Home » ආදරය කියන්නේ සාමයට සමාන වචනයක්

ආදරය කියන්නේ සාමයට සමාන වචනයක්

( Abhi Live in Concert ) - 2025 මෙවර යාපනයේදී

by sachintha
August 28, 2025 12:15 pm 0 comment

රුව ඇති දුවයි, කට ඇති පුතයි යනුවෙන් කියමනක් ඇත. අද සරසවියෙන් කතා කිරීමට සූදානම් වන්නේ රුවක් , මිහිරි හඬක් ඇති දියණියක් පිළිබඳවයි. ඇයට හිමිවි ඇත්තේ මිහිරි කටහඬකි. ඇය දුටු පමණින් දෙවරක් නොව කිහිපවරක් හැරී බැලීමට සිත් පහළ වන තරමේ රුවැත්තියකි . ඇය අභිෂේකා විමලවීර. නම කියූ සැණින් හඳුනන ඇය වර්තමානයේ දක්ෂ ජනප්‍රිය ගායිකාවකි. ඇය රුව ඇති දියණියක ලෙස හැඳීන්නුවත් ඇය පුංචි දියණියකගේ ආදරණීය මවකි. මව් පදවියේ කාර්‍ය භාරයත්, ඇගේ ආයුර්වේද සත්කාර සේවාවත්, රූපලාවණ්‍යාගාරයේ කටයුතුත් කරනා ඇය ඉතාමත් කාර්ය බහුල කාන්තාවකි.

ඇය මේ දිනවල තවත් විශේෂ කටයුත්තකට සූදානම් වන්නීය. ඒ ඇයගේ සංගීත දිවියේ කටයුත්තක් වෙනුවෙනි. Abhi Live in Concert 2025 ප්‍රසංගය සඳහා ඇය මේ දිනවල ලහි ලහියේ සූදානම් වන්නීය.

” ආදරය කියන්නේ සාමයට සමාන වචනයක්” යන තේමාව යටතේ මෙවර Abhi Live in Concert පැවැත්වෙන්නේ යාපනයේය. යාපනයේ තිරුවලුවර්හි පිහිටි ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රසංගය පැවැත්වේ. හිරු බැස යන සැන්දෑ යාමයේදී යාපනයේ ජනතාවට නැවුම් වූ මියුරු ස්වරයක රස විඳීමට අවස්ථාව ලබා දෙන්න අභිෂේකා සූදානම්. ඒ පිළිබඳ ඔබ සැම දැනුම්වත් කිරීමට අභිෂේකා විමලවීර සරසවිය සමඟින් එක්වුයේ මෙසේය.

මගේ Abhi Live in Concert 2025 මෙවර පැවැත්වෙන්නේ යාපනයේ. සැප්තැම්බර් 6 වැනිදා එය යාපනයේ පුස්තකාල භූමියට යාබද තිබෙන ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. මගේ ප්‍රසංගය ලංකාවේ පළාත් නවයේම පවත්වන්න තමයි සැලසුම් කළේ. කොළඹ, නුවර, අනුරාධපුරය, ගාල්ල, කුරුණෑගල, රත්නපුර පළාත් වල මම ප්‍රසංගය පැවැත්වූවා. ඒ සෑම ප්‍රසංගයක්ම අතිසාර්ථක වුණා. මෙවර යාපනයේදී ප්‍රසංගය පැවැත්වූවාට පසු තව පළාත් දෙකක පමණයි එය පැවැත්වෙන්නේ.

කාලයක් යනතුරු අපේ රටට සාමය තිබුණේ නැහැ. ඒත් වර්තමානයේ අපට ලංකාවේ ඕනෑම පළාතකට යන්න නිදහස තිබෙනවා. අප කාටත් සාමය අවශ්‍යයි. අපි ඔක්කෝම එකම පවුලක්. ඒ නිසයි ආදරය, සාමයට සමානයි යන තේමාව මේ ප්‍රසංගය සඳහා යොදා ගත්තේ.

මෙවර ප්‍රසංගයට සමගාමීව මම තවත් සුවිශේෂී කටයුත්තක් සිදුකරනවා. යාපනයේ කුඩා පුස්තකාල දෙකකටත්, ප්‍රධාන පුස්තකාලයටත් පොත් ප්‍රදානයක් සිදු කරන්න තීරණය කළා. අපේ ඉලක්කය පොත් දෙදහස් පන්සියයක් ලබාදීම. මේ පොත් එක්‍ රැස්කිරීම සඳහා මගේ හිතවතුන් එකතුවෙලා ඉන්නවා. අපි තවමත් පොත් එකතු කරමින් ඉන්නේ.

Abhi Live in Concert 2025 සංවිධානය කරන්නේ මා විසින්මයි. මෙහි සිංහල, දෙමළ සහ හින්දි ගීත ගායනා කෙරෙනවා. මගේම නිර්මාණත් ඒ සඳහා ඇතුළත්. ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ පහන් සංදීප විසින්. ශබ්ද පරිපාලනය සහ ආලෝකකරණය චතුර ප්‍රසාද් පෙරේරා විසින් සිදු කෙරෙනවා. මේ දිනවල් මම වාද්‍ය වෘන්දය සමඟ පුහුණුවීම් කටයුතු වල නිරත වෙනවා.

මගේ ප්‍රසංගය සඳහා යාපනයේ ජනතාව අතර උනන්දුවක් තිබෙන බව පේනවා. ඔවුන් කලාවට ඉතා සමීපයි. අපව ආදරෙන් පිළිගන්න ඔවුන් මඟ බලාගෙන ඉන්නා බව ආරංචියි. මාත් සමඟ ප්‍රනිර්ෂා ත්‍යාගරාජාත් මේ ප්‍රසංගය සඳහා යාපනය බලා යනවා.

මේ අතරතුර මම පසුබිම් ගායනයෙන් එක්වූ ර්ධබඩඥප ඹ්චදඬච චිත්‍රපටය අතිසාර්ථකව තිරගත වෙනවා. එහි රචනය මා විසින්මයි රචනා වුණේ. එහි තනුව එරංග ජයවර්ධනගෙන්. ර්ධබඩඥප ඹ්චදඬච චිත්‍රපටය ඉතාමත් සංවේදී හැඟුම්බර චිත්‍රපටයක්. සෑම දියණියක්ම, සෑම මවක්ම මෙම චිත්‍රපටය නැරඹිය යුතුයි. ඉදිරියේදී මා පසුබිම් ගායිකාවක ලෙස එක්වූ “චන්දරේගේ වයිෆ්” චිත්‍රපටයත් තිරගත වීමට නියමිතයි. ඒවගේම මගේ ගීත නිර්මාණ කිහිපයකුත් එළිදක්වන්නත් සූදානමක් තිබෙනවා.

ඒ වගේම ආයුර්වේද රූපලාවණ්‍ය කටයුතුත් සුපුරුදු පරිදි කරගෙන යනවා. කෙතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත් මගේ ආදරණිය දියණියගේ කටයුතුත් මඟ නොහැර ඉටුකරනවා.

මම මෙවර විශේෂයෙන් සරසවිය සමඟ එක්වුණේ Abhi Live in Concert 2025 පිළිබඳ ඔබට දන්වන්න.

යාපනයේ පදිංචි මගේ ආදරණීය ජනතාවට ආදරයෙන් ආරාධනා කරනවා මාත් සමඟ ගීත රසය විඳගැනීමට ඒ සුන්දර සැන්දෑව සමඟ එක්වන්නැයි කියා.

නයනාංජලි දෙහිපිටිය
[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT