පාර්සල් බෙදාහරින සමාගමක සේවය කරන සුදේෂ්ට, රාජකාරි ගමනකදී අතරමඟ සිහිසුන්ව තුවාල සහිතව සිටින තරුණියක හමුවීය, ඇය නමින් ශෂිකාය. දෙවරක් නොසිතා සුදේෂ් ඇය රෝහලකට බාරදෙයි. තරුණිය දූෂණය වී ඇති නිසා, සුදේෂ් පොලිස් අත්අඩංගුවට පත් වෙයි.
තමාව දූෂණය කළ පුද්ගලයාට සමානකම් ඇති හෙයින්, ශෂිනි ඔහු දූෂකයා ලෙස වරදවා හදුනාගනී. සුදේෂ් සිරගත වෙයි. ඔහුට රැකියාව අහිමි වේ. බිරිඳ ඔහු
හැරයයි.
කතා තේමාව මුල් කර ගනිමින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ආචාර්ය සෝමරත්න දිසානයන්ගේ නවතම සිනමා පටය වන RAPIST සිනමා පටය රූපගත කරන සීගිරිය අවට ප්‍රදේශයේ දර්ශන තලය සොයාගෙන පසුගියදා අපි ගියෙමු.
කොළඹින් දඹුල්ල සීගිරිය බලා උදැසනින්ම පිටත් වුයෙමු. අතරමඟදී සියලු දෙනාම උදෑසන ආහාරය සප්පායම් වී මෙන් අනතුරුව කොළඹ නුවර මාර්ගයේ පැමිණ මීරිගම අධිවේගී මාර්ගයෙන් කුරුණෑගලට ළඟා වීය.එතැන් සිට කොළඹ ත්‍රිකුණාමලේ මාර්ගයේ පැමිණ හබරණ මංසන්ධියෙන් දකුණට හැරී සීගිරිය දෙසට ගමන් කළේය. එතැන් සිට කිලෝමීටර් හතක් ගිය තැන අපට හමුවූයේ දර්ශන තලයයි. එය නිල්වන් අහස් තලය නොපෙනෙන ලෙස තුරු මුදුනින් මුළු පරිසරයේම වසා ගෙන සිටිනු දක්නට ලැබිණි. එහි ළඟා වන විටත් උදෑසන 11.30ට පමණ විය.
සුන්දර නිස්කලංක පරිසරයක පිහිටි දර්ශන තලය කාගෙත් මනසට දිව්‍ය ඖෂධයක් ලබා දෙන්නාක් වැනිය. ස්වාභාවික පරිසරයට උච්ත විදිහට සැකසුණු දර්ශන තලයේ ඇසෙන්නට ලැබුණේ විවිධ පක්‍ෂීන්ගේ කන්කළු මිහිරි නාදය පමණි. රූපගත කිරීම නිරත වූ සියලු දෙනාගේම ඉරියව් දක්නනට ලැබුණේ භාවනාවකට සම වැද සිටින භාවනායෝගී භික්ෂූන් වහන්සේලා හා සමානවය. වෙනදා සිනමා පටයක දක්නට ලැබෙන ක්‍රියාකාරී ස්වභාවයට වැඩිය මෙතන දක්නට ලැබුණේ එකිනෙකා තම තමන්ගේ කාර්යය සිදු කරනු ලබන්නේ හරිම සංයමයකින් යුතුවය. රූපගත කිරීමේ ඉසව්වේ තිබුණු නිස්කලංක භාවය කිසිවකුට එහා මෙහා ශබ්ද නගා යා නොහැකි තත්ත්වයක් උදාවී තිබුණේ මිනිස් හැඟීම් සමග භාව ප්‍රකාශන ඉස්මතු කරමින් ඔවුනොවුන්ගේ චරිතයන් ඒ තුළ රූපණය කරන නිසාය. සජිත අනුත්තර සුදේස් ලෙසත්, අභිලාශී සංතුෂ්කී, ශෂිකා ලෙසත් එහි ප්‍රධාන භූමිකා රංගනයේ යෙදි සිටියේය. තම ජීවිත සිද්ධි දාමයේ මුහුණ දෙන බැරෑරුම් ගැටලුකාරී ස්වභාවයන් ඔවුන් ඔවුන්ගේ පවුල් ජීවිත හා සම්බන්ධ වී සමාජ ශෝධනයන් වලට ලක්වන ආකාරයත් භාව ප්‍රකාශනයන්ගෙන් ප්‍රේක්ෂකයාට දනවන්නට විශාල කැපකිරීමක් කරන බව දර්ශන තලයේ සිටි අපට දක්වන්නට ලැබුණි. විනාඩි විසිපහක් තිහක් පමණ එකම රූපරාමුව දර්ශන තලයේ රූපගත කිරීම් සිදුකෙරිණි. අධ්‍යක්ෂවරයා තිර පිටපතේ දැකපු චරිත ඒ ආකාරයෙන් ගෙන ඒමට අධ්‍යක්ෂවරයා ගන්නා උත්සාහයට සහය අධ්‍යක්ෂවරයා සමග කැමරා අධ්‍යක්ෂවරයා සහ අනෙකුත් සියලූම අංශයන්ගේ එකමුතුවෙන් රූපගත කෙරෙන අචනඪඵබ ගලා යන දිය දාහරක සියුම් රිද්මයක් හා සමානය. සුදේෂ් සහ ශෂිකාගේ උදෑසන සිට අප යනතුරු ලබාගත් රූප රාමු තත්පරයෙන් තප්පරේ වෙනස් සේවා බව අපට දකින්නට විය.
අද වන විට ශ්‍රී ලංකාවට මහා වසංගතයක් බවට පත්ව ඇති ස්ත්‍රී දූෂණය නම් සංවේදී මාතෘකාව තේමා කරගනිමින්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක සිය නවතම සිනමා නිර්මාණය වන “RAPIST” හරහා ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට සූදානම් වේ. මේ, එම සිනමාපටයේ රූපගත කිරීම් සිදුවන සීගිරිය අවට දර්ශන තලයට අප කළ සංචාරය පිළිබඳ සටහනකි.
”RAPIST” සිනමාපටයේ කතා තේමාව ගෙතී ඇත්තේ පාර්සල් බෙදාහරින සමාගමක සේවය කරන සුදේෂ් (සජිත අනුත්තර) වටාය. රාජකාරී ගමනක යෙදී සිටියදී අතරමගදී සිහිසුන්ව, තුවාල සහිතව සිටින ශෂිකා (අභිලාෂී සංතුෂ්කී) නම් තරුණියක ඔහුට හමුවේ. දෙවරක් නොසිතා සුදේෂ් ඇයව රෝහලකට බාර දුන්නද, තරුණිය දූෂණය වී ඇති බවට තහවුරු වීම නිසා, සුදේෂ් පොලිස් අත්අඩංගුවට පත්වීමට සිදුවේ.
තමාව දූෂණය කළ පුද්ගලයාට සමානකම් දැක්වීම හේතුවෙන්, ශෂිකා ඔහු දූෂකයා ලෙස වරදවා හඳුනාගනී. මේ අවාසනාවන්ත සිදුවීම නිසා සුදේෂ් සිරගත වන අතර, ඔහුට රැකියාව අහිමි වී, ඔහුගේ බිරිඳ පවා ඔහු හැර යයි. තම ජීවිත සිද්ධි දාමයේ මුහුණ දෙන බැරෑරුම් ගැටලුකාරී ස්වභාවයන් සහ ඒ හා බැඳුණු සමාජ ශෝධනයන් චරිත දෙකේම භාව ප්‍රකාශනයන්ගෙන් ප්‍රේක්ෂකයාට සමීප කරවීමට ප්‍රධාන රංගන ශිල්පීන් විශාල කැපකිරීමක් කරන අයුරු දර්ශන තලයේදී දැකගත හැකි විය.
