Home » අන්තෝනි ලොව පුරා තිරගත වේ

අන්තෝනි ලොව පුරා තිරගත වේ

by mavan
March 12, 2026 1:18 pm 0 comment

දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙපළක් වන සුකර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනෝසන් රාජේස්වර්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘අන්තෝනි’ චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ දින (11 වෙනිදා) කොළඹ ර්‍ණදඥ ඨචතතටචජඥ හි ර්‍ථඍඅ සිනමා ශාලාවේදී පැවැත්විණි. කයල් විල්සන්ට්, සුදර්ශන් රවීන්ද්‍රන්, සෞමි මුණසිංහ සහ ටී.ජේ භානු මෙහි ප්‍රධාන චරිත නිරූපණය කර ඇත. ලෝක ප්‍රකට සංගීතඥයෙකු වූ ඉෙලෙයරාජා මාස්ටර් මෙහි සංගීත අධ්‍යක්ෂවරයාය. ඔහු ශශ්‍රී ලාංකික චිත්‍රපටයකට සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම වතාව මෙය වේ. අන්තෝනි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීමද පසුගිය දා කොළඹ හැව්ලොක්සිටි හිදී පැවත්විණි.

මෙම අවස්ථාව සඳහා සිංහල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක ප්‍රධාන අමුත්තා වශයෙන් සභභාගී වීම විශේෂත්වයක් විය.

මාර්තු 13 දා සිට දිවයින පුරා තිරගත වීමට නියමිත අන්තෝනි චිත්‍රපටය ලොව පුරාද තිරගත වීමට නියමිතය. ර්‍ණඵචඪ ටඪතථඵ වෙනුවෙන් කාලයිවල්ලාරි සගාරාමන්තාස් සහ සුගන්තිනිගේ නිෂ්පාදනයක් වූ අන්තෝනි’ චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදන කළමනාකරු බ්‍රෙන්ස්ටන් ඇලෙක්ස් ය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT