ ප්‍රතිඵලයක් ලෙස තමයි හයදෙනෙකුගේ එකතුවක් ලෙස මම සෝල්ඩස් සංගීත කණ්ඩායම නිර්මාණය කරන්නේ.මා තුළ ජීවත් වන සංගීතකරුවා කවුද කියන එක මම හොඳටම වටහා ගත් නිසා තමයි මම සංගීත කණ්ඩායම් කලාවට නව පනක් දෙමින් මගේම සංගිත කණ්ඩායමක් 2009 නිර්මාණය කරමින් කණ්ඩායම් සංගීත කලාවට එකතු වන්නට තීරණය කළේ. අද වත්මන් ගායක පරපුරේ ඉන්න ළහිරු පෙරේරාගේ ගායකයන් මගේ සංගීත කණ්ඩායම තුළින් තමයි මුලින්ම ගීත ගායනයට එකතු වුණේ. මගේ සංගීත කණ්ඩායම නිර්මාණය කරලා මම ගම්පහ උඩුගම්වල කෙහෙල් බද්දර තිබුණු මුල්ම ප්‍රසංගයට ලංකාවේ හිටපු ප්‍රධාන පෙළේ ගායකයෝ වන මාලනී බුලත් සිංහල, හෙන්රි කල්දේරා සහභාගී වුහ. සංගීත කණ්ඩායම් කලාවේ විවිධ ගැටලු සහගත තත්ත්වයක් මතු වුණාට පස්සේ කණ්ඩායම් සංගිත කලාව තුළ විවිධ ගැටලු වලට මුහුණ දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මම නිර්මාණය කළ සංගීත කණ්ඩායම කෙටි කාලයකට කණ්ඩායම් සංගීතයෙන් බැහැර වුණා. ඉන්පසු මම නැවතත් නැඳගමුව දර්ශන ප්‍රමුඛ ඉෂාරා සංගීත කණ්ඩායම ඩ්‍රම්ස් වාදන ශිල්පියා ලෙස සිය ගමන නැවත ආරම්භ කළා. ඉන්පසු මම ත්‍රිපීස් සෝලිඩස් නමින් හදාගනිමින් නැවත මම මගේම කියලා කණ්ඩායමකින් ආපු ගමන තමයි අද වන විට තිබෙන්නේ.
ඉෂාරා සංගීත කණ්ඩායමද අයින් වී ක්ෂේත්‍රයේ මඳක් ඈත්වී සිටියානේද?
ඔව් මම කෙටි කාලසීමාවක් සංගීත ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වෙලා සිටියේ.එයට හේතුව වන්නේ කොරෝනා වසංගතය හමුවේ දැඩි ආර්ථික සහ පුද්ගලික පසුබෑම් වලට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ අනුව සංගීත ක්ෂේත්‍රයේ පූර්ණ කාලීනව දායකත්වෙන් මදක් ඇත් වි ජීවන අරගලයට මුහුණ දෙන්නට මට සිදුවුණා.ඒ අරගලයට මුහුණ දීලා එයින් ගොඩ යන්නේ කොහොමද කියා හිතලා තමා නැවත සංගීත කණ්ඩායමක් ලෙස අපි ඉදිරියට එන්න තීරණය කළේ.
ත්‍රිපීස් කණ්ඩායම නිර්මාණය කළාට පස්සේ ඔබේ ගමන සිදුවෙන්නේ කොහොමද?
විවාහ මංගල උත්සව සහ විවිධ උත්සව ආවරණ කටයුතු අපි සිදුකළා.ඉන් පස්සේ ප්‍රේක්ෂකයන්ගෙන් හොඳී ප්‍රතිචාර ලැබෙමින් අපේ ගමන ඉදිරියට එන්නට අවස්ථාව සැලසුනා.ක්ෂේත්‍රයේ රැඳී සිටින විවිධ අයත් සමඟ සංසන්දනය කරලා අපි කරන කාර්යභාරය සහ අපේ මුදල ඔවුන්ට සාධාරණ තත්ත්වයක් බවට පත්වුණා.ඒ ගමනත් සමග මම නැවත මේ ක්ෂේත්‍රයේ මොන බාධක ආවත් ඒ බාධකවලට මුහුණදෙමින් රැඳී සිටිය යුතුයි කියන තැන අද මම ජීවත් වෙනවා.
වාදකයෙකුව සිටි ඔබ පද රචකයකු සහ ගායකයකු බවට පත්වෙනවා නේද?
මගේ නවතම ගීත නිර්මාණ අතර “නෙත් දෙක බොද වේ ” ප්‍රමුඛ වෙනවා 2025 වසරේදී එළිදැක්වූ මෙම නිර්මාණය පද රචනය මම විසින්මයි සිදු කර තිබෙන්නේ. යොහාන් ගමගේ විසින් එය සංගීතවත් කරනු ලැබුවා.මේ ගීතයේ දැකලා නිලාන් මලිගස්පේ තමයි මම නැවත වැටිලා හිටපු මාව ඔහුගේ නර්තන කණ්ඩායම දාලා රූප රචනයක් සමඟ ලොකු ශක්තියක් බවට මට පත්වුණේ. මීට අමතරව නිශාන්ත බණ්ඩාරනායකයන් පද රචනය කළ” නුඹට පුතේ” ගීතයද මේ වන විට රධභබභඡඥ අවකාශයේ රසික අවධානය දිනා ගෙන මගේ ගමනට ආශිර්වාදයක් බවට පත් වී තිබෙනවා.
නැවත මම චාමර වීරසිංහගේ කවර්සෝන්ග් එකක් කරනවා මල්සරා කියලා.ඒ ගීතයද මේ වෙනුවට හොඳ ජනප්‍රිය තලයක රධභබභඡඥ අවකාශයේ සැරිි සරනවා.ඒ වගේම තමා මේ මාසයේදී දීපා වස්කඩුවගේ පද රචනයෙන් සහ යොහාන්ගේ සංගීත නිර්මාණයෙන් තෙවන ගීතය මුමුණන්නම්”කවියක් වී නුඹේ ළඟම මුමුණන්නම්”එළිදැක්වීමට ද මේ මාසයේ ලඟදිම දවසක බලාපොරොත්තුවෙන් සිටිනවා.
මේ වන විට නිර්මාණ කීයක් විතර ඔබේ තිබෙනවාද.?
මේ වෙන විට මගේම කියල නිර්මාණ පහළොවක් විතර කරලා තියෙනවා. මම මාසෙකට සැරයක් නිර්මාණයක් රධභබභඡඥ භවකාශයට මුදාහරිනවා. නව නිර්මාණශීලී අදහස් තියෙන තරුණ තරුණියන්ට අපි වගේ රධභබභඡඥ අවකාශයේ ලොකු රුකුලක් වෙලා තියෙනවා අද වන විට තමන්ගේ නිර්මාණ ඉදිරියට ගෙනයන්නට. රධභබභඡඥ අවකාශය තුළ හොඳ නරක කියන දෙපැත්තම තියෙනවා. හොඳ පැත්තට බර වෙලා නිර්මාණය කරණයේ යෙදෙනවා නම් හොඳ මාධ්‍යයක් ලෙස මෙය පවත්වාගෙන යන්නට පුළුවන්. ජනප්‍රිය තලයේ ශිල්පියෙක් බවට පත්වන්නට පුළුවන්. නිර්මාණකරුවා කියන්නේ මම දකින විදිහට අලුත් අලුත් දේවල් සොයා සමාජගත කිරීමයි සිදුකළ යුත්තේ. නව තාක්ෂණයත් සමඟ නිර්මාණකරුවා රැඳී සිටින්නේ කොතනද කියන ප්‍රශ්නය මතුවෙලා තිබෙනවා .එයට විසඳුම් සොයාගත යුත්තේද තමා පමණයි කියන තැනයි මම අද සිටින්නේ.
ඔබ හිතන්නේ සංගීතය කියන්නේ කුමක්ද?
සංගීතය කියන්නේ මිනිසුන්ගේ ජීවිත අත්දැකීම්වලට සමීප විය යුතු දෙයක් යන්න මගේ දැඩි විශ්වාසයයි. මගේ සෑම නිර්මාණයකටම පාදක වී ඇත්තේ මගේම ජීවිතයේ සැබැ අත්දැකීම් සහ හැඟීම්ය. හුදෙක් මුදල් පසුපස හඹා යනවා වෙනුවට දක්ෂ අලුත් පරපුරට ආදර්ශයක් වෙමින් ගුණාත්මක සංගීතයක් සමාජයට දායාද කිරීම මගේ අනාගත අරමුණු අතර එක් සාධකයක් බවට පත්වෙනවා. මිහිපිට ජීවත්වන සියලූම සත්ත්වයන්ට ජීව ඖෂධයක් ලෙසයි සංගීත චිකිත්සාව ලෝකයම හඳුන්වන්නේ. එහි මීහිරියාව සහ ඖෂධය ලබා ගැනීම ජීවත්වෙන ඕනෑම කෙනෙකුගේ අරමුණක් බවට අද පත්වී හමාරයි.
මේ වන විට සංගීත කණ්ඩායම් කලාව මොනවගේ තැනකද තිබෙනවද?
මේ වෙනුවට ඇත්තටම කියන්න සතුටුයි සංගීත කණ්ඩායම් කලාව හොඳ ස්ථාවර මට්ටමක තිබෙනවා.දිවයිනේ හැම ප්‍රදේශයකම ප්‍රසංග වේදිකාව කරා ඇදී එන පිරිස් වැඩිවෙලයි තිබේන්නේ.ප්‍රසංග සංගීත කලාව කියන්නේ ප්‍රේක්ෂකයාට වෙනමම දෙයක්. ධභබඤධධප සහ ඪදඤධධප කියන සංකල්ප දෙක තේරුම් අරගෙන ප්‍රසංග කලාව කළ යුතුයි.ප්‍රසංග කලාවේ කියන ගීත වෙනස්ම ආරෙක එක ගීත කලාවක් තිබෙන්නේ. අද ලංකාවේ වැඩි හරියක් ගායකයන් බවට පත් වී තිබෙන්නේ ප්‍රසංග කලාවේ නියාමන ගායන ශිල්පීන් බවට ගීත ගයනා කරපු ශිල්පින්ය. මේ වන විට මම සිදුව සිංහනාද කියන කණ්ඩායමත් සමඟ එකතුවෙලා නියාමක ගීත ගායකයකු බවට කටයුතු කරමින් සිටිනවා. ඒ ගමන මගේ ඉදිරි අනාගතයට හොඳ පිටුවහලක් වෙයි කියලා හිතනවා.
අද පවතින විද්‍යුත් මාධ්‍යය නව පරපුරට මොනවගේ තැනක්ද හදලා තිබෙන්නේ?
අලුතින් එන ඕනෑම නිර්මාණකරුවකුට හෝ ශිල්පියකුට හොඳ නිර්මාණ වේදිකාවක් හදලා තියෙනවා.ඒ නිර්මාණ වේදිකාවේ තෝරා බේරාගෙන ගමන් කළොත් ඔවුන් සියලු දෙනාම ඒ ශිල්පියාට යන්නට තියන උපරිම තැනට යන්නට උදව් කරන වාතාවරණයක් අද තිබෙනවා.හැට හැත්තෑව දශක වල තිබුණු සංගීත කලාවට වඩා වෙනස්ම ගීත කලාවක් මේ විද්‍යුත් මාධ්‍ය තුළ විකාශය වීමත් සමඟ වෙනස් වෙනස් ආරවල්වල ගීත රස විඳීන්නට ශ්‍රාවක පිරිසක් සහ ප්‍රේක්ෂක පිරිසක් බිහිවෙලා තිබෙනවා. ඒක නිර්මාණ ශිල්පියාට හොඳ අවස්ථාවක් වෙලයි තිබෙන්නේ. එනිසා විද්‍යුත් මාධ්‍යය හොඳ සහයෝගයක් මේ වනවිට ලබාදෙන්නවා.
සංගීත ක්ෂේත්‍රයට එන්නට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට දෙන ආදර්ශය මොකක්ද?
විශේෂයෙන් කියන්නේ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ලබාගෙන ඒ තුළ ජීවත් විය යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක අවබෝධ කරගෙන මේ ක්ෂේත්‍රයට පිවිසිය යුතුයි.පෙර අපරදිග සංගීතය හොඳීන් අධ්‍යයනය කළ යුතුයි.එහෙම උනොත් තමන්ට හොඳ ගමනක් යන්නට පුළුවන්බව තමන්ම අවබෝධ කරගන්නවා.
පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
අම්මා සහ තාත්තා ඇතුළු සියලු දෙනාම මේ ගමනේ පසු පසින් ඉඳලා මට දෙන සහයෝගය පුදුමාකාරයි.ඕනෑම කෙනෙකුට ඒ ශක්තිය නැත්නම් තමන්ගේ ගමන අරමුණු කරා යන්නට ටිකක් අපහසුයි.ඒත් ඒ හැම ගමනකම පිටුපස ඔවුන් සිටිය නිසා මගේ ගමන අද සාර්ථක ගමනක් බවට පත්වෙලා තිබෙනවා.
ඔබේ ඉදිරි ගමන මොන ආකාරයෙන්ද සිදුවෙන්නේ?
නැවතත් මම අප්‍රේල් මාසයේ සිට යළිත් ප්‍රසංග වේදිකාවට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. රසිකයන් පිනවීමට මගේ එකම අරමුණු වී තිබෙන්නේ.තව අලුත් නිර්මාණ කිහිපයක් එළිදක්වන්නට තිබෙනවා .ඒවත් ඉදිරි කාල සීමාව තුළ රූප රචනා සමග රස විඳීන්නට සියලු දෙනාටම පුළුවන්.මේ ගමනට මට එන්නට උදව් කරපු සියලු දෙනාටම ස්තූතිය පුද කරන්නත් මං මෙය අවස්ථාවක් කර ගන්නවා
සටහන නිශ්ශංක විජේරත්න