ආචාර්ය සෝමරත්න දිසානායක මොනිටරය වෙත ඇස යොමාගෙන සිට නිමේෂයෙන් ලද අස්වැසිල්ලෙන් මම ඔහු සමඟ කතාබහ කරන්නට අවස්ථාව උදාකර ගතිමි. ඔහු මෙම සිනමාපටය පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි:
”මා මෙතෙක් අධ්‍යක්ෂණය කළ සිනමාපට හා සසඳන විට මෙය විශාල අභියෝගයක් ලෙස මම දකින්නේ නැහැ. මෙහි පූර්ව සූදානම් වීම් ඉතා හොඳීන් නිමා කර තිබුණා. පසුගිය සිනමාපට මාස දෙක තුනක රූපගත කිරීම් කාලයක් ගත්තත්, මෙය ඉතා කෙටි කාලසීමාවකින් නිමා කිරීමට හැකි වුණා. මෙය වර්තමාන කාලීන සමාජ කතාවක් නිසා ලොකු සැලසුම් සහ ඉදිකිරීම් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් මෙය සිනමානුරූපී හා නිර්මාණශීලී ගතියෙන් ඉහළ ස්ථානයක් ගන්නවා ඇතැයි මම සිතනවා. මෙහිදී කතා කරන්නේ සමාජයේ කතා නොකරන, නමුත් බෙහෙවින් දක්නට ලැබෙන මාතෘකාවක් වන ස්ත්‍රී දූෂණය පිළිබඳයි. එය අද වන විට අපේ රටට මහා වසංගතයක් බවට පත්ව තිබෙනවා. සිනමාපටයේ නම ලෙස RAPIST ඉංග්‍රීසි නාමය භාවිතා කිරීමට සිතුවා, සිංහලෙන් ‘ස්ත්‍රී දූෂකයා’ යන නාමය භාවිතා කරනවාට වඩා එය සුදුසුයි කියලා.”
දිසානායකයන් සඳහන් කළේ, ඔහුගේ සුපුරුදු කණ්ඩායමේ විශාල පිරිසක් මේ සඳහා සහභාගී වන බවයි. එහි ප්‍රධාන භූමිකා රංගනයේ යෙදෙන්නේ ඔහුම සිනමාවට හඳුන්වා දුන් දරුවන් දෙදෙනකු බඳු වූ සජිත අනුත්තර (සුදේෂ්) සහ අභිලාෂී සංතුෂ්කී (ශෂිකා) ය. සජිත අනුත්තර, ජැක්සන් ඇන්තනිගේ නාමය ඉදිරියට ගෙන යන නළුවෙකු බවට පත්ව ඇති බවත්, අභිලාෂී සංතුෂ්කී දේශීය සිනමාවේ අනාගත බලාපොරොත්තු තැබිය හැකි රංගන ශිල්පිනියක් ලෙස සනාථ කර ඇති බවත් ඔහු සඳහන් කළේ ඉමහත් සතුටකිනි.
ඔවුන් දෙදෙනාට අමතරව, ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති. විශේෂයෙන්ම, නදීකා ගුණසේකර, සෙනාලී ෆොන්සේකා, පාලිත අබේරත්න, සුජානී මේනකා, බිමල් ජයකොඩි, තෙනුකි හපුආරච්චි, ජයනී සේනානායක, හසනිකා කරල්ලියද්ද, සරත් කොතලාවල, සහ සනත් ගුණතිලක මෙම සිනමාපටය සඳහා එක්වීම සුවිශේෂී කරුණකි.
තාක්ෂණික අංශයන්හි දක්ෂයන්ගේ දායකත්වය අචනඪඵබ සිනමාපටයට හිමි වී ඇත.
- කැමරා අධ්‍යක්ෂණය: විශ්වා බාලසූරිය (පසුගිය සරසවිය සම්මාන උළෙලේ හොඳම කැමරා අධ්‍යක්ෂකවරයා)ගෙනි.
- වේශ නිරූපණය: විදුර අබේධීර
- කලා අධ්‍යක්ෂණය: ජානක ප්‍රසාද්
- ශබ්ද සංකලනය: සසික රුවන් මාරසිංහ
- සංගීතය අධ්‍යක්ෂණය: මහාචාර්ය සමන් පනාපිටිය
- සංස්කරණය: අජිත් රාමනායක
- සහාය අධ්‍යක්ෂණය: චාමර සේලාර
- ඇඳුම් නිර්මාණය: මෙත්නුවන් විජේසිංහ
- තිර රචනය හා ගී පද රචනය: ආචාර්ය සෝමරත්න දිසානායක
රේණුකා බාලසූරිය විසින් විධායක නිෂ්පාදනය හා නිෂ්පාදන කළමනාකරණය සිදුකරන අතර, සිලෝන් ග්‍රීන් වයිබ් ක්‍රියේෂන් සභාපති ආචාර්ය මාලන් ෆ්‍රන්සිස් පීටර්සේගේ නිෂ්පාදනයක් ලෙස මෙම සිනමාපටය නිර්මාණය වේ.
නිෂ්පාදක ආචාර්ය මාලන් ෆ්‍රන්සිස් පීටර්සේ පැවසුවේ, කුමාර තිරිමාදුර තිර රචනය කළ Old Man” සිනමාපටයේ මුහුරත් උලෙළේදී ආචාර්ය සෝමරත්න දිසානායකයන් හමුවීමෙන් පසුව ඇති වූ සාකච්ඡාවකින් අනතුරුව, එම ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ තිර පිටපත කියවීමෙන් තමා සතුටට පත් වූ බවත්, ඒ අනුව RAPIST සිනමාපටයේ නිෂ්පාදකවරයා වීමට තීරණය කළ බවත්ය.
විධායක නිෂ්පාදකවරිය වන රේණුකා බාලසූරිය, මී මැසි රංචුවක රැජිනක සේ ක්‍රියාකාරීව කටයුතු කරන ආකාරය අපට දක්නට ලැබුණි. “අදට දින දොළහක් විතර වෙනවා අපි මේ වැඩේ පටන් ගෙන. අනුරාධපුරේ, කළු දියපොකුණ, දඹුල්ල, කිඹිස්ස, සීගිරිය අවට අපි රූපගත කිරීම් සිදුකරන්නට යෙදුණා. කාලගුණයේ බාධා ආවත්, දවසට නියමිත රූපගත කිරීම් සියල්ල නිමා කරගන්න අපි උත්සාහය අතහැරියේ නෑ,” ඇය පැවසුවාය.
කැමරා අධ්‍යක්ෂක විශ්වා බාලසූරිය මෙය ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ “ජංගි හොරා” වැනි වෙනස්ම ආරක සිනමාපටයක් ලෙස දකින බව සඳහන් කළේය. “මෙහි සමාජයේ මෙතෙක් නොදුටු පැතිකඩවල් ගොඩක් කතා කරනවා. ‘Rapist’ නම වුණාට මානුෂීය ගති ලක්ෂණ සිනමාපටය පුරා ගෙන එමයි අධ්‍යක්ෂකවරයා සිදු කරන්නේ. රූප රාමුවල භීතිය රසය නොවී, සෝමරත්න දිසානායකයන් කතා කරන කාරණාව ප්‍රේක්ෂකයා හමුවට ‘රහට’ ගේන්න මට වගකීමක් තිබුණා. වර්ෂාවෙන් බාධා එල්ල වීම සහ චරිතවල චරිතාංග ගුණය රූප රාමුවලට ගෙන ඒම මට ලැබුණු ලොකුම අභියෝගයන්. මෙය හරියට භාවනාවක් කරනවා හා සමානයි. මම ආලෝක භාවිතය හා කාච යොදාගැනීම වෙනස්ම ආකාරයකට, සිනමා රීතීන්ට පටහැනිව කරගෙන යන්නේ, මනුස්සයාට දැනෙන විදිහට මානුෂීය හැඟීම් ඉස්මතු කර රූප රාමුව ගැනීමටයි. රීති දන්නා මනුස්සයෙකුට පමණයි රීතීන් බිඳීන්න පුළුවන් වෙන්නේ. එවිට අලුත් කලාවක් බිහිවෙනු ඇතැයි මම විශ්වාස කරනවා.”
වේශ නිරූපණ ශිල්පී විදුර අබේදීර, සෝමරත්න දිසානායකයන්ගේ හයවැනි නිර්මාණයට එකතු වන අතර, මෙය සෑහෙන පරිස්සමින් කළ යුතු නිර්මාණයක් ලෙස දකින බව සඳහන් කළේය. කලා අධ්‍යක්ෂක ජානක ප්‍රසාද් ද මෙය අධ්‍යක්ෂකවරයා සමඟ කරන පස්වැනි සිනමාපටයයි. “මෙය එකිනෙකට වෙනස් ස්වභාවයේ දර්ශන තල හා කලා අධ්‍යක්ෂණයන් සිදු කළ යුතු වෙනවා. කලා අධ්‍යක්ෂකවරයකුට හොඳ සිනමා කියවීමක් ලෙස මෙය භාවිතා කරන්නට පුළුවන්,” ඔහු පැවසුවේය.
සහාය අධ්‍යක්ෂක චාමර සේලාර පැවසුවේ, දින පනහ හැටකට රූපගත කිරීම් කළ සිනමාපට හා බලන විට, “RAPIST” දින විසි එකකට වැනි ඉතා අඩු කාලසීමාවකින් රූපගත කිරීම් නිමා කරන්නට තිබෙන සිනමාපටයක් බවයි. ඔහු මේ වන විට සෝමරත්න දිසානායකයන්ගේ හත්වැනි සිනමාපටයට දායකත්වය දක්වමින් සිටී.
ප්‍රවීණ සම්මානනීය නිළි නදීකා ගුණසේකර, ළමා නිවාසයේ පාලිකාව ලෙස රඟපාන අතර, වසර තිස්පහක මිතුදමක් ඇති සෝමරත්න දිසානායකයන් ඕනෑම අභියෝගයක් නොබියව බාරගෙන කටයුතු කරන අධ්‍යක්ෂවරයෙක් බවත්, මෙම සිනමාපටය අමුතුම අත්දැකීමක් ගෙන දුන් බවත් පැවසුවාය.
සුදේෂ්ගේ ප්‍රධාන භූමිකාව නිරූපණය කරන සජිත අනුත්තර පැවසුවේ, 2003 වර්ෂයේ “සූරිය අරණ” සිනමාපටයෙන් සෝමේ මාමා ඔහුව සිනමාවට ගෙනා බවත්, ඔහු තම දෙවන පියා ලෙස දකින බවත්ය. “ඔහු අධ්‍යක්ෂණය කරන්නේ හරිම අමුතු විදිහටයි. යථාර්ථවාදී සිනමාපටයක් ලෙසයි මෙය තිරගතවන්නේ,” ඔහු සඳහන් කළේය.
ශෂිකා ලෙස ප්‍රධාන භූමිකාව ඉදිරිපත් කරන අභිලාෂී සංතුෂ්කී පැවසුවේ, “සිංහබාහු” සිනමාපටය රූපගත කිරීම් කර අවුරුද්දකට පමණ පසුව සෝමේ සර් “RAPIST” තිර පිටපත තමාට ලබා දුන් බවයි. “වයස අවුරුදු 19ක තරුණියක් ලෙස දූෂණයට ලක්වීමෙන් පසු මුහුණ දෙන ගැටලු සම්භාරයක් තුළ, සමාජය ඇයව හඳුනාගන්නේ කොහොමද කියන ආකාරය මේ චරිතය තුළින් මනාව විදහා දක්වන්නට මට හැකි වුණා කියලා මම හිතනවා. ඒ චරිතය තුළින් අධ්‍යක්ෂකවරයා ගෙන එන්නේ සමස්ත තරුණියන්වයි,” ඇය පැවසුවාය.
”RAPIST” සිනමාපටයට දායක වූ සියලු දෙනා සමඟ කළ සාකච්ඡාවෙන් පසු, ලා කොළ පැහැයෙන් පිරුණු තුරු මුදුන් අතරින් නිල් ආකාසය මදක් පෙනෙන අයුරු දැක ගනිමින්, තිබූ පා සටහන් පමණක් ඉතිරි කොට දර්ශන තලයෙන් සමුගන්නට අපට හැකි විය.
”RAPIST” සිනමාපටය එළඹෙන වසරේදී ප්‍රේක්ෂකයාට නැරඹීමට හැකි සිනමාපටයක් බවට පත් කිරීමට ගන්නා උත්සාහයයි මේ ඔබ දකින්නේ. ස්ත්‍රී දූෂණය නම් සංවේදී මාතෘකාව ඔස්සේ මානුෂීය හැඟීම් ඉස්මතු කරමින් නිර්මාණය වන මෙම සිනමාපටය, ප්‍රේක්ෂකයා ඇඳ බැඳගන්නට සමත් වන, සිනමා ගුණයෙන් ඉහළම නිර්මාණයක් වනු ඇති බවට සැක නැත.

